තෙරුවන් සරණින් පුතාට මොකුත් වෙන්නේ නෑ.
ඔයා හිත ශක්තිමත් කරගන්න. තවම ස්ථිර නොකරපු ලෙඩක් ගැන හිතන්නවත් එපා. එහෙම වෙන්නේ නෑ කියලම හිතන්න. ඒක දරුවට ආශිර්වාදයක් වෙනවා.
මෙතන ලියපු බහුතරයක් කියන්නෙත් දරුවට එහෙම ලෙඩක් නෑ කියලනේ, ඒ සිතුවිලි ඇති වුනේ කොහොමද ? ඒ ගැන හිතන්න, විශ්වාස කරන්න.
දරුවට සනීප වෙන්න කියල හිතාගෙන කොහෙවත් ගිහින් භාර වෙන්න ඕනේ නෑ. හරිම ක්‍රමේ තමන් ඉන්න තැනම පොඩි කාසියක් වෙන් කරලා, දරුවට සනීප වුනාම (තමන් විශ්වාස කරන ආගමකට අනුව බලවත් ස්ථානයකට) දරුවත් එක්ක ගිහින් අදාළ ක්‍රමයට පුජාවක් පවත්වනවා යයි පොරොන්දු වෙන්න. ඒ කාසිය වෙනම තියාගන්න. ඔයාගේ පසුම්බියේ උනත් කමක් නෑ. භාරය ඔප්පු කරන තැන තියෙන පිං පෙට්ටියකට ඒ කාසිය දමන්න.
(බුදු දහමට අනුව නම්, රුවන්වැලි සෑයට නෙලුම් මල් වට්ටියක් පුජා කරලා, රෝගියෙකුට බෙහෙත් ටිකක් අරන් දෙන්න)
මේක විශ්වාසයෙන් කරන්න. වැඩි දුර දේවල් දැනගන්න අවශ්‍යනම් pm එකක් දමන්න.
දරුවටත් ඔයාටත් පවුලේ සියලු දෙනාටත්, චිත්ත ශක්තිය වර්ධනය වේවා ! නිරෝගී වේවා ! දීඝායු ලැබේවා ! තුනුරුවනේ හා සියලු දෙවි රැකවරණ ලැබේවා !!!


