මානසික ප්‍රශ්නයක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    නිකන් මන් ඇවිදින එක, මගෙ ඇක්ෂන් පවා නිකන් හිතලම කරනව වගෙ මම කරන්නෙ. හිතලම කෙරවෙනවා :baffled:
    මම දිහා කට්ටිය බලන් ඇති කියල හිතෙනව, එතකොට මන් උන් දිහ බලනව මන් දිහා බලන්ද ඉන්නෙ කියල කන්‍ෆර්ම් කරගන්න. එතකොට උන්ට තේරෙනව ඇතිනෙ මම මොකක් හරි කේස් එකකින් ඉන්නෙ කියල. :baffled:
    උබේ හිත හැදෙන්න උබේ බය නැති වෙන්න කියලා, මොන පිස්සුද බන් උන් උබ දිහා බලන් ඉන්නෙ නෑ කියලා අපිට ඕනේ නම් බොරු කියන්න පුළුවන්. ඒත් ඇත්ත කතාව ඒක නෙවේ. උබ මොකක් හරි ඇණයක් තද කරන්න හදනව කියමුකො, ඇනේ ෆ්ලැට් එකක් නම් උබ කලබල වෙලා එකේ පිට පන්නකොට බලන් ඉන්න අයට ඒක තේරෙනකොට උන් උබව මාරම විදිහට ජජ් කරන්න ගන්නවා. ඊට අමතරව උබ කතා කරන විදිහ ඇවිදින විදිහ උබ හිනා වෙන විදිහ උබ බය වෙන විදිහ. උන් ඔය හැම එකක් ගැනම මාරම ඉන්ටරෙස්ට් එකකින් තමයි බලන් ඉන්නෙ. ඊට අමතරව සෙක්ශුවලි බලන අයත් ඉන්න පුළුවන්. ගෑනු එහෙම උබ පුක දිහා විශේෂයෙන් බලන්න පුළුවන්. උන්ට බනින්නත් එපා. ඒ වෙලාවෙදි උන්ට පේන්න තියෙන එකම දේ උබයි.

    උන්ව ගනන් ගන්නෙ නැතුව උබ උබේ වැඩේ කරන්න පුරුදු වෙයන්.
     
    • Love
    Reactions: NewZealand

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඉස්සර ඔහොම ලඟින් ලඟින් යන ඒවා අපිටත් තිබ්බා බන්..

    මොන වැඩේටත් කලින් ලොකූ හුස්මක් අරන් ස්ටේජ් නැගපන් (හරි මීටිමට හරි එන්ට වෙයන්)..
    හිතහන් මට ලොවෙත් මේක ගේමක් නැතුව කරන්න පුළුවනි කියලා..

    අනික මචන් කතාව කරන් යද්දි හූ කියන්නේවත් බිත්තර ගහන්නෙවත් ලකුණු අඩු කරන්නෙවත් නෑනේ බන්..තාල අල්ලන් කියන සිංදු වත්, පදේට නටන්න වත් නෙමේනේ බන් යන්නේ උඹ.ඒ නිසා ගණන් ගන්නෙපා..!

    උඹ දිහා බලන් ඉන්නවනම් තමයි., ඒත් වරදිනකන් බලන් ඉදලා අනන්මනන් කියනවා නම් උඹට නෙමේ අවුල තියෙන්නේ එහෙම කියන එකාගේ..ඒ නිසා පොසිටිව් හිතහන් පුළුවන් තරම්..

    අර උදේට කණ්ණාඩිය ඉස්සරහා මට පුළුවන් කියලා කමාන්ඩ් දෙන එකේත් පොඩි සප් එකක් තියෙනවා.
    පුළුවන් නම් උඹට ශේප් ඩෑල් එකක් ඕඩියන්ස් එකේ ඉන්නවනම් ඌ දිහා බලන් කතා කරහන්

    නැත්තම් මේ එකෙක්වත් මට ඩෑල්ස් නෙමෙ කියලා හිතන් කතා කරහන්

    ඉවර උනාම අනන් මනන් කිව්වොත් ඒවත් ආතල් උත්තරයක් දීලා ශේප් වෙයන්
    "උඹලා අහන් ඉන්නවද බලන්න මම වැරැද්දුවේ.."
    "ඔක්කොම කියන්න ඕන ටික මතක් කරගන්න ගියා බන් ඒකයි කතාව ඉස්ටාට් කරන්න පහු උනේ"
    "මඟදි මඟදි ඒ..සී එකට උගුර වේලෙනවා බන්..මාර ගේමක් දුන්නා කතාව කරන් යන්න" ඔහොම ඒවා..

    අපේ බැජ් එකේ හොදටම කියන්න සිංදු පුළුවන් කිව්ව පොරක් ස්ටේජ් නැඟලා චොර කලා කියනකොට තාලෙ..බැහැලා කියාපි අර අල්ලපු මයික් එකේ කරන්ට් එකක් එනවා සැරින් සැරේ ඉතින් පොඩ්ඩක් තාලේ අවුට් ගියා කියලා..

    ඒව එහෙම ආතල් එකට ගනින්..

    ජය..!
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මටනම් හිතෙන්නේ ඕක අමාරුවෙන් හරි පස් හය සැරයක් කරද්දී හරි යයි කියලා.
    overthink කරන එකත් අවුලක්
    තනියම බෑම වගේ හිතෙනවනම් ඩොකෙක් ගාවට යන්න.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මට පොඩි ගැටලුවක් තියෙනව මචන්. මම හිතන්නෙ ඒක සෝෂල් ෆෝබියා නෙවේ. මොකද ඒක වෙලාවකට තියෙනව වෙලාවට නැහැ :baffled:

    මට මේකට පුළුවන් උත්තරයක් දෙන්න කවුරුහරි.

    ස්ටේජ් එකක නැගල පෆෝම් කරන්න මට බැහැ, සිංදුවක් , කතාවක් කියන්න බැහැ, හැබැයි බැරිත් නැහැ. වෙලාවකට පුළුවන් මට කීපදෙනෙක් වටවෙලා ඉන්නකොට (ෆෙයාවෙල් ඉවෙන්ට් එකකදි වගෙ) වචන කීපයක් කතා කරන්න. ඒත් මගෙ වාරෙ එනකොට පපුව ඩිග් ඩිග් ගානවා. :dull:

    ස්ටෙජ් එකක නැගල පිරිසක් බලන් ඉද්දි ඒක උඩ මම පෆොම් නොකලත් හිතහන්කො මන් මොනා හරි ඕඩියො ඉක්විප්මන්ට්ස් ෆික්ස් කරනව වගෙ දෙයක් කියල. අන්න එතකොටත් අවුල්.

    නිකන් මන් ඇවිදින එක, මගෙ ඇක්ෂන් පවා නිකන් හිතලම කරනව වගෙ මම කරන්නෙ. හිතලම කෙරවෙනවා :baffled:
    මම දිහා කට්ටිය බලන් ඇති කියල හිතෙනව, එතකොට මන් උන් දිහ බලනව මන් දිහා බලන්ද ඉන්නෙ කියල කන්‍ෆර්ම් කරගන්න. එතකොට උන්ට තේරෙනව ඇතිනෙ මම මොකක් හරි කේස් එකකින් ඉන්නෙ කියල. :baffled:

    හැබැයි මොන ලෝකෙක ගිහිල්ල හරි, ඕන නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරල ටෝක් කරගන්න ඔය කිසි දෙයක් බාධාවක් නෙවෙ. සාමාන්‍යයෙන් සෝෂල් ෆොබිය කියන්නෙ උන්ට සමාජේ එක්ක කිසි දෙයක් කරන්න බෑනෙ. ඒත් මට එහෙම නැහැ.

    අනික මගෙ ජොබ් එකත් පිරිස එක්ක කරන්න තියෙන එකක්. ඒකෙදි පිරිස එක්ක ගැටෙන්න වෙනව ගොඩක්. එතනදි ප්‍රශ්නයක් නැහැ මන් වැඩ කරගෙන ඉන්නව.

    එතනදිත් මගෙ යටතෙ ඉන්න අයට මිටින් එකක් දාල කතාකරන්න වුනොත් ඒක මට කරගන්න බැහැ. තවම එහෙම සිටුවේෂන් එකක් ඇවිත් නැහැ ආවොත් මොනා වෙයිද කියල හිතාගන්න බෑ 😢

    ටොට්මාස්ටර්ස් එක්කට වුනත් යන්න බැහැ ඔය හේතුව නිසා.

    මට ඕන සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න. කවුන්සිලන් නම් යන්න බැහැ. උන්ගෙ බයිල අහන එක හරියන්නෙ නෑ. ඩ්‍රග්ස් වලින් මොනාත් කරගන්න බැරිද මට මේක. @helplesser මම දැක්ක දවසක් උබත් ඩ්‍රග්ස් ගන්නව කියල තිබ්බ , ඒකත් මගෙ වගෙ කේස් එකක් ද?

    මම හිතන්නෙ මට ඩ්‍රග්ස් තමා ඕන ඕකට.
    ඉස්සෙල්ලාම උබ බස් එකේ ,කඩේ ,ඉතුරු සල්ලි ඉල්ලන්න පුරුදු වෙයන් !