මම සූදානම් -මහින්ද ගෙඩියා

Jul 5, 2012
1,773
265
0
මම සූදානම් -මහින්ද ගෙඩියා

MR_POSTER_ELC2.jpg


තමන් මහින්ද රාජපක්ෂට නාම යෝජනා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබේ. අද උදෑසන මාතර පැවැති උත්සවයකට ගොස් පැමිණෙද්දී ඔහු තම ස්ථාවරය දැනුම් දී ඇත.

ඉන්පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පහත දැක්වෙන ට්විටර් පණිවුඩය ජනතාවට නිකුත් කර ඇත. “Together president and I pledge to change course of the country, that was the mandate. I ll not go back on that promise.“
ජනාධිපතිතුමා සහ මම රටේ වෙනසක් ඇති කරන බවට ජනතාවට ප්‍රතිඥාවක් දුන්නෙමු. ලැබුණු ජනතා වරම එයයි. මා එම ප්‍රතිඥාවෙන් ආපස්සට නොයමි.

ජනාධිපතිවරයාගේ පණිවුඩයට පෙර ජනාධිපතිවරයා ජනමතය ද්‍රෝහී වී මහින්ද සහ චෞරයන් සමග සන්ධානයක් ගොඩ නැගෙන්නේ නම් කලකිරීමට ලක්ව ශ්‍රීලනිපයෙන් ඉවත් වන පිරිස්ද එකතු කරගනිමින් එක්සත් ජාතික පක්ෂය ‘හංසයා‘ ලකුණින් සමග පුළුල් පෙරමුණක් ලෙස තරඟ කළ යුතු යැයි එජාපය තුල කතිකාවක් ගොඩ නැගෙමින් තිබිණ.

අද සවස එජාප කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවී තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට නියමිත ය
.
 
Jul 5, 2012
1,773
265
0
අසරණ ජනතාව ඝාතනය කරමින් රටේ ජාතික දේපොල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරමින් වසර 9 ක් පුරා ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි ආසියාවේ දූෂිතම මෘග චෞර ඒකාධිපතියා වූ මහින්ද රාජපක්ෂ සමග නිදි වැද ගන්නැයි පොලොන්නරුවේ පල්ලෙවත්ත ගමරාල නමැති ජනතා ද්‍රෝහියාට ඉඩ හැර ජනවාරි 8 දා ජයග්‍රහණය කළ සියළු දේශප්‍රේමී යහපාලනප්‍රේමී බලවේග එක්සත් ජාතික පක්ෂය වටා පෙරමුණක් සේ අත්වැල් බැඳ ගැනීමට අද සවස තීරණය කළ බව සියළු රට වැසියන් වෙත සාතිශය ආඩම්බරයෙන් යුතුව වාර්තා කරමු...!

මේ අනුව ජාතික හෙළ උරුමයේ හිමිවරුන්ද ගිහි නායකයන්ද ඇතුලු එම පක්ෂය සම්පූර්ණ වශයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපාලනප්‍රේමී සියළු නායකයන්ද, ලංකා සමසමාජ පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ වමේ බලවේගය බහුතර කණ්ඩායමද ‘එක්සත් ජාතික යහපාලන පෙරමුණ‘ ලෙස එක් පෙරමුණකට ඒකරාශී වී එම පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමක් මගින් ගිවිසා ගනිමින් ඉදිරි මැතිවරණයේදී තරඟ කරනු ඇත. මේ වන විටත් එම අවබෝධතා ගිවිසුම සකස් කර අවසාන වී තිබේ. අවසානයේදී මේ අය තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් වීම මෙහිදී විශේෂිත ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්.බී. දිසානායක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්.කේ.එස් ගුණවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රසන්න සෝලංග ආරච්චි, කරුණාරත්න පරණවිතාන ආදීන් පල්ලෙවත්ත ගමරාලට රාජපක්ෂ චෞරයා සමග කුද ගහගන්නැයි කියා ඉවත් වී එන පිරිසට අයත් ය. පියසේන ගමගේ සහ දුමින්ද දිසානායක හෙට තම ස්ථාවරය හෙලි කරනු ඇත. සනත් ජයසූරියද ඒමට කැමැත්ත පළ කර ඇතත් මේ වන විටත් අපේක්ෂක ලැයිස්තු පිරී ඇති බැවින් ඔහු සම්බන්ධ තීරණයක් ගෙන නැත.

චෞර රාජපක්ෂ සහ හොරු සමග ගැසූ අශුද්ධ සන්ධානය හේතුවෙන් කළකිරී ශ්‍රීලනිපයෙන් මෙම පිරිස එන බවත් ඒ පිරිසට එජාපය අවස්ථාව දෙන බවත් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ ඍජුවම දූපත්-පති අමතා අද දැනුම් දුන් අතර කර කියා ගත දෙයක් නොතිබුනු ගමරාල එයට එකඟ වී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙස ක්‍රියා කරන වත්මන් 19 වෙනි සංශෝධනයේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළ වමේ බලවේගයේ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න එජාප ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරනු ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද ඔහුගේ පක්ෂයේ නමින් දැනට බාර දී ඇති නාම යෝජනා ඉවත් කර ගනිමින් මෙම පෙරමුණට එක් වීමට කැමැත්ත පළකර තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය, ඇතුළු සිවිල් හා වෘත්තීය සමිති 49 කින් යුක්ත එදා හංසයා දිනවීමට ඒකාබද්ධ වූ සියළු බලවේගයන්ද මැදමූලන චෞරයා ප්‍රමුඛ හැතිකරය පරාජය කිරීම සඳහා එජාපය ප්‍රමුඛ මෙම පෙරමුණට සහාය දීමට තීන්දු කර තිබේ.

මේ අතර හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, දිගම්බරම් යන සුළු ජාතික පක්ෂ නායකයන්ද එජාපය සමග එක්ව තරඟ කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇත.

හෙට(11) කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ වි‍ශේෂ සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂය පෙරමුණට එන ලෙස නිල වශයෙන් ආරාධනා කරනු ඇති අතර ඉරිදා සියලුම දෙනා එක්වී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

තමන් ජනාධිපති පුටුවට ගෙනා සියළුම නායකයන්ට පැයෙන් පැයට බොරු කියමින් මාධ්‍යයෙන් සැඟවෙමින් චීනයෙන් ලැබුණු විශාල මුදලකට සිදුකළ ලෝක ප්‍රකට පාවාදීම මේ වන විට පාරාවළල්ලක් වී ඇති දූපත්-පති පොලොන්නරුවේ පල්ලෙවත්ත ගමරාල ද 13 වෙනිදා විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන අතර තමා පාවාදුන්නේ නැතැයි කියමින් මාධ්‍ය ඉදිරියේ සුදනා වීමට සැලසුම් කර තිබේ. ඊට පසුව ඔහුගේ ශුද්ධවන්තභාවයේ තරම සාක්කි සහිතව හෙලිදරව් කිරීමට ලංකා ඊ නිව්ස් ද සූදානමින් සිටී.

---------------------------