කෙනෙක් දෙයක් ගැන විමසුව තමන්ට හැකිනම් ඒ සඳහ පිළිතුරක් දෙන්න. එය කරනවා ඇරෙන්න ඒ කෙනා ගැහැණු ද, පිරිමි ද, නැත්තම් වෙන යම් කෙනෙක් ද, එහෙමත් නැත්තම් මොන ආගමේ ද, මොන ජාතියේ ද, ෆේක් කෙනෙක් ද ආදී වශයෙන් හොයන්න බලන්න යන එක මෙවන් ඔන්ලයින් ෆෝරම් එකක නොකළ හැක්කක් හා අනව්යය දෙයක්.
අනිත් එක මෙවන් ෆෝරම්වල ඉන්න ගැහැණු පිරිමි කවුරු වුණත් ලෝකයේ විවිධ පුද්ගලයින් ඉන්න බව මතක තියාගෙන තමන්ගෙ රුචිකත්වයන්ට ගැලපෙන විදියට ඉන්න තියෙන්නෙ. විවිධ අය විවිධ විදියට තමන්ට දේවල් කියාවි. තමන්ට සුදුසු දේවල් විතරක් අරගෙන අනිත් දේවල් බැහැර කරන්න.
මේ ත්රේඩ් එකට අදාලව කථා කරනවනම් තමන්ගෙ හැකියාව තියෙන දේවලින් වැඩි ඉල්ලුමක් තියෙන්නෙ මොන වගේ දේවලට ද කියල මුලින් හඳුනගන්න වෙනව ඔය වගේ ඔන්ලයින් මුදල් ඉපයීමටනම්. ඒකට ගොඩක් තරඟකාරීත්වයක් තියෙන නිසා තමන්ට හැකි දේ වුණත් විවිධත්වයක් යුතුව ඉදිරිපත් කරනවනම් කලයන්ට්ලගෙ ආකර්ෂණය දිනාගන්න හැකියාව ලැබෙයි. තව දෙයක් තමයි විවිධ අයගෙ අදහස් එක එක දේවල් තියෙනව ඒව කියවල, නරඹල තමන්ට ගැලපෙන විදියට යොදාගන්න වෙනව. මොක ද හැමෝට ම එකම දේ හරියන්නෙ නෑ. ඒ වෙනුවෙන් කැපවීම හා ඉවසීමත් මුල්කාලීනවනම් ඉතා ම වැදගත් වෙයි. (මං ඔන්ලයි මුදල් උපයන කෙනෙක් නොවෙන නිසා මේකෙ එහෙම උපයන අය වැඩිදුර අදහස් දක්වයි.)