මගේ ප්‍රථම ආදර නව කතාව ....

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    chandeta ottu allala paradunamada me wage hoda deyak mathak une... ela digatama liyamu gamage lokka... +++
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සතියකින් පමණ පසු මට සමාධිගෙන් ලියුමක් ලැබුණි. ඉන් ඇගේ පන්ති පාලිකාවගේ උපන්දින සාදයට සහභාගී වන ලෙස ඇරයුමකි.
    “කිලාස් එකේ ළමයි ඔක්කොම බර්ත්ඩේ පාටි ඒකට එනවා. මිස් විනීතා අඳුනන එයාලගේ බෝයි ෆ්රෙීන්ඩ්ලත් එනවා ඔයත් එනවා නේද? ඔයා ආවේ නැත්තම් මට තනියම ඉන්න අනිත් ලවර්ස්ලා දිහා බලාගෙන ඉන්න වෙන්නේ”
    හරියටම එදිනව තාත්තාගේ නඩුවද ගම්පහා උසාවියේ අසයි. එදින නිකමට හෝ උසාවියට යෑම මාගේ යුතුකමකි. නමුත් මම සමාධිගේ ආදරය හමුවේ අසරණ වෙමි. මට ශක්තියක් නැත. මම ඉබේම නතරවන්නේ සමාධිගේ පැත්තමය .
    “හෙට උදේ කොළඹ යන්න වෙලා” රෑ කෑම අතරතුර මම කීවෙමි.
    “හෙටනෙ පුතේ තාත්තාගේ නඩුව”
    “ඇයි අයියේ හදිසියේ යන්නේ?” නංගි අසයි.
    “නොගිහින් බැරි වැඩක්”.
    උදෙන්ම අම්මාත්, තාත්තාත් උසාවි යාමට පිටත් වූ පසු මම දිය නාගෙන හැද පැලඳ ගනිමි.
    “අයියා කවද්ද එන්නේ?’ නංගි අසයි.
    “අදම එනවා”
    “නඩුවට මක් වෙයිද දන්නේ නෑ” ඇය දුක්මුසුව කියයි.
    කිසිවක් නොකියාම බිම බලාගෙන මම ගෙදරින් පිටවුනෙමි. ඒ බර්ත්ඩේ පාටියට සහභාගී වීමටය.
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හතළිහක් පමණ පාටියට සහභාගී වී ඇත.ඩග්ලස්ද පැමිණ සිටියේය. මහත් ලෙන්ගතු කමින් ඔවුන් මා පිළිගත්හ.
    “මං හිතුවේ නෑ මහේෂ් ඔයා එයි කියලා” ඇය මා ............ ඇතුලු කාමරයකට පිවිසෙයි.
    “ආවේ නැත්තම් මම තරහ වෙන්නයි හිටියේ” සමාධිගේ සතුට ඉහ වහා ගොස්ය.
    “එන්න පුළුවන් කමකට නෙමෙයි ආවේ අද තාත්තාගේ නඩුව”
    “ඇය අඩවන් දෙනෙතින් මා දෙස බලා සිටියි.
    මා සියලු දේ ඇයට පැවසුවෙමි.
    “ඉතින් තාත්තා ඇයි ඔය ජරා රස්සාව කරන්නේ?”
    “ජරා රස්සාව? ඒක කොහොමද ජරා රස්සාවක් වෙන්නේ? මට තත්තා උගන්වන්නේ ඒ රස්සාවෙන් හම්බ කරන සල්ලි වලින්”
    සමාධි නිහඩය. මා කථා කලා සැර වැඩි යැයි සිතුනි. නමුත් ඒ මාගේ හර්ද සාක්ෂියයි . සමාධිගේ ඇස් ඇඩුම්බරව ඇත. මම ඇය අස්වැසීමට උත්සාහා දරුවාය.
    “සමාධි තරහා වෙන්න එපා. මට කේන්තියට එහෙම කියවුනේ. අපි ඔයාල වගේ ලක්ෂපතියෝ නෙවෙයි. විනෝදට කරනවා නෙමෙයි. ජීවත් වෙන්ඩ, පණ කෙන්ද රැකගන්න”

    බීර බෝතලයක් හා වීදුරු දෙකක් බන්දේසියක තබා ගත යුවතියක් අප අතරට ආවාය. මා මත්පැන් නොබොනා බව සමාධි දනියි.
    “මහේෂ් ඔයා ඩිරින්ග්ස් ගන්නේ නැත්තේ ඇයි ?
    “ඔයා දන්නවනේ මට ඕවා පුරුදු නැති විත්තිය”
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    “මහේෂ් බේබද්දෙක් වෙනවට මමත් කැමති නෑ. ඒත් මෙහෙම වෙලාවට ටිකක් ගන්න එක හොඳයි:
    “අයියෝ බෑ සමාධි”
    “ඔයා මට ආදරෙයිනේ මහේෂ්?”
    “ඉතින්?”
    “මං කියනවට ටිකක් ගන්න, නැත්තම් කෙල්ලෝ හිනා වෙවී”
    “ඇයි එයාලා හිනා වෙන්නේ?”
    “ඔයා ගොඩයෙක්ලු”
    “ඉතින් ඇත්තනේ. මම ඔයාලට නොගැලපෙන ගොඩයෙක් “
    ඇගේ මුහුණ බේරි වී යන අයුරු දුටුවෙමි.
    “මහේෂ් මා එක්ක තරහද?”
    “ඒ මොකටද?”
    “මං ඔයාට කරදර කරන්නේ නැහැ”
    “සමාධි.......”
    “මං බියර් ටිකක් ගන්නම්”
    “ඕනි නෑ.ඔයා අකමැති දේනේ. මං කැමති නෑ ඔයා නරක වෙනවට”
    “මං නරක වෙන්නේ නෑ”
    ඇය අඩවන් දෑතින් මා දෙස බලයි.
    අපි යමු සමාධි” මම බියර් බෝතලක් අතින් ගෙන නැගී සිටියෙමි.
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    බීර මතින් හා ගමන් විඩාවට පත් වී ගෙදර ආවේ රාත්රී 10ට පමණය.
    සඳුදා උදැසන අම්මාගෙන් නඩුව ගැන විමසුවෙමි. තාත්තාට දඩයක් ගසා තිබුනි. නමුත් ඒ දඩය ගෙවීමට වත් අපිට වත්කමක් නැත. අම්ම හැඩු කඳුලිනි.
    මං අම්මට සල්ලි හොයලා දෙන්නම් දඩේ ගෙවන්න. දැන් ඇති එකම පිළිසරණ සමාධිය . ඇය මා ඉල්ලන පමාවෙන් සල්ලි දෙනු ඇත. නමුත් එය කල නොහැක.
    අවසානයේ තීරනයකට එලබුනී. ඒ සමාධි මට දුන් ඉතා වටිනා ඔරලෝසුව උගස් කර මුදල් ගෙන තාත්තාගේ දඩය ගෙවීමටය. පසු දිනම එය ක්රිියාවට නැංවුයේ හද පිරි සොවිනි. නමුත් මට කල හැකි විකල්පයක් නොවීය.
    ඊටත් පසු දින මට කොළඹ පැමිණියෙමි. කෙලින්ම ගියේ සඟරාජ මාවතේ කුකරි කිලාස් එක අසලටයි. ඒ සමාධි මුණ ගැසීමටය.
    “මහේෂ් අනේ! කෝ ඔයාගේ ඔරලෝසුව?”
    මා දුටු වහාම සමාධි ඇසුවාය.
    “අයියෝ ඒක නේන්නම් සමාධි මං හදිස්සියේ ගෙදරින් ආවේ. ඔරලෝසුව මේස ලාච්චුවේ අමතක වෙලා ආවේ”
    “මොකද ගමේ ගියාම ඔච්චරටම සිහිය වෙනස් වෙන්නේ?”
    ඇය දඟකාර දැරියක් සේ මගෙ පිට කොනිත්තයි.
    “කව්ද දන්නේ ගමට ගිහිං මොනවා කලාද කියලා” ඇය නෝක්කාඩු ස්වරුපයෙන් පවසයි
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෝ බන් මේ මොකද කරලා තියෙන්නේ කියවන්න අමාරුයි:dull:. ‍ටයිප් කරපන්කෝ:frown: