ඔන්න අහගන්න අපි ඒ කාලෙ කරපුව.
- පාරෙ යනකොට ගෙවල් වල බෙල් ගහල හැංගිලා බලාගෙන ඉඳීම. ගෙදර ඇන්ටි ඇවිල්ලා දොර ඇරල බලලා අමුතු මූණක් දාන කොට හොරෙන් හිනා වීම
- ගෙදර වත්තෙ ඇති තරම් පේර ගස් තිබුනත් අල්ලපු වත්තට හොරෙන් පැනල ඒ වත්තෙ පේර කඩාගෙන දුව ගෙන ඒම. ඇන්ටිට අහුවෙන්න කරන්නෙ නැති එක තමයි පොයින්ට් එක.
-ඉණේ පිහියක් ගහගෙන ඇඹරැල්ලා ගස්වලට නැගල ගහේ ඉඳගෙනම ගෙඩි කපාගෙන කෑම. (දෙතුන් පාරක් ගහෙන් බිමට වැටිලාද ඇත.)
- අම්මට හොරෙන් කොල්ලොත් එක්ක මඩ වගුරු තියෙන වෙල් වල ඇවිදින්න යාම. මඩ නාගෙන ගෙදර ඇවිල්ලා අම්මට ගල් පැලෙන බොරුවක් කීම (සමහර අවස්ථාවලදී ගුටි කෑම )
- ඒ කාලේ තිබුනේ පුංචි කෝච්චියේ (කැළණි වැලි මාර්ගය ) ෆුට් බෝඩ් එකේ යාම. කෝච්ච්ය යනකොට එක පෙට්ටියකින් බිමට පැනල අනිත් පෙට්ටියට නැගීම (එක දවසක් වැටිලා කකුල් ලෙලි ගියා. එදාත් අම්මට ගල් පැලෙන බොරුවක් කිව්වා ලිස්සල වැටුන කියල )
- මේ පුංචි කෝච්චියේ යනකොට කොල්ලො එක්ක සෙට් වෙලා සිගරැට් බීම. ස්ටේෂන් එකෙන් බැහැල සිගරැට් ගඳ යන්න අයිස්ක්රීම් කෑම.
- ඉස්කෝලෙ ඇරිල එනකොට යාලුවො එක්ක සෙට් වෙලා බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න කෙල්ලන්ට උසුලු විසුලු කිරීම. ටියුෂන් ක්ලාස් එකේ කෙල්ලන්ට උසුලු විසුලු කිරීම. මේවා හුදෙක් විනෝදය පිණිස සහ යාළු කමකට මිස කිසිම වල් කමකට කරපුවා නොවේ.(අද කාලෙ වගේ ඉස්කෝලෙ යන කෙල්ලන්ව රූම්වලට ඇදීම, එහෙම ඇදල මේ කෙල්ලන්ට පු* ඇරීම, ග* කැපීම, පෙ*ටි කැඩීම වගේ දේවල් අපි ඒ කාලෙ අහලවත් තිබුනෙ නෑ. ඒ මොනව වුනත් අපි ඒ කාලෙ දැන් ඉන්න අයට වඩා හිතේ සන්තෝසෙන් සැහැල්ලුවෙන් හිටියා. අපි ඒ කාලෙ කරපු එකම දේ ලීයුමක්, අපි ඒකට කිව්වෙ 'සෙනෙහෙ කොලේ' කියල, කෙල්ලෙක්ට දීලා පොඩි ලව් පාරක් දාපු එක විතරයි. ඒකත් ගෙදරට මාට්ටු වෙලා බැණුම් අහපු ඒවත් තියෙනව. )
- ඉස්කෝලෙ ඉන්ටවල් එකේදි කොල්ලො දහයක් විතර සෙට් වෙලා වැල සීන් තියෙන පින්තූර පොත් බැලීම (ඒ කාලෙ විඩියො, ඉන්ටනෙට් මොන කෙහෙම්මලක්වත් තිබුනෙ නෑ. තිබුනෙ වැල් පින්තූර පොත් විතරයි). එහෙම බලලා ඒවවල ඉන්න පිරිමින්ගෙ අහවල් එකේ සයිස් එක දැකල වික්ෂිප්ත බවට පත්වීම. ළමයි හම්බ වෙන්න නම් ගෑණිගෙ කට ඇතුලෙ අරවා යවන්න ඕන කියල සිතීම.
-බයිසිකල් එකේ පස් දෙනෙක් විතර නැගලා යාම. වැටිලා තුවාල වීම
-වැස්ස කාලේට ගංවතුර ගැලුවම දවසම වතුරේ සෙල්ලම් කරල හෙම්බිරිස්සාව හදා ගැනීම. අම්මාගෙන් බැණුම් ඇසීම.
- මේ ඔක්කොමට වැඩිය මම ආසා කරපු එක තමයි පවුලේ කට්ටිය එකට වාඩි වෙලා කෑම කාපු එක. (අද කාලෙ වගේ TV එක ඉස්සරහ වාඩි වෙලා වැඩකට නැති ටෙලි ඩ්රාමා බල බල අපි කෑම කෑවෙ නෑ )