මචන් මම උබට පොඩි කතාවක් කියන්නම් - ඊට ඉස්සරවෙලා උබ ඔය හිතන සහ උබට වද දෙන කාරනේ මට තේරෙනවා - උබට ඔය රස්සාව ලජ්ජාවක් වෙලා තියෙන්නේ ඔය රස්සාව ලන්කාවෙ කරන්න වුන නිසානේ -
මම දැන් අවුරුදු 7 1/2 වගේ තිස්සේ ටිකක්විතර ප්‍රසිද්ධ මධ්‍යම පළාතේ කෙනෙක්ගේ කාර්යාලයක වැඩ කරනවා. අපේ තාත්තාගේ සම්බන්ධයක් නිසා තමයි එතන රස්සාව හම්බුනේ. ඒකත් ලේසියෙන් ලැබුනේ නැහැ. රැස්වීම්වල පුක කැඩෙනකන් පුටු රත් කරලයි දුන්නේ. ඒකත් මහ ලොකු පඩියක් නෙවෙයි අයින් වෙද්දි දුන්නෙත් 16ක් වගේ. අද වෙනකොට අවුරුදු 7 1/2 ඉතුරු කරා කියලත් නැහැ. පොතේ තියෙන්නේ හතළිස්දාහයි. කෙල්ග ගාව තව හත් දාහක් තියෙනවා. ඉතින් මේ පාර කාලයකට පස්සේ නිසා බලය ලැබුණාම අපේ පරණම අයට රස්සා දුන්නා. මටත් දුන්නා නමුත් දුන්නේ දීලා ආයේ කාර්යමණ්ඩලේටම අරගන්නවා කියලයි.
හරි
මම ඉස්සර දන්න තැනක පියන් කෙනෙක් හිටියා -රජයේ අමාත්‍යාංශයක. ඌ මාරම කැපවීමෙන් වැඩ කලේ - කට්ට කාගෙන උබට වැඩිය අන්තයි මට හිතෙන්න යන්තම් ඒ ලෙවෙල් පාස් උන්ගෙනුත් වෙලාවකට කටු වැඩ - ඒත් ඌ මාරම බුද්ධිමත් - ඔය අතරේ ඌ බාහිර උපාදියක් කලා - ඊට පස්සේ රජයේ රැකියාවලට ගන්න තව එක්සෑම් තියෙනවා නේද ඒව කල - ඌ ඊට පස්සේ ක්ලාර්ක් කෙනෙක් වෙලා වෙන තැනක ජොබ් එකට ගියා - මාට ආරංචි විදිහට දැන් බුවා සී ඒ එස් එක්සෑම් එක (හරි නේද නම මට ශුවර් නෑ) දාගෙනලු - උබේ අවුල තියෙන්නේ උබ ඔය ජොබ් එකයි තත්වේ කියන කිසි වැඩගැම්මකට නැති එකෙක් ගැනයි හිතන එක - ගමේ උන් දැන ගත්ට කියල උන් උබට නෝන්ඩි කලා කියලා උබේ කෑලි යනවද නෑනේ- උන් උබට කන්න දෙන්නෙත් නෑනේ
අන්න ඒ විදිහට පුලුවන්නම් උබ හිතන එක වෙනස් කර පන් එතකොට උබට ඔය ජොබ් එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ- ඔතන ඉන්න ගමන් කරන දේ හරියට සහා ආසාවෙන් කරපන් - උබ නෙවෙයි ඔය විදිහට ජොබ් කරන එකම එකා මේ ලෝකෙ - මම දන්න තව කොල්ලෙක් ඉන්නවා හොස්පිටල් එකක කම්කරු කෙනෙක් - එගෙම ඉද්දි ඌත් අර වගේ උපාධිය කලා - හැබැයි ඌ කවදාවත් ඌගේ කම්කරු ජොබ් එක ගැන කලකිරිලා කතා කරනවවත් වැඩ කරනවත් මම අහලා නෑ- අන්න එහෙම ගොඩ යන්න බලන්න- ඔයාට වෙන ජොබ් ඔප්ශන් එකක් නැති එකේ මේක කරගෙන මේකෙන්ම ගොඩ යන්න සුදුසුකම් වැඩි කරගෙන - ගමේ එකෙක් හින්ට් එක ගහන්න ආවොහ් කට ඇරල හොද දෙයක් කියපන් උබ් පියන් වැඩෙ හරියට කරන එක අනුන්ගෙ මගුල් හොයනවට වඩා හොදයි කියන එක උන්ට දැනෙන්න
- අනික කරන චූටි රස්සාව හරි ආදරෙන් කරපන් එතකොටයි හරි යන්නේ

