මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා - පණ්ඩිත් අමරදේව

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා...
    කවුළුව අතරින් හිරිකඩ එනවා..
    මල් පැණි වඩියක උනුසුම ලබනට
    යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත..
    කබාය ඉරිලා ඊට කමක් නෑ..
    කවුරු බලන්නද කවුරු දකින්නද..
    මා දැන මහළු වියේ...
    මා දැන මහළු වියේ....

    පාරට බැස්සම නොවැ සීතල වැඩි.. තනිකම ඊට වැඩී...
    සිරිපොද වැස්සේ එකම කුඩය යට..
    තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
    මමත් ඔහොම ගිය හැටි මතකයි..
    මට හොද හැටි මතකයි...

    මීවිතකින් ගත උණුසුම් වූවද.. සිත උණුසුම් වේදෝ...
    එපා එපා මීවිත මගෙ දෙතොලට..
    ආපසු මගෙ කුටියට යනවා.. මා ආපසු යනවා...

    කබාය ඉරිලා ඊට කමක් නෑ..
    කවුරු බලන්නද කවුරු දකින්නද..
    මා දැන මහළු වියේ...
    මා දැන මහළු වියේ....

    පණ්ඩිත් අමරදේවයන් ගැයූ මේ ගීතය, රචනා කලේ ප්‍රවිණ ගී පද රචක කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසින්. මේ ගීතය සඳහා මූලික ප්‍රස්තුතය එන්නේ, ධර්මවර්ධනයන් විසින් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ තරගයක් සඳහා රචනා කල කෙටිකතාවකින්. එහි නම "මහළුවිය".

    ඊට අමතරව තවත් අපූරු සිද්ධියකුත් මෙයට හේතුවෙලා තියෙනවා. දිනක් ධර්මවර්ධනයන් පේරාදෙණිය දුම්රිය ස්ථානයේ සිටින මොහොතක සිරිපොද වැස්සක් කඩා වැටෙනවා. එම අවස්ථාවේ දී මහළු පුද්ගලයෙකුත් දුම්රිය ස්ථානයේ බංකුවක ඉඳගෙන ඉඳලා සිටිනවා. ඒ මොහොතෙම තරුණ යුවලක් කුඩයක් යටින් දුම්රිය ස්ථානය මැදින් ගමන් කර තිබෙනවා. මේ යුවල දුටු අර මහළු පුද්ගලයා හුන් තැනින් නැගිට ඒ යුවල නොපෙනී යනතුරුම බලා සිට නැවත ඉඳගන්නවා. මේ සංසිද්ධිය පසෙකට වී බලා සිටි කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ඒ සිද්ධිය එලෙසම ගීතයට යොදාගෙන ඇති අයුරු පදමාලාව දෙස බැලුවාම පෙනෙනවා නේද?

    sources - https://madhawawijesekara89.wixsite.com/
    credit - Madhawa Wijesekara
     
    • Like
    Reactions: hodakolla