උඹ එක්ක මම එකඟයි මචන්.. මයිත්‍රී පාලනය ගැන ප්‍රශ්න මතුවෙන තැන බොහොමයි.. මගේ පුද්ගලික මතය නම් තවම මයිත්‍රී පාලනය ගැන පැහැදිලි තීරණයක් ගන්න කල් වැඩියි කියන එකයි.. බලයට පත් වෙච්ච ජනාධිපති කෙනෙක් විදිහට වංචා ගැන හෝ අපරාද ගැන හෝ ක්‍රියාත්මක වෙන්න හිතන තරම් ලේසියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලයි මම හිතන්නේ.. අපි ජනතාව විදිහට හොරු ටික හිරේ දානකම් බලන් හිටියට ඒ තීරණය ගන්න පුද්ගලයාට තව හිතන්න කරුණු කාරනා රාශියක් තියෙනවා බන්.. මම මෙහෙම කියල අදහස් කරන්නේ නැහැ අපරාද කාරයින් දේශපාලන වාසි තකා නිදහස් කලයුතුයි කියල..
එත් පවතින දේශපාලන වාතාවරණය ඇතුලේ ප්‍රදානම අවශ්‍යතාවය වෙන්නේ නැවතත් පාලන බලය රාජපක්ෂ අතට යාම වළක්වාගෙන මේ රට සංවර්ධනය කරා අරන් යන එක.. මම මේ කියන කාරණේ හරියටම තණකොළ මිටියයි, එලුවයි, කෝටියයි එක්ක ගඟෙන් එගොඩ වෙනවට වඩා අසීරු කාරණයක් මම හිතන විදිහට.. වංචා දුෂණ චෝදනා තියන පුද්ගලයින් මේ වෙලාවේ එයාලට හිමි ජන බලය උපරිමයෙන් භාවිතා කරලා උත්සහ කරන්නේ නීතියෙන් ගැලවිලා නැවත බයට පත්වෙන්න.. අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂ බලය අල්ලන්න දහසක් දේ කරනවා.. සුළු පක්ෂ මේ බොර වතුරේ ජයට මාළු බාන්න උත්සාහය..ඒ අස්සේ රනිල් අගමැති වෙන්න ට්‍රයි.. ප්‍රධාන පක්ෂ දෙක හත් අට පොළකට කැඩිලා විසිරිලා.. මේ කරුණු කාරනා එක්ක මයිත්‍රී පාලනය සැලසුම් කරපු ඉලක්කය කරා මෙහෙයවන එක ඉතාමත් අසීරු කාරණයක් කියල මම හිතනවා.. ඒ හින්ද මේ වෙලාවේ මම පුද්ගලිකව හිතන්නේ ලොකු ඉලක්කයක් ගන්නේ නැතුව මහින්දගෙනුත් , රනිල්ගේනුත් මේක දැනට බෙරගත්තනම් දැනට ඇති..ඉතුරුව ඊට පස්සේ.. මයිත්‍රී බලයට පත් උනේ ලොකු අභියෝගයක් එක්ක.. මේ අභියෝගය ජයගන්න පුළුවන් උනිත් රටට අනාගතයක් ගැන හිතන්න පුළුවන් වෙයි.. ඒ ඇරෙන්න මේ පාර්ලිමේතුවේ ඉන්න බලයට තන්හාව තියන බුරු රැල ඉන්නකම් අපේ රට ගොඩ යනව බොරු..
මිනිස්සුත් මේ බුරු රැල කියනදේවල් අහගෙන පක්ෂ දේශපාලනේ කරනකම් ලංකාවට අබ සරණයි මචන්..කවදාවත් ගොඩ ඒමක් නම් නැහැ..