මහින්දාගමනය හෙවත්, ඔබාමා ලංකාවේදී චීනාට &#3508

tedy

Member
Feb 2, 2015
80
7
0
මහින්දාගමනය හෙවත්, ඔබාමා ලංකාවේදී චීනාට &#3508

- Xi Jin Pin Defeat Obama in Sri Lanka







යහ පාලනයක් ඇති කිරීමට පත් කල ඔලමොට්ටල නායකයකු නිසා, මෙතෙක් පැවති මිලෙඡ්ච්ම හා කෘර මැතිවරණ සටණ දැක බලා ගැනීමට අපේ ජහ මනයාට වාසනාව පෑදිලාය. පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ඕවර් මැච් හා විස්සයි විස්සේ මැච් සැට් එක කැන්සොල් කොලත් අවුලක් නැතිය, ඩී වී උපුල්ලා, රත්තරන්ලා, මහින්දානන්දලා, සොයිසලා, ජොනීලා, දයාසොරිලා ගොබ්බ අලියන්ට එලවා එලවා ගහනවා බලා ආතල් එකේ හොඳම එකෙන් ගන්න පින් ලැබෙනවාය.


සිඳූ වූයේ කුමක්ද කියා ඉස්ටේසොන් ඉස්සරහා රුහුණු කුමාරි සයිස් බැනර් එල්ලගෙන, හොල්මන්ද බේරේ පොල් කොල වෙලා, මෛත්‍රීපාලගේ පලු අරින ආචාර්ය මහාචාර්ය වරුන්ගේ පොල් ගෙඩි සයිස් ඔළු ගෙඩි වලට වැටහුනේ නැති වුවද, මාතලන් වගේ හාල්පාරුවන් නම් සෝමරත්න දිසානායක නම් කාළකන්නියා රූපවාහිනියට පත් කල වෙලේ පටන්ම කිව්වේ, වෙන්නට යන්නේ පුද්ගලයන් වෙනස් වීමක් මිස, ක්‍රමයේ වෙනසක් නොවනා බවමය.


මාතලන් කිසි අවුලක් නැතිව කිව්වේ, 19 කියන්නේ අමුම අමු සෙප්පඩ විජ්ජාවක් බවය. අර්ජුන මහේන්ද්‍රගේ කේස් එකෙන් අලින්ට අසූචි නාගන්න දී, උන් කවර් කරන්නේත් ගේමේම එක කොටසක් ලෙස බවත් අපි පැහැදිලිවම කිව්වෙමු. මළහත්තිලව් 20 ක් උස්සාගෙන විත් ඒක සම්මත නොකිරීමේ වරදත් ගොන් අලින්ට පවරා, මෛත්‍රීපාල උන්නැහේ මම බබා පාට් එක අපූරුවට රඟපෑවේය.


එජාප ශ්‍රි ලංකා පක්ෂ දෙකේම ඉතිහාසයේ මෙතෙක් පහළවූ හාල්පාරුම් නායකයන් දෙදෙනෙකුගේ එකතුවෙන්, මේ රටේ සිඳූවූ දරුණුම ආර්ථික අවපාතයට රට මුහුණ දුන්නා මෙන්ම, (අපරාදේ කියන්නේ මෙළෝ හසරක් නොදන්න විස්කි මැඩම්ගේ කාලයේ වත් ආර්ථිකයට මේ තරම් කෙල වූයේ නැත. අනික ඒ කාළේ පිරබාහරන් මහතාද මැක්සිමම් ආතල් දුන්න කාලයක්ය.) මෙතරම් කෙටි කලකින් තුඃ නොදෝමකින් කියනා තත්වයට පත් වූ ආන්ඩුවත් මෙයම වන්නේය. එකෙකුට එකෙක් ගල් ආඳ ගේම් දෙමින් ගෙනගිය පාලනය අවසාන වන්නේ, දෙන්නාටම කෙල වීමෙන්ය


යහපාලනයට ඡන්දය දුන් ටොයියන්ද කියන්නට පටන් ගත්තේ, මේ වගේ ගොබ්බ ආන්ඩුවක් පත් කර ගත්තාට වඩා මහින්ද මහත්තයා උන්නා නම් මීට වඩා දස දහස් වරක් හොඳයි කියාය. ඇත්තටම මහින්ද පැරදුනේ රජයේ දේපල යටි මඩි ගැසූ නිසාවත්, ජාතිවාදියකු වූ නිසාවත් නොවේ. සාමාන්නිය ජහ මනයා කියන උන්ගේ බඩට කෙලි නිසාමය. 70-77 වගේම මහ උන් කෑවාට පොඩි උන්ට දුන්නේ නැති හින්දාය. රනිල් ආවත් හොරකම් කොරනවා නම්, ඒ යකා කොරන්නෙත් හොරු රකිනා එක නම්, ඇත්තටම රනිල්ට වඩා මහින්ද දහස් ගුණයක් හොඳය.


මෛත්‍රී නොමිනේසොන් දුන්නත් නොදුන්නත්, මහින්ද හා මහින්දගේ කල්ලිය අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එනවාමය. අපේ උන් කැමති, මහාචාර්ය හරේන්ද්‍ර සිල්වාට වඩා, සාරුවා සුනිල් දියවන්නාවේ ඉන්නවාටය. ජස්ටිස් වරාවැවට වඩා, ජරාවැඩ වලට නමගිය දියවන්නාවේ බඩු ගැසු, සරත් නන්ද සිල්වාටය. දියවන්නාවා ගාව බඩු ගහනා එක, දියවන්නාව තරණයට කොලිපිකේසොන් එකක් වෙන්නේ එහෙමය. සුමිත්‍රා රාහුබද්දලාට වඩා, පබා, මාලනීලාටය. ඒ අපේ අති සෙරේස්ට සඟිස්කෘත්‍යද මක්කද රෙද්දේ හැටිය.


මේ ජන වින්නානේද කොඩිවිනේද මක්කද එකට ගැලපෙන අපූරු රජෙක් 2005 දී මේ රටේ බුද්ධිමත් ජනතාවට දෙවියන් වහන්සේ එව්වේය. රාවණා එනකන් බලාගෙන උන්න උන්ට, රාවණා ඉතරක් නොව එයාගේ මල්ලී විභිසොනත් හම්බ උනේය. යෙසුස් වහන්සේ එනකන් බලාගෙන ඉන්නා උන්ට, යේසුස් නොව දෙවියන් වහන්සේම රැවුලකුත් වවාගෙන සාටකේකුත් පොරවාගෙන ආවේය.


රැවුල හා සාටකේ, ඔබාමලාට කැමරන්ලාට දිරෙව්වේ නැති උනාට, ඉස්සර දත් බැඳපු, දැන් දත් ගලවන චීනාට අල්ලලාම ගියේය. උන් කළේ බුදු හාන්දුරුවොන්ටත් නෑකම් තිබුන නිසා, ඇමරිකන් කාරයා කොලනියක් කොර ගන්න දඟලපු අම්මට සිරි ලංකාව, උන්ගේ කොලොන්යක් කොර ගන්නා එකය.හොරා කන උන්ට හිතේ හැටියට හොරා කන්න දෙමින්, හම්බයන්ගේ තොට ඉතරක් නොව, කොළොම් තොටත් උන්ගේ කොර ගත්තේය.


ඒක මදි නිසා, මුහුද ගොඩ කොරලා, පෝට් සිටියකුත් හදා ගන්න ගියේය. ඇරොප්ලේන් බාන්න මත්තලත් හදා ගත්තේය. කොටින්ම තව අවුරුදු 3-4 ක් ගියා නම්, සිංහයන්ගේ දේශය සිංගප්පූරුවක් කොරන්න ගියේය. ඒකට නියම බුලට් බඩුවකුත් ලොක්කා ළඟ උන්නේය. ඒ ඝෝඨාභය යෝධයාය.


මේ එකඳු සංවර්ධන වියාප්පුරුතියක් හෝ ඝෝඨාභයගේ කොළොම්පුරේ සිරියාව, ගෙදර යැවුවායින් පස්සේ වත් මාතලන් විසින් විවේච්නය නොකලේ, මේවා යුගයේ අවස්සියතාවයන් නිසාය. බැසිලුත් කොමිස් කෑවද පුංචි බන්ඩා හා එකතුව ක්‍රෙඩිඩ් කොන්ට්‍රෝලින් වැඩේ ගානට ගෙන ගියේය.


යහපාලන හාල් පාරුවන්ට කොරන්න බැරි උනේත් එයමය. හොරුන්ට දෙන්න එපා කියමින් පැෆරල් එකේ උන් උස්සාගෙන යන පෙස්සම, රෝල් කරලා රෙද්ද උස්සා පස්ස පැත්තේ ගහගත්තා නම් අගේය. මොකෝ ලංකාවේ ළොකුම හොරා කියපු එකාට, යහපාලනයේ වෙස්සන්තර අප්පුහාමි, මහා කතිර යුද්දෙට නියත විවරණ දීලාය. දැන් උන්නැහේ කියනා නිසා අනික් උන්ටත් දෙන්නම වෙනවාය.


අපේ උන් මොන බයිලා ගැසුවද, ඔතන ගියේ ඉන්ටර්නැසොනල් පොලිටිකල් ගේමක්ය. යහපාලන බූරුවෝ මහ බලවතා බවට පත් වෙමින් ඉන්නා චීනා අමතක කොට, ඔබාමාගේ එළිසබත්ලාගේ පුක ඉඹින්න ගියේය. එහෙම පුක ඉඹිනා එක මහා ළොකු කමක් කියලා ඉස්ටේජ් ගානේ කෑ මොර දුන්නේය. දැන්, උන්ට අපට දෙනවා තියා, උන්ගේ උන්ටවත් දෙන්න බැරිව කෙලවෙලා ඉන්න උන්ය.


මහින්දගේ සැට් එකට බැක් කොලේ චීනාය. අත දිග ඇර මුදල් වියදම් කොළේය. චීනා සිරසේ ගඩොල් වන්දනාව මාර්ගයෙන්, මෙළෝ දැක්මක් නැති නායකයා අපූරුවට බා ගත්තේය. මහින්දට නොමිනේසොන් ලැබෙන්නේ විමල් නිසාවත්, දිනේස් නිසාවත්, මංගොන්පිල නිසාවත් වාසු නිසාවත් නේමය. චීනා නිසාය. අනුරාජපුරේ මීටමට මහින්දත් එක්ක මෛත්‍රීත් නැග්ගොත ඒවා මහා ළොකු දේවල් නෙමේය.


අනිවාරයයෙන් ඡන්දෙන් පස්සේ රට කරවන ගේම ගෙනියන්නේ මහින්ද හා මෛත්‍රි අතරය. මාතලන් කලින් කීවාක් මෙන් රුසියාවේ පුටින් මෙන්, ඉන්දියාවෙ සෝනියා මෙන්, නැවතත් රට පාලනය කොරන්නේ මහින්දය. මෙළෝ රහක් නැති රනිල් හා බටහිර කරේ තියාගෙන ටයි කෝට් ගහගෙන රඹ ටෝක් දෙන ඉකොනොමිස්ට්ලාට, ආයෙත් විපක්සෙට වෙලා ආතල් එකේ ඉන්නට පුළුවන්ය. මොකෝ උන් කොරන්න ගිහින් හත් පොලේ ගාගන්නවාට වඩා, කරන්න පුළුවන් කිය කියා විපක්ෂෙම ඉන්න එක එයාලාගේ පෝර්සනැලටිවලටත් ප්ලස් මාක් එකක් වෙනවාය.


ජෝතිසා කාරයෝ හඳහන් බැලුවාට, විශ්ව ශක්තියෙන බයිලා ගැහුවාට වැඩක් නැතිය. අද ළෝකය දුවන්නේ බලය ධනය හා කොමිස් කුට්ටි මතය. ඒ සියල්ල වැඩියෙන් තියෙන්නේ චීනා ළඟය. ඒ නිසා දින්නේ මහින්ද නොවේය. චීනාය. ඒකට මාතලන් මනාපය.

උපුටාගැනීම http://maathalan.blogspot.sg/2015/07...oval.html#more
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මහින්ද බලු කැරියා ලොවෙත් ආයේ ලංකාවේ තනතුරක් දරන්නේ නැත