උඹට තේ කෝප්පෙ හම්බෙන කං උඹ (මම) ඉන්නවා.
උඹට අම්මා පෙනෙන කං උඹ (මම) ඉන්නවා. කෙල්ලගේ සුවඳ දැනෙන කං උඹ (මම) ඉන්නවා. අහවල් ගායකයා ඉන්නකන්, උගේ මධුර/චොර ගීත ඇහෙන කං උඹ (මම) ඉන්නවා. ස්පා ගිහිල්ලා ගෑවෙන කොට දැනෙන ආතල්/බෝරින් ස්පර්ශය දැනෙන කන් උඹ ඉන්නවා.
තේ කෝප්පෙ වෙනුවට දැක්ක රූපය ඒ වෙලාවෙම නිරුද්ධයි , දැනුන ස්පර්ෂය ඒ වෙලාවෙම නිරුද්ධයි, ගන්දය ඒ වෙලාවේම නිරුද්ධයි, කියලා දැක්කොත්, "උඹට" (මට) පිහිටන්න බැරිවෙනවා. විඥානය නැමැති මායාකාරයට අහුවෙන්නෙ නැති මොහොතක්! දකින රූපය (ගඳ,ස්පර්ශය..etc) ඔලුවේ තියෙන "ලේබල් (අම්මා, තේ කෝප්පේ, කෙල්ලගේ සුවඳ ..etc) වදින්න කලින් විදර්ශනා කලොත් (සමුදය බැලුවොත්- හැදුන හැටි) විඥානය කියන මායාකාරයට ලේබල් ගේන්න බැහැ. එතනදි මම පිහිටුවන්න බැහැ කියන ප්රත්යක්ෂ ඥානය එනවා. සංකත ව හට ගත්ත දේ ඉතුරු නැතුවම නිරුද්ධ වුනා කියන "දැක්ම" ආපූ දාට "මම" නැහැ කියන්නෙත් නෑ, "මම" ඉන්නවා කියන්නෙත් නැහැ සංකතව හට ගත් දේ නිරුද්ධයි, ඒ නිසා මම වශයෙන් කතා කිරීමම වැරදියි , වැරදි ප්රශ්නයක් non-question කියලා දකිනවා.