මෙහෙමයි සහෝ
බුදුරජාණන්වහන්සේ සරණ ගිය දෙවිවරු අදත් වැඩ ඉන්නවා.
ඉන් සමහර අය සෝවාන් වෙලා, සමහර අය ඊට වඩා ඉහල මාර්ගඵල තත්ත්ව වල ඉන්නෙ.
ඒ අයට කියන්නෙ ආර්‍ය ශ්‍රාවක දෙවිවරු කියල.
සුමන සමන් දෙවියෝ, මාතෲ දෙවියෝ උදාහරණ.
මේ දෙවිවරු සෑම පෝය දිනයටම දෙවුලොව සුධර්මා ශාලාවෙ රැස්වෙනවා.. එහෙම රැස්වෙලා මිනිස් ලොව කට්ටිය කරන පින් ගැන කථා කරනවා.. බ්‍රහ්ම ලෝකෙන් වඩින බ්‍රහ්මරාජයන් ගෙන් ධර්මය අහනවා..
ස්වාමීන්වහන්සේලා දෙවිවරුන්ට වන්දනා කරන්න කියල අපිව පොලොඹවන්න අවශ්‍ය නෑ නේද මචන් අපි සිල්වත් නම්. අනිත් එක උතුම් ආර්‍ය මහා සංඝරත්නයට දෙවිවරු වන්දනා කරනවා.
මෙහෙමයි මචන්.. අපි දෙවිවරු සතුටු කරන්න පූජා වට්ටි උස්සන් දුවන්න ඕනි නෑ.. බෞද්ධයෙක් විධියට සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ඔබ ශක්තිමත් වෙන්න. පංච සීලය දිවිහිමියෙන් රකින්න.. එතකොට දෙවිවරු ඔබ කරන පින් දැක සතුටු වේවි. ඔබව ආරක්ෂා කරාවි.
එහෙම මිසක් පූජා වට්ටි උස්සන් දිව්ව කියල ඔබ බෞද්ධයෙක් ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව ජීවිතයට ගලපගෙන නැති නම් .. දෙවිවරු ඔබ දෙස බලන්නේ නෑ.
තෙරුවන් සරණයි
අසා දැනගන්න :