ඒක එච්චර අමාරු නෑ හිතාගන්න. සාමාන්‍යයෙන් කෙල්ලෙක් කියන්නේ ටිකක් Emotional කෙනෙක්. එතකොට තීරණ ගැනිමේදි එකට මුල් වෙන්නේ හැගීම් මිසක් තර්කය නෙවෙයි. එතකොට හැගීම් වෙනස් වීම අනුව තමයි ඊළග step එක තීරණය වෙන්නේ. ඒක නිසා ඕනෙම එකෙක්ට යම් කෙල්ලෙක් එක්ක ඉන්න ඕනේ නම් මුලින්ම strong bond එකක් හදාගන්න ඔනේ. මේ bond එක sex මත නෙවෙයි තීරණය වෙන්නේ. මේක තීරණය වෙන්නේ හැගීම් මතයි. හැගීම් මත කිව්වම ඒ සම්බන්ධය රදා පවතින්නේ. කැප කිරිම් , අවශ්යයදේ සපයා දීම, ආරක්ශාව සපයා දීම, සතුටෙන් තැබීම, දුකකදි අස්වැසීම සහා ඒකට පිහිට වීම සදහා කෙනෙක් ඉන්නවා බව ඒත්තු ගන්වලා තනි බව දැනීමට ඉඩ නොදීම, ගැටලු ,සැක තැන් තියෙනවා නම් ඒවා සාකච්චා කරලා සැක හැර ගැනීම, නිතරම වගේ තනි බව දැනෙන්නේ ඉඩ නොදීම (මේකට තියෙන්නේ මොකක් හරි souvenir එකක් දෙන්න, ළග ඉන්නවා නම් නිතරම අතෙන් අල්ලගෙන ඉන්න, මතක හිටින තැනකට එක්ක ගෙන යන්න විශේෂ අවස්ථාවකදී (උපන්දිනයකදී වගේ)) , රණ්ඩු වට නොගිහින් කිය දේ අසා සිටිම, යහපත් වචන කථා කිරිම. හැගීම් පිට කරන්න ඉඩ දීම (අඩනවා නම් අඩන්න දෙන්න, හිනා වෙනවා නම් හිනා වෙන්න දෙන්න ඒක නවත්වන්න එපා. අඩනවා නම් අතෙන් අල්ලගෙන ඉන්න ,වැළද ගන්න. හිනා වෙනවා නම් ඒත් එක්කම හිනා වෙන්න)
සාමාන්‍යයෙන් මේක තමයි default විදියට කෙල්ලෙක් එක්ක හැසිරෙන විදිය. මීට වඩා වෙනස් ක්‍රම use කරන්න වෙනවා සුපිරි ගණයේ බුද්ධියක් තියෙන කෙල්ලෙක් හම්බ වුනොත් නමුත් මේ ජාතියේ සුපිරි ගණයේ මොළ තියෙන කෙල්ලෝ ඉන්නේ අත ලොස්සක් විතරයි. එහෙම අය හොයාගන්නත් බෑ ලේසියෙන්ම සාමාන්‍යය කොල්ලෙක්ට. ඉතින් මම කලින් කියපු එක මතක තියාගෙන්න එතකොට 90% වඩා කෙල්ලොන්ගෙන් තමන්ට ඕන කරන කෙනා හොයාගන්න පුලුවන්.