ගෙදර ගොස් තාපසයෙකු සේ ජනතාව ඉදිරියේ පෙනී සිටින මහින්ද නම් චෞර රජා
යුද්දයෙන් පසුව අපේ සල්ලි සුද්ධ කල හැටි බිඳක් පමණි...තව ඉදිරියට අපි හෙළි කරන්නෙමු
ජනාධිපතිවරයාගේ වසර හයක ගමන් වියදම් රුපියල් තුන්සිය අසූ කෝටි හතලිස් ලක්ෂ අසූ තුන්දහසක් (රු. 3,804,083,000) කි. 2008 වසරේ රුපියල් 385,727,000) වූ එම වියදම පසුගිය වසර (2013) අවසන් වන විට රු.1,172,388,000) දක්වා තුන්ගුණයකට වැඩි ප්රමාණයකින් ඉහළ දමා ගත්තේය. එම වියදමේ විශේෂත්වය වන්නේ යුද්ධය අවසන් වූ 2009 වසර අවසානයේ ගමන් වියදම් රුපියල් තිස්හත් කෝටි අනූහය ලක්ෂ පනස් එක් දහසක් (රු.379,651,000) වූ අතර යුද්ධය අවසන් වීමත් සමගම එය අති විශාල ලෙස ඉහල ගියේ පව්ලේ අයගේ ගමන් වියදම් සඳහාය. පුතුන්ට දිනකට අශ්වයින් පැදීමට පමණක් නුවරඑලියට යාමට හෙලිකොප්ටරයකට යන වියදම පමණක් සිතන්න ?
2010 වසරේ සිට 2012 වසර දක්වා පිළිවෙලින් එම වියදම මෙසේය
2010 වසරේ රුපියල් තිස්අට කෝටි අනූ එක් ලක්ෂ හතලිස් හත් දහසක් (රු.389,147,000)
2011 හැටහත් කෝටි තිස්පන් ලක්ෂ හතලිස් එක් දහස (රු.673,541,000)
2012 වසරේ අසූ කෝටි තිස්හය ලක්ෂ විසිනව දහසක් (රු.803,629,000)
ආඩම්බරකාර ජාතියේ භාරකරුවන් ජාතියට කෙලවුයේ මෙසේය. අවසානයේදී උතුරු නැගෙන හිර දෙමල හා මුස්ලිම් ජනතාවට වරද පටවා පරාජයේ වේදනාව යටපත් කිරීමට උත්සහ ගත්තද ඔබ ගෙදර යැවීමට මේ රටේ සිංහල චන්ද ලක්ෂ 50 ක් දායක වුයේ ඔබ ඇතුළු පවුලේ සාමාජිකයින් කල මහදවල් මංකොල්ලයට පිළිතුරු ලෙස බව සිතට ගන්න ..!
2015 දී මහින්ද නාමය පිම්බීම වෙනුවෙන් මෙවර මැතිවරණයේදී රුපියල් බිලියන 500 ක් මහජන මුදල් වියදම් වීම මේ සියල්ලම අභිබවා ඇත.