මදක් සිතන්න (Think about this)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මදක් සිතන්න (Think about this)

begforfood.jpg
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම සංවේදී නිර්මාණයක් දුල් අක්කෙ ......
ලස්සනට කවියට නගල තියෙනවා

:(
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
:yes::yes:
ඇත්තෙන්ම මදක් සිතා බැලිය යුතු කාරණා කිහිපයක්. මිනිසා හැම දේම කරන්නේ වඩා සැපවත් ජීවිතයකට. තෘප්තිමත් වීමක්, නැවතීමක් ඇතිවෙන්න ඉඩ බොහොම අඩුයි. ඒ නිසා වඩ වඩාත් සැප පසු පසම දිවයාම සිදුවෙනවා. නමුත් ඒ හේතුකොට ගෙන මනුෂ්යත්වය අමතක කිරීම යහපත් දෙයක් නොවේ.
ඒ ගැන සිතා බැලීමට, කරැණු කිහිපයක් එකතු කර දුල් අක්කා කල ඇති නිර්මානය අගය කරනවා..

අපූරැ නිර්මාණයක්....
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    another good poem about real life situations. .but i don't think that either kind of these two know exactly how to feel like to be the other ..may be that's where this problem originated..both kinds are living in their own worlds ..within their limits they know good and bad..sad and happy i think after that the peace is only a state of mind ..and only an outsider who observe both the worlds can see the difference.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මඳක් වෙලා අරන් ගොඩාක් සිතන්න යොමුකරන බොහෝ වටිනා පදවැලක්.
    හරි අගේ ඇති නිර්මාණයක් සොයුරිය, ඔබට සුබපැතුම්!
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මදක් නෙමෙ ගොඩක් හිතන්න දෙවල් තියනවා..
    හොද නිර්මනයක් Dul...
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේ ලොකෙ සමතුලිත ලෙස ගලා යන්නනම් ඔය කියන දෙකොට්ටාශයම සහ ඒ අතර පිරිස ඉන්න ඔනි......... සමතුලිතෙ බිදුන කියන්නෙ ස්වබාවදර්මයා විසින්ම නෑවත්ත මුලින් හිටිය තත්වයට පත්කරගන්නව..........

    t8rcrn.gif
    උදාහරනයක් විදිහට අපෙ රටෙ යුද්දෙන් අව්.රුද්දකට යම් යම් මිනිස් ජිවිත ප්‍රමානයක් නති උනා......... නමුත් දෑන් එ දෙය සිදු වෙන්නෙ නෑ...... එක නිසා ජනග්‍රනය
    යම් පාලනයක් ඈතුව තියාගන්න ස්වබාවදර්මයා විසින් ලෙඩ රෝග ,ස්වබාවික වියසන වෑනි වෙනත් ආපදාවන් අපි වෙතට ගේනව...... මෙක තමා ඈත්ත.........

    මම කිව්ව දේ අමානුශිකඉ කියල කාට හරි හිතේද දන්නෙ නෑ..... එත් මට මෙක දෑක්කම අත්තටම හිතුනෙ මෙකය්.....
    :):)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇති එකාගෙ ගොඩ හැමදාමත් ලොකු වෙනවා.. නැති එකා හැමදාමත් වළේමයි... ඒක දැන් ලෝක ස්වභාවය බවට පත් වෙලා. කවදා මේ තත්ත්වය වෙනස් වෙයිද...

    අපේ හිත් වලට හිතපල්ලා ! කියලා බල කරපු නිර්මාණයක් සහෝ...

    සාර්ථකයි !
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇති නැති පරතරය ගැඹුරින් විනිවිද දකින්න තියපු උත්තමාචාර වෙඩි මුරයක් වගේ කවි පෙලක්..

    සමහරු මේක නිර්වචනය කරන්න බොහෝ වලි කනවා එක එක මතයන්ට අනුව. සමහරු කියනවා ඕවා පුරුවේ කල පව්-පින් අනුව කියලා...සමහරු කියනවා ස්වභාව ධර්මය විසින් ලොව සමතුලිත කරන්න ඉබේ හැදුන ඒවා කියල....

    ඔක්කොම පවටයි පිනටයි, ස්වභාව ධර්මයටයි, අදිසි බලවේගවලටයි ඉඩ දීලා උඩ බලන් හිටියා නම් අද වෙනකොට මේ ලෝකයේ මිනිසුන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගෙන තියෙන දේවල් අපි කොයි ගොඩටද එකතු කල යුත්තේ??

    ඔය ඔක්කොටම පිලිතුරු තියෙන්නේ පවතින සමාජ ක්‍රමය හා ඊට එරෙහිව එහිම වෙසෙන හුදී ජනයාගේ ගති- සොබා, නිසි- අනිසි හා යුතු- අයුතු ක්‍රියාකාරකම් සමුච්චය මතයි..

    මට හරිම ආඩම්බරයි ඔබ ගැන පැති කීපයකින්...

    ඔබට ජීවිතයේ වට්ටගන්න ඕනෑවටත් වඩා කරුනු කාරනා සාධක තියෙද්දී ඔබත් නොවැටී, අනිත් අයත් නොවට්ටන්න හා ඔවුන් ගැන අදටත් හෙටටත් දැවෙන සැබෑ ඇත්ත ජනතාවට ඒත්තු ගන්වන්න ඔබ නිරතුරුව ගන්නා මහඟු උත්සාහයට... උත්සාහය අති සාර්ථකයි......

    කාලීන සමාජ විශ්ලේසනයක්..අපුරුයි..

    නංගිට ජය.....
     
    Last edited:

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    බොහෝ මිනිසුන් නොදකින ලෝක යථාර්තය දකින්නටත්...සාපේක්ෂව හිතා හිතින් නොවැටී සිටීමටත් මග පෙන්වන නිර්මාණයක්. මං ආසයි.:)