මට ලොකු කරදරයක්- Cancer Problem

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    ගෙඩියක් නම් ඉතින් ඔපරේශන් කරන්න වෙයි..
    පෞද්ගලික හොස්පිටල් මතම යැපෙන්නේ සල්ලි තියෙන නිසාද.. :angry:
    කෝකටත් කියලා රජයේ නුවර හොස්පිටල් එකෙන් වගේ බැලුවොත් නරකද? :rolleyes:

    කැන්සර් එකක් නම් ගෙනාපු ආයුෂ අරන් යන්න වෙනවා උපරිම විදවලා :baffled:

    කෝකටත් කියලා අප්ඩේට් කරපන් තොරතුරු, මේකේ ඩොක්කු ඉන්නවනේ..

    රිපෝට් වලින් කැන්සර් කියන, ස්කෑන් වලින් කැන්සර් කියන ගොඩක් අයට තියෙන්නේ වෙන වෙන හොද කරන්න පුලුවන් ලෙඩ ! දැනටම කැන්සර් එකක් කියලා හිතුවොත් උබ ඉවරෙටම ඉවරයි..පොසිටිව් හිතපන්. :)

    මම නම් කියන්නේ , නුවර පලයන් රජයේ හොස්පිටල් එකට..හැබැයි එකෙන් ගෙඩියෙන් පොඩි කොටසක් අරන් ලැබ් ටෙස්ට් කරලා හරියටම කියයි මොකක්ද කියලා..ඒක තමා හරිම විදිහ මම දකින.
     
    • Like
    Reactions: indika_sam

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන්.. කිසි දේකට බය වෙන්න එපා.. චූටී බබාට මුකුත්ම නැහැ! රිපෝට්ස් ඔක්කොම හොදම හොදයි කියලා උබම දායි ලබන සතියේ! කිරියේ ඔක්කොමගේම ප්‍රාර්තනාව ඒකමයි! පොඩ්ඩක්වත් බය නොවී ඉන්න මචන්!!
     
    • Like
    Reactions: indika_sam

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    අම්ම පල්ලා මගේ ඇස් දෙකට කඳුළු ආවා. මේ වෙලාවෙදි උබ මානසිකව වැටෙන්නෙ නැතුව හිතට ධෛර්්‍යය අරන් ඉන්න. ළඟ ඉන්න උබව තේරුම් ගත්ත හොඳම යාළුවෙකුට කියන්න විස්තරේ. අනිවා උබට උදව් කරයි. මගේ / එළකිරි අපේ ඔක්කොගෙම ප්‍රාර්ථනය පුතාටයි ඔයා ඇතුලු පවුලේ සැමටයි ශක්තිය ධෛර්්‍යය ලැබෙන්න කියලා.
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    Budu Rajanan wahansege anantha guna balayen Daru patiya ikmanin suwapath wewa...
    Kumana rogi thathwayak math uwada eyata muhuna di parajaya kirimata awashya manasika , sharirika shakthiya daru patiyatath obathath wife tath labewa...
    This thun kotiyak dewiyan Daru patiya araksha karathwa...
    Saadu Saadu Saadu....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ''ඩොක්ටර් කනිශ්ක ද සිල්ව'' බොහොම හොදයි ...මහරගම සහ ආසිරි එකේ සර්ජරි කරනව, අනිවර්යෙන් ඩොක්ටර් හරහා වැඩේ කරන්ඩ ,බොහොම අත්දැකීම් සහිත ඩොක්ටර් කෙනෙක් ඒ වගේම බොහොම හොද මනුස්සයෙක්,අනිවර්යෙන් එයාව හම්බෙන්ඩ...
     
    • Like
    Reactions: HSW

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹ මොන ආගම අදහනවද මම දන්නෙ නෑ. ඒත් උඹ මේ ලෝකෙට ඇවිත් කළ හොදක් කාලයක් ප්‍රගුණ කළ ගුණයක් තියෙනවනම් ඒක ගැන හිතන්. එහෙම දෙයක් නැත්තම් අද මේ දැන් ඉදල සීලයක් ගුණයක් ප්‍රගුණ කරන්න, ඒ ගුණය ගැන හැමදාම හිතන්න. අඩුම තරමින් එහෙම සති දෙකක් කරල ඒ ගුණය සත්‍යයක් කියල අධිෂ්ඨාන කරල ඒ සත්‍යානුබලයෙන් පුතාව සනීප වේවා කියල සත්‍යයක්‍රියා කරන්න. පුලුවන්නම් සති දෙක අවසානයේ මහා සෑය ළඟට ගිහින් ඔය සත්‍යයක් ක්‍රියාව කරන්න. මමත් පුතා වෙනුවෙන් ඔය දෙය කරන්නම්. ශ්‍රද්ධාවෙන් ඔය දෙය කරන්න. පුතාට හොඳක්මයි වෙන්නෙ. උඹ බෞද්ධ නම් බුදුරජාණන් වහන්සේගේ ගුණ සත්‍යයක් කියල අධිෂ්ඨාන කරගන්න සත්‍යක්‍රියා කරන්න පුළුවන්.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    රිපොර්ටිි එක හොඳ එකක් වෙයි.....පොඩි දරුවෙකුට වරදක් වෙන්නෙ නෑ සහෝ.....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බය වෙන්න එපා කියලා හරි යන්නේ නෑ නේ උඹ already හොඳටම බය වෙලා, සාධාරණ හේතුවක් තියෙනව තමයි, නමුත් facts ගැන කල්පනා කරන්න, මොකද උඹ තෙරුන් ගන්න ඕන ලොකු දෙයක් තියෙනව මෙතැන. ඒ උඹ දැන් ඉන්නේ emotional වෙලා හොඳටම කියන එක සහ, emotions වලට අනුව ගන්න decisions, කරන දේවල් කිසි දෙයක් නිවැරැදි වෙන්න තියෙන accuracy එක ගොඩක් අඩුයි.

    ඒ කියන්නේ මේ අවස්ථාවේ තමයි උඹ උපරිම බුලක් කෙලින්න පුළුවන්. උඹ සහ උබේ පවුලේ හැමෝම emotional වෙලා වැඩ කරද්දි එක මිනිහෙක් වත් අනිවා ඕන මොලේ කල්පනා කරලා වැඩ කරන්න පුළුවන්.
    Report එක එන්නෙ පස්සේ, එතකොට ජීවත් වෙන්න ඕන මොහෝතේ උඹ දැන් ජීවත් වෙන්න එපා. මේ මොහෝතේ ජීවත් වෙන්න දැන්. Report එක අාපුවහම ඒක negative ද positive ද බලලා අඩන්න. දැන් උඹ හිත යොමු කරන්න මේ මොහොතට ගැන විතරක්.

    උඹ උඹ ගැන ම study කරන්න. යථාර්ථය අවබෝධ කරගන්න බලන්න. මම වගේ තත්වයකට මිනිස්සු මෙහෙම පත්වෙන හැටි ගැන උඹ 3rd person view එකකින් උඹ දිහාම බලාගෙන ඉන්න හැටි දකින්න බලන්න. උඹ කල්පනා කරලා බලන්න උඹ ගෙ mind එක දැන් වැඩ කරන හැටි සහ එහෙම වෙලා තියෙන්න බලපාලා තියෙන හේතු තෙවැනි ඇසකින් උඹ දිහා බලන විදියට.. Meditation, breathing (ආනාපානසතිය) වගේ දෙයක් මේ වගේ challenging time එකකදී try කරන්න.
    ජීවිතේ කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ එතකොට.
    උබට එතකොට ඊළඟ ට කරන්න තියෙන දේ මොකක්ද කියලා තේරෙයි එතකොට.

    හිතන්න කෙනෙක් හදිස්සි ගමනක් යන්න Bus එකකට නගිනවා. ඌ ට private vehicle එකක් නෑ. Taxy ගන්න පැත්තේ කවුරුත් නෑ. Bus එක ගාටන්න ගන්නවා. ඒ කෙනාට හරි තරහක් එන්නේ. නමුත් Bus driver ට පඩේකට ගාණක් නෑ. එතකොට ඌ stress උනා කියල ඌ ට ලැබෙන දෙයක් තියෙනව ද? යන්න තියෙන වෙලාවක යන්න කියලා Head Phone එක කනේ ගහන් සින්දුවක් අහන් හිටියොත් ඒත් වෙනසක් නෑ.

    උබට එහෙම ඉන්න කියලා කියන්නේ නෑ. නමුත් මගේ point එක, උඹ stress වෙලා අවුල් ගිහින් ඉන්න එකෙන් උඹ ගෙ පවුලට වෙන හොඳ දෙයක් නෑ නරකක් මිසක්.
    උඹ ගෙ මූණ ට හෙන ගහලා වගේ හදාගෙන wife ට පෙන්නන්න යන්න එපා, එයාලත් බය වෙයි. Wife ට කියන්න එයාල එහෙම මූණු දෙක තුන කරන් උඹ දිහා බලන්නත් එපා එතකොට තවත් උඹ අවුල් යනවා කියලා. එතකොට පියවි සිහිය ට එයි. ඊට පස්සේ හිතන්න.