මං පොඩි කාලේ

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    alen allaganna luulawa bbq karala kana eka :D:D:love:

    edawas wala ithin bbq danne na, sudda karala gindarata daala kanawa:rofl:
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    ඉස්සර පාඩම් කළොත් විතරයි අම්මා හවසට බයිසිකල් පදින්න දුන්නේ.. ඉතින් හවස් වෙනකො පුදුම ඇඹරිල්ලක් ඇඹරෙන්නෙ බොරුවට පොත අතේ තියාගෙන.. බයිසිකල් පදින්න යන්නද කියල අහන්නෙ හරියට කෙල්ලෙක් ඉන්නව කියන්න හදනවා වගේ දෙගිඩියාවෙන්..:rofl:
    ඇයි ඉතින් කරපු පාඩමක් නෑ කියල පුංචි හිත දන්නවනේ..:P

    තව මොකද්ද මන්ද පත්තරයක් තිබුණා.. එකේ ගණිත ගැටළුයි අනං මනං නොතේරෙන රෙද්දවල් ගොඩක් තිබුණා..:sorry:
    ඒකෙ වැඩ ටික කළොතින් හවස් වෙනකන් සෙල්ලම් කරන්න දෙනවා.. :Pඒ කියන්නෙ ටිකක් කලුවර වැටෙනකන් සෙල්ලම් කරන්න චාන්ස් එක හම්බ වෙන එක..:cool:


    සතර ශිෂ්‍යත්ව පත්තරේද?

    ඇයි බන්ටි ටොෆි කොලේ කැඩෙන්නේ නැති වෙන්න අදින්න හම්බ වෙන එක

    cocacola යෝයෝ හම්බ වෙන එක
    :D
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගම වටෙ බයිසිකල් පැදීම
    වෙසක් කාලෙට මෙලො සිහියක් නැතුව සරුන්ගල් යැවීම. දැන් නම් සරුන්ගලයක් හදාගන්න පුලුවන් එකෙක් ඉන්නවද කියලත් සැකයි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සතර ශිෂ්‍යත්ව පත්තරේද?

    ඇයි බන්ටි ටොෆි කොලේ කැඩෙන්නේ නැති වෙන්න අදින්න හම්බ වෙන එක

    cocacola යෝයෝ හම්බ වෙන එක :D

    පත්තරේ මතක නෑ බං.. මහ එපා කරපු පත්තරයක් ඒක.. හෙන වැඩ ගොඩක් තිබුණ කරන්න..:P
    බන්ටි ටොෆි කොලෙත් හෙන ආතල්..:yes:
     

    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    Kandos චොක්ලට් වල දවටන වල අකුරු එකතු කරලා mountain බයිසිකලයක් දිනාගැනීමට උත්සහකිරීම
     

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    උඹල කවුරුත් පොල්කොට කරත්ත හැදුවෙ නැතෙයි.....:confused:
    ඒ මක්කයි බං
    ලන්ච් ෂීට් වලින් පැරෂූට් හදල පට්ට ආතල් ගත්ත බං පොඩිකාලේ
    ඇත්තමයි බං.දැන් තියෙන ලන්ච් ෂීට් වලින් පැරෂූට් හදන්න බැනේ බං?
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මට මතකඉ ඉස්සර අගෝස්තු නිවාඩු කාලෙ පටන් ගත්ත දවස් වල ඉදන්ම කරන්නෙ සරුන්ගල් හදන එක , නිවාඩු කාලෙ ඉවර වෙනකම්ම කරන්නෙ ඒක . එකක්වත් උඩ යන්නෙත් නෑ . අනුන්ගෙ ගස් වල ඈබරර්ල්ල අච්චාරු හදල කට්ටිය හදනව .

    ගස් උඩ ගෙවල් හදන්න බෑරි උනා , හෑබයි ගහ උඩට යන්න පොඩි ඉනිමගක් හෑදුව . දෑන් මොකූත් නෑ උදේට යනව හවසට එනව .
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඔන්න අහගන්න අපි ඒ කාලෙ කරපුව.

    - පාරෙ යනකොට ගෙවල් වල බෙල් ගහල හැංගිලා බලාගෙන ඉඳීම. ගෙදර ඇන්ටි ඇවිල්ලා දොර ඇරල බලලා අමුතු මූණක් දාන කොට හොරෙන් හිනා වීම

    - ගෙදර වත්තෙ ඇති තරම් පේර ගස් තිබුනත් අල්ලපු වත්තට හොරෙන් පැනල ඒ වත්තෙ පේර කඩාගෙන දුව ගෙන ඒම. ඇන්ටිට අහුවෙන්න කරන්නෙ නැති එක තමයි පොයින්ට් එක.

    -ඉණේ පිහියක් ගහගෙන ඇඹරැල්ලා ගස්වලට නැගල ගහේ ඉඳගෙනම ගෙඩි කපාගෙන කෑම. (දෙතුන් පාරක් ගහෙන් බිමට වැටිලාද ඇත.)

    - අම්මට හොරෙන් කොල්ලොත් එක්ක මඩ වගුරු තියෙන වෙල් වල ඇවිදින්න යාම. මඩ නාගෙන ගෙදර ඇවිල්ලා අම්මට ගල් පැලෙන බොරුවක් කීම (සමහර අවස්ථාවලදී ගුටි කෑම )

    - ඒ කාලේ තිබුනේ පුංචි කෝච්චියේ (කැළණි වැලි මාර්ගය ) ෆුට් බෝඩ් එකේ යාම. කෝච්ච්ය යනකොට එක පෙට්ටියකින් බිමට පැනල අනිත් පෙට්ටියට නැගීම (එක දවසක් වැටිලා කකුල් ලෙලි ගියා. එදාත් අම්මට ගල් පැලෙන බොරුවක් කිව්වා ලිස්සල වැටුන කියල )

    - මේ පුංචි කෝච්චියේ යනකොට කොල්ලො එක්ක සෙට් වෙලා සිගරැට් බීම. ස්ටේෂන් එකෙන් බැහැල සිගරැට් ගඳ යන්න අයිස්ක්‍රීම් කෑම.

    - ඉස්කෝලෙ ඇරිල එනකොට යාලුවො එක්ක සෙට් වෙලා බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න කෙල්ලන්ට උසුලු විසුලු කිරීම. ටියුෂන් ක්ලාස් එකේ කෙල්ලන්ට උසුලු විසුලු කිරීම. මේවා හුදෙක් විනෝදය පිණිස සහ යාළු කමකට මිස කිසිම වල් කමකට කරපුවා නොවේ.(අද කාලෙ වගේ ඉස්කෝලෙ යන කෙල්ලන්ව රූම්වලට ඇදීම, එහෙම ඇදල මේ කෙල්ලන්ට පු* ඇරීම, ග* කැපීම, පෙ*ටි කැඩීම වගේ දේවල් අපි ඒ කාලෙ අහලවත් තිබුනෙ නෑ. ඒ මොනව වුනත් අපි ඒ කාලෙ දැන් ඉන්න අයට වඩා හිතේ සන්තෝසෙන් සැහැල්ලුවෙන් හිටියා. අපි ඒ කාලෙ කරපු එකම දේ ලීයුමක්, අපි ඒකට කිව්වෙ 'සෙනෙහෙ කොලේ' කියල, කෙල්ලෙක්ට දීලා පොඩි ලව් පාරක් දාපු එක විතරයි. ඒකත් ගෙදරට මාට්ටු වෙලා බැණුම් අහපු ඒවත් තියෙනව. )

    - ඉස්කෝලෙ ඉන්ටවල් එකේදි කොල්ලො දහයක් විතර සෙට් වෙලා වැල සීන් තියෙන පින්තූර පොත් බැලීම (ඒ කාලෙ විඩියො, ඉන්ටනෙට් මොන කෙහෙම්මලක්වත් තිබුනෙ නෑ. තිබුනෙ වැල් පින්තූර පොත් විතරයි). එහෙම බලලා ඒවවල ඉන්න පිරිමින්ගෙ අහවල් එකේ සයිස් එක දැකල වික්ෂිප්ත බවට පත්වීම. ළමයි හම්බ වෙන්න නම් ගෑණිගෙ කට ඇතුලෙ අරවා යවන්න ඕන කියල සිතීම.

    -බයිසිකල් එකේ පස් දෙනෙක් විතර නැගලා යාම. වැටිලා තුවාල වීම

    -වැස්ස කාලේට ගංවතුර ගැලුවම දවසම වතුරේ සෙල්ලම් කරල හෙම්බිරිස්සාව හදා ගැනීම. අම්මාගෙන් බැණුම් ඇසීම.

    - මේ ඔක්කොමට වැඩිය මම ආසා කරපු එක තමයි පවුලේ කට්ටිය එකට වාඩි වෙලා කෑම කාපු එක. (අද කාලෙ වගේ TV එක ඉස්සරහ වාඩි වෙලා වැඩකට නැති ටෙලි ඩ්‍රාමා බල බල අපි කෑම කෑවෙ නෑ )
     
    Last edited:

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    බුදුරැස් වලල්ල හදන මෝටරයක් ලැබීම
    වතුර යන්නෙ නැති කැසියො ඔරලෝසුවක් ලැබීම
    වෑන් එකක/කාර් එකක ඉස්සරහ සීට් එක ලැබීම
    මඩේ බයිසිකල් එක පදින්න ලැබීම
    ගංවතුර ගැලීම
    වී කාටුවෙ නටන්න සෙට් වීම
    චොකලට් ස්ටිකර් අස්සෙ දුර්ලභ අංකයක් සෙට් වීම
    කෝච්චියෙ පෙට්ටි දෙක වෙන් වෙන තැන යනන් සෙට් වීම (පොඩි කාලෙ ෆුට් බෝඩ් එක තහනම් නෙ කොහොමත්)
    රැල්ල පාගන්න ලැබීම

    :yes::yes::love::love:
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    wheel covers daapu bicycle pedeema. man gawa mekak thibba podi kale...

    bikerepair_jake.jpg
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    දුන්නක් හදාගෙන රොබින්හුඩ් සෙල්ලම කිරීම
    බඹර චක්‍ර පත්තු කිරීම
    කොහෙන් හරි රට ටොපී හම්බවීම
    බස් එකේ යනකොට පාරේ යන අනිත් වාහන එක්ක රේස් යාම

    ade. paradunama samahara daata adenna wage. anith bus eka issara wela giyaama.
     

    sumrath1998

    Junior member
  • Feb 18, 2016
    44
    7
    8
    සිකුරාදා 7 ට වයිපර් බලන්න සෙට් වීම.
    රොබින් හුඩ් බැලීම, දුන්න හැදීම.
    බයිසිකල් එකට ගැජට් දැමීම.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....


    පොඩි රෝද දෙකකට කොසු මිටක් හයි කරන් කරත්ත හදාගෙන පිස්සු නටපු කාලයක්නම් තිබුණා..:rofl:
    හැබැයි පොල්කොට නෙමෙයි..:confused:

    කෝහේ ගියත් යන්නෙ කරත්තෙ තල්ලු කරගෙන..
    දැන් පොඩි එකෙක් එහෙම ගියොත් නම් පරිවාස භාරෙට පත් කරන්නත් බැරි නෑ..
    :sorry:


    මට තිබුන සෙල්ලම් බව්සරයක්. "ඩොකේ" කියල තමා කියන්නෙ එකේ රොද කැරකෙනකොට සද්දයක් එන්න කෑල්ලක් තිබුන. පොඩි කාලෙ කොහේ ගියත් ඕක ඇදගෙන තමා. පස්සෙ ත්‍රයිසිකලයක් හම්බ උනා. ඒත් අරකෙ ආසාව නම් ගියෙ නෑ.