ඇති නැති පරතරය ගැඹුරින් විනිවිද දකින්න තියපු උත්තමාචාර වෙඩි මුරයක් වගේ කවි පෙලක්..
සමහරු මේක නිර්වචනය කරන්න බොහෝ වලි කනවා එක එක මතයන්ට අනුව. සමහරු කියනවා ඕවා පුරුවේ කල පව්-පින් අනුව කියලා...සමහරු කියනවා ස්වභාව ධර්මය විසින් ලොව සමතුලිත කරන්න ඉබේ හැදුන ඒවා කියල....
ඔක්කොම පවටයි පිනටයි, ස්වභාව ධර්මයටයි, අදිසි බලවේගවලටයි ඉඩ දීලා උඩ බලන් හිටියා නම් අද වෙනකොට මේ ලෝකයේ මිනිසුන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගෙන තියෙන දේවල් අපි කොයි ගොඩටද එකතු කල යුත්තේ??
ඔය ඔක්කොටම පිලිතුරු තියෙන්නේ පවතින සමාජ ක්‍රමය හා ඊට එරෙහිව එහිම වෙසෙන හුදී ජනයාගේ ගති- සොබා, නිසි- අනිසි හා යුතු- අයුතු ක්‍රියාකාරකම් සමුච්චය මතයි..
මට හරිම ආඩම්බරයි ඔබ ගැන පැති කීපයකින්...
ඔබට ජීවිතයේ වට්ටගන්න ඕනෑවටත් වඩා කරුනු කාරනා සාධක තියෙද්දී ඔබත් නොවැටී, අනිත් අයත් නොවට්ටන්න හා ඔවුන් ගැන අදටත් හෙටටත් දැවෙන සැබෑ ඇත්ත ජනතාවට ඒත්තු ගන්වන්න ඔබ නිරතුරුව ගන්නා මහඟු උත්සාහයට... උත්සාහය අති සාර්ථකයි......
කාලීන සමාජ විශ්ලේසනයක්..අපුරුයි..
නංගිට ජය.....