මහගඟ - දූවිල්ලට යන දියඇලි මාවත...
මහගඟ - දූවිල්ලට යන දියඇලි මාවත...
ආයුබෝවන් අපේ එළකිරි සගයන්ට.....මේක සෑහෙන දිග සංචාරක නූලක්.
මේ ත්‍රෙඩ් එක හා බැඳුනු ත්‍රෙඩ් දෙකක් තියෙනවා,
පලවෙනි එක තමා 2018 නොවැම්බර් වල මම ලියපු - නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය - සහ අපේ Tharindup සහෝදරයා ලියපු - මහගඟ දිගේ -
කියන ත්‍රෙඩ් දෙක.ඒ දෙකේ ලින්ක් දෙකම මම මෙතන අමුණනවා..
- නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය -
http://www.elakiri.com/forum/showthread.php?t=1877250
- මහගඟ දිගේ - ( Tharindup )
http://www.elakiri.com/forum/showthread.php?t=1934526
නූලට අවතීර්ණ වෙන්න කලින් ඒ ගැන මම යමක් කියල ඉන්නම්.
දැනට අවුරුදු 3 විතර කලින් දුම්බර ( නකල්ස් ) කලුපහනට ආගිය ගමනෙන් පස්සේ කිහිප වරක්ම දුම්බර කලුපහනේ යන්න අවස්තාවන් ලැබුනා.
ඔය අතරේ අවුරුදු 7 හෝ 8 විතර උඩදී ලියවුනු බ්ලොග් සටහනක තොරතුරු කිහිපයක් මගේ ළඟ සුරක්ෂිතව තිබුනා. ( ඒ බ්ලොග් සටහන මට ලැබුනේ කොහොමද කියල මට අදටත් මතක නැහැ.)
ඒ බ්ලොග් සටහනේ තිබුනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් දුම්බර කලුපහනේ දුවිලි ඇලි සොයාගෙන යන ගමනක් පිළිබඳව.
මේ පිරිසට මාර්ගය වැරදිලා.
ඒ වගේම තමයි කලුපහනෙන් දුවිලි ඇලි සොයාගෙන යන බොහොමයක් දෙනෙක් මග වරද්දා ගන්නවා.මම දැනුවත්වම කිහිප දෙනෙකුට ඔය දේ සිද්ධ වුනා.දැන් නම් ගොඩක් දෙනෙක් මොබයිල් GPS හෝ කලින් ගිය කෙනෙකුගේ KMZ එකක් trace කරගෙන නිවැරදිව යනවා.
මේ ගැන මම සෑහෙන කල්පනා කළා.ඒ වගේම ඊට විසඳුමක් හොයන්නත් තීරණය කළා.
එකේදී මම උපකාර කර ගත්තේ වනාන්තරයක් ඇතුලෙදි නිර්මාණය වෙන දිය පහරවල් වල බැස්ම සහ දිශාව.
මම මුලින් කියල තියෙනවා වගේ කිහිපවතාවක්ම කලුපහනේ ඇවිදල ඒ අවට දිය පහරවල් සහ ඒවා මොන මොන දිසාවන් ඔස්සේ මොන මොන ගංගා , අතුගංගා වලටද එක් වෙන්නේ කියන දේ ගැන සරල අවබෝධයක් ලබා ගත්තා.
ඒ අනුව - නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය - සොයාගෙන ගිය ගමනේදී මගේ එක අරමුණක් වුනේ මේ කලුපහනෙන් දුවිල්ලට එකතුවෙන ප්‍රධාන ජල පෝෂකය ගවේෂණය කිරීම. ඒ තුලින් මම බලාපොරොත්තු වුනේ දුම්බර දූවිලි ඇලි වලට KMP කලුපහනේ ඉඳලා නොවරදින ගමන් මාර්ගයක් සොයාගෙන යාම.
ඒ කාර්යය වෙනුවෙන් මට අපිරිමිත සහයක් ලබා දුන්නේ මම ගුරු කොට සලකන අශාන් අයියා සහ චාමර අයියා.
මුල ඉඳල සෑම පොඩි තොරතුරක්ම, සිතියමක්ම අපි සාකච්ඡා කළා. ගවේෂණය කළා.
ඒ අනුව අපි තීරණය කළා ඒ ජල පෝෂකය ඔස්සේ දූවිලි ඇලි දක්වා සම්පුර්ණ ගමන් මග සංචාරය කිරීමට.
හැබැයි ඒ වෙනකොට ඒ ඔස්සේ චාරිකා කරලා තිබුණු කිසිම කෙනෙක් ගැන තොරතුරක්වත් අපිට ලැබුනේ නැහැ.
එහි ප්‍රතිපලයක් විදිහට අපිට හැකි වුනා කලුපහනෙන් දූවිල්ලට නව ප්‍රවේශයක් සොයාගැනීමට.ඒක තරමක් දීර්ඝ ප්‍රවේශයක් නමුත් අතිශයින්ම සුන්දර ගමනක්.
ඉතින් ඒ ගමන අපි සම්පුර්ණ කරලා ලංකාවේ වනාන්තර ගවේෂණය කරන සංචාරකයන්ට ඒ මාර්ගය හඳුන්වල දුන්නට පස්සේ තමයි අපේ tharindup සහෝදරය ඒ ගමන ගිහින් ඒ ගැන තොරතුරු ඔබට ගෙනාවේ.
ඉතින් මම හිතුව දැන් ඒ ගැන එළකිරියේ සටහනක් තැබීම සුදුසුයි කියල.
බ්ලොග් සටහනේ නිර්මාතෘ වරයා ඇතුළු ඒ කණ්ඩායමට, අශාන් අයියා, චාමර අයියා සහ මේ ගමනට එකතු වුනු අපේ බුද්ධික මල්ලිට විශේෂයෙන්ම ස්තුති කරනවා.
........................//............................
2019 මාර්තු මාසේ මුල් සතියේ තමා අපි මේ ගමන ගියේ.අපේ කාන්ඩේ 4 දෙනයි. මම , අශාන් , චාමර අයියල දෙපල සහ බුද්ධික.
ගමනේ පහසුව සැලකිල්ලට අරගෙන මම කලින් දවසේ කළුපහන - kmp වාඩියට ආවා.අනිත් 3දෙනා ඊළඟ දවසේ මහගඟ ගමන් ආරම්භක ස්ථානයේදී මුණගැහෙන විදිහට තමා අපි සැලසුම් කලේ.මම kmp ඇවිත් ඊලග දවසේ උදෙන්ම නැගිටලා බත් මුල් කිහිපයකුත් බැඳගෙන උදෑසන 11 වෙද්දී අපි මහගඟ ආරම්භක ස්ථානයේදී මුණ ගැහුනා.
අපේ ගමන සම්පුර්ණ වෙන්න දවස් 3 ගියා.
පළමු දවස මහගඟ ආරම්භයේ සිට දියඇලි මංසන්ධිය දක්වා.
දෙවෙනි දවස දියඇලි මංසන්ධියේ සිට රඹුක්කොලුවට
තුන්වෙනි දවසේ රඹුක්කොලුව සිට දඹුල්ල හරහා නිවෙස්වලට.
මෙතන ඉඳල පින්තුර එක්ක ගමන යමු.
මහගඟ ආරම්භක ස්ථානයට මම යද්දී අනිත් 3 දෙනා ඇවිත්. උදේ 11 විතර තමා අපි එකතු වෙලා ගමන පිටත් වුනේ.
අපේ පලවෙනි නැවතුම වුනේ මහගඟ පළමු විශාල දිය ඇල්ල මුදුන. අපි එතැනදී උදේට කෑම කෑවා.
එතන හොඳ විව් පොයින්ට් එකක්, රිවස්ටන්, මානිගල, මල්කිරිගොඩ කපොල්ල , පිටවල පතන වගේම ගිනිකෙලියා පතන සහ දූවිලි නිම්නයත් එතනට හොඳට පේනවා.
මේ තියෙන්නේ ඒ ඇල්ලේ කඩා වැටෙන ස්ථානය
පලවෙනි ඇල්ලෙන් පහලට බැස්සේ ඊට මදක් එහායින් ගලන කුඩා ඇලමග ඔස්සේ.අපේ තරිඳු ගේ කාණ්ඩය නම් අනිත් පැත්තෙන් බැහැල තිබ්බේ. ඒක අමාරු ප්‍රයත්නයක්.
කුඩා ඇලමග ඔස්සේ බහිද්දී කුඩා දියඇලි 2 හමු වෙනවා. අපි එව්වා කුඩා ඇලමග ඇල්ල 1 සහ 2 කියල නම් තැබුවා.
( මේ නම් තැබීම අපේ පහසුව වෙනුවෙන් කරපු එව්වා මිසක් මිනින්දෝරු සිතියමේ මෙව්වා සඳහන් වෙන්නේ නැහැ. )
කුඩා ඇලමග ඇල්ල 1
කුඩා ඇලමග ඇල්ල 2
මේ තියෙන්නේ අර මුලින් අපි මුදුනට ආපු දිය ඇල්ලේ පැත්තෙන් පේන විදිහ.
මේ පින්තුරේ ඉන්නේ අපේ චාමර අයියා.මේ දිය ඇල්ලට අපි දාපු නම තමයි ''කළුපහන එනසාල් වත්ත ඇල්ල '' ( Cardamom estate fall )
මෙතන ඉඳල මහගඟ සහ කුඩා ඇලමග දෙකම එකම දියපහරක් වෙලා තමයි ගලන්නේ.එතනින් පස්සේ දිගටම අපි වතුර පාර ඔස්සේ පහලට ගමන් කළා.
කලින් නොවැම්බරයේ මම මේ ටික තනියම ගිය නිසා අපහසු ස්ථාන කලින් අඳුනගෙන හිටි නිසා ගමන තරමක් පහසු වුනා.
ස්ථාන කිහිපයකදීම අනවසර එනසාල් කරුවන්ගේ ආ ගිය අවශේෂ අපිට දකින්න ලැබුනා.
අපේ බව් බව් මෑන්. බුද්ධික මල්ලි.
පොඩි පොඩි දියඇලි හැම තැනම..
මැරුණු ඉත්තැවෙකුගේ අවශේෂ..
මේ ඉන්නේ මම තමා ඉතිං. මෙතන ටික කාලෙකට උඩදී කවුරු හරි ඉඳපු බවක් පේන්න තිබුන.
අපි ඊළඟට ලඟා වුනේ දෙවෙනි විශාලම දිය ඇල්ල ගාවට.කලින් වතාවේදී මම ඒකට නම් තිබ්බේ '' මහේශාක්‍ය ඇල්ල '' කියල.
මෙදා වතාවේ වතුර තරමක් අඩු වුනාට ලස්සනේ අඩුවක් නම් තිබ්බේ නැහැ. අශාන් අයියා ඉස්සර වෙලා ඇල්ලේ මැද කොටසට බහින්න අපිට හැකි වුනා.
ඉතාම ලස්සන දිය ඇල්ලක්.
ඔය තියෙන්නේ මහේශාක්‍ය ඇල්ලේ මැද කොටස. ඔය ඉන්නේ අශාන් අයියා.
මේ තියෙන්නේ මහේශාක්‍ය ඇල්ල. මම දැකපු ලස්සනම ඇල්ලක්.
මේ යටින් තියෙන්නේ නොවැම්බරයේදී මම මුලින්ම දැකපු අවස්තාව.
මහේශාක්‍ය ඇල්ලෙන් පස්සේ තවදුරටත් දිය පාර ඔස්සේ පහලට බැස්සම හම්බුනේ තුන්වෙනි විශාලම දිය ඇල්ලේ මුදුනට. කලින් වතාවේ මම මෙතනින් එහාට ගියේ නැහැ.මොකද මට එදා මෙතනින් පහලට යන විදිහ ගැන අදහසක් ගන්න බැරි වුනා සහ කාලය මදි වුනා.
අශාන් අයියගේ අදහස වුනේ අපි කැලේ වටෙන් ගිහින් දිය පාරට බැහැල නැවත දිය පහරේ උඩට ඇවිත් ඇල්ල පාමුලට එමු කියල. ඒ අනුව අපි වනයට ඇතුල් වුනා.
අපිට ඒ යද්දී පැරණි එනසාල් වගා කරුවන්ගේ නිර්මාණ වල නටඹුන් දක්නට ලැබුන.
ඒ දිය ඇල්ලත් හරි ලස්සනයි.පළලින් වැඩි ලොකු ගල් බිත්තියක් දිගේ වැටෙන්නේ.
මේ හරියේ බහුලව මාඋස්සා කියන විෂ පැළෑටිය තිබුනා.මාඋස්සා ඇඟේ වැදුනත් එක්ක.
මේ දිය ඇල්ලට පහු දවසක ගිය වෙනත් කාණ්ඩයක් ''මාඋස්සා ඇල්ල '' කියල නමක් යෝජනා කළා. මම හිතන්නේ ඒ නම හොඳටම ගැලපෙනවා.
මාඋස්සා ඇල්ලේ මුදුන. කලින් මම මෙතනට ඇවිත් මෙතනින් හැරිලා ගියා.
ගල් පඩිපෙල. මේක ඉස්සර එනසාල් වතු තිබුණු කාලේ කරපු නිර්මාණයක්.
මෙතනින් තමා අපි නැවත ගඟට එකතු වුනී. ඊට පස්සේ ගඟේ ටිකක් උඩට ගියා මාඋස්සා ඇල්ලේ පාමුල වෙනකම්.
මා උස්සා ඇල්ල...
මා උස්සා ඇල්ලෙන් පස්සේ වැඩි දුරක් යන්න කලින් අපිට තවත් ලස්සනම දිය ඇල්ලක් දකින්න පුළුවන් වුනා.
ඒකත් ඉතාම ලස්සනයි.ඒ වගේම ඒ ඇල්ලේ පාමුල හොඳට ඉඩකඩ තියෙනවා.රැයක් ඉන්න හිතෙන තැනක්.
( නමුත් මම 3 වෙනි වතාවට මහගඟ දිගේ යද්දී මෙතන ගහක දෙබර කුඩයක් තියෙනවා දැක්කා )
මේ ඇල්ලට අශාන් අයියා තියපු නම තමයි '' නකල්ස් පරාදීසයේ '' ඇල්ල කියල.
ඇත්තටම එතන පොඩි පාරාදීසයක් වගේ තමයි.
අපේ ගමනේ නිල සමූහ ඡායාරුපය අපි මෙතැනදී ගත්තා.
මෙතන ඉන්න ඇත්තටම හිත තිබුනත් තවත් කාලය ඉතුරු නිසාත්, ඉදිරියට කොච්චර දුරක් යන්න තියෙනවද කියල දන්නේ නැති නිසාත් අපි තවත් ඉස්සරහට යන්න තීරණය කළා.
නකල්ස් පාරාදීසයේ ඇල්ල සහ අපි.
පරාදීසයේ ඇල්ලට පහලින් ඇති කොටස
Knuckles paradise fall and lower fall.
මහාගඟේ දැකපු ලස්සනම ඉසව්වක්...
ගඟ මැද්දේ ගොඩබිම උස් වෙලා හැදුනු පොඩි දුපතක් වගේ ගොඩැල්ලක්.
( photo captured by chamara ayiya )
මෙතනින් පස්සේ තරමක් දුරක් අපි ගඟ දිගේ පහලට ගමන් කළා.ගඟ සාමාන්‍ය ආනතියකින් පහලට බැස්ම තිබුනේ. විශාල දියඇලි, සැඩ රළු ගල්පර දකින්න ලැබුනේ නැහැ.
ඔහොම තරමක් දුර පහලට බහිද්දී මහගඟ ට එකතු වෙන තවත් අතු ගංගාවක් දකින්න ලැබුනා.
අර ත්‍රෙඩ් එකේ මම මුලින්ම සඳහන් කරපු බ්ලොග් සටහනේ තිබුණු පරිදි ඒ කණ්ඩායම කලුපහනෙන් පැමිණිලා මෙතන හරහා තමයි දුවිලි ඇලි දක්වා පැමිණ තිබුනේ.
අන්න ඒ කරුණු සැලකිල්ලට ගෙන ඒ අතු ගංගාව කලුපහනේ හේමචන්ද්‍ර නටඹුන් වාඩිය තියෙන ඉසව්වෙන් ආරම්භ වෙන බව අපිට පැහැදිලි වුනා.
ඒ අනුව අපි මේ දිය ඇල්ල '' හෙමචන්ද්‍ර වත්ත ඇල්ල '' කියල නම් තැබුවා.මහගඟ ට වඩා අඩු ජල ධාරිතාවක් තමා ඒකෙ තිබුනේ. හැබැයි ඒ දිය ඇල්ලත් අතිශයින් මනස්කාන්ත දිය ඇල්ලක්.
ඒ වගේම ගමනේදී අපි දැකපු විශාල දිය ඇලි වලින් 4 වෙනි එක සහ අන්තිම එක.
මේ ඇල්ලේ නිර්මාණය වෙන ගල් බිත්තියේ රටාවන් වල අමුතුම ලස්සනක් තියෙන්නේ.
හෙමචන්ද්‍ර වත්ත ඇල්ල...
අපි හේමචන්ද්‍ර වත්ත ඇල්ල කිට්ටුවට එද්දී හවස 5 විතර ඇති. තව පොඩ්ඩක් කාලය තියෙන නිසා අපි තවත් ටිකක් පහලට ගියා.
මහගඟ ඒ ඉසව්වෙදී තරමක් ආනතියකින් ගලා බැස්සේ.ඒ නිසා පොඩි පොඩි දිය ඇලි කිහිපයක්ම දකින්න ලැබුනා.
ඔහොම ඉස්සරහට යද්දී අපේ ගමනේ තවත් එක් සුවිශේෂී ස්ථානයකට අපි එළඹුනා.
ඒ තමයි නාරං අත්ත ඔය හමුවීම.අපි මුලින් බලාපොරොත්තු වුනේ නාරං අත්ත ඔයේ රාත්‍රී කඳවුරු බඳින්න. ඒ නිසා අපි විනාඩි 5 විතර නාරංඅත්ත ඔයේ උඩහට ගියා.
නමුත් ඊට සුදුසු තැනක් නොතිබුණු නිසා අපි තීරණය කළා නැවත ආපස්සට ඇවිත් මහ ගඟේ තරමක් උඩින් තියෙන සුදුසු ඉසව්වක් තෝරගෙන රෑට කඳවුරු බඳින්න.
අපි කුඩාරම් අටවපු තැනත් හරිම ලස්සන තැනක්. එතන පහලින් පොඩි දිය ඇල්ලක් නිර්මාණය වුනු නිසා අපි එතනට campsite fall කියල නම තිබ්බා.
එතන ඇත්තටම කඳවුරු භූමියකට සුදුසු තැනක්. හොඳට ඉඩකඩ තියෙනවා, ඒ වගේම ගඟෙන් තරමක් දුරින් නිසා ආරක්ෂාව තියෙනවා.
මියගිය වඳුරෙකුගේ අවශේෂ.ඇත්තටම මෙතන තමයි අපි රෑ කුඩාරම් ගැහුවේ.
Campsite Fall - මෙතනට උඩින් තමා අපි නැවතුනේ.
මේ ඇල්ලට නමක් තිබ්බේ නම් නැහැ. මේක දැක්කම මතක් වුනේ හෝටන් තැන්නේ බේකර්ස් ඇල්ල. ඒ වගේ හැඩයක් තියෙන්නේ.
මේ තියෙන්නේ නාරංඅත්ත ඔය. ඔතනට ටිකක් පහලින් නාරංඅත්ත ඔය සහ මහගඟ දෙක එකට එකතු වෙනවා.ඊට පස්සේ තනි ගංගාවක් විදිහට ගිහින් කළුගඟ ට එකතු වෙනවා.
නාරං අත්ත ඔයේ ගල් තලාවක කොටලා තියෙන මිනින්දෝරු සලකුණ.ඒ කියන්නේ මෙට්‍රික් සිතියමේ මේ ස්ථානය සලකුණු වෙලා තියෙනවා කියන එක.
නාරංඅත්තේ කුඩා දිය ඇලි .නාරං අත්ත ඔය දිගේ ටිකක් උඩට ගියා. නමුත් කුඩාරම අටවන්න සුදුසු තැනක් දකින්න ලැබුනේ නැති නිසා අපි ආපහු මහගඟ ට ඇවිත් නැවත ආපස්සට ගියා.
ආපහු ඇවිත් Campsite fall එක මුදුනට ආවා. අපි මෙතන තමා කඳවුරු හැදුවේ..
ඔය විදිහට අපි කුඩාරම් අටවල ඉවර වෙද්දී හවස කළුවර වැටෙන්න පටන් අරගෙන ඉවරයි.
එදා රෑට උයන්න අවශ්‍ය තාවයක් තිබුනේ නැහැ. මොකද අපි උදේට කෑම කද්දී 12 විතර වුනා.ඒ නිසා අපි දවල්ට බිස්කට් වලින් සෑහුණු නිසා මම උයාගෙන ආපු බත් ටික රෑට කෑවා. කාලා ඉවර වෙලා සීතල යන්නත් එක්ක ගිනි මැලයක් ගහල තේ එකක් හදාගෙන බිව්වා.
එදා දවස ගැන සමාලෝචනයක් සහ පහුවදා දවස ගැනත්, දුවිලි ඇලි වලින් එලියට යන දිසාව ගැනත් තමයි එදා රෑ අපේ මාතෘකාව වුනේ.
ඒ වගේම අපේ බුද්ධික මල්ලි පොඩි අප්‍රිකානු සංගීත භාණ්ඩයක් අරගෙන ඇවිත් තිබුනා.''කලිම්බා'' ( Kalimba ) කියල පොඩි සංගීත භාණ්ඩයක්. මට පොටෝ එකක් ගහන්න නම් බැරි වුනා.ඒකත් රසවිඳිමින් තමා අපි ඒ රාත්‍රිය ගත කලේ.

( තවත් විශේෂ කාරණයක් කියන්න ඕනේ,මේ සේරම මංපෙත් වලට අමතරව දූවිලි ඇල්ලට ලඟා වෙන්න පුළුවන් වඩාත් සුන්දරම මංපෙතක් ගවේෂණය කරන්නට මමත්, තව අපේ ගවේෂක කණ්ඩායමකටත් හැකියාව ලැබුනා.
ඒ මංපෙත මීට කලින් සම්පුර්ණයෙන්ම ගවේෂණය කරලා තිබුනේ නෑ.ඒ මාර්ගය දුවිලි ඇලි වලට ලඟා වෙන්න පුළුවන් වඩාත් සුන්දරම මාර්ගය බව අවිවාදයෙන්ම කියන්න පුළුවන්.
ඒ වගේම දුෂ්කරම මාර්ගය. එහි හමුවුණු දිය ඇලි කිහිපයකටම නම් තියන්නත් මට අවස්තාව ලැබුනා.
මොකද ඒක කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා කිහිප වතාවක් තනියම ඒ ඔස්සේ නියමු චාරිකා ගිහින් සම්පුර්ණ ගවේෂණය සුදානම් කිරීම වෙනුවෙන්.
ඒක අපි නම් කලේ කළුපහන - දිය ඇලි මාවත කියල.ඒක ගැන නම් තවමත් පබ්ලික් ෆෝරම් එකක ලියන්න මට කොහෙත්ම අවසරයක් නෑ.එහෙම ලැබුණු දවසට මම ලියන්නම්. )
නූලට අවතීර්ණ වෙන්න කලින් ඒ ගැන මම යමක් කියල ඉන්නම්.
දැනට අවුරුදු 3 විතර කලින් දුම්බර ( නකල්ස් ) කලුපහනට ආගිය ගමනෙන් පස්සේ කිහිප වරක්ම දුම්බර කලුපහනේ යන්න අවස්තාවන් ලැබුනා.
ඔය අතරේ අවුරුදු 7 හෝ 8 විතර උඩදී ලියවුනු බ්ලොග් සටහනක තොරතුරු කිහිපයක් මගේ ළඟ සුරක්ෂිතව තිබුනා. ( ඒ බ්ලොග් සටහන මට ලැබුනේ කොහොමද කියල මට අදටත් මතක නැහැ.)
ඒ බ්ලොග් සටහනේ තිබුනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් දුම්බර කලුපහනේ දුවිලි ඇලි සොයාගෙන යන ගමනක් පිළිබඳව.
මේ පිරිසට මාර්ගය වැරදිලා.
ඒ වගේම තමයි කලුපහනෙන් දුවිලි ඇලි සොයාගෙන යන බොහොමයක් දෙනෙක් මග වරද්දා ගන්නවා.මම දැනුවත්වම කිහිප දෙනෙකුට ඔය දේ සිද්ධ වුනා.දැන් නම් ගොඩක් දෙනෙක් මොබයිල් GPS හෝ කලින් ගිය කෙනෙකුගේ KMZ එකක් trace කරගෙන නිවැරදිව යනවා.
මේ ගැන මම සෑහෙන කල්පනා කළා.ඒ වගේම ඊට විසඳුමක් හොයන්නත් තීරණය කළා.
එකේදී මම උපකාර කර ගත්තේ වනාන්තරයක් ඇතුලෙදි නිර්මාණය වෙන දිය පහරවල් වල බැස්ම සහ දිශාව.
මම මුලින් කියල තියෙනවා වගේ කිහිපවතාවක්ම කලුපහනේ ඇවිදල ඒ අවට දිය පහරවල් සහ ඒවා මොන මොන දිසාවන් ඔස්සේ මොන මොන ගංගා , අතුගංගා වලටද එක් වෙන්නේ කියන දේ ගැන සරල අවබෝධයක් ලබා ගත්තා.
ඒ අනුව - නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය - සොයාගෙන ගිය ගමනේදී මගේ එක අරමුණක් වුනේ මේ කලුපහනෙන් දුවිල්ලට එකතුවෙන ප්‍රධාන ජල පෝෂකය ගවේෂණය කිරීම. ඒ තුලින් මම බලාපොරොත්තු වුනේ දුම්බර දූවිලි ඇලි වලට KMP කලුපහනේ ඉඳලා නොවරදින ගමන් මාර්ගයක් සොයාගෙන යාම.
ඒ කාර්යය වෙනුවෙන් මට අපිරිමිත සහයක් ලබා දුන්නේ මම ගුරු කොට සලකන අශාන් අයියා සහ චාමර අයියා.
මුල ඉඳල සෑම පොඩි තොරතුරක්ම, සිතියමක්ම අපි සාකච්ඡා කළා. ගවේෂණය කළා.
ඒ අනුව අපි තීරණය කළා ඒ ජල පෝෂකය ඔස්සේ දූවිලි ඇලි දක්වා සම්පුර්ණ ගමන් මග සංචාරය කිරීමට.
හැබැයි ඒ වෙනකොට ඒ ඔස්සේ චාරිකා කරලා තිබුණු කිසිම කෙනෙක් ගැන තොරතුරක්වත් අපිට ලැබුනේ නැහැ.
එහි ප්‍රතිපලයක් විදිහට අපිට හැකි වුනා කලුපහනෙන් දූවිල්ලට නව ප්‍රවේශයක් සොයාගැනීමට.ඒක තරමක් දීර්ඝ ප්‍රවේශයක් නමුත් අතිශයින්ම සුන්දර ගමනක්.
ඉතින් ඒ ගමන අපි සම්පුර්ණ කරලා ලංකාවේ වනාන්තර ගවේෂණය කරන සංචාරකයන්ට ඒ මාර්ගය හඳුන්වල දුන්නට පස්සේ තමයි අපේ tharindup සහෝදරය ඒ ගමන ගිහින් ඒ ගැන තොරතුරු ඔබට ගෙනාවේ.
ඉතින් මම හිතුව දැන් ඒ ගැන එළකිරියේ සටහනක් තැබීම සුදුසුයි කියල.
බ්ලොග් සටහනේ නිර්මාතෘ වරයා ඇතුළු ඒ කණ්ඩායමට, අශාන් අයියා, චාමර අයියා සහ මේ ගමනට එකතු වුනු අපේ බුද්ධික මල්ලිට විශේෂයෙන්ම ස්තුති කරනවා.
........................//............................
2019 මාර්තු මාසේ මුල් සතියේ තමා අපි මේ ගමන ගියේ.අපේ කාන්ඩේ 4 දෙනයි. මම , අශාන් , චාමර අයියල දෙපල සහ බුද්ධික.
ගමනේ පහසුව සැලකිල්ලට අරගෙන මම කලින් දවසේ කළුපහන - kmp වාඩියට ආවා.අනිත් 3දෙනා ඊළඟ දවසේ මහගඟ ගමන් ආරම්භක ස්ථානයේදී මුණගැහෙන විදිහට තමා අපි සැලසුම් කලේ.මම kmp ඇවිත් ඊලග දවසේ උදෙන්ම නැගිටලා බත් මුල් කිහිපයකුත් බැඳගෙන උදෑසන 11 වෙද්දී අපි මහගඟ ආරම්භක ස්ථානයේදී මුණ ගැහුනා.
අපේ ගමන සම්පුර්ණ වෙන්න දවස් 3 ගියා.
පළමු දවස මහගඟ ආරම්භයේ සිට දියඇලි මංසන්ධිය දක්වා.
දෙවෙනි දවස දියඇලි මංසන්ධියේ සිට රඹුක්කොලුවට
තුන්වෙනි දවසේ රඹුක්කොලුව සිට දඹුල්ල හරහා නිවෙස්වලට.
මෙතන ඉඳල පින්තුර එක්ක ගමන යමු.
මහගඟ ආරම්භක ස්ථානයට මම යද්දී අනිත් 3 දෙනා ඇවිත්. උදේ 11 විතර තමා අපි එකතු වෙලා ගමන පිටත් වුනේ.
අපේ පලවෙනි නැවතුම වුනේ මහගඟ පළමු විශාල දිය ඇල්ල මුදුන. අපි එතැනදී උදේට කෑම කෑවා.
එතන හොඳ විව් පොයින්ට් එකක්, රිවස්ටන්, මානිගල, මල්කිරිගොඩ කපොල්ල , පිටවල පතන වගේම ගිනිකෙලියා පතන සහ දූවිලි නිම්නයත් එතනට හොඳට පේනවා.
මේ තියෙන්නේ ඒ ඇල්ලේ කඩා වැටෙන ස්ථානය
පලවෙනි ඇල්ලෙන් පහලට බැස්සේ ඊට මදක් එහායින් ගලන කුඩා ඇලමග ඔස්සේ.අපේ තරිඳු ගේ කාණ්ඩය නම් අනිත් පැත්තෙන් බැහැල තිබ්බේ. ඒක අමාරු ප්‍රයත්නයක්.
කුඩා ඇලමග ඔස්සේ බහිද්දී කුඩා දියඇලි 2 හමු වෙනවා. අපි එව්වා කුඩා ඇලමග ඇල්ල 1 සහ 2 කියල නම් තැබුවා.
( මේ නම් තැබීම අපේ පහසුව වෙනුවෙන් කරපු එව්වා මිසක් මිනින්දෝරු සිතියමේ මෙව්වා සඳහන් වෙන්නේ නැහැ. )
කුඩා ඇලමග ඇල්ල 1
කුඩා ඇලමග ඇල්ල 2
මේ තියෙන්නේ අර මුලින් අපි මුදුනට ආපු දිය ඇල්ලේ පැත්තෙන් පේන විදිහ.
මේ පින්තුරේ ඉන්නේ අපේ චාමර අයියා.මේ දිය ඇල්ලට අපි දාපු නම තමයි ''කළුපහන එනසාල් වත්ත ඇල්ල '' ( Cardamom estate fall )
මෙතන ඉඳල මහගඟ සහ කුඩා ඇලමග දෙකම එකම දියපහරක් වෙලා තමයි ගලන්නේ.එතනින් පස්සේ දිගටම අපි වතුර පාර ඔස්සේ පහලට ගමන් කළා.
කලින් නොවැම්බරයේ මම මේ ටික තනියම ගිය නිසා අපහසු ස්ථාන කලින් අඳුනගෙන හිටි නිසා ගමන තරමක් පහසු වුනා.
ස්ථාන කිහිපයකදීම අනවසර එනසාල් කරුවන්ගේ ආ ගිය අවශේෂ අපිට දකින්න ලැබුනා.
අපේ බව් බව් මෑන්. බුද්ධික මල්ලි.
පොඩි පොඩි දියඇලි හැම තැනම..
මැරුණු ඉත්තැවෙකුගේ අවශේෂ..
මේ ඉන්නේ මම තමා ඉතිං. මෙතන ටික කාලෙකට උඩදී කවුරු හරි ඉඳපු බවක් පේන්න තිබුන.
අපි ඊළඟට ලඟා වුනේ දෙවෙනි විශාලම දිය ඇල්ල ගාවට.කලින් වතාවේදී මම ඒකට නම් තිබ්බේ '' මහේශාක්‍ය ඇල්ල '' කියල.
මෙදා වතාවේ වතුර තරමක් අඩු වුනාට ලස්සනේ අඩුවක් නම් තිබ්බේ නැහැ. අශාන් අයියා ඉස්සර වෙලා ඇල්ලේ මැද කොටසට බහින්න අපිට හැකි වුනා.
ඉතාම ලස්සන දිය ඇල්ලක්.
ඔය තියෙන්නේ මහේශාක්‍ය ඇල්ලේ මැද කොටස. ඔය ඉන්නේ අශාන් අයියා.
මේ තියෙන්නේ මහේශාක්‍ය ඇල්ල. මම දැකපු ලස්සනම ඇල්ලක්.
මේ යටින් තියෙන්නේ නොවැම්බරයේදී මම මුලින්ම දැකපු අවස්තාව.
![]()
'' මහේශාක්‍ය ඇල්ල '' ( Majestic fall )