මගේ ප්‍රථම ආදර නව කතාව ....

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මගේ ප්‍රථම ආදර නව කතාව ....

    මා අලුත් ඇදුමක් ඇඳගෙන ගිය දවසක සමාධි කතා කරන්නේ ඒ පිළිබදවය ...
    "මහේෂ් ලස්සන කමිසයක් අරගෙන තියෙන්නේ ..."
    ඇය මගේ හැඩ බලමින් කියයි ...
    " මේකේ මොන ලස්සනක්ද ..? " මම කියමි ....
    "මට නම් අගෙයි ..මහේෂ් හැමදාම අදින දුඹුරු කමිස වලට වඩා ලස්සනයි ..."
    "ඒ උනාට මේ වගේ පළල කොටු තියෙන කමිස අදින්නේ රස්තියාදු කාරයෝලු ...."

    " kauda කියන්නේ ...? " ඇය සිනාසෙයි ....

    මෙවැනි දිනක මා සමාධිගේ වැඩුණු සිරුර දෙස බලා සිටියා විය යුතුය ...එය පිරුණු සිරුරකි ..තැඹිලි පාටය ...මම ඇගේ උස්ව පිහිටි ලැම දෙසත් පිටුපස හැරී යන විට පුළුලු නිතඹ තාලයට සැලෙන සැටිත් බලා සිටිමි ..

    ඇය මට වැල් දොඩම් යුෂ වීදුරුවක් සාදා ගෙනවිත් දෙයි ...

    " මහේෂ් කැමති නිසා මම ගෙඩි ටික පරිස්සමට තිබ්බා ..අපු වෙලාවට දෙන්ඩ ..."

    " බොරු නේද ..? " මම අසමි ..." ඇයි ඔයාල බොන්නේ නැද්ද ? "

    " හරියට සැරලු ...වැඩිය බොන්න හොද නෑලු ... අම්ම කියනවා ...."

    මම මදින් මද වීදුරුව තොල ගාමී...
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සාලයේ සිටිනවාට වඩා සෝමේන්ද්‍ර කැමති තමාගේම කාමරයේම සිටීමටය ...ඔහු මාද කාමරයට කතා කළේය ...එවිට මට ගෙටුල සිටින සමාධි දැකිය නොහැක ...මා කැමති සාලයේ සැටිය මත වාඩි වී සෝමේන්ද්‍ර සමග කතා කරමින් සමාධි යනෙන දෙස බලා සිටීමටය ....

    එහෙත් ඔහු නොමැති දින වලදී මම පුරුදු පරිදි කාමරයට වී සිටිමි ...එවිට මට සමාධි කාමරය තුලදී තනිව මුණ ගැසෙයි ....

    මම බොහෝ වෙලාවක් ඇගේ අත ගෙන ඇගිලි පිරි මදිමින් කතා කරමි ...සිහින් මුදු ඇගිලි තුඩු ලා රෝස පාටය ...නියපොතු උල්ව සිහින්ව වැඩි ඇත...

    " හිනි දිග ඇගිලි තුඩු තියෙන්නේ කරුණාවන්ත කෙල්ලොන්ගේලු ..."

    මම ඇය දෙස බලා සෙමින් කියමි ...
    "ඉතින් මමත් කරුනාවන්තද ...? "

    ඇය අසයි ...එවිට ඇය ඇගිලි තුඩු මගෙන් නිදහස් කරගෙන පිටු පසට කර සගවා ගනියි ...

    " මොකද නැත්තේ සමාධි කොචර කරුනාවන්තද ? අපේ අම්ම වගේ ..."

    "හොරා බොරු නේද කියන්නේ ...? "
    සෝමේන්ද්‍ර ගේ මොටෝ සයිකලය මහා පාරෙන් හැරී ගේ පැත්තට එන හැඩ ඇසෙයි ...එවිට සමාධි ඉක්මන් ගමනින් ගෙතුලට ඇදෙයි ....මම සාලයේ පුටුවක වැඩි වෙමි ...
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සමාධි සමග ගත කරන මොහොතක් උවද කල්ප ගණනක් රසාත්මක නොවේදැයි මට සිතෙන්නේ නිදි ඇඳේ දිය ...දවසේ සිදු වූ සියල්ලක්ම මම සිතින් ආවර්ජනය කරමි ....ඇය මා සමග කතා කල අන්දම , සිනා උන අන්දම ,කියූ සුරතල් වචන ,මගේ වැල මිට කොනිතපු හැටි , පිට හපපු හැටි ..එවන් මනෝ ලෝකයට මැදි වන විට මට බොහෝ වෙලාවක් යන තුරු නින්ද යන්නේ නැත ...

    එහෙත් අප දෙදෙනාගේ සම්බන්දයට සමාධි ගේ ගෙදරින් කැමැති වේ යැයි සිතිය නොහැක ...මේ සම්බන්ධය එලි වූ දිනක සෝමේන්ද්‍ර මා ගැන කුමන අන්දමකින් සිතනු ඇද්ද ..?ඔහු එක විදියක මිනිහෙකි ...ඔහුගේ වැඩ නිතියටය ...නුලටය ...ඔහු නීති විද්ද්‍යාලයට baduneda මේ nisama විය යුතුය ...එහෙත් ඔහුගේ ප්‍රතිපත්ති දරදඩු ඒවා යැයි මට සිතේ ...

    මුල් දිනවල සමාධි ලියු ලියුමක් මට මතකය ....
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දයාබර මහේෂ් ,
    තව ටික කාලයකට හෝ අපේ සම්බන්ධය රහසක් මෙන් තබා ගත යුතු යැයි මට සිතේ ..මෙය එලි වූ දිනෙක ඇති වන තත්වය කෙබඳු එකක් වේදැයි මට සිත ගන්නටත් අමාරුයි ...ගෙදර හැමෝම ඔයා ගැන ලොකු ආදරේකින් ඉන්නේ ....ලොකු විශ්වාසයක් ඔයා ගැන තියෙනවා ..එක පාරට මෙහෙම දෙයක් ගෙදරින් දැන ගත්තොත් එක හුගක් හොද මදි...මම නිතර ඔයා අසල ගැවසේනවට අයිය කැමති නැහැ ...මට වචනයෙන් නොකිඋවත් නොයෙකුත් අන්දමින් ඔහු ඒ අදහස පැහැදිලිව පෙන්නනවා ..

    ඒ උනාට මම මහේෂ්ට ඇති ආදරය අඩු කර ගන්නේ නැහැ ...මගේ එකම පැතුම ඔයා විතරයි ...අපි පරිස්සමින් ඉමු ....
    මිට
    දයාබර
    සමාධි
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සෝමේන්ද්‍ර සමග බොහෝ වෙලාවක් කතා කරමින් සිට සවස මද ඇදිරියේ ආපසු ඒමට පිටත් වන එක දිනක ඇය එම ලියුම මගේ අත තැබුවාය ..කෙල්ලෙක්ගෙන් පළමු වරට ලියුමක් ලැබුවේ එදාය ....සමාධි සමග බැදුණු ආදරයෙන් නැවුම් පෙමවතෙකුව සිටින මට එය ආදරයෙන් රැකිය යුතු පෙම් හසුනක් නොවන්නේද ...?

    සමධිට ආදරය කිරීමට බිය විය යුතු නැතැයි මට සිතේ ...ඇය මට ආදරය කරන්නේ නම් මම ආත්ම විශ්වාසයෙන් යුතුව එයට මුහුණ දීම පමණි කල යුත්තේ ..

    "අපි අතරේ කවදාවත් එක්වීමක් වෙන්නේ නැහැ මන් හිතන්නේ ..."
    කලක් ගිය තැන මම ඇසුවෙමි ...
    " ඇයි මහේෂ් එහෙම කියන්නේ ?"
    " අපි හරියට අහසට පොලොව වගෙයි ."
    "නැහැ එහෙම වෙනසක් මට නම් පෙන්නේ නැහැ ..."
    "ඔයා මට වැඩ කොචර පොහොසත්ද .? අනෙක් එක ඔයාලගේ සංස්කෘති රටාවත් ගොඩක් වෙනස් "

    සමාධි සිනාසෙයි ...
    "මොකද හිනා වෙන්නේ ? මන් ඔයගොල්ලන්ට ගැලපෙන්නේ නැති ගොඩේ කොල්ලෙක් "

    "ඕකද මහා ලොකු වෙනස ? "
    සමාධි සිනාසෙමින් අසයි ..
    "මෙතැනදී එක ප්‍රශ්නයක් නෙමෙයිද ..?මම තරහෙන් මෙන් අසමි .."කවද හ‍රි මට වෙන්නේ ගිනි ගොඩක් බදාගෙන දුක් විදින්න .."

    "ඇයි මහේෂ් එහෙම කියන්නේ ..? සමාධි දුක්බරව අසයි ..."ඔයාට මාව විශ්වාස නැද්ද ඒයි .."
    "මට ඔයාව විශ්වාසයි සමාධි ...එත් මේ වෙනස මෙහෙම තියෙද්දී අපිට එක් වෙන්න බැහැ .."
    "මම එනවා ඔයා එක්ක පටචර වගේ ...ඔයා සිටුගෙයි දසය තරම් පහත් නැනේ ...ඔයාට පුළුවන් උපාධිය අරගෙන ලොකු ජොබ් එකක් කරන්න ..."
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සෝමේන්ද්‍ර මට මුණ ගැසුනේ බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ දිය ...අලුත් නාට්ටියක් වේදිකා ගත කරන සම දිනකම වගේ මට එහිදී ඔහුව මුණ ගැසෙයි ...ඔහු තාම නීති විද්‍ය්හලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන බව මට පැවසිය ..මා කැම්පස් එකෙහි පළමු වසරේය ...මෙසේ හදුනා ගත් අපි කල් යාමේදී බෙහෙවින් මිත්‍ර විය ..

    "මන් කැමැති මහේෂ් එක්ක ටිකක් කතා කර කර ඉන්න .."
    දිනක් සෝමේන්ද්‍ර කිවේය ..
    " මහේෂ් කොහෙද නැවතිලා ඉන්නේ ..?"
    "කොටහේනේ "
    "ඇත්තද ...?එහෙනම් අපිට නිටර මුණ ගැහෙන්න ලෙසිනේ ...අපේ ගෙදර ජේතවන පාරේ ..."
    ඔහු නිවසෙහි අංකය මට දුන්නේය ..
    පෝ දින සවස මම ඒ අංකය සොයාගෙන ගියෙමියි ....
    එය දෙමහල් නිවසකි ...
    ගේ දෙස බැලු බැල්මෙන්ම මට සිතුනේ සෝමේන්ද්‍ර මට වඩා බොහෝ සල්ලි කාරයෙකු බවයි ...ඔහු මට වැරදි නොමබරයක් දුන්නේදැයි සක සිතුනි ...බොරැල්ල උපවංශ හෝටලය තුලට වී තේ බොමින් වරු ගණන් ගැට කරමින් අපි ධනවාදයට විරුධව කතා කළෙමු ..මේ ඒ සෝමේන්ද්‍ර ජිවත් වන හැටි දැයි පුදුම වීමු ...
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම මිදුල දක්වා ගමන් කරන විට සෝමේන්ද්‍ර බැලු පැටවකු සමග තන පිටියේ සෙල්ලම් කරනු දුටුවෙමි ...මා දුට විගස බැලු පැටවා බුරාගෙන විත් මට සපා කන්නට පනින්නට පටන් ගත්තේය
    ...සෝමේන්ද්‍ර වහ ඉදිරියට පැන්නේය ...

    "නිකා හිටපන් රෙක්ස් ..."

    ඔහු බලු පැටවාගේ හිස අත ගෑවේය...
    " මන් හිතා හිටියේ මහේෂ් උදේ වරුවේ ඒවි කියලා ..."
    ඔහු මාව කැඳවාගෙන යන ගමන් කිවේය ...
    මිදුලෙහි නන් මාදිලියේ මල් වර්ග වලින් අලංකාර කර තිබුණි ...

    "kauda මල් වවන්නේ ?"
    මම මිදුලේ මදක් නැවතී ඇසුවෙමි ...
    "ඇයි ලස්සනද ? ඕවා නංගිගේ වැඩ "
    සෝමේන්ද්‍ර ආඩම්බරයෙන් මෙන් කියයි ..
    "මන් දන්නේ නැනේ සෝමේන්ද්‍ර ට නංගි කෙනෙක් ඉන්නවා කියලා ..
    එවිට ඔහු සිනාසෙයි ...

    මා පළමු වරට සමාධි දුටුවේ එදාය ..
    ඇය ඇද සිටියේ ඇගට හිර වන ඇදුමකි ..ඇගේ දෑස ඉතා ලස්සන යැයි එදින මම සිතුවෙමි ...ඇය එදා බීම බන්දේසියක මා වෙත පැමිණ අහිංසක ලෙස සිනා සුනේ ඒ දැසින්ය ....

    කාලයක් ගත වන විට මම සමාධි ගැන බොහෝ දේ ඇගෙන්ම දැන ගතිමි ..A / L සමත් කල පසු ඇය ඉගෙනීම නතර කළාය.වැඩි දුර ඉගෙනීම ආශාවක් ඇයට නොතිබිණි ...ඇය ඊළගට සංගීතය ඉගෙන ගත්තාය.පසු කලෙක එයද අත් හැර දැමුවාය .. දැන් ඇය සිටින්නේ කම්මැලි කමෙනි ...කම්මැලි කමට මල් වවයි ...

    "මට හිතයි cookery class එකකට යන්න ..."
    ඇය කියයි ...

    "එක නම්හොදයි...කෙල්ලෙක් අංග සම්පුර්ණ වෙන්නේ එතකොට .."
    "ඇත්තෙන්ම මම යන්නද ? ඔයාට පුළුවන් නම් හොද class 1 ක් හොයල දෙනවද ? "
    "එක අතකට ඔයා ඒවා ඉගෙන ගත්තත් සමාධි කුස්සියට යන්නේ නැනේ ..."

    "ඇයි nathe .?ඔයා මට joke කරනවා ..මන් කැමති කවද හ‍රි ඇත ගමක දුප්පත් පැලක පදිංචි වෙලා කුස්සියට වෙලා උයන්න .."
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම පන දාගෙන ලිවුවට වැඩක් නෑ වගෙයි..මේ වෙනකොට 82 බලල තියෙනවා.අඩුම තරමින් bump එකක්වත් නෑ ... comment වත් නැහැ ....comment දමපු 3 දෙනාට tnx ...මම මේක මෙතැනින් නතර කරනවා ...
     
    • Like
    Reactions: Johnnie_Walker

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සෝමේන්ද්‍ර අප අතරට එයි ...පැමිණ වහා පුටුවකට බර වෙයි ...පත්තරයෙන් අහුලාගත් යම් කිසිවක් ගැන ඔහු මා සමග කතාවට වැටෙයි ..රැකි රක්ෂා ප්‍රශ්නය විසදීම ගැන රජය ගන්නා පියවර ඔහු ප්‍රශංසාවට ලක් කරයි ...
    සමාධි අප කෙරෙන් කෙමෙන් ඇත් වෙයි .ඕ ඇගිල්ල මුව තුල රුවා බිම බලාගෙන සෙමින් ගෙතුලට ඇදෙයි ...ඇ ඇතුළු කාමරයකට හැරෙන හැටි මා wadi වී සිටින පුටුවට මැනෙවින් පෙනෙයි ...

    *************************************************************
    "ගෙදර ඉන්න හරිම කම්මැලියි මහේෂ් " සමාධි තවත් දිනක මා සමග කියන්නීය ...."කතා කරන්නවත් කෙනෙක් නැහැ අනේ "

    "ඇයි rex ඉන්නේ ?" මම සිනාසෙමි ..

    "මම බලු පැටිය නාවනවා ,කුස්සියට වෙලා ජේන් එක්ක කතා කරනවා ..මල් හිටවනවා ...මම හැමදාම එහෙම තමයි ඉතින් ."

    ඇහේ ස්වරයේ ඇත්තේ තමා අසරණ වී ඇතැයි පවසන ස්වාබවයකි ..

    "තව ටිකක් ඉගෙන ගන්න තිබුනේ ...හැබැටම ඇයි ඉහලට ඉගෙන ගත්තේ නැත්තේ..? "

    "මන් ආස නැහැ ඒයි ..මන් කැමත්යි නාට්ටියක රගපාන්න "

    "ඇත්තද ? සමාධි එකට ගැලපෙනවා ..මම යාලුවෙක්ට කතා කරලා බලන්නම් ..මට පුළුවන් උදවු කරන්න .."

    "අයියෝ එපා ...මට යන්න ලැබෙන එකක් නැහැ ..මට එහෙම නිදහසක් නැනේ ..."

    "මම අයියට කියල බලන්නද ?"
    "අනේ එපා ..අයිය කැමති වෙන්නේ නැහැ .."

    "සමාදී යන්න class එකකට ..."

    ඇයට ඉවුම් පිහුම් පන්තියක් ඉක්මනින්ම සොයා දිය යුතු යැයි මම සිතමි ..එය ඉක්මනට කල යුතුය ..

    "මහේෂ් හැමදාම එනවා නම් මම කැමත්යි .."

    ඇය මා අසලින්ම සිටගෙන පුටු ඇන්ද ඇගිලි තුඩු වලින් සුරන්නට පටන් ගනියි .."මහේෂ් ඔයා හරි අහිංසකයි ..අපේ අයියා වගේ ගොරෝසු මිනිහෙක් නෙමෙයි ..අයියා නම් හරි යන්නේ උසවියකටම තමයි .."

    "මමත් ඉන්නේ හරිම කම්මැලි කමෙන් .."මම සම්ධිට කියමි ..එවිට ඇගේ සිත තරමක් සැහැල්ලු වනු ඇත ...

    "පොත් කියවන්නත් හැම වෙලාවේම බැහැ .දේශනයකට ගියාම අත කඩෙන කම් ලියන්න වෙනවා ..හරිම වෙහෙසක් ඉගෙන ගන්න එකත් ..."

    "ඇය අඩවන් දෑසින් මගේ මුව දෙස බලා සිටියි .."

    "බෝඩිමේ ඉන්නේ මම විතරයි ..කතා කරන්නවත් කෙනෙක් නැහැ .."

    "නිකන් ඉන්න වෙලාවට මොනවා හරි ලියන්න .."
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    "ඒවගේ වැඩ මට දැන් එපා වෙලා ..ඉකමනින් මේක ඉවරයක් කරන්න ඕනි ..ඊට පස්සේ රස්සාවක් හොයා ගන්න ඕනි ..."

    "ඔයා ආස මොනවා කරන්නද?"

    "මොනවා උනත් කමක් නැහැ "

    "මහේෂ් උගන්නනකෝ ඉස්කෝලෙක .."

    "මන් කැමතියි "

    "මම සිනාසෙමි "

    "මහේෂ් යන්න ඇත පළාතක ඉස්කෝලෙකට ...මාත් එනවා එතකොට "

    "එතකොට එහෙදිත් ඔයාට පාලු හිටියි "

    "නැහැ මහේෂ් .ඔයා ඉන්න තැන මට පාලු නැහැ .."

    "ඇය ආදරයෙන් යුතුව මා දෙස අඩවන් දැසෙන් බලයි ...මට ඇ වැලද ගැනීමට සිතෙයි .."

    "මම සමාධිගේ ඇගිලි තුඩු පිරි මදීයි.."

    ඇතින් ඇසෙන සෙරෙප්පු හඩත් සමග සමාධි ගේ මව අප අසලට එයි ...එවිට සමාධි මා කෙරෙන් ඇත් වෙයි ....

    "මේ ළමය ඇවිදින් ගොඩක් වෙලාද ..?"

    මව අසයි ..

    "ටිකක් වෙලා ..මම පුටුවෙන් නැගිටින්නට හදමි .."
    "නැ wadi වෙන්න ..."

    මව පුටුවක හිද ගනියි ..

    "ගමට ගියේ නැද්ද ටික දවසකින් ? "

    "ගියේ නැහැ ...නංගි ලියුමක් එවල තිබුන ..අද ඒකට උත්තර ලිවුවා .."

    "හොදට ඉගෙන ගන්න ඕනි ...ඇය කියයි .."
    "ඔය ළමය ගැන ගොඩක් බලාපොරොතු ඇති අම්මලාගේ ..."

    "සමාධි ගිහින් කුස්සිය පැත්ත බලන්න ..."

    සමාධි එතනින් ඉවත් වන්නේ මුහුණ නරක් කරගෙනය ..