උඹ ඔය දාල තියෙන හැම පිලිතුරකටම අදාළ අය එතන ඉන්න පුළුවන් වගේම ඔය පුද්ගලයා මරන්නත් පුළුවන්. මොකද "හෙළයෙක්" කියන මිත්‍රය කියල තියෙන දේ නැවත කියනවා නම් රහත් හෝ රහත් ගුණ වඩන අය සමාජයේ විරලයි. මම ඕක වෙන උදාහරණයකින් කියන්නම්.
අපි හිතමු සිංහල බෞද්ධ අම්මෙකුයි පුතෙකුයි ඉන්නවා. ඔය ගෙදරට හොරෙක් එනවා. ඒ හොරා අම්මව මරන්න හදනවා, මේ පුතාට 100% අවස්තාව තියෙනවා හෝරාව මරල අම්මව බෙර ගන්න. ඔහු කුමක් කරයිද..... බුදු දහමට අනුව නම් ඒ අවස්ථාවේ අම්මට මැරෙන්න තියෙනවා නම් මැරෙනවා. ඒක තමයි යතාර්ථය. කුමන ක්‍රමයකින් හෝ බේරෙන්න තියෙනවා නම් මේ කියන හොරා පපුවේ අමාරුවක් හැදිලා හරි අම්මව බේරෙයි. ඒ විශ්ව යතාර්ථය....
දැන් බලමු මේ පුත්‍රයා මොකද කරන්නේ කියල.... ඔහුට ඉහත විශ්ව යතාර්ථය ගැන මෙනෙහි කරලා මොකුත් නොකර බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි මේ ඉන්න ලෞකික ලෝකේ මිමි වලින් මනිනවා නම් මේ පුතා මේ හොරාව මරල අම්මව බෙර ගන්න ඕනේ. එහෙමයි මේ ලෝකේ නියම පුත්තු වෙන්නේ. මැරුවොත් මේ පුතාට කුසල් අකුසල් දෙකම ලැබෙනවා. ඒ තමන්ට මේ ලෝකෙට එන්න ගර්බාශය පරිත්‍යාග කරපු පුද්ගලයා බේරාගැනීමේ මහත් පල මහානිසංස කුසලය වගේම, ප්‍රාණ ඝාත අකුසලය.
ඔන්න ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා මේ ලෝකේ ඉපදුනා නම්. ඒ නිසා තමයි බුදු හාමුදුරුවෝ මැක්සා උදාහරයකින් මේ සසරේ බරපතලකම ගැන කිවුවේ. මේක අපි කෙතරම් අප්‍රමාදී වෙන්න ඕනෙද කියන එකට උදාහරණයක් විතරයි. ඒ තමයි හිස ගිනි ගත්තෙක් ගින්න නිවනවට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ සසරෙන් මිදෙන මගක් හොයන්න කියල.
අනිත් එක තමයි මේ ලෝකේ පවතින්න ඕකී නොකී මෙකී සියලුම වර්ගයේ පුද්ගලයෝ ඉන්න ඕනේ.
බුද්ධාගම කියන්නේ කියවල, අහල, බලල තමාගේ නැණ පමණින් අවබෝධ කර ගන්න දෙයක් මිසක් නීති රීති දාල ත්‍රිපිටකය වනපොත් කරලා අවබෝධ කර ගන්න දෙයක් නෙමෙයි. තමන් මාර්ග පල අවබෝධ කරගන්න අදාළ පාරමිතා පුරලා නැත්නම් තේරෙන බාශාවෙන් කියනවා නම් අවශ්‍ය තරමට කුසල් වලින් account එක පිරිලා නැත්නම් බුදු හාමුදුරුවෝ ඇවිත් බන කිව්වත් ධර්මාවබෝධය ලබන්න බැහැ.
බුදු දහම කියන්නෙ මොකක්ද නොදන්න සමහර හරක් පහුගිය කාලේ ගේන්න ගිය භික්ෂු පනතත් ඔන්න ඔය වගේ ගොන් ජෝක් එකක් තමයි. බුද්ධාගමේ ලස්සන තියෙන්නේ එකේ තියෙන ප්‍රජාතන්තරවාදය නිසයි. නැතුව අනෙකුත් ආගම් වගේ අදහපන් නැත්නම් අහවලා දඬුවම් දෙයි කියන තර්ක විතර්ක බුදු දහමේ නැහැ.
ඒක නිසා speedmalli ත් ගොන් ජෝක් දාන්නේ නැතුව සසරෙන් මිදෙන ක්‍රමයක් කලපනා කලොත් හොඳයි.