~~@~~( මරු ප්‍රශ්න ටික )~~@~~

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ~~@~~( මරු ප්‍රශ්න ටික )~~@~~

    මෙහි පහතින් ප්‍රශ්න 4ක් සමගින් එක් බෝනස් ප්‍රශ්නයක් වේ. මේ සියල්ලටම ඔබ එසැනින් පිළිතුරු සැපයිය යුතුයි. වැඩි වේලා ගැනීම තරඟ කොන්දේසි උල්ලංගනය කිරීමක් ලෙස සැලකේ.
    සියල්ලටම එසැනින් පිළිතුරු දිය හැකිනම් පමණක් අභියෝගය භාරගෙන පිළිතුරු සපයන්න.


    ~~පිළිතුර මුලින් බැලීමෙන් වලකින්න එවිට ඔබට ඇතිවන ගතිය නැති වනු ඇත~~ :baffled::P:P:P:rofl:

    බලමු ඔබ කොයිතරම් දක්ෂයකුදැයි කියා.
    ඔබ සූදානම්ද?

    පළමුවන ප්‍රශ්නය

    ඔබ ධාවන තරඟයක් නියෝජනය කරනවා යැයි සිතන්න.
    ඔබ දැන් සැටින්නේ දෙවෙනියා පසුකරමින්ය.
    දැන් ඔබ කීවෙනි ස්ථානයේ තරඟවදිමින් සිටීද?



    පිළිතුර

    ඔබ පිළිතුරු දුන්නේ පළමුවෙනි ස්ථානය කියාද?
    එසේනම් ඔබ සම්පූර්ණයෙන් වැරදිය.:lol:
    ඔබ පසුකරමින් සිටින්නේ දෙවෙනියා නම්,
    දැන් ඔබ ලබාගෙන සිටින්නේ ඔහුගේ ස්ථනයයි.
    ඔබයි දැන් මේ තරඟයේ දෙවෙනියා. :rofl:

    ඊලඟ අවස්ථාවට මෙයට වඩා දිරිය ගන්න.
    දැන් දෙවන ප්‍රශ්නයට පිළිතරු ලබා දෙන්න.
    පළමුවන ප්‍රශ්නයට ගත් කාළයටත් වඩා අඩු කාළයකින් මෙයට පිළිතුරු සපයන්න.


    දෙවන ප්‍රශ්නය

    ඔබ දැන් අන්තිමයා පසුකරමින් සිටිනවා යැයි සිතන්න.
    එසේ නම් දැන් ඔබේ ස්ථානය කුමක්ද?


    පිළිතුර

    ඔබ පිළිතුරු දුන්නේ අන්තිමයාට කලින් දුවන්නා ලෙසද?

    එසේනම් මෙවරත් ඔබ වැරදිය. :shocked:
    පවසන්න ඔබ කෙසේද අන්තිමයා පසුකරන්නේ කියා?:baffled::lol:

    ඔබ මේ සඳහා ඉතාමත් හොඳකෙනෙකු නොවේ මිත්‍රයා.
    :P

    තෙවන ප්‍රශ්නය

    මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි.
    මෙය මනෝමයෙන් කලයුතුය.
    මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න.

    1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න.
    දැන් එයට තව 1000ක් එකතු කරන්න.
    දැන් 30ක් එකතු කරන්න.
    අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.
    එයට 20ක් එකතු කරන්න.
    දැන් තවත් 1000ක් එකතු කරන්න.
    අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.


    පිළිතුර

    ඔබට ලැබුනු පිළිතුර 5000ක් ද? :lol:


    ඇත්තෙන්ම පිළිතුර වනුයේ 4100යි.
    ;)

    ඔබ විශවාස නොකරයිනම් දැන් ඝණකයන්ත්‍රයක් භාවිතා කර බලන්න.



    අද අනිවාර්යයෙන්ම ඔබේ දවසක් නොවේ. එහෙමද?
    :sorry:
    ඇතැම් විට ඔබට අවසාන ප්‍රශ්නයට හරි පිළිතුර ලබා දිය හැකිවෙයි.

    සිව්වන ප්‍රශ්නය

    මේරිගේ පියාට දියණියන් පස්දෙනෙකු සිටී.
    පළමු වැනියා ‍නනාය.
    දෙවැනියා නැනෑය.
    තෙවැනියා නිනීය.
    සිව්වෙනියා නෙනේය.
    ඔබ අදහස් කරන පරිදි පස්වැනියාගේ නම කුමක් විය හැකිද?


    පිළිතුර

    ඔව්. ඔබේ පිළිතුර වනුයේ නුනූ ද?
    එය එසේනම් ඔබ මෙවරත් වැරදිය. :lol::lol:

    ඇත්ත ව‍ශයෙන්ම ඔබ වැරදිය.
    ඇයගේ නම වනුයේ මේරිය.
    නැවත ප්‍රශ්නය හොඳින් කියවන්න.


    දැන් ඔබ පැමිණෙන්නේ ‍ බෝනස් වටයටයි.

    කතාකිරීමට නොහැකි පුද්ගලයෙකු වෙළදසැලකට පැමිණියේය.
    ඔහු‍ට අවශ්‍යව ඇත්තේ දත්බුරුසුවක් මිලදීගැනීමටය.
    අංගචලනයන් භාවිතාකරමින් ඔහුට අවශ්‍යව ඇතිදේ වෙළඳසැල් හිමියාට පෙන්වා
    දත්බුරුසුවක් මිලදීගැනීමට ඔහු සමත්වෙයි.


    ඉනපසුව පැමිණෙන්නේ ඇස් නොපෙනෙන අයෙකි.
    ඔහුට අවශ්‍යව ඇත්තේ අවුකණ්නාඩි යුවලක් මිලදී ගැනීමටය.
    ඔහු මෙය පෙන්වන්නේ කෙසේද?

    පිළිතුර

    ඉතාමත් පහසුය.
    ඔබ මෙන්ම ඔහුද තම කටහඞ අවදිකරමින් එම කර්ව්‍යය ඉටුකරගනී.
    :baffled::lol::lol::lol:


    email එකකින් ලැබුනේ රි පොස්ට් නම් සොරි:sorry:......අයිතිය කතෘ සතුය :P:cool::)
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නියමයි මචන්
    හොඳ ගැටලු ටිකක්
    කලින් දැකල තිබුනට ඔය ටික හොයාගන්න බැරුව හිටියෙ
    ගොඩක් ස්තූතී සහෝ!
    rep+

     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නියමයි මචන්
    හොඳ ගැටලු ටිකක්
    කලින් දැකල තිබුනට ඔය ටික හොයාගන්න බැරුව හිටියෙ
    ගොඩක් ස්තූතී සහෝ!
    rep+


    thanks bro :)

    shaaa maru maru !!!

    :yes::):cool:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    එල එල මම නම් එකෙන්ම ඔක්කොටම හරියටම උත්තර දුන්නා ;)
    එකේ රහස තමයි මම මේක කලින් දැකල නැති එක :P
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පලවෙනි 4 නම් අහලා තිබුනා අන්තිම එක අද ඇහුවෙ
    rep 2+