මචන්ලා ටුවරිසම් වලට වාහනයක් ගන්න

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,118
    3,965
    113
    ඔක්කොටම කලින් මේකත් හිතන්න. මල්ලිට ශෝෆර් ලයිසන්ස් තියනවද? තියනවා නම් කීයක් හරි වැඩියෙන් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම හොර අරක්කු තමයි. ඒ කියන්නේ හොරෙන් තමයි යන්න වෙන්නේ. අල්ලන්නේ නම් කලාතුරකින් මොකක් හරි කේස් එකක් වුනොත්, ඒ වුනාට යන ගොඩක් තැන් වල සයිට් ගයිඩ් ල එක්ක තමයි ගෙස්ට්ලා යවන්න ඕන.

    අනික තමයි කාර් එකක ට දෙන්නෙ බොහොම අඩු ගානක්. තමන්ගේ ම හයර් නම් අවුලක් නෑ ඒත් කම්පිටිෂන් වැඩියි. කොම්පැනි වලින් දෙන ටුවර් යන උන්ගේ ප්‍රධාන ම දේ තමයි ගෙස්ට් ව මරාගෙන කන එක. මොකද වාහනේට හම්බ වෙන ගාන මදි. තෙල් ගහල කාල ඉන්න පුළුවන්, ලොකු ලාබයක් නෑ. ටුවරිසම් කරන කට්ටිය දන්නවා නේ, කියන්න දෙයක් නෑනේ මම ?

    කාර් වල යන ගොඩක් අය පොඩි පලතුරු කඩේකට ගියපු ගමන් කියන්නෙත් "මට දාහක් තියල ගණන් හදන්න" කියල. ගල් කඩේ, තැල්ම, විලේජ් ටුවර්, ස්පයිස් ගාඩන්, ලී කඩේ, ඔය වගේ ගොඩක් මරිසි තැන් වලට ගිහිල්ල තමයි සුද්දව සුද්ද කරන්නේ. උන් යන්න බෑ කිව්වොත් මූණ එල්ලගෙන යන යන තැන උන් එක්ක සිංහලෙන් බනිනවා පලු යන්න. මම මේ කියන්නේ ලංකාවේ ටුවරිසම් ගැන.

    ඔන්න ඔහොම තමයි සිද්දිය. ඉතින් ඔහොම තියෙද්දී තව කෙනෙකුටත් ලාබ දීල, ලීස් එකත් ගෙවල කරන්න ගොඩක් අමාරුයි. බැරි නෑ හැබැයි අමාරුයි. තමන් ම කරනවා නම් ලොකු අවුලක් නැති වෙයි.

    මාසික ලාබ නැතත් ඉඩම් කෑල්ලක් ගත්තොත් ආපහු ගෙදර එද්දී ලාබයක් තියෙයි. හිතට එකඟව ගන්න පුළුවන් ලාබයක්.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    ටුවරිසම් වලට හොදම වාහනෙ ඉතින් prius තමයි , පට්ට ගහන්න පුලුවන් කිසි අව්ලක් එන්නෙ නැති සුවර් වාහනයක්.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    tour companies margin එක තියගන්නෙ හොටෙල් බූකින්ග්ස් වලින්ද? vehicle hire එකෙන් එන ගාන මදිද?
     
    • Like
    Reactions: Psiko