මඟුල් දවසේ බීම මේසය
ඉතින් එළකිරියේ වැඩි හරියක් ඉන්නේ අද හෙට දීග යන්ඩ ඉන්න ගැටව් නොවැ. තව තමන්ගෙ අක්කල , නඟාලගෙ මඟුල් උත්සවේට බැහැල වැඩ කරන උනුත් ඇති. ඉතින් මම අද කියන්ඩ යන්නෙ අඩු වියදමකින් මඟුල් ගෙදර බීම මේසය හදන උපදෙස් ටිකක්. බෙබාලට නම් ඉතින් බොන හැටි ගැන උපදෙස් ඕන්නෑ. නමුත් අමද්‍යප(ඒ කියන්නෙ මේ සම්බන්ධ අත්දැකීම් නැති ) අයට නම් ටිකක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මුලින්ම කියන්නෙ මේකෙ අඩුපාඩු තියෙන්ඩ පුළුවන්. ඒ වගේම උබලගෙ විවිධ අදහස් හා යෝජනා වලටත් ඉඩ තියනවා. හරි අපි බාර් එක ඇරලම කතා කරමු.
1.බේබද්දන් ගණන
අපේ පාර්ශ්වයෙන් නම් එන එවුන්ගෙන් බොන්නෙ කව්ද ,උන් කොච්චර බොයිද කියලා අපිට ගණනය කර ගන්ඩ පුළුවන්. ඒ වගේම අනිත් පාර්ශ්වයත් එක්කත් වහෙන් ඔරෝ කතා කරලා ඒ පැත්තෙ බේබද්දන්ගෙ ගණනත්, තරාතිරමත් දැන ගන්ඩ ඕන.තව දෙයක්.ආරාධිතයින්ට අමතරව බීම මේසෙට කෙල හලන කීප දෙනෙක් ඉන්නව. ඒ තමා අෂ්ඨක කියන ගුරුන්නාන්සෙ, කැමරා මන්ලා, වීඩියෝ කරන හාදයින් වගේම බෑන්ඩ් එකක් ප්ලේ කරනවානම් උන්. මුනුත් ඉතින් කොල්ලොනෙ. මේ කට්ටිය නම් රාජකාරියක් කරන නිසා ටිකක් අඩුවෙන් ගන්නෙ. ගත්තත් ගොඩක් වෙලාවට බියර්.
2. බජට් එක
මුලින්ම බලන්ඩ ඕන අපිට බේබද්දන් සඳහා කොයිතරම් මුදලක් වෙන් කරන්ඩ පුළුවන්ද කියලා. ඒ මුදල ලොකුයි නම් රජ බීමක් බොතෑකි. සේරම කෙරුවාවල් තීරණය වෙන්නෙ මේක මතයි. ප්‍රමාණවත් මුදලක් වෙන් කරන්ඩ බැරිනම් වැඩේ අත ඇරල දාන එක නම්බුයි.
3.බ්‍රෑන්ඩ් එක
මඟුලක් කියන්නෙ උත්සව අවස්ථාවක්නෙ. ඉතින් ගල් අරක්කු දෙනවට වඩා ටිකක් හොද බ්‍රෑන්ඩ් එකක් දෙන එක වටිනවා. අනිත් කාරණය පස්සෙ කාලෙකදි කට්ටිය එකතු වෙලා මඟුල ගැන කතා වෙන්නේ බයිට් ගැනවත්, සැන්ටින් ගැනවත් නෙවෙයි.බීපු බ්‍රෑන්ඩ් එක ගැනයි. මම මුලින්ම කීව කරුණු 2, ඒ කියන්නෙ බජට් එක/ බේබද්දන් ගණන මෙතෙන්දි බලපානවා.
බියර් ඇරෙන්ඩ සේරම බඩු එක බ්‍රෑන්ඩ් එකකින් ගන්න.
තව දෙයක් තියෙනවා. "හිඟුරාන බඩු" ඒ කියන්නෙ HDL බ්‍රෑන්ඩ් බඩු නම් මිල අඩුයි. හැබැයි Quality ප්‍රශ්න තියෙනවා.
පහුගිය කාලෙ උද්ධමනයෙන් සෑහෙන්ඩ බැටකාපු දෙයක් තමා මධ්‍යසාර . අපේ ලංකාවෙ මධ්‍යසාර මිල නිතරම ඉහල යන නිසා අපි මිල ගැන මේ වෙලාවෙ කතා නොකර ඉමු.
අරක්කුම දෙන්ඩ හිතනවානම් ඉතින් අඩු මුදලට නම් පොල් අරක්කු , Black Label හොඳයි. තව Old Reserve, V.S.O.A. , Double Distilled (දෙවරක් පෙරන ලද ) සුපිරි.
විස්කි දෙන්ඩ හිතනවානම් "ඕල්ඩ් කෙග්" කියන්නෙ ලංකාවෙ අඩු මුදලට තියෙන හොඳ විස්කියක්.
බ්‍රැන්ඩි නම් "ගැලරි" වල මිල අඩුයි.
සාමාන්‍යයෙන් ලංකාවෙ මඟුල් මේසවල "ජින්", "වොඩ්කා" දකින්ඩ ලැබෙන්නේම නැතිතරම්.
ඉතින් අත මිට හොඳනම් තමන්ගේ නෑදෑ හිත මිත්‍රයින්ට හොඳට සලකන්ඩ හිතනවානම් මිල ඉහල බ්‍රෑන්ඩ්වලට ඒ කියන්නෙ බකාර්ඩි , රෙඩ් ලේබල් (Red Label- Scotch Whisky) වගේ ඉම්පෝර්ටඩ් බඩු වලට යන්ඩ පුළුවන්.
තීරු බදු රහිතව අඩු මිලට මෙව්ව ගන්ඩ පුළුවන් ස්ථාන කීපයක් මීගමුව සහ කටුනායක අවට තියනවා. පොඩ්ඩක් හොයලා බැලුවොත් ගතහැකි. හැබැයි රජෝ ප්‍රවාහනය පරිස්සමෙන්. දන්නවනේ නීති.
4. බෝතල් ප්‍රමාණය
මතක ඇතිව බියර් බෝතල් කීපයකුත් සාජ්ජයට එකතු කරන්න ඕන. මොකද වාහන එලවන්ඩ තියන අය "හාඩ් ඩ්‍රින්ක්ස්" වලට යන්නෙ අඩුවෙන්. තව මම ඉහත සඳහන් කරපු චරිතත් (උදා : කැමරාමන්) බියර් වලට තමා බර. ඉතුරු අයට සාමාන්‍යයෙන් 3-4 දෙනෙකුට එක බෝතලය බැගින් ප්‍රමාණවත්. හැබැයි ඉම්පෝර්ටඩ් බ්‍රෑන්ඩ් වලට මේ තත්වය වෙනස්. ඒවායේ ධාරිතාව ලීටර් 1ක් හෝ 1.125 වෙනවා. ඒ වගේම මධ්‍යසාර ප්‍රතිශතය ඉහලයි. තත්වය ඉහලයි. ඒ නිසා 5-6 දෙනෙකුට ඒ බෝතලයක් ප්‍රමාණවත්. මිල ටිකක් වැඩි වුනත් මේ බ්‍රෑන්ඩ් වල තියන වාසිය ඕකයි.
5. පාලනය
මඟුල් තියන තැන් දෙකක් තියනවා. එක්කෝ ගෙදර. නැත්නම් පිට හෝටලයක හෝ උත්සව ශාලාවක. කොතන තිබ්බත් පාලනයට තමන්ගේ කෙනෙක් ඉන්නවානම් හොඳයි. ඔහු හොඳ බේබද්දෙක් නම් වඩා හොඳ වන්නේ මෙබඳු අවස්ථාවල අත්දැකීම් ඇති නිසයි. හැබැයි ඔහු හොඳ සිහියෙන් සිටීම වැදගත්. හෝටලයකදී නම් සේවා සැපයීමට වේටර් වරුන්ගේ සහය ලබා ගත හැකියි. බීම මේසෙට කට්ටියට ආරාධනා කිරීම සිදුවන්නේ ඔහු වෙතින්. මුලින්ම ප්‍රතිපාර්ශ්වයේ නෑ හිත මිතුරන්ට ආරාධනා කිරීමත් ඔවුන් කෙරේ වැඩි අවධානය දැක්වීමත් වැදගත්. දවල් කෑමට අවම පැයකටවත් පෙර වැඩ ඇල්ලීම සුදුසුයි.
6.සැන්ටින් සහ බයිට්
බෝතල් ප්‍රමාණයේ පරිමාවෙන් 2:3 වෙන්ඩ සැන්ටින් මිල දී ගැනීම ප්‍රමාණවත්. ඒකියන්නෙ සැන්ටින් වැඩියි. ඒවායේ විවිධත්වයක් තියෙන්ඩ ගන්න.(උදා: Coke, Sprite, Soda) 1.5-2L මෙගා බෝතල්වලින් ගත්තොත් වියදම අඩුයි..බයිට්වර්ග 2-3 තිබීමප්‍රමාණවත්. එයින් එක් වර්ගයක් මස් වෙනවානම් වටිනවා. තම්බලා, මිරිස් දාපු කඩල වලටත් බේබද්දෝ ඉතා කැමතියි. ඒත් එක්ක පේපර් සර්වියට් සහ ටූත් පික් තබන්න.
7.සැපයීම (Serve)
මෙහි ආකාර දෙකකි.
(1) Self Service - ස්වයං සේවා
මේසවල අඩක් හිස් වූ බෝතල් හෙවත් කොට ඉතිරි වන එක වලක්වන ක්‍රමයක් මේක. විශේෂයෙන් බීම ජාතිය ගණන් වැඩිනම් මේ ක්‍රමය සාර්ථකයි.මෙතෙන්දි බෝතල් ඉවර වෙන්නෙ එකින් එක නිසා ගණනයක්, පාලනයක් තියනවා. හැබැයි දන්සැලේ වගේ පෝලිමේ යන්ඩ වෙන නිසාත්, නිදහස අඩු වෙන නිසාත් මේ ක්‍රමයට අමුත්තො නම් එච්චර කැමති නෑ. Serve කරන එකා ලෝබ වුනොත් ගැටුම් ඇති වෙන්ඩත් පුළුවන්.
(2) Serve to tables - මේසෙට ඇරීම
මේක අමුත්තො කැමති ක්‍රමය. සාමාන්‍යයෙන් එකම කාණ්ඩයේ කට්ටිය එක මේසෙ රැස් වෙනවා. හැබැයි මේසෙක දෙන්නෙක් වාඩි වෙලා හිටියත් එතෙන්ඩ බෝතලයක් යවන්ඩ වෙනවා. ඒකෙන් වෙන්නේ “කොට” ඉතුරු වෙන එක. ඉතින් අලුත් බෝතල් ඉවර වෙනවා “කොට” ඉතිරි වෙනවා. මේකෙන් වෙන්නෙ පරක්කු වෙලා එන සෙට් වලට අලුත් බෝතලයක් වෙනුවට කොටයක් ලැබීම. අමුත්තො ඒකට එච්චර කැමති නෑ. මේක වලක්වන ක්‍රමයක් තියනවා. ඒ තමා මේස ගණන අඩු කිරීම. එතකොට “කොට” ඉතුරු වෙන එක අඩු වෙනවා වගේම අලුත් අයත් ඒ මේස වලටම සෙට් වෙන නිසා වෙනම බෝතල් දෙන්ඩ ඕන නැහැ. වැඩේ ක්‍රමානුකූලව යනවා.
තව දෙයක් තියනවා. ඔය ලපයි , සිපයි ඉන්නවා නොවැ. ඒ කියන්නෙ වැඩිහිටියොත් එක්ක එකට බොන්ඩ බැරි මඟුලට ආපු අම්මලාට හොරෙන් බොන්ඩ බලන් ඉන්න එලකිරියේ කොල්ලො කුරුට්ටො ටික. බීම පොළේදී වැඩියෙන්ම අපහසුතාවට පත්වෙන්නෙ මේ ගොල්ලො. සමහරු ෂොට් එකක් ගහන්නෙ මහා හොරකමක් කරන්නා වගේ බොහෝම ගේමක් දීලා. ඉතින් මේ වගේ ඈයොන්ටත් වැඩිය එලිපහලි නැති මුල්ලක් තියනවානම් හොඳයි.
8.සිගරට් සැපයීම
මෙය අවශ්‍ය නැත. නොදුන්නා කියා කවුරුත් ආඩපාලි කියන්නේ නැත.
9. බීමෙන් පසු
ඔන්න කට්ටිය වලියට බර වෙන වෙලාව. එකම නෑයො නිසා පරණ ඉඩම්, දේපල හුට පට ඇවිලෙන වෙලාව. මේකට හොඳම බෙහෙත තමා සංගීතය. ඇත්තටම බොන්ඩ දෙනවානම් Music Group එකක් හරි DJ එකක් හරි තිබීම වැදගත්. ඔන්න බේබද්දො සේරම එහාට ඇදිලා යනවා.සේරගෙම අවදානය එතන. හොඳට ඩාන්ස් කරලා විනෝද වෙලා සතුටින් විසිර යන්ඩ තමා තියෙන්නෙ.
***ඉතින් මමත් පඬියා වගේ තනියම කියෙව්වා.බොලාගේ අදහස් උදහසුත් දැම්ම නම්. මම කිව්වෙ තව වියදම අඩු කරගත හැකි ,ෆන් එක වැඩි වෙන ක්‍රම

මඟුල් දවසේ බීම මේසය
ඔන්න පවුලක් මඟුල් ගෙදරකට සහභාගී වනවා කියමුකෝ. ඉතින් මෙතන බවලත්තු ආපු වෙලේ ඉඳන් ඇහැ ගහගෙන ඉන්නේ මනමාලිගෙ රූපෙ ඇද කුද , අනෙක් අයගෙ කර මාලෙ දිස්නෙ, අනුන්ගෙ සාරියෙ වටිනාකම දිහා. හැබැයි පිරිමි අපි නම් කෙල හල හලා ඉන්නෙ කෑම මේසෙ නෙමෙයි බීම මේසෙ අරිනකල්. ඇත්තටම මොන උත්සව ශ්‍රීයෙන් උත්සවේ තිබ්බත් බීම මේසෙ තිබ්බෙ නැත්නම් පිරිමි පාර්ශ්වයෙන් උත්සවෙ ගැන කුනුහරුප තමා අහගන්න වෙන්නෙ.තව උත්සවෙ අයිතිකාරයට තව මඟුලකට ගිහින් පොර ටෝල්ක් දීලත් හමාරයි.ඉතින් එළකිරියේ වැඩි හරියක් ඉන්නේ අද හෙට දීග යන්ඩ ඉන්න ගැටව් නොවැ. තව තමන්ගෙ අක්කල , නඟාලගෙ මඟුල් උත්සවේට බැහැල වැඩ කරන උනුත් ඇති. ඉතින් මම අද කියන්ඩ යන්නෙ අඩු වියදමකින් මඟුල් ගෙදර බීම මේසය හදන උපදෙස් ටිකක්. බෙබාලට නම් ඉතින් බොන හැටි ගැන උපදෙස් ඕන්නෑ. නමුත් අමද්‍යප(ඒ කියන්නෙ මේ සම්බන්ධ අත්දැකීම් නැති ) අයට නම් ටිකක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මුලින්ම කියන්නෙ මේකෙ අඩුපාඩු තියෙන්ඩ පුළුවන්. ඒ වගේම උබලගෙ විවිධ අදහස් හා යෝජනා වලටත් ඉඩ තියනවා. හරි අපි බාර් එක ඇරලම කතා කරමු.