මචං ඉස්සෙල්ලාම උඹේ නමට ඉඩම හරවා ගන්න ඕනා. ඒකට ඉස්සෙල්ලාම මිනින්දෝරුවෙක් ලව්වා පලෑනක් ඇඳ ගන්න ඕනි. තියෙන ඉඩම කොටස් කරලා උඹලට අවශ්යස විදිහට මිනින්දෝරුවට කියලා ඉඩම කොටස් කරලා පලෑන් එක ඇඳ ගනින්. ඊට පස්සේ ඉඩම උඹේ නමට ඔප්පුවකින් ලියන්න කලින්, පලෑන් එක උඹලා අදාල වෙන Local Government Authority එකට දීලා approve කර ගන්න ඕනි.
ඒකට "ඉඩම් අනු-බෙදුම්" අයදුම්පත කියලා application එකක් තියෙනවා. රු. 370/- වගේ ගෙවලා අදාල locall government authority එකෙන් ගන්න ඕනි. ඒක මිනින්දෝරු මහත්තයාට කියලා පුරවා ගන්න පුළුවන්.
ඒකත් එක්ක පරණ deed copies සහ plan copies ඒත් එක්කම බෙදන්න හදන ඉඩමේ original plan එකයි copies 3කුයි භාර දෙන්න ඕනි. වැඩේට නම් මම හිතන්නේ 3 weeks වගේ යනවා. මොකද development division එකේ technical officer බලලා, කමිටුවකින් තමයි ඕකට අනුමැතිය ලැබෙන්නේ.
ඒක අනුමත වෙලා ආවම local authority එකෙන් සීල් එකක් ගහනවා "නේවාසික භාවිතය සඳහා අනුමත කරනවා" කියලා. ඊට පස්සේ lawyer හරහා අදාල plan එකට deed එකක් ලියලා උඹේ නමට ලියා ගන්න තමයි තියෙන්නේ.
Deed එක ලියන්න කලින් sub-division plan එක අනුමත කර ගන්න එක ඇඟට ගුණයි. Deed එක ලියලා plan එක අනුමත නොවුනොත් වදේ. ඒකට වතුර බහින කානු එහෙම plan එකේ හරියට පෙන්නන්න ඕනි. Plan එක approval දැම්මම අඩුපාඩු තියෙනවා නම් අපිට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට technical officer site එකට visit කරලා බලනවා.
TO මහත්තයා තමා key player.![]()
Hariyata hari........ Mulinma karanna one eka......
Nagara sabhawe kawruhari allaganna puluwannam sulugaanak deela oya okkoma karaganna puluwan.....
Mathaka athuwa deed eka daanakota idame watinakama puluwan tharam adukarala daganna ona.... Naththam mudhdhara gasthu gewanna wenawa loku gaanak.........


