මරලා කිරිබත් කමු..
දිනක් මා කොලඹ මහ රෝහල ඉදිරිපිට ඇති වෛද්යවරුන්ගේ නේවාසිකාගාරයට ගොඩවුනෙමි. තරමක් පැරැණි ගොඩනැගිල්ලක් වූ එය විශාල වෛද්යවරුන් ගණනකට නේවාසික පහසුකම් ලබා දුන් අපූරු ස්ථානයක් විය. බුද්දිමත් මිනිසුන් ඔබ මොබ ගැවසීමෙන් එතැන ඉතා සිත්ගන්නා සුළු ස්ථානයක් යැයි මට මොහොතින් හැඟී ගෙයේය.
තරමක් ඉදිරියට ඇදී ගිය මට කලු පාට ගල් පුවරුවක අවපැහැ වූ අකුරින් මෙසේ ලියා තිබෙනු දක්නට ලබුනි.
”මෙම ගොඩනැගිල්ල අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රෙමදාස මැතිතුමා විසින් විවුර්ත කරන ලදී"
එය දැකීමෙන් හිතේ තදබල ශෝකයක් හා ලංකාවෙ දේශපාලනයේ ඇති විශාල අඩු ලුහුඩු කම් ගැන මට සිහියට නැගුනි.
ලංකාව පුරා ප්‍රෙමදාස ජනාධිපති තුමා කොතරම් දෑ නිර්මාණය කලෙද ? කොතරම් මිනිසුන් ගනනකට නිවාස තනා දුන්නාද ? මිනිසුන් කීයකට බීමට ජලය ලභා දුන්නාද? ඔහු මියගිය පසු ඒ මිනිසුන්ම කිරි බත් උයා කෑවා මට මතකය.
එතරම් සේවයක් කරපු මිනිසාගේ චරිතය අමු අමුවේ විනාශ කරේ වෙන කවුරුත් නෙවේ , එකල පක්ශ විපක්ශ තුල සිටි මඩ දේශපාලුවන්ය. කවුරුන් කරාදැයි හරි හැටි නොදන්නා සියලු මිනීමැරුම් ඔහුගේ ගිනුමට බැර කර. මේ රටේ මහා පෙරලියක් කල මිනිසා මරා දමා අපිට කිරිබත් කවන්නට තරම් මඩ දේශපාලුවන් කපටි විය.
මේ මඩ දේශපාලුවන් තවමත් අප රට තුල ඉතා සුකෝපබොගීව කාලය ගත කරයි.
රටට සෙතක් වන විට බොරු පිට බොරු කියමින් මිනිසුන් රවටා ආන්ඩු පෙරලණ , රට වල පල්ලටම ඇද ගෙන යන මේ කපටින්ට විරාජමානව වැජබීමට පාර කපන්නේ අපිමයි.
අද දවසේ මේ තත්වය ඇති කර ඇත්තේ කා හටද..?
කොටින්ගේ පිටින් දමා ඔවුන්ද මරාදමන දිනය අත ළඟ නොවිය හැකිද..?
ඔබට මේ රට මේ විනාශයෙන් ගලවා ගත හැකිය. කිසිදා මඩ දේශපාලනයට නොරැවටෙන්න. චොදනා වෙතොත් උසාවියේ ඔප්පු කරන තුරු නොපිලිගන්න.
එලොවටත් මෙලොවටත් නැති සට කපට බොරු කියන දේශපාලුවන්ට මේ රට බිලි ගන්නට ඉඩ නොදෙන්න.