මහගඟ - දූවිල්ලට යන දියඇලි මාවත...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මහගඟ - දූවිල්ලට යන දියඇලි මාවත...

    මහගඟ - දූවිල්ලට යන දියඇලි මාවත...

    ආයුබෝවන් අපේ එළකිරි සගයන්ට.....මේක සෑහෙන දිග සංචාරක නූලක්.
    මේ ත්‍රෙඩ් එක හා බැඳුනු ත්‍රෙඩ් දෙකක් තියෙනවා,

    පලවෙනි එක තමා 2018 නොවැම්බර් වල මම ලියපු - නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය - සහ අපේ Tharindup සහෝදරයා ලියපු - මහගඟ දිගේ -
    කියන ත්‍රෙඩ් දෙක.ඒ දෙකේ ලින්ක් දෙකම මම මෙතන අමුණනවා..


    - නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය -
    http://www.elakiri.com/forum/showthread.php?t=1877250

    - මහගඟ දිගේ - ( Tharindup )
    http://www.elakiri.com/forum/showthread.php?t=1934526


    ( තවත් විශේෂ කාරණයක් කියන්න ඕනේ,මේ සේරම මංපෙත් වලට අමතරව දූවිලි ඇල්ලට ලඟා වෙන්න පුළුවන් වඩාත් සුන්දරම මංපෙතක් ගවේෂණය කරන්නට මමත්, තව අපේ ගවේෂක කණ්ඩායමකටත් හැකියාව ලැබුනා.
    ඒ මංපෙත මීට කලින් සම්පුර්ණයෙන්ම ගවේෂණය කරලා තිබුනේ නෑ.ඒ මාර්ගය දුවිලි ඇලි වලට ලඟා වෙන්න පුළුවන් වඩාත් සුන්දරම මාර්ගය බව අවිවාදයෙන්ම කියන්න පුළුවන්.
    ඒ වගේම දුෂ්කරම මාර්ගය. එහි හමුවුණු දිය ඇලි කිහිපයකටම නම් තියන්නත් මට අවස්තාව ලැබුනා.
    මොකද ඒක කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා කිහිප වතාවක් තනියම ඒ ඔස්සේ නියමු චාරිකා ගිහින් සම්පුර්ණ ගවේෂණය සුදානම් කිරීම වෙනුවෙන්.
    ඒක අපි නම් කලේ කළුපහන - දිය ඇලි මාවත කියල.ඒක ගැන නම් තවමත් පබ්ලික් ෆෝරම් එකක ලියන්න මට කොහෙත්ම අවසරයක් නෑ.එහෙම ලැබුණු දවසට මම ලියන්නම්. )




    නූලට අවතීර්ණ වෙන්න කලින් ඒ ගැන මම යමක් කියල ඉන්නම්.

    දැනට අවුරුදු 3 විතර කලින් දුම්බර ( නකල්ස් ) කලුපහනට ආගිය ගමනෙන් පස්සේ කිහිප වරක්ම දුම්බර කලුපහනේ යන්න අවස්තාවන් ලැබුනා.
    ඔය අතරේ අවුරුදු 7 හෝ 8 විතර උඩදී ලියවුනු බ්ලොග් සටහනක තොරතුරු කිහිපයක් මගේ ළඟ සුරක්ෂිතව තිබුනා. ( ඒ බ්ලොග් සටහන මට ලැබුනේ කොහොමද කියල මට අදටත් මතක නැහැ.)
    ඒ බ්ලොග් සටහනේ තිබුනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් දුම්බර කලුපහනේ දුවිලි ඇලි සොයාගෙන යන ගමනක් පිළිබඳව.
    මේ පිරිසට මාර්ගය වැරදිලා.
    ඒ වගේම තමයි කලුපහනෙන් දුවිලි ඇලි සොයාගෙන යන බොහොමයක් දෙනෙක් මග වරද්දා ගන්නවා.මම දැනුවත්වම කිහිප දෙනෙකුට ඔය දේ සිද්ධ වුනා.දැන් නම් ගොඩක් දෙනෙක් මොබයිල් GPS හෝ කලින් ගිය කෙනෙකුගේ KMZ එකක් trace කරගෙන නිවැරදිව යනවා.


    මේ ගැන මම සෑහෙන කල්පනා කළා.ඒ වගේම ඊට විසඳුමක් හොයන්නත් තීරණය කළා.
    එකේදී මම උපකාර කර ගත්තේ වනාන්තරයක් ඇතුලෙදි නිර්මාණය වෙන දිය පහරවල් වල බැස්ම සහ දිශාව.
    මම මුලින් කියල තියෙනවා වගේ කිහිපවතාවක්ම කලුපහනේ ඇවිදල ඒ අවට දිය පහරවල් සහ ඒවා මොන මොන දිසාවන් ඔස්සේ මොන මොන ගංගා , අතුගංගා වලටද එක් වෙන්නේ කියන දේ ගැන සරල අවබෝධයක් ලබා ගත්තා.

    ඒ අනුව - නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය - සොයාගෙන ගිය ගමනේදී මගේ එක අරමුණක් වුනේ මේ කලුපහනෙන් දුවිල්ලට එකතුවෙන ප්‍රධාන ජල පෝෂකය ගවේෂණය කිරීම. ඒ තුලින් මම බලාපොරොත්තු වුනේ දුම්බර දූවිලි ඇලි වලට KMP කලුපහනේ ඉඳලා නොවරදින ගමන් මාර්ගයක් සොයාගෙන යාම.
    ඒ කාර්යය වෙනුවෙන් මට අපිරිමිත සහයක් ලබා දුන්නේ මම ගුරු කොට සලකන අශාන් අයියා සහ චාමර අයියා.
    මුල ඉඳල සෑම පොඩි තොරතුරක්ම, සිතියමක්ම අපි සාකච්ඡා කළා. ගවේෂණය කළා.
    ඒ අනුව අපි තීරණය කළා ඒ ජල පෝෂකය ඔස්සේ දූවිලි ඇලි දක්වා සම්පුර්ණ ගමන් මග සංචාරය කිරීමට.
    හැබැයි ඒ වෙනකොට ඒ ඔස්සේ චාරිකා කරලා තිබුණු කිසිම කෙනෙක් ගැන තොරතුරක්වත් අපිට ලැබුනේ නැහැ.

    එහි ප්‍රතිපලයක් විදිහට අපිට හැකි වුනා කලුපහනෙන් දූවිල්ලට නව ප්‍රවේශයක් සොයාගැනීමට.ඒක තරමක් දීර්ඝ ප්‍රවේශයක් නමුත් අතිශයින්ම සුන්දර ගමනක්.
    ඉතින් ඒ ගමන අපි සම්පුර්ණ කරලා ලංකාවේ වනාන්තර ගවේෂණය කරන සංචාරකයන්ට ඒ මාර්ගය හඳුන්වල දුන්නට පස්සේ තමයි අපේ tharindup සහෝදරය ඒ ගමන ගිහින් ඒ ගැන තොරතුරු ඔබට ගෙනාවේ.
    ඉතින් මම හිතුව දැන් ඒ ගැන එළකිරියේ සටහනක් තැබීම සුදුසුයි කියල.
    බ්ලොග් සටහනේ නිර්මාතෘ වරයා ඇතුළු ඒ කණ්ඩායමට, අශාන් අයියා, චාමර අයියා සහ මේ ගමනට එකතු වුනු අපේ බුද්ධික මල්ලිට විශේෂයෙන්ම ස්තුති කරනවා.


    ........................//............................

    2019 මාර්තු මාසේ මුල් සතියේ තමා අපි මේ ගමන ගියේ.අපේ කාන්ඩේ 4 දෙනයි. මම , අශාන් , චාමර අයියල දෙපල සහ බුද්ධික.
    ගමනේ පහසුව සැලකිල්ලට අරගෙන මම කලින් දවසේ කළුපහන - kmp වාඩියට ආවා.අනිත් 3දෙනා ඊළඟ දවසේ මහගඟ ගමන් ආරම්භක ස්ථානයේදී මුණගැහෙන විදිහට තමා අපි සැලසුම් කලේ.මම kmp ඇවිත් ඊලග දවසේ උදෙන්ම නැගිටලා බත් මුල් කිහිපයකුත් බැඳගෙන උදෑසන 11 වෙද්දී අපි මහගඟ ආරම්භක ස්ථානයේදී මුණ ගැහුනා.

    අපේ ගමන සම්පුර්ණ වෙන්න දවස් 3 ගියා.
    පළමු දවස මහගඟ ආරම්භයේ සිට දියඇලි මංසන්ධිය දක්වා.
    දෙවෙනි දවස දියඇලි මංසන්ධියේ සිට රඹුක්කොලුවට
    තුන්වෙනි දවසේ රඹුක්කොලුව සිට දඹුල්ල හරහා නිවෙස්වලට.

    මෙතන ඉඳල පින්තුර එක්ක ගමන යමු.

    heggoYS.jpg


    මහගඟ ආරම්භක ස්ථානයට මම යද්දී අනිත් 3 දෙනා ඇවිත්. උදේ 11 විතර තමා අපි එකතු වෙලා ගමන පිටත් වුනේ.

    fonASkt.jpg


    MXU1Teg.jpg


    අපේ පලවෙනි නැවතුම වුනේ මහගඟ පළමු විශාල දිය ඇල්ල මුදුන. අපි එතැනදී උදේට කෑම කෑවා.

    euX0eI0.jpg


    guXNYhm.jpg


    KvCoBES.jpg


    එතන හොඳ විව් පොයින්ට් එකක්, රිවස්ටන්, මානිගල, මල්කිරිගොඩ කපොල්ල , පිටවල පතන වගේම ගිනිකෙලියා පතන සහ දූවිලි නිම්නයත් එතනට හොඳට පේනවා.

    7JQIWGJ.jpg


    මේ තියෙන්නේ ඒ ඇල්ලේ කඩා වැටෙන ස්ථානය

    පලවෙනි ඇල්ලෙන් පහලට බැස්සේ ඊට මදක් එහායින් ගලන කුඩා ඇලමග ඔස්සේ.අපේ තරිඳු ගේ කාණ්ඩය නම් අනිත් පැත්තෙන් බැහැල තිබ්බේ. ඒක අමාරු ප්‍රයත්නයක්.
    කුඩා ඇලමග ඔස්සේ බහිද්දී කුඩා දියඇලි 2 හමු වෙනවා. අපි එව්වා කුඩා ඇලමග ඇල්ල 1 සහ 2 කියල නම් තැබුවා.
    ( මේ නම් තැබීම අපේ පහසුව වෙනුවෙන් කරපු එව්වා මිසක් මිනින්දෝරු සිතියමේ මෙව්වා සඳහන් වෙන්නේ නැහැ. )

    7er6u6n.jpg


    කුඩා ඇලමග ඇල්ල 1

    iFGq5OB.jpg


    කුඩා ඇලමග ඇල්ල 2

    bbhQCO4.jpg


    මේ තියෙන්නේ අර මුලින් අපි මුදුනට ආපු දිය ඇල්ලේ පැත්තෙන් පේන විදිහ.

    rohZjYd.jpg


    19Sseek.jpg


    මේ පින්තුරේ ඉන්නේ අපේ චාමර අයියා.මේ දිය ඇල්ලට අපි දාපු නම තමයි ''කළුපහන එනසාල් වත්ත ඇල්ල '' ( Cardamom estate fall )

    මෙතන ඉඳල මහගඟ සහ කුඩා ඇලමග දෙකම එකම දියපහරක් වෙලා තමයි ගලන්නේ.එතනින් පස්සේ දිගටම අපි වතුර පාර ඔස්සේ පහලට ගමන් කළා.
    කලින් නොවැම්බරයේ මම මේ ටික තනියම ගිය නිසා අපහසු ස්ථාන කලින් අඳුනගෙන හිටි නිසා ගමන තරමක් පහසු වුනා.
    ස්ථාන කිහිපයකදීම අනවසර එනසාල් කරුවන්ගේ ආ ගිය අවශේෂ අපිට දකින්න ලැබුනා.

    eM9DRj2.jpg


    අපේ බව් බව් මෑන්. බුද්ධික මල්ලි.

    5QkY1Ak.jpg


    645gqFG.jpg


    පොඩි පොඩි දියඇලි හැම තැනම..

    W2lro3o.jpg


    මැරුණු ඉත්තැවෙකුගේ අවශේෂ..

    ycnWElx.jpg


    e3kzKTm.jpg


    CGjNiMv.jpg


    b2PZt0u.jpg


    මේ ඉන්නේ මම තමා ඉතිං. මෙතන ටික කාලෙකට උඩදී කවුරු හරි ඉඳපු බවක් පේන්න තිබුන.

    අපි ඊළඟට ලඟා වුනේ දෙවෙනි විශාලම දිය ඇල්ල ගාවට.කලින් වතාවේදී මම ඒකට නම් තිබ්බේ '' මහේශාක්‍ය ඇල්ල '' කියල.
    මෙදා වතාවේ වතුර තරමක් අඩු වුනාට ලස්සනේ අඩුවක් නම් තිබ්බේ නැහැ. අශාන් අයියා ඉස්සර වෙලා ඇල්ලේ මැද කොටසට බහින්න අපිට හැකි වුනා.
    ඉතාම ලස්සන දිය ඇල්ලක්.

    Il3hHKh.jpg


    qzv0SQw.jpg


    ek6d6DW.jpg


    bfXKqLP.jpg


    jtbT2TQ.jpg


    ඔය තියෙන්නේ මහේශාක්‍ය ඇල්ලේ මැද කොටස. ඔය ඉන්නේ අශාන් අයියා.

    UiXeU94.jpg


    MWQ9P6P.jpg


    mFYWx4W.jpg


    iRESBPe.jpg


    මේ තියෙන්නේ මහේශාක්‍ය ඇල්ල. මම දැකපු ලස්සනම ඇල්ලක්.
    මේ යටින් තියෙන්නේ නොවැම්බරයේදී මම මුලින්ම දැකපු අවස්තාව.


    OVJnZW7.jpg


    '' මහේශාක්‍ය ඇල්ල '' ( Majestic fall )


    Od7nj1P.jpg


    මහේශාක්‍ය ඇල්ලෙන් පස්සේ තවදුරටත් දිය පාර ඔස්සේ පහලට බැස්සම හම්බුනේ තුන්වෙනි විශාලම දිය ඇල්ලේ මුදුනට. කලින් වතාවේ මම මෙතනින් එහාට ගියේ නැහැ.මොකද මට එදා මෙතනින් පහලට යන විදිහ ගැන අදහසක් ගන්න බැරි වුනා සහ කාලය මදි වුනා.
    අශාන් අයියගේ අදහස වුනේ අපි කැලේ වටෙන් ගිහින් දිය පාරට බැහැල නැවත දිය පහරේ උඩට ඇවිත් ඇල්ල පාමුලට එමු කියල. ඒ අනුව අපි වනයට ඇතුල් වුනා.
    අපිට ඒ යද්දී පැරණි එනසාල් වගා කරුවන්ගේ නිර්මාණ වල නටඹුන් දක්නට ලැබුන.
    ඒ දිය ඇල්ලත් හරි ලස්සනයි.පළලින් වැඩි ලොකු ගල් බිත්තියක් දිගේ වැටෙන්නේ.
    මේ හරියේ බහුලව මාඋස්සා කියන විෂ පැළෑටිය තිබුනා.මාඋස්සා ඇඟේ වැදුනත් එක්ක.
    මේ දිය ඇල්ලට පහු දවසක ගිය වෙනත් කාණ්ඩයක් ''මාඋස්සා ඇල්ල '' කියල නමක් යෝජනා කළා. මම හිතන්නේ ඒ නම හොඳටම ගැලපෙනවා.

    c8nfjeK.jpg


    JdNqVZA.jpg


    AiiCSlx.jpg


    IV8ujd3.jpg


    U2Ed2MG.jpg


    මාඋස්සා ඇල්ලේ මුදුන. කලින් මම මෙතනට ඇවිත් මෙතනින් හැරිලා ගියා.

    k9WPLJH.jpg


    ගල් පඩිපෙල. මේක ඉස්සර එනසාල් වතු තිබුණු කාලේ කරපු නිර්මාණයක්.

    8gLOJ5q.jpg


    7eWcz5U.jpg


    මෙතනින් තමා අපි නැවත ගඟට එකතු වුනී. ඊට පස්සේ ගඟේ ටිකක් උඩට ගියා මාඋස්සා ඇල්ලේ පාමුල වෙනකම්.

    7Kv8fRx.jpg


    B7Jm4n2.jpg


    dSSWF8I.jpg


    x8Syzn5.jpg


    මා උස්සා ඇල්ල...

    HxdKhZq.jpg


    මා උස්සා ඇල්ලෙන් පස්සේ වැඩි දුරක් යන්න කලින් අපිට තවත් ලස්සනම දිය ඇල්ලක් දකින්න පුළුවන් වුනා.
    ඒකත් ඉතාම ලස්සනයි.ඒ වගේම ඒ ඇල්ලේ පාමුල හොඳට ඉඩකඩ තියෙනවා.රැයක් ඉන්න හිතෙන තැනක්.
    ( නමුත් මම 3 වෙනි වතාවට මහගඟ දිගේ යද්දී මෙතන ගහක දෙබර කුඩයක් තියෙනවා දැක්කා )
    මේ ඇල්ලට අශාන් අයියා තියපු නම තමයි '' නකල්ස් පරාදීසයේ '' ඇල්ල කියල.
    ඇත්තටම එතන පොඩි පාරාදීසයක් වගේ තමයි.
    අපේ ගමනේ නිල සමූහ ඡායාරුපය අපි මෙතැනදී ගත්තා.
    මෙතන ඉන්න ඇත්තටම හිත තිබුනත් තවත් කාලය ඉතුරු නිසාත්, ඉදිරියට කොච්චර දුරක් යන්න තියෙනවද කියල දන්නේ නැති නිසාත් අපි තවත් ඉස්සරහට යන්න තීරණය කළා.

    ubDF1s3.jpg


    OCFYdtk.jpg


    RXT75Ie.jpg


    FjpOcd2.jpg


    LsNIwpD.jpg


    maDmbrp.jpg


    BsxXEix.jpg


    නකල්ස් පාරාදීසයේ ඇල්ල සහ අපි.

    S6gdzpw.jpg


    fh7WZYm.jpg


    orxzBV6.jpg


    පරාදීසයේ ඇල්ලට පහලින් ඇති කොටස


    XZfQjv2.jpg


    Knuckles paradise fall and lower fall.

    AdslU6M.jpg


    මහාගඟේ දැකපු ලස්සනම ඉසව්වක්...

    Lokz7Xm.jpg


    ගඟ මැද්දේ ගොඩබිම උස් වෙලා හැදුනු පොඩි දුපතක් වගේ ගොඩැල්ලක්.

    nYUKgmZ.jpg


    ( photo captured by chamara ayiya )

    lLYlQWH.jpg


    මෙතනින් පස්සේ තරමක් දුරක් අපි ගඟ දිගේ පහලට ගමන් කළා.ගඟ සාමාන්‍ය ආනතියකින් පහලට බැස්ම තිබුනේ. විශාල දියඇලි, සැඩ රළු ගල්පර දකින්න ලැබුනේ නැහැ.
    ඔහොම තරමක් දුර පහලට බහිද්දී මහගඟ ට එකතු වෙන තවත් අතු ගංගාවක් දකින්න ලැබුනා.
    අර ත්‍රෙඩ් එකේ මම මුලින්ම සඳහන් කරපු බ්ලොග් සටහනේ තිබුණු පරිදි ඒ කණ්ඩායම කලුපහනෙන් පැමිණිලා මෙතන හරහා තමයි දුවිලි ඇලි දක්වා පැමිණ තිබුනේ.
    අන්න ඒ කරුණු සැලකිල්ලට ගෙන ඒ අතු ගංගාව කලුපහනේ හේමචන්ද්‍ර නටඹුන් වාඩිය තියෙන ඉසව්වෙන් ආරම්භ වෙන බව අපිට පැහැදිලි වුනා.
    ඒ අනුව අපි මේ දිය ඇල්ල '' හෙමචන්ද්‍ර වත්ත ඇල්ල '' කියල නම් තැබුවා.මහගඟ ට වඩා අඩු ජල ධාරිතාවක් තමා ඒකෙ තිබුනේ. හැබැයි ඒ දිය ඇල්ලත් අතිශයින් මනස්කාන්ත දිය ඇල්ලක්.
    ඒ වගේම ගමනේදී අපි දැකපු විශාල දිය ඇලි වලින් 4 වෙනි එක සහ අන්තිම එක.
    මේ ඇල්ලේ නිර්මාණය වෙන ගල් බිත්තියේ රටාවන් වල අමුතුම ලස්සනක් තියෙන්නේ.

    0Jd13MW.jpg


    RvMiRWx.jpg


    mgIrh1S.jpg


    හෙමචන්ද්‍ර වත්ත ඇල්ල...

    අපි හේමචන්ද්‍ර වත්ත ඇල්ල කිට්ටුවට එද්දී හවස 5 විතර ඇති. තව පොඩ්ඩක් කාලය තියෙන නිසා අපි තවත් ටිකක් පහලට ගියා.
    මහගඟ ඒ ඉසව්වෙදී තරමක් ආනතියකින් ගලා බැස්සේ.ඒ නිසා පොඩි පොඩි දිය ඇලි කිහිපයක්ම දකින්න ලැබුනා.
    ඔහොම ඉස්සරහට යද්දී අපේ ගමනේ තවත් එක් සුවිශේෂී ස්ථානයකට අපි එළඹුනා.
    ඒ තමයි නාරං අත්ත ඔය හමුවීම.අපි මුලින් බලාපොරොත්තු වුනේ නාරං අත්ත ඔයේ රාත්‍රී කඳවුරු බඳින්න. ඒ නිසා අපි විනාඩි 5 විතර නාරංඅත්ත ඔයේ උඩහට ගියා.
    නමුත් ඊට සුදුසු තැනක් නොතිබුණු නිසා අපි තීරණය කළා නැවත ආපස්සට ඇවිත් මහ ගඟේ තරමක් උඩින් තියෙන සුදුසු ඉසව්වක් තෝරගෙන රෑට කඳවුරු බඳින්න.
    අපි කුඩාරම් අටවපු තැනත් හරිම ලස්සන තැනක්. එතන පහලින් පොඩි දිය ඇල්ලක් නිර්මාණය වුනු නිසා අපි එතනට campsite fall කියල නම තිබ්බා.
    එතන ඇත්තටම කඳවුරු භූමියකට සුදුසු තැනක්. හොඳට ඉඩකඩ තියෙනවා, ඒ වගේම ගඟෙන් තරමක් දුරින් නිසා ආරක්ෂාව තියෙනවා.

    PHITQvD.jpg


    fo1DAAZ.jpg


    EsXJB8m.jpg


    5eKrtXI.jpg


    මියගිය වඳුරෙකුගේ අවශේෂ.ඇත්තටම මෙතන තමයි අපි රෑ කුඩාරම් ගැහුවේ.

    zlZsKbH.jpg


    Campsite Fall - මෙතනට උඩින් තමා අපි නැවතුනේ.

    CMxtSOt.jpg


    VWKBuY7.jpg


    pC5Yqjp.jpg


    මේ ඇල්ලට නමක් තිබ්බේ නම් නැහැ. මේක දැක්කම මතක් වුනේ හෝටන් තැන්නේ බේකර්ස් ඇල්ල. ඒ වගේ හැඩයක් තියෙන්නේ.

    feUR6h6.jpg


    මේ තියෙන්නේ නාරංඅත්ත ඔය. ඔතනට ටිකක් පහලින් නාරංඅත්ත ඔය සහ මහගඟ දෙක එකට එකතු වෙනවා.ඊට පස්සේ තනි ගංගාවක් විදිහට ගිහින් කළුගඟ ට එකතු වෙනවා.

    itwQD4W.jpg


    නාරං අත්ත ඔයේ ගල් තලාවක කොටලා තියෙන මිනින්දෝරු සලකුණ.ඒ කියන්නේ මෙට්‍රික් සිතියමේ මේ ස්ථානය සලකුණු වෙලා තියෙනවා කියන එක.

    LJONHEA.jpg


    නාරංඅත්තේ කුඩා දිය ඇලි .නාරං අත්ත ඔය දිගේ ටිකක් උඩට ගියා. නමුත් කුඩාරම අටවන්න සුදුසු තැනක් දකින්න ලැබුනේ නැති නිසා අපි ආපහු මහගඟ ට ඇවිත් නැවත ආපස්සට ගියා.


    0tfbaQy.jpg


    8eSvubQ.jpg


    ආපහු ඇවිත් Campsite fall එක මුදුනට ආවා. අපි මෙතන තමා කඳවුරු හැදුවේ..

    YiYqwxU.jpg


    ඔය විදිහට අපි කුඩාරම් අටවල ඉවර වෙද්දී හවස කළුවර වැටෙන්න පටන් අරගෙන ඉවරයි.
    එදා රෑට උයන්න අවශ්‍ය තාවයක් තිබුනේ නැහැ. මොකද අපි උදේට කෑම කද්දී 12 විතර වුනා.ඒ නිසා අපි දවල්ට බිස්කට් වලින් සෑහුණු නිසා මම උයාගෙන ආපු බත් ටික රෑට කෑවා. කාලා ඉවර වෙලා සීතල යන්නත් එක්ක ගිනි මැලයක් ගහල තේ එකක් හදාගෙන බිව්වා.
    එදා දවස ගැන සමාලෝචනයක් සහ පහුවදා දවස ගැනත්, දුවිලි ඇලි වලින් එලියට යන දිසාව ගැනත් තමයි එදා රෑ අපේ මාතෘකාව වුනේ.
    ඒ වගේම අපේ බුද්ධික මල්ලි පොඩි අප්‍රිකානු සංගීත භාණ්ඩයක් අරගෙන ඇවිත් තිබුනා.''කලිම්බා'' ( Kalimba ) කියල පොඩි සංගීත භාණ්ඩයක්. මට පොටෝ එකක් ගහන්න නම් බැරි වුනා.ඒකත් රසවිඳිමින් තමා අපි ඒ රාත්‍රිය ගත කලේ.


     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ගමනේ දෙවෙනි දවස උදා වුනා.
    උදේ 6 විතර වෙද්දී අපි නැගිට්ටා. නමුත් ඒ වෙද්දී පොඩි වැස්සක ලකුණු පහල වෙලා තිබුනේ. එනිසා අපි උදේ කෑම උයන එක ගැන අමතක කරලා ජෑම් එක්ක පාන් පෙති දෙක තුනකින් බඩ පුරෝගෙන ඉක්මනට කුඩාරමත් ගලවල අපේ මලුත් සුදානම් කරගෙන පිටත් වුනා.

    අපි නැවත ආපු විදිහට නාරං අත්ත ඔයාට ගොඩවෙලා ඒක දිගේ පහලට තමා බැස්සේ. මොකද අපි නැවතුනු තැනට පහළින්ම තමා මහගඟ - නාරංඅත්ත ඔය දෙක එකතුවෙන මංසන්ධිය තිබුනේ.

    8zxulJ5.jpg


    Good morning Knuckles..


    A6rL9kB.jpg


    2jGN0AX.jpg


    CX32Q7d.jpg


    QQtSW48.jpg


    මෙතැනදී මහගඟ සහ නාරංඅත්ත ඔය එකතු වෙන තැන අතිශයින් දර්ශනීය ස්ථානයක්.එතැනදී මහගඟ කොටස් 4කින් තමා නාරං අත්ත ඔයාට එකතු වෙන්නේ. ඒ ස්ථානයට අපි නම් තැබුවේ '' දිය ඇලි හංදිය '' කියල.නමුත් වැස්ස අඩුම කාලෙට මෙතනින් කොටස් දෙකක් වගේ තමා වතුර ඇද හැලෙන්නේ.
    ඒ වෙලාවේ තිබුණු මන්දාරම් ගතිය එක්ක තෙත ස්වභාවය නිසා ඒ ස්ථානය අපූරු සුන්දර වගේම ගුප්ත බවක් තිබුනේ.කොහොම වෙතත් ගමනේ මම දැකපු ලස්සනම තැනක් තමා දියඇලි හංදිය.


    dxuFhhx.jpg


    bCTSLrq.jpg


    r4kOz84.jpg


    jLNdPTO.jpg


    YDsOZiF.jpg


    '' දිය ඇලි හංදිය '' - The waterfall junction.

    දියඇලි හන්දියෙන් පස්සේ මහගඟේ පරිච්ඡේදය ඉවරයි. මෙතන ඉඳල මේ ගංගාව හඳුන්වන්නේ නාරංඅත්ත ඔය ලෙස. එහෙම තමා මෙට්‍රික් සිතියමේ සඳහන් වෙන්නේ.
    මේක මේ විදිහට ගලාගෙන ගිහින් දුවිලි ඇලි සහ දුම්බර ඇල්ල අතරින් කළු ගඟට එකතු වෙනවා.
    මෙතන ඉඳල අපි තරමක් දුර ඔය දිගේ පහලට ගියා.

    Yy37oY7.jpg


    9ElYGJ9.jpg


    HilKCiE.jpg


    Ge9mbwQ.jpg


    නමුත් නාරංඅත්ත ඔය දිගේ යන එක සෑහෙන අපහසු බවක් තමා තේරුනේ.මොකද මහා ගඟේ වගේ සුමට බැස්මක් නෙවේ තිබුනේ.
    අතු ගංගා කිහිපයකින්ම පෝෂණය වුනු නිසාත්, ගඟ දෙපසේ බෑවුම ක්‍රමයෙන් වැඩි වෙන නිසාත් ගඟේ බැස්මේ ශීඝ්‍රතාව ක්‍රමයෙන් වැඩි වෙනවා.
    සැඩ පහර සහ රළු ගල්පර වල කාලය ඇවිත්. එනිසා අපි තීරණය කළා එක් ඉසව්වකින් ගඟට උඩින් බෑවුමේ හරහට ගමන් කරන්න.
    සිතියමට අනුව මේ ඉසව්ව පහු කලාට පස්සේ අපිට දූවිලි ඇල්ලේ අඩිපාර හමු වෙන්න ඕනේ. ඒ නිසා බොහොම කල්පනාවෙන් තමා ගමන් කරන්න සිද්ධ වුනේ.

    5OcgWLH.jpg


    LpSgHLM.jpg


    අපිට සිද්ධ වුනා ගඟ මග හැරලා ගොඩින් යන්න.

    ඔය වෙලාවේදී පොඩි කරදරයක් සිද්ධ වෙන්න ගිහිං නූලෙන් බේරුනේ.
    මම තමා ඉස්සරහින් ගියේ. මගේ නොසැලකිල්ල නිසා මගේ කකුලට ගලක් බුරුල් වෙලා පහලට පෙරලුනා. චාමර අයියගේ මුණේ ගෑවී නොගෑවී තමා ගල පහලට ගියේ.
    මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා ඒ අවස්ථාවේදී. ගල් බුරුල් වෙන ස්ථාන වලින් යද්දී ලොකු පරතරයක් තියාගෙන හරි නැත්නම් එක අයෙක් උඩට ගිහින් ඉවර උනාට පස්සේ ඊළඟ කෙනා විදිහට හරි තමා යන්න ඕනේ.
    මොකද ගලක් ඔලුවට පෙරලුනා නම් සිද්ධ වෙන අනතුර සුළුපටු නැහැ.


    MdYfm1a.jpg


    MCNpSHc.jpg


    sAKuhJG.jpg


    fvLzZd0.jpg


    j2MchIV.jpg


    ගඟ දෙපස බෑවුම අඩු වෙද්දී තමා අපි නැවත ගඟට බැස්සේ.එතනින් පස්සේ අපි සමහර ස්ථාන ගඟ දිගේත්, ආපහු වනාන්තරය ඔස්සේත් ගමන් කළා.
    දියඇලි හංදියේ ඉඳල පැය 2ක් හමාරක් වගේ වෙද්දී අපිට පුළුවන් වුනා දූවිලි අඩිපාර දැකගන්න.
    ඒ කියන්නේ නිල වශයෙන් අපි දුවිලි ඇලි වලට නව මංපෙතක් ඔස්සේ සාර්ථක ගවේෂණයක් සිද්ධ කළා වුනා.

    IDZUpaA.jpg


    IuZ2Ams.jpg


    මහ ගඟ ඔස්සේ දුවිල්ලට යද්දී දූවිලි ඇලි වලින් පරිබාහිරව දැකපු අවසන් දිය ඇල්ල. මේකට අපි නම් තිබ්බේ ''නාරං වල ඇල්ල '' කියල. මොකද මෙතන වතුර වැටෙන තැන සෑහෙන ගැඹුරක් තියෙන බව නම් පේනවා.ඒ වගේම විශාල වතුර ධාරිතාවයක් තියෙනවා.

    MIDGuft.jpg


    B3ROh5i.jpg


    dzrpjKj.jpg


    vfSePPg.jpg


    ekETuqq.jpg


    දූවිලි ඇලි අඩිපාරට එකතු වුනා..

    අපි නිල වශයෙන් දූවිලි ඇලි අඩිපාරට එකතු වුනා.ඒ කියන්නේ අපි සාර්ථක ගවේෂණයක් සිද්ධ කළා.
    දුම්බර කලුපහනේ ඉඳල දූවිලි ඇලි දක්වා නොවරදින, ඒවගේම දුෂ්කර නමුත් අතිශයින් සුන්දර මංපෙතක් සාර්ථකව අනාවරණය කළා.
    ඒ නිසා ඒ මංපෙතට අපි නම් තැබුවේ '' කළුපහන - මහගඟ දියඇලි මාවත '' කියල.
    මහගඟ ආරම්භක ස්ථානයේ ඉඳල නාරං වල ඇල්ල දක්වා අපි මධ්‍යම සහ විශාල දියඇලි 10 දුටුවා.

    කුඩා ඇලමග ඇලි 1
    කුඩා ඇලමග ඇලි 2
    එනසාල්වත්ත ඇල්ල
    මහේශාක්‍ය ඇල්ල
    මා උස්සා ඇල්ල
    පරාදීසයේ ඇල්ල
    හේමචන්ද්‍ර වත්ත ඇල්ල
    කඳවුරු භුමියේ දියඇලි පොකුර ( බේකර්ස් ඇල්ල හා සමාන ඇල්ල ත් ඊටම එකතු කළා )
    නාරං අත්ත ඔයේ කුඩා දිය ඇලි
    නාරංවල ඇල්ල

    මීට අමතරව කුඩා මට්ටමේ දියඇලි විශාල ප්‍රමාණයක් දකින්න ලැබුනා.දූවිලි ඇලි වලට ප්‍රවේශ වෙන්න තියෙන වෙනින් කිසිම මාර්ගයක මේ සා දියඇලි ගොන්නක් දකින්න ලැබෙන්නේ නැහැ.අන්න ඒ නිසයි අපි මේක දියඇලි මාවත කියල නම් කලේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පහුගිය දවස් එකහමාරේ අඩිපාරක් වත් දකින්න නැති ඝන වනාන්තරේ,අඳුරු ගුප්ත අහුමුලු වලින්, දිය පාරවල් ඔස්සේ ගලින් ගලට පනිමින්, දියඇලි පහුකරගෙන සැඩ පහරවල් රළු ගල්පර වලින් ඇවිත් මනුෂ්‍ය අඩිපහසක් දැක්කම ඇත්තටම සතුටු දැනුනා. මොකද පහුගිය දවස් එකහමාරටම අපි මිනිස් පුළුටක් දැක්කේ නැහැ.
    ඉතින් අපිට අඩිපාර දකින්න ලැබුණු එකත් ලොකු ජයග්‍රහණයක්.
    අපි තීරණය කරගෙන හිටියේ නැහැ දූවිලි ඇලි වල උඩට යන්න. මමත්, චාමර අයියත්, බුද්ධික මල්ලිත් අපි තුන්දෙනා තීරණය කළා මෙතනින් උඩට ගිහින් දුවිලි ඇල්ලේ සන්සුන් ඇල්ල ගාවට විතරක් යන්න. ඉතින් අපි තුන්දෙනා ඉක්මනට පිටත් වුනා.

    u4YCpHw.jpg


    Ivmz9yS.jpg


    8Am5dM4.jpg


    l5H0L2R.jpg


    එක ක්ෂනයෙකින් මීදුමක් ඇවිත් අවට වසා ගත්තා. ඒ වගේම ටිකකින් මීදුම් ගතිය පහවෙලා ගියා.

    GJFh16y.jpg


    දුවිලි ඇලි දාමයට එකතුවෙන තවත් අතුරු දිය පහරක්. මේක එකතු වෙන්නේ අනන්ත තටාකය ( Infinity pool ) කියන තැනින්.

    Z7L8Hk5.jpg


    hTjvGu4.jpg


    dB75CQS.jpg


    තට්ටු ඇල්ල නැත්නම් පඩිපෙළ ඇල්ල කියලත් හඳුන්වනවා..

    4o8yosG.jpg


    PBS1yIP.jpg


    ZQFpiBB.jpg


    pJRCdp9.jpg


    I2zJKhN.jpg


    සන්සුන් ඇල්ල .....මට නම් මේ ඇල්ලේ තියෙන්නේ ස්ත්‍රී ලාලිත්‍යයක්.

    ZhmgMJy.jpg


    CVRZ096.jpg


    rIK4wQR.jpg


    මානිගල සහ ඈත මීදුම් කැටෙන් වැහිලා තියෙන්නේ රිවස්ටන් කන්ද.

    මෙතනින් පස්සේ අපි තුන්දෙනා ඉක්මනට පහලට ආවා. ඒ ඇවිත් පාන් පෙත්තකින් බඩ පුරවාගෙන අඩිපාර දිගේ පල්ලම් බැස්සා.
    අපේ ඊළඟ අරමුණ වුනේ දුවිලි ඇල්ලේ ප්‍රසිද්ධ දුම්බර ඇල්ලට උඩින් තියෙන 9 වෙනි ඇල්ල ( සමහරු මේකට කළුදිය පොකුණ කියලත් කියනවා ) බලන්න යන එක.
    කලින් මගේ දුවිලි ඇලි ගමනේදී අපිට මේක මගහැරුනා.ඒ නිසාඒක බලන්නම යන්න ඕනේ වුනා.

    UXsQHKN.jpg


    Xaf4Eo1.jpg


    OyqclAq.jpg


    0hGn3qZ.jpg


    uIHDSGl.jpg


    XAggYaL.jpg


    කළුදිය පොකුණ ඇල්ල තමයි දූවිලි ඇලි දාමයේ 9 වෙනි ඇල්ල. පළමු වතාවේ අපිට මේක මගහැරුනා වගේම පලවෙනි සැරේට දූවිලි ඇලි යන බහුතරයකට මේක මගහැරෙනවා.
    මොකද මේකට යන්න අඩිපාරෙන් හැරිලා පොඩ්ඩක් ඇතුලට ගිහින් කළුගඟට බහින්න ඕනේ.
    එතනත් මුදුන විශාල ඉඩක් තියෙනවා. ඒ වගේම මහ විශාල වතුර ගොඩක් කඩාහැලෙනවා.
    ඇත්තටම ඒ ඇල්ල පහලට ගිහාම ඒකට කළුදිය පොකුණ කියන එක සාධාරණයි.
    හරිම ප්‍රචණ්ඩකාරී ලස්සනක් තියෙන්නේ.

    bHwSRx2.jpg


    kiWXEV0.jpg


    1e6fQFy.jpg


    oLRI5jj.jpg


    මේ ඇල්ලෙත් අයිනට වෙන්න පොඩි කුහරයක් තියෙනවා, පොඩි ගුහාවක් වගේ. හැබැයි ඒකෙ මනුස්සයෙකුට නැවතිලා ඉන්න නම් බැහැ

    xswTkEd.jpg


    කළුදිය පොකුණ ඇල්ල කියන එක ඉතාම ගැලපෙනවා නේද?

    කළුදිය පොකුණ ඇල්ලේ අයිනේ මහා ප්‍රපාතය. එතනින් පහලට බහින එක නම් මරුවා වැළඳ ගැනීමක්.එතැනදී කළුගඟ ඉතා පටු ගැඹුරු ද්‍රෝනියක් මැදින් තමා යන්නේ.
    දෙපැත්තේම ලොකු ගල් බිත්තිය මැදින් වේගයෙන් ගලනවා.ඒ ගල් බිත්තියේ අවසානය තමයි දුම්බර ඇල්ලේ පාමුල.
    දූවිලි ඇලි දාමයේ 12 වෙනි ඇල්ල තමා දුම්බර ඇල්ල. ඒ කියන්නේ මේ පටු දෝනාව මැදින් යද්දී 10 සහ 11 කියන දියඇලි දෙක නිර්මාණය කරනවා.
    කළුදිය පොකුණ වැටෙන තැන කෙලවර ගැට්ටට ආවොතින් 10 වෙනි ඇල්ලේ උඩ කොටස සහ 11 වෙනි ඇල්ලේ මුදුන පේනවා.
    හැබැයි ඉතින් පරිස්සමින් යන්න ඕනේ.

    UMZHZRf.jpg


    T17Ma6B.jpg


    nwW19Fm.jpg


    MInF62H.jpg


    මේතියෙන්නේ 10 වෙනි ඇල්ල කොටසක්. එතකොට ඔය පින්තුරේ යටින් පේන සුදු පාට පෙණ වැටෙන තැන තමයි 11 වෙනි ඇල්ලේ මුදුන වෙන්නේ.

    dwj4ZeQ.jpg


    වැටුනොත් නම් පුතේ මිනියවත් ගොඩ ගන්න ලැබෙයිද කියල සුවර් නැහැ...

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කළුදිය පොකුණත් බලා ගත්තට පස්සේ අපේ තීරණය වුනේ රඹුක්කොලුව පැත්තෙන් පල්ලම් බහින්න. ඒකට හේතු වුනේ වඩා ලේසි, කඳු පල්ලම් අඩු පාර ඒක වීම.
    ඒ නිසා අපි 4 දෙනා ඉක්මන් ගමනින් පල්ලම් බැස්සා. අපි 4 දෙනාම තීරණය කළා දුම්බර ඇල්ලට යන එක අනවශ්‍යයි ලියල.
    අපි අතරමග ලොකු කාලයක් ගන්නෙ නැතුව යන්න තීරණය කළා. ඊට හේතු තිබ්බා.
    ඒ තමයි රෑ බෝ වෙන්න කලින් රඹුක්කොලුවට යන්න ඕනේ. ඒ වෙද්දී කළුගඟ ව්‍යාපෘතිය නිසා ගම හිස් කරලා තිබ්බේ.
    ඒ කියන්නේ අපිට මනුස්සයෙක් දකින්න ලැබෙයිද කියන එක විශ්වාස නැහැ. නතර වෙන්න තැනක් හොයා ගන්නත් ඕනේ. රෑ වෙද්දී අලි ගමට එන්න ඉඩකඩ තියෙනවා.
    මේ හේතු නිසා අපි ඉක්මනින් ගමන් කළා.

    PRR6kTW.jpg


    CAuuRJM.jpg


    පුල්ලි දත් කැටියා - නිර්විෂ සර්පයෙක්.

    qIhLYc9.jpg


    IUb0N9L.jpg


    ඇටන්වල , රඹුක්කොලුව පැති වලින් එද්දී දකින්න හම්බෙන කුඩා දිය ඇල්ලක්.පොල්වත්ත ඇල්ල.

    මෙතනට පොල්වත්ත කියල කියන්නේ ඉස්සර ඉංග්‍රීසින්ගේ යටත් විජිත යුගයේ සුදු ජාතිකයෙකුට අයිතිව තිබුණු ඉඩමක් මේ හරියේ තිබිල තියෙනවා. ඒ ඉඩමේ පොල් ගස් තිබුන. ඒ නිසා මේ හරියට පොල්වත්ත කියල තමා අදටත් ඒ අවට ගම්මාන වල මිනිස්සු හඳුන්වන්නේ.


    SCe4VdE.jpg


    gPhQpF5.jpg


    QUpk8Fu.jpg


    වැද්දහෙන කුඹුර. ඉස්සර මෙතන වැද්දෙකුට අයිති කුඹුරක් තිබුනා කියල තමා කියන්නේ.ඇටන්වල මාර්ගය සහ රඹුක්කොලුව මාර්ගය හම්බුවෙන මංසන්ධිය මෙතන.


    48GbfkR.jpg


    yZlRad4.jpg


    WC8er1s.jpg


    SWRMG1u.jpg


    රඹුක්කොලුව ඒ දණ්ඩ.අපි දැන් ගම්මානයට කිට්ටුයි.


    8tis71F.jpg


    imBTlLW.jpg


    7Hqd01X.jpg


    ඔය ඈතින් පේන්නේ දුම්බර වනාන්තරයේ තවත් එක දැවැන්තයෙක්. වමාරපුගල කන්ද. දූවිලි ඇල්ලේ උත්පත්තිය දෙන කළුගඟ ආරම්භ වෙන්නේ ඔය කඳු මුදුනෙන්.

    kvQZL36.jpg


    UkQh8I7.jpg


    9XDtICT.jpg


    අශාන් අයියා සිතියම බලනවා. අපි ට තව කොච්චර දුරක් යන්න තියෙනවද, කළුවරට කලින් යන්න හැකි වෙයිද කියල.

    XkUKOFi.jpg


    Y7kxcSU.jpg


    Q2dmpzT.jpg


    ඉස්සර ගමට වතුර ගත්තු බටේ. දැන් ඒක පුපුරලා.

    CFeF5AG.jpg


    tj7f0pD.jpg


    Emr1ZMC.jpg


    l03jTFM.jpg


    අවසානයේදී රෑ වෙන්න ඔන්න මෙන්න තියල අපි ගමට ආවා. ගම පාලුවෙලා.කළුගඟ ව්‍යාපෘතිය නිසා ගම අත්හැරලා.ගමේ මිනිස්සු නව පල්ලේගම පදිංචි කරලා.නමුත් අපිට එක මනුස්සයෙක් හම්බුනා. එයා අපිට රැය නවතින්න සුදුසු තැනක් හොයල දුන්නා.අපි ඒ ගෙදර ඉස්සරහ පිලේ අපේ කුඩාරම ඇටෙව්වා. ඒ ගෙදර පිටිපස්සේ වතුර පයිප්පෙන් නාගන්න තරමට වතුර තිබුනා.ඒ කරලා අපි ඉක්මනට රෑට කන්න නූඩ්ල්ස් එකක් හදා ගත්තා. වේල් කිහිපයකින් හරියට කෑමක් නොවැටුණු නිසා හොඳ බඩගින්නක් තිබුනා.
    එදා නම් අපි ඉක්මනටම නින්දට වැටුනා.
    අපිට හම්බුනු මනුස්සයාගෙන් අපිට දැන ගන්න ලැබුනා උදේ 7 වෙද්දී මහවැලි අධිකාරියේ ජීප් එක ගමට එනවා. මොකද තවම ගමේ මිනිස්සු ගෙවල් වල බඩුමුට්ටු අලුත් ගම්මානෙට පටවල ඉවර වෙලා තිබුනේ නැති නිසා.ඒ නිසා උදේ නැගිටින බලාපොරොත්තුවෙන් අපි ඉක්මනින් නිදා ගත්තා.

    පහුවදා උදේ අපි සේරම බඩු මුට්ටු අඩුක් කරගෙන ගමට ආපු ජීප් එකෙන් පල්ලෙගමට ආවා.එතනින් දඹුල්ල හරහා නැවත ගෙවල් කරා ආවා.

    මේ ගම ගැන එක දෙයක් කියන්නම ඕනේ ඒ තමයි, ව්‍යාපෘතිය නිසා ඒ මිනිස්සුන්ට යම් යම් දේවල් අහිමි වුනා. ඒ වගේම යම් යම් දේවල් ලැබුනා. දේශපාලනික තීන්දු තීරණ නිසා අසාධාරණ පවා සිද්ධ වුනා. ඒ වගේම අර යන යකා කොරහත් බිඳගෙන යනවා කියන්නා වගේ ගමේ මිනිස්සු නව ගම්මානෙට යද්දී මේ අවට කැලේ මහ සද්ධන්ත ගස් විශාල ගානක් ලී වලට ඉරල තිබුනා. අපි ඒක ඇස් දෙකෙන්ම දැක්කා. ඒ වගේම ආණ්ඩුවෙන් කැලේ මැදින් මහ විශාල පාරවල් ඉදිකරලා, මොකටද දන්නේ නම් නැහැ, ඒ වෙනුවෙනුත් කැලේ අක්කර ගණන් එළිපෙහෙළි වෙලා නම් තිබුනා.

    XissW51.jpg


    Good morning Knuckles - මේ මීදුමෙන් වැහිලා තියෙන්නේ යකුන්ගේ හෙළ කන්ද.

    qxLXn6B.jpg


    නකල්ස් සුදුගල කන්ද.

    ඉතින් මේ විදිහට අපේ තවත් ගමනක් අවසානය සනිටුහන් වෙනවා. මේ ගමන මට ඉතාම සුවිශේෂී ගමනක්.
    මොකද මේක සම්පුර්ණයෙන්ම ගවේෂණ චාරිකාවක්.මේ ගමන වෙනුවෙන් මම සෑහෙන මහන්සියක් ගත්තා.සෑහෙන වතාවක් සිතියම් එක්ක ඔට්ටු වුනා.
    සෑහෙන කරුණු කාරනා හොයන්න සිද්ධ වුනා. හැබැයි ඒ එකක්වත් අපතේ ගියේ නැහැ.
    මේ වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ,

    පළමුවෙන්ම බ්ලොග් සටහන ලියපු ඒ පුද්ගලයට සහ ඒ ගමන ගිය කණ්ඩායමට.
    අශාන් අයියා, චාමර අයියා දෙපලට.අත්දැකීම් වලින් දැනුමෙන් මේ මිනිස්සු එක්ක බලද්දී මම නිකන් සිප්පි කෑල්ලක්.
    බුද්ධික මල්ලිට. වචනයෙන්ම කිව්වොත් සිරා චරිතයක්.මනුස්සයට වගේම සමානව සත්තුන්ටත් ආදරේ කරන හොඳ මනුස්සයෙක්.
    ඒ වගේම මේ ගැන තොරතුරු එකතු කරද්දී මට විවිධ අයුරින් උදව් වුනු සියලුම දෙනාට.

    ඉතින් අන්න එහෙමයි අපි කලුපහනින් දියඇලි මාවතක් දිගේ දුවිල්ල හොයාගෙන ගියපු ගමන.
    එහෙමනම් එලකිරියේ ඔබ සියලුදෙනාටම ජය වේවා.

    :):):):)

     
    • Like
    Reactions: hodakolla

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Niyama gamana machan :) Once in a life time hike ekak

    Issara Lakdasun eke Ashan aiya ge trip reports balala thamayi apith trips plan kale, mama hithanne Ashan tharam lankawe awidapu ekek wena nathuwa athi
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    නකල්ස් ඇතුලේ දවස් ගානක් යන්න අවසර ගන්න ඕනිද බන්?

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Supiri Bro,,, thx for sharing , , yanna asa hithenawa

    Legend bro!


    patta machan..bs+

    අඩෝ පට්ට මචන්..ෆ්‍රී වෙලාවක් අරගෙන ඔක්කොම කියවන්න ඕන..:yes::yes::yes:

    Wenada wagema patta thread ekak..Elakiri eke me wage wadagath thread ekak dakinnath sathutui.....

    පට්ටම ලස්සන ට්‍රේල් එකක් ඒක නම් ❤️



    මාරම ලස්සනයි මචං... :)

    මූ නම් යකෙක් ❤❤❤

    Thank you friends.....:love::love::love: