මාක් සකර්බර්ග් ෆේස්බුක් විකුණා දමයි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    මාක් සකර්බර්ග් ෆේස්බුක් විකුණා දමයි

    ඇමරිකාවේ වෙසෙන හෙළ පුතෙක් ඇ.ඩො බි 200ට FACEBOOK මිලදී ගැනීමට යයි


    11066624_843985972305588_5490396132982059418_n.png


    හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප්සතර හැදැරෑ සමීර දෙනුවන් රාජපක්ෂ උසස් පෙළට ගණිත අංශයෙන් ඉහළ ම සම්මාන ලබා ගන්නේය.

    ඉන් අනතුරුව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයට ඇතුළත් වන ඔහු එහි අවාසනාවන්ත ලෙස සරසවි දිවියට සමුදෙන්නේ ජවිපෙ නවකවදය ඉවසාගැනීමට නොහැකි නිසාවෙනි.

    මහත් කලකිරීමට පත් වන ඔහු ඉන්ඉක්බිතිව යලි සිය ගම වන හම්බන්තොටටම පැමිනෙන්නේය.

    වයස අවුරුදු 20 දී පමණ ගමේ සිය පියාගේ කුඹූරු බලාගෙන සිටින විට අහම්බෙන් මෙන් මෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඔහුට මුණ ගැසෙන්නේය.

    සිය දුක් අදෝනාව එතුමාට පවසන ඔහු තමාගේ හැකියාවන් පිළිබදවද නාමල් මන්ත්‍රිවරයාට පැහැදිලි කරන්නේය.

    යලි කොළඹ බලා එද්දි නාමල් මන්ත්‍රිතුමාද කිසිදාක නොදුටු ඔහුව සිය හෙලිකොප්ටරයට නංවාගන්නේ සිය දිර්ඝ කාලීන මිතුරෙකු විලසිනි.

    අරලිය ගහ මන්දිරයට කැදවාගෙන එන සමීරව හිටපු ජනපති හා අනාගත අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එදිනම හැදිනගැනීමට හැකි වන අතර සිය ගම් පළාතේ උපන් මෙවන් දක්ෂ තරුණයකුව ඇමරිකාවේ හාවඩ් යුනිවසිටියට පිටත් කර හැර ඔහුගේ සියලු විය පැහැදම් මහින්ද මැතිතුමා දරන්නේ ආදරණිය පියෙකු විලසින.

    අහෝ අවාසනාවකට කරුණකි.හාවඩ් යුනවසිටියට ඇතුළුවන සමීරට රාජපක්ෂ නාමය තිබීම නිසාම එරට කොටි ඩයස්පෝරාවේ දෙමළ සිසුන්ගෙන් දිගින් දිගටම හිරිහැර වන්නට පටන්ගන්නේය.

    අවසානයේ මොරටුව විශ්වවිද්‍යාලයට සමු දුන්නා සේක්ම ඔහුට හාවඩ් යුනිවසිටියටත් අවාසනාවන්ත ලෙස සමුදීමට සිදුවන්නේට.

    කිසිවකින් අධෛර්යයට පත් නොවූ හෙතෙම පාරේ සිගානන්නට වූවේය.රාත්‍රි කාලයේ මත් පැනටත් කැසිනෝවටත් ඔහු ටිකෙන් ටික පුරුදු වන්නේය.

    ඔහුගේ බඹරේ වැල්ලේ කැරකෙන්නේ අවුරුදු 25දීය.ඇමරිකාවේ සුපිරි ලොතරයියකින් ඩොලර් බිලියනයක ජැක්ස්පොට් ජයග්‍රාහකයා බවට ඔහු පත් වන්නේය.

    ඉන් නොස‍ෑහුණු ඔහු දිගින් දිගටම එම මුදල් සූදූ ක්‍රීඩාවේ යොදවන්නේය.පුදුමයට කරුණනම් ඔහු දමන දමන සූදු ඔට්ටුව ඔහු ජයග්‍රහණය කිරීමයි.ඔහුගේ මෙම සුදූ දිනිමේ හැකියාව නිසාම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන් විශාල පිරිසක්ද ඔහුට මුදල් ලබා දී ඔවුන්ගේ පංගුව ලබාගැනීමටද වග බලාගෙන තිබුනි.එමෙන්ම ඔහුට එරට බොහෝ ව්‍යාපාර ඇත.ඒවාට මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන්ද ආයෝජනය කර ඇත‍

    ටිකෙන් ටික ඔහු ඇමරිකාවේ සුපිරි ධනවතකු බවට පත්වීමට හැකිවන්නේය.ඔහුගේ සහෝදරියගේ නම ශෙරුණි රාජපක්ෂයය.ඇයවත් එරටට කැන්දාගන්නා ඔහු ඇයව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ට විවාහ කර දෙන්නේය.
    ටික කලක් යන විට මාක් සකර්බර්ග්ට ෆේස්බුක් එක විකුණාදැමීමට සිදු වන හේතුවක් ඇති වෙන්නේය.ඒ ඔහුගේ කලින් විවාහ වී සිටි ප්‍රිස්කිලා චෑන් මාක් සකර්බර්ග් ගෙන් ඩොලර් බිලියන ගණනක වන්දියක් ඉල්ලීම නිසාය.

    අවසානයේ මාක් සිය දුක පවසන්නේ සමීරටය.සමීර එවෙලේම මාක්ට ෆේස්බුක් මිලදී ගැනීමට සිය කැමැත්ත පල කරන්නේය.ඒ අනුව ඊට අදාළ ගනුදෙනුත් නීතිමය කටයුත් ඉදිරි සතියේදී වීමට නියමිතය.

    සමීර ඇමරිකාවට ගියේ අධ්‍යාපනය නිසාය.එහෙත් ඔහු අද බිලියන පතියෙක් බවට පත්ව සිටින්නේ කැසිනෝ නිසාය.යහපාලන රජය ලංකාවේ කැසිනෝ නැවැත්තීමට ගත් තීරණ ඔහු දැඩි ලෙස දෝෂදර්ශනයට පත් කර ඇත.

    ඔහු පවසන්නේ බුද්ධිය යොදවා තරුණ තරුණියන්ට ඔහු මෙන් කැසිනෝ ක්‍රිඩා කර දියුණු විය හැකි බවත් දැන් එම අවස්ථාව ඔවුනට නැති වී ඇති බවත්ය.

    අද කොපමණ ප්‍රකෝටිපතියෙක් වුනත් ඔහුට මුල අමතක වී නැත.මුල අමතක නොවීම රාජපක්ෂලාගේ ලක්ෂණයකි.මහින්ද මැතිතුමා ජනවාරි 8 වෙනිදා පැරදුන නිසා ඔහු කාමරය වසාගෙන දවසක්ම හඩා ඇත.ඒ එතුමා ඔහුට ආදරණිය පියෙකු වූ නිසාය.

    එතුමා කුඩා කළ ඔහුගේ අප්පච්චි නැති වුන පසු ඔහු මහින්ද මැතිතුමාට සිය අප්පච්චි ලෙසින් සලකා ඇත.

    කොටින්ම කියතොත් ඔහුට ඇමරිකාවට යෑමට ඉඩ හසර ලබා දුන්නේ මහින්ද මැතිතුමාය.සිය ව්‍යාපාර දියුණු කර ගැනීමට මුදල් ලබා දුන්නේද එතුමාය.

    දැන් සමීරට මහින්ද මැතිතුමාට කළෙහිගුන දක්වන්න හොදම අවස්ථාවයි.එළඹෙන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ කදවුර මෙහෙයවීමට අවශය විය පැහැදම් දැරීමට ඔහු කැමැත්ත පළ කර ඇත.

    එපමණක් නොව ෆේස්බුක් සමාජ ජාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට හිතවත් ලෙස ප්‍රචාරණ කටයුතු මෙහෙයවන්නන්ට විශේෂ වරප්‍රසාද දීමටත් මහින්ද මැතිතුමාට මඩ ගසන සියලුම මඩකරුවන්ගේ ප්‍රචාරණ නවත්වා ඔවුන්ව ලොවට හෙළි කර නීතිය හමුවට පැමිණවීමටත් අවු 29 සමීර රාජපක්ෂ තරුණයා දැනටමත් සැලසුම් සකස් කර අවසන්ය.

    ටොයියෝ හිතාගෙන හිටියේ මහින්ද මහත්තයට ෆේස්බුක් එකෙන් මඩ ගහල පොනිල්ව අගමැති කරන්න.ඒ වුනත් සමීර රාජපක්ෂ තරුණයා නිසා ඒ කිසිවක් ඉදිරියට සාර්ථක වෙන්නේ නෑ.
    :yes::love::shocked:

    source :cool::love:

    https://www.facebook.com/sinhalabod...41827.655680194469501/843985972305588/?type=1
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ado billion 200k he he! ehenan bilgates tath wadiya posath wage! he he maru athal denne!owa wishwasa karana byo hitiyoth loku deyak nemei
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    lol.gif


    ඔය මගුලේ ඇඩ්මින්ට වෙන වැඩ නැද්ද බන් පට්ට කෙබර ලිය ලිය ඉන්නේ :growl:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බන්දුලගේ ගෙඩිය ! යකෝ අපිට කිව නං අපි කිරි කොල්ලො ටිකක් සල්ලි දාල ගන්නවනේ facebook :lol::lol: