මාංශ_අනුභවයට_අවසර

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මාංශ_අනුභවයට_අවසර

    බුදුරජාණන්වහන්සේත් එක් අවස්ථාවක මාංශ අනුභවයට අවසර දුන්නා.

    lord-buddha.jpg


    භක්තිය නිසා සමාජයෙන් විචාරක බුද්ධිය මග හැරී ගොස් ඇති බවට මේ වන විට සමාජයේ මතයක් මතුව තිබේ. එසේම අන්ධ භකිතිය හේතුවෙන් ඇතැම් සම්මතයන් සව්‍යං නීති බවට පත් කරගෙන ඇති බව සුලබව දැකිය හැකිය. සමාජ මතයන් හා බෞද්ධ දර්ශනය අතර පරස් පරයක් ඇත්දැයි විමසා බැලීමට අප තෙරුවන සංවිධානයේ සභාපති ගෞරව ශාස්ත‍්‍රවේදී පූජ්‍ය වස්කඩුවේ සිරිසරණ හිමි සමග කළ සංවාදයකි මේ.

    බෞද්ධ දර්ශනයේ මස් මාංශ අනුභවය පිළිබඳව සඳහන් වන්නේ කුමන ආකාරයටද?

    බුදුහාමුදුරුවෝ කියන්නේ සියලූ සත්ත්වයන්ට මෛත‍්‍රී කරපු කෙනෙක්. බෞද්ධ සාහිත්‍ය සඳහන් වන විදිහට උන්වහන්සේ ඉපදුණ වෙලාවේත් බුදුවුණ වෙලාවේත් මිනිස්සු සැනසුණා. අපායේ පවා ගිනි දැන් නිවුනා කියලා කියනවා. අපා ගත වූ මිනිස්සු එයින් මිදුනා. බිහිරන්ට කණ් ඇසුණා. ගොළුවන් කතා කළා. කොරුන් ඇවිද්දා. බුදුහාමුදුරුවෝ පහල වීමත් සමඟ සකල ලෝක සත්වයාට සැනසීම උදා වුණා. සෑම බුද්ධ දේශනාවක් තුළම මෛත‍්‍රීය කියන දෙය අන්තර්ගතයි. උන්වහන්සේ කිසිම ප‍්‍රාණියෙකුට හිංසාවක් කරන්න අනුබල දුන්නේ නෑ. බුද්ධ චරිතය තුළත් බුද්ධ දේශනය තුළත් ඇතුළත් වුණේ සියලූ සත්වයන්ට මෛත‍්‍රී කිරීම.

    අපි කොහොමද මෛත‍්‍රී කරන්නේ කියන එක කරණීයමෙත්ත සූත‍්‍රයෙන් තවත් පැහැදිලි කරනවා. ලොකු කුඩා සියලූ සතුන්ටත්, ළඟ සිටින සහ දුරසිටින සතුටන්ටත් සියලූම සත්වයෝ සුවපත් වේවා කියලා ඒ සූත‍්‍රය තුළ කියවෙනවා. ඒ අනුව බෞද්ධ දර්ශනයේ කොතනකවත් සත්ත්ව ඝාතනය, හිංසාව හෝ මංශ අනුභය අනුමත කරන්නේ නෑ.

    බුදුහාමුදුරුවෝ අවසාන කාලයේදී මස් මාංශ වැළදූ බවට සමාජයේ මතයක් තියෙනවා. ඒ පිළිඳව ඔබ වහන්සේගේ අදහස පැහැදිලි කළොත්.

    බුදුහාමුදුරුවන්ගේ අවසාන දානය සහ වැළඳුණු රෝගය පිළිබඳව සමාජය දැනුවත් නෑ. සුජාතා සිටු දියණිය මුලින්ම පුදපු කිරිපිඬු දානයත් මේ කියන අවසාන දානයත් සංසාරයේ පෙරුම් පුරලා දීපු දාන විදිහට තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ.

    මේ උතුම් දාන වලදලා නෙවෙයි බුදුරජානම් වහන්සේ රෝගී වුණේ. උන්වහන්සේට මාස තුනකට කලින් කුසේ වේදනාවක් ඇතිවුණා. උන්වහන්සේ පිරිණිවන් පාන බව ඒ වනවිටත් අවබෝධ කොටගෙන හිටියේ. ඒ අවස්ථාවේදී උන්වහන්සේ ස්ථීර අධිෂ්ඨානයෙන් මේ කුසේ වේදනාව තව මාස තුනක් යන තුරු වැළඳී නොසිටීමට ප‍්‍රර්ථනා කළා. අවසාන දානය වැළදූ පසු ඊළඟ දින අර මාස තුන සම්පූර්ණ වුණා. ඒනිසා තමයි උන්වහන්සේ අසනීප වුණේ.

    කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ අවසාන දානයට ‘‘සූකර මඤ්ඤව’’ එක්කර තිබුණා. සූකර මඤ්ඤව කියන්නේ ඌරන්ගේ මලපහ වේලූනු තැන්වල හැදෙන හතුවලට.

    ස්වභාවික හතු හැදෙන්නේ සතුන්ගේ මලපහ වේලූණු තැන්වල මේ හතු හැදිලා තිබුණේ ඌරන්ගේ මලපහ වේලූනු තැනක. හතු මස්මාංස ගණයට අයිතිවෙන්නේ නෑ. කෙසේ වෙතත් සමාජයේ මතයක් තියෙනවා සූකර මඤ්ඤව කියන්නේ ඌරුමස්වලට කියලා. ඒක වැරදි මතයක්.

    දෙව්දත් හාමුදුරුවෝ එක තැනකදී අහනවා භික්ෂූන් වහන්සේ සෑම කාලයේදීම නිර්මාංශ විය යුතු බව. නමුත් බුදුරාජානන් වහන්සේ ඒක පිළිගත්තේ නෑ නේද ?

    ඔව් .දෙව්දත් කියන්නේ ශාසනය බේද බින්න කරපු කෙනෙක්. දෙව්දත් හාමුදුරුවෝ එහිදී ශාසනය බේදකරන්න කරුණු පහක් ඉදිරිපත් කළා. සංඝයා වහන්සේ නිර්මාංශික විය යුතු බව එයින් එකක්. බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා මෙය ශාසනය බේදකිරීමට ගෙනා යෝජනාවක් බව.

    ඒ වගේම බුදුරාජණන් වහන්සේගේ එක් අවස්ථාවකදී මස් මාංශ අනුභවයට අවසර දුන්නා. නමුත් ඒ ‘‘ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය’’අනුභවයට පමණයි.

    ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ, යම් සතෙක් මැරුවා කියලා දැක්කෙත් නැති, මැරුවා කියලා ඇහුවෙත් නැති, මැරුවා කියලා හිතන්නත් බැරි මාංශයක්. ඒ කියන්නේ ඉබේ මැරුණ සතෙක්. ඒ මාංශය අනුභව කළාට සතාට හානියක් වෙන්නේ නෑ.

    උන්වහන්සේ ඒ මාංශයට පවා අවසරය දුන්නේ හේතුවක් ඇතිව. ඒ කාලයේ දඩයක්කරුවොත් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගත්තා. ඒ සංඝයා වහන්සේලා පුරුදු වී සිටියේ මස් මාංශ අනුභවයට.

    බුදුරජාණන් වහන්සේ ඔවුනට ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වැලදීමට අවසර දුන්නා. එතනදිත් අපට පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ සහනශීලීත්වය. එදා දෙව්දත් තෙරුන්ගේ යෝජනාවට එකඟවුණා නම් මෙකී සංඝයා වහන්සේලාට අසාධාරණයක් වෙන්න තිබුණා.

    අද සමාජයේ බොහෝ දෙනෙක් මස් මාංශ අනුභවයේදී මාංශ වර්ග අතර තේරීමක් සිදු කරනවා. මස් මාංශ තේරූ පමණින් පවින් නිදහස් වෙන්න පුළුවන්ද?

    බෞද්ධයෝ විදිහට අපි මස්මාංශ අනුභවය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කරනවා. ඉස්ලාම් භක්තිකයෝ ඌරුමස් කන්නේ නෑ. ගවයා දෙවියන් වාහනයක් කොට සලකා හින්දු භක්තිකයෝ ගව මස් අනුභව කරන්නේ නෑ. බෞද්ධයෝ විදිහට අපි බොහෝ දෙනෙක් මේ දෙකම අනුභව නොකළත් කුකුල් මස් අනුභව කරනවා. හැම සතෙක්ම ජීවිතයට ආදරෙයි. ඒ නිසා කිසිම සතෙකුගේ මස් අනුභව කිරීම අනුමත කරන්නේ නෑ.

    වෛද්‍ය විද්‍යාවේදී පවසනවා සත්ව ප්‍රෝටීන ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් බව .සත්ත්ව ප්‍රෝටීන ශරීරයට ලැබෙන්නේ බාහිරින් ගනු ලබන මස් මාංශවලින් පමණයි. ඔබ වහන්සේ මෙය විග‍්‍රහ කරන්නේ කෙසේද?

    වර්තමානයේ ඇතැම් වෛද්‍යවරු නිර්මාංශික වීම අගය කරනවා. තවත් සමහරු මස් මාංශ අවශ්‍ය බව පවසනවා. අද ලෝකයේ ඕන තරම් මස් මාංශ අනුභව නොකරන නිරෝගී පුද්ගලයන් ඉන්නවා. නිර්මාංශ වීම නිසා රෝගී වුණ පුද්ගලයන්ට වඩා මාංශ පරිභෝජකයින් රෝගී වන අවස්ථා බහුලයි.

    උදාහරණයක් විදිහට අද බ්‍රොයිලර් කුකුළන්ගේ මස් අනුභවය නිසා බොහෝ දෙනෙක් රෝගී වෙනවා. සාමාන්‍යයෙන් කුකුළෙකු වැඩෙන්නට අවුරුදු දෙකක් ගතවෙනවා. දින 40න් 45න් හැදෙන බ්‍රොයිලර් කුකුලන්ගේ තියෙන්නේ විකෘති ජාන. ගැහැණු දරුවන් වැඩිවියට පත්වීමට සාමාන්‍යයෙන් අවුරුදු 12ක් 13ක් යනවා. නමුත් අද කාලේ මේ විකෘති ජාන ශරීරගත වීම නිසා අවුරුදු හයෙන් හතෙන් ගැහැණු දරුවෝ වැඩිවියට පත්වෙනවා. ඔවුන්ගේ ශරීරය වැඞී තිබුණට නිරෝගී බවක් නෑ. අයුෂත් අඩුයි.

    ඒ වගේම සත්ව මාංශ හරහා පසුගිය කාලේ බොහෝ රෝග ව්‍යාප්ත වුණා. කුරුළු උණ, සූකර උණ අපට උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්.

    ඒ වගේම සතෙක් මැරීමේදී ඒ සතා සමඟ සිටින අනික් සතුන්ගේ ලේ විෂ වෙනවා. දුක කෝපය ඊට හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. විෂ වූ ලෙයක් සහිත සතුන්ගේ මස් අනුභවය නිසා මිනිස්සු නිරෝගී වෙනවා යැයි කීම සත්‍යයක් වෙන්න බෑ. මේ ලොකේ මිනිස්සු මස් මාංශ හේතුවෙන් අසනීප වෙන අවස්ථා බොහෝ වන බව මෙමගින් පෙනී යනවා.

    මස් මාංශ අනුභවය වගේම සත්ත්ව කිරි ආහාරයට ගැනීමත් ප‍්‍රතික්ෂේප කරනවාද?

    බුදුරජාණන් වහන්සේ පවා පස්ගෝරස වැලදුවා. එම දානය අනුමත කරා. ඒ වගේම ගවයන්ගේ කිරි මිනිසා පරිභෝජනය කිරීමේදී ගව පැටියන්ගේ කිරිත් පරිභෝජනයට ගැනීම නිසා පැටියට කිරි නැතිවෙන බවටත් එයින් පාපයක් සිදුවෙන බවටත් මතයක් තියෙනවා. නමුත් අපේ සමාජයේ කවුරුත් පැටියට කිරි නොදී කිරි ගත්තේ නෑ. අපි සතාට වැඳලා කිරි ගත්තේ. සතාගේ හිස අතගා ‘පුතේ පැටියට කිරි කොටහා තිබ්බා’’ කියලා. ගවයාගේ කිරිවලින් පෝෂණය ලැබීම පවක් කියලා කොහෙත්ම කියවුණේ නෑ.

    බිත්තර අනුභවයත් පාපයක්ද?

    බිත්තරය කියන්නේ ජීවියෙක්ගේ මුල්ම අවස්ථාව. අද මරණයයි ගබ්සාවයි කියන්නේ එකක්. බිත්තරයක් කැඞීම කියන්නේ ගබ්සා කිරීමක්. අද තියෙන බිත්තරවල ජීවී බවක් නෑ. ඒ ජීවී බව නැති කරන්නෙත් අපි විසින්මයි. බෞද්ධ දර්ශනයේ කියවෙනවා පවු පලදීම පිළිබඳව. සාමාන්‍යයෙන් ජීවී බව අහිමි කිරීමේ ප‍්‍රතිපලය වන්නේ මිනිසුන් වඳවබට පත්වීම. බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ හමුවීමට විවාහක යුවළක් පැමිණියා. ඔවුන්ට දරුවන් සිටියේ නෑ. මේ දුක බුදුරජාණන් වහන්සේට කියන අවස්ථාවේදී උන් වහන්සේ පවසා සිටියේ එය ඔවුන්ගේ පෙර ආත්මයක පවු පළදීමක් ලෙස ඔවුන් කැලයට ගොස් කිරිල්ලියකගේ බිත්තර කුඩුකර අනුභව කිරීම මේ ආත්මයේ මෙසේ වීමට හේතුව බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

    වර්තමාන දන්සැල්වල මස් මාංශත් දන් දෙනවා. ඒ දානයෙන් පිනක් ලැබෙනවද ?

    බුදුහාමුදුරුවෝ ඉපදුන දවස සහ බුදු වුණ දවස කියන්නේ සකල ලෝක සත්වයාට සැනසීම උදා කර දුන් දවසක්. එදාට දෙන්න පුළුවන් ලොකුම දානය තමයි අභය දානය. නමුත් අද අවාසනාවකට මෙන් දන්සැල්වල මස් මාංශ අනිවාර්ය දෙයක් බවට පත් වෙලා. මස් මාංශ නැති දන්සැල් ජනතාව ප‍්‍රතික්ෂේප කරන කාලයකුත් වෙලා. මේ දෙය බෞද්ධ දර්ශනයේ මූලික සංකල්පවලින් ඈත් වෙනවා. දන් සැලක් දෙන්නේ තවත් කෙනෙකුගේ කුසගිනි නිවන අර්ථයෙන්. විනෝදයට ආශාවට, ප‍්‍රදර්ශනයට සහ තරගයට දෙන දෙයක් නෙවෙයි. දන්සැල් දීමෙන් පිනක් කරගන්නවා විනා ඊට මස්මාංශ එක්කර තවත් පවක් සිදුකර ගැනීම යෝග්‍ය වෙන්නේ නෑ.

    ‘‘දන්සැල් වදිනවා’‘ කියන වචන භාවිතය සුදුසුද?

    නැහැ. අපි වදින්නේ ත‍්‍රිවිධ රත්නය ඇතුළු දෙමාපිය වැඩිහිටියන්ට. දෙවියන්ටවත් වදින්නේ නෑ. දන්සැලකට ගිහින් කරන්නේ වදින එක නෙවෙයි කෑම කන එක.

    ඔබ වහන්සේ මේ උතුම් පෝය දිනයේදී ප‍්‍රාණඝාතය පිළිබඳව සමාජයට දෙන පණිවුඩය කුමක්ද?

    ‘‘පානාතිපාතා වේරමණී සික්කාපදන් සමාධියාමි’’ බුදුරජාණන් වහන්සේ පංච ශීලයේ මුලින්ම කියා දුන් පන්සිල් පදය . පන්සිල් රකිනවා කියන්නේ ඒ දෙයින් වැලකීම, ඊට අනුබල දීමෙන් වැළකීම සහ වැළකීමේ ගුණ කියා දීමයි. පළවෙනි සිල් පදය රකින්න නම් ප‍්‍රණඝාතයෙන් වැළකිලා මදි. ඊට අනුබල දී මෙනුත් වළකින්න ඕනේ. මේ උතුම් වෙසක් පෝ දිනයේ අපට ඒ දේ කරන්න පුළුවන් නම් ඔබ උතුම් පුණ්්‍යකර්මයක් කර ගන්නවා. එකපාරට එයින් වැළකුණේ නැතත් අපට එය පියවරෙන් පියවර කරන්න පුළුවන්. මාස හතක් යනකොට අපි මස් මාංශ භාවිතයෙන් සම්පූර්ණයෙන් වළකිනවා. එවිට අපි අභය දානමය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක අපේ ජීවිතයට ලොකු බලයක් පිටුවහලක් සහ ශක්තියක් බවට පත්වෙනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    PrayingHands_000_000.jpg


    ත්‍රිකෝටි පාරිශුද්ද මාංශය ගැන අහල තිබ්බ කලින් ඒත් ඒ දවස් වල තේරුණු විදිහට ආහාරය සඳහා කිසිම මාංශයක් ඉතුරු වෙන්නේ නෑ මේ තුලින්:nerd:
    නමුත් දැන් තමා දැනගත්තේ මරණයට පත් වෙච්ච සතුන්ගේ කමක් නෑ කියල දෙයක්. මේක ටිකක් වැඩිපුර හොයල බලල දැන ගන්න ඕනි.
    සහෝට බුදුසරණයි :)



    dennama oni welawata denna widihak ne
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නමුත් අද අවාසනාවකට මෙන් දන්සැල්වල මස් මාංශ අනිවාර්ය දෙයක් බවට පත් වෙලා. මස් මාංශ නැති දන්සැල් ජනතාව ප‍්‍රතික්ෂේප කරන කාලයකුත් වෙලා.

    meka wishwasa karanna ba bro....
    meheme deyak wenawa nam ....:-(
    rep + 5 thanks for sharing
     
    • Like
    Reactions: chathupatiya

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    PrayingHands_000_000.jpg


    ත්‍රිකෝටි පාරිශුද්ද මාංශය ගැන අහල තිබ්බ කලින් ඒත් ඒ දවස් වල තේරුණු විදිහට ආහාරය සඳහා කිසිම මාංශයක් ඉතුරු වෙන්නේ නෑ මේ තුලින්:nerd:
    නමුත් දැන් තමා දැනගත්තේ මරණයට පත් වෙච්ච සතුන්ගේ කමක් නෑ කියල දෙයක්. මේක ටිකක් වැඩිපුර හොයල බලල දැන ගන්න ඕනි.
    සහෝට බුදුසරණයි :)



    dennama oni welawata denna widihak ne

    බුදුසරණයි සහෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නමුත් අද අවාසනාවකට මෙන් දන්සැල්වල මස් මාංශ අනිවාර්ය දෙයක් බවට පත් වෙලා. මස් මාංශ නැති දන්සැල් ජනතාව ප‍්‍රතික්ෂේප කරන කාලයකුත් වෙලා.

    meka wishwasa karanna ba bro....
    meheme deyak wenawa nam ....:-(
    rep + 5 thanks for sharing
    අපේ පැත්තෙ නම් දන්සැල් දෙනව සෙනගත් හෝ ගාල ඉන්නව කෑමත් හොදයි
    කිසිම දන්න කාලෙක මස් මාංශ දීල නෑ
    කිරි කොස්
    කහ බත්
    සීනී සම්බල්
    පපඩම්

    මාර රසයි කෑම
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නමුත් අද අවාසනාවකට මෙන් දන්සැල්වල මස් මාංශ අනිවාර්ය දෙයක් බවට පත් වෙලා. මස් මාංශ නැති දන්සැල් ජනතාව ප‍්‍රතික්ෂේප කරන කාලයකුත් වෙලා.

    meka wishwasa karanna ba bro....
    meheme deyak wenawa nam ....:-(
    rep + 5 thanks for sharing
    :yes::yes::yes:
    ඔව් අපේ සුබ සාදක සමීතියෙන් දුන්නා ගිය අවුරුද්දේ බත් දන්සලක්. අල කිරි හොද්දකුයි සිනිසම්බලෙකුයි (no උම්බලකඩ),පපඩම් ටිකකුයි කෙහෙල් ගෙඩියි. නැගලා ගියා දන්සල.