මන්ත්‍රී අලි සබ්ර් ජනතා විරෝධය හමුවේ තහඩු වැටෙන් පැන යයි!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්ර් රහිම් මහතාට එල්ල වු ජනතා විරෝධය හමුවේ පිටුපස තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරියෙක් පැවසිය.

    කරතිව් මුස්ලිම් ප්‍රාථමික පාසලේ 17 දින සවස අලි සබ්රි මහතාගෙ ආධාරකරුවන් විසින් කුඩා රැස්විමක් සමග රාමසාන් උපවාස උත්සවයක් සංවිධානය කර තිබු බවත් එයට සහභාගි වී සිටියදි කඩා වැදුන ගම්වාසින් විසින් මෙසේ මන්ත්‍රිවරයාට විරෝධය මතු කර ඇති බව පොලිසිය කියයි.

    ජනතාව මෙසේ විරෝධය මතුකර ඇත්තේ 18 දින රජයේ නියෝජ ඇමති ධුරයක් මන්ත්‍රි අලි සබ්රි මහතා ලබා ගැනිමට සුදානමක් පවතින බවට ලැබුන තොරතුරකට බව කියයි.

    ඒ සමගම මන්ත්‍රිවරයා රජයෙන් ඉවත් වන ලෙසටද ජනතාව විරෝධය මතු කරන්නට විය

    image_0bf71dced6.jpg


    image_1a0b21be7a.jpg


    image_ec9bb43935.jpg