මාරක පුටුව – වාඩි වුණ කෙනා පසුදා මියයයි
දිනක් හෝටලයට පැමිණි ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙක් මෙම පුටුව පිළිබඳ වේගවත්ව විවේචනය කරන්නට වූයේය.
හොඳයි… ඔබ පුටුවේ ඉඳගන්න… ඔබට අනතුරක් නොවුණොත් මම සුපිරි වර්ගයේ බීර ගැලුමක් ඔබට දෙනවා… බෝල්බ් කීවේය. ප්‍රංශ ව්‍යාපාරිකයාද තම අදහස අත්හැරියේ නැත. ඔහු පුටුවේ හිඳගත්තේය. කිසිදු අනතුරක් වූයේ නැත බලා සිටි පිරිස ජයඝෝෂා නගද්දී ප්‍රංශ ව්‍යාපාරිකයා පුටුවෙන් නැගිට්ටේය. එහෙත් ලොකු දුරක් ඔහු ගියේ නැත.
පුටුව තිබූ මැදිරියේ දොර අසලදී කෙසෙල් කඳ කරටියෙන් බිඳෙන්නා සේ ඔහු මැරී වැටෙත්ම නරඹන පිරිස බිරාන්තව හිස් ලූ ලූ අත දුවන්නට වූහ. වටිනා දැවයෙන් නිර්මිත කොට විල්ලුදයෙන් හැඩ දමන ලද මෙම පුටුවේ නියම නිර්මාතෘ කවුද….? ඉදිකළේ කොතැනකද යන්න කිසිවෙකුත් විමසුවේ නැත. එහෙත් මෙම පුටුව පරිහරණය කරන අයට මරණය උදා වෙන බවට පුවරුවක් එහි එල්ලා තිබිණි.
දකින්නන් බියට පත් කරන මෙම පුවරුව සහිත පුටුව ඉතා රහසිගතව ගෘහ භාණ්ඩ අලෙවිසලකට විකුණන ලදී. මේ අතර එංගලන්තයේ බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් මාරක පුටුවේ නිහඬතාව ගැන විමසිලිමත් වූ “ප්‍රෙඩී බෝල්බ්” ට මෙම පුටුව තමන්ගේ හෝටලයට අත්පත් කර ගැනීමට සිතුණි. මෙම යුගය වෙන විට ලන්ඩන් නගරයේ පිහිටි “පිග්ස් විල්සි” හෝටලයේ අයිතිකරුවා වූයේ ප්‍රෙඩී බෝල්බ්ය.
රසවත් ආහාර, සැපපහසු නවාතැන් නිසා පිග්ස් විල්සි හෝටලය මේ කාලයේ ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබිණි. මෙම ජනප්‍රියත්වයට තවත් ආලෝකයක් ලබා ගැනීම සඳහා මෙම මාරක පුටුව තමන්ගේ හෝටලයට ලබා ගතහොත් මැනවැයි ඔහු සිතුවේය. මේ ගැන බෝල්බ් තමාගේ මිතුරෙකු සමග කතාබහ කළ අතර මිතුරා බෝල්බ්ට මෙම කටයුත්ත වෙනුවෙන් ධෛර්යය ලබා දුන්නේය. ඔහු කෙසේ හෝ මේ වෙන විට මාරක පුටුව පැවැති ගෘහ භාණ්ඩ වෙළෙඳසල සොයා ගත්තේය.
එහි ගබඩා කාමරයක තිබුණු පුටුව අඩු මිලකට ඔහු ලබා ගත්තේය. මෙතෙක් පුටුව පැවැතියේ ලන්ඩන් නුවර පොටෝ බේලෝ වීථියේ පැරණි ගෘහභාණ්ඩ වෙළෙඳසලකය. එහෙත් එහි අයිතිකරු මාරක පුටුවේ වග තුග දැනසිටියේ නැත පුටුව මිලට ගත් බෝල්බ් විශේෂිත ස්ථානයක මාරක පුටුව තබා එය රැකවලටත් ආරක්ෂකයන් යොදවා පුටුවේ කකුල් වෙත දම්වැල් යොදා ඉබි යතුරු දමන ලදී.
මාරක පුටුව දැක ගනු රිසින් බොහෝ දෙනා “පිග්ස් විල්සි” හෝටලයට ඇදෙන්නට වූහ. මේ අතර මාරක පුටුව යනු ප්‍රොඩාවක් යෑයි බොහෝ දෙනා දොස් නඟන්නට වූහ. කෙසේ වුවත් මාරක පුටුව නරඹන්නට පැමිණෙන පිරිස නිසා ආදායම බෙහෙවින් ඉහළ යන්නට විය. දිනක් හෝටලයට පැමිණි ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙක් මෙම පුටුව පිළිබඳ වේගවත්ව විවේචනය කරන්නට වූයේය.
හොඳයි… ඔබ පුටුවේ ඉඳගන්න… ඔබට අනතුරක් නොවුණොත් මම සුපිරි වර්ගයේ බීර ගැලුමක් ඔබට දෙනවා… බෝල්බ් කීවේය.
ප්‍රංශ ව්‍යාපාරිකයාද තම අදහස අත්හැරියේ නැත. ඔහු පුටුවේ හිඳගත්තේය. කිසිදු අනතුරක් වූයේ නැත බලා සිටි පිරිස ජයඝෝෂා නගද්දී ප්‍රංශ ව්‍යාපාරිකයා පුටුවෙන් නැගිට්ටේය. එහෙත් ලොකු දුරක් ඔහු ගියේ නැත. පුටුව තිබූ මැදිරියේ දොර අසලදී කෙසෙල් කඳ කරටියෙන් බිඳෙන්නා සේ ඔහු මැරී වැටෙත්ම නරඹන පිරිස බිරාන්තව හිස් ලූ ලූ අත දුවන්නට වූහ.
තවත් අවස්ථාවකදී ලන්ඩනයේ කලාකරුවෙකු වූ චාල්ස් ස්කිනර් මාරක පුටුවට මුළාවී මිනිසුන් බිය වැද්දීම පිළිබඳව බෝල්බ්ට නොසෑහෙන සේ දොස් නඟන්නට වූහ.
හොඳයි…. මේ ගැන විවේචනය කරනවාට වඩා ඔබ ඉඳගෙන බලන්න. බෝල්බ් කීවේය. ස්කිනර් ධෛර්යය කරමින් පිරිසක් මුදල් ඔට්ටුවක්ද ඇල්ලූහ. වීරයෙකු ලෙසින් පුටුවේ හිඳගත් ස්කිනර් නිරුපද්‍රිතව නැඟිට සිටියේ නරඹන්නන්ගේ ජයඝෝෂා මධ්‍යයේය. මුදල් ඔට්ටුවද දිනා ගත් ස්කිනර් හෝටලයෙන් පිටව ගියේ වීරයෙකු ලෙසින්ය. එහෙත් පසුදින ලැබුණේ දුක්මුසු ආරංචියකි. එනම් ස්කිනර් සහ පිරිස ගමන්ගත් වාහනය පෙරළී ස්කිනර් මිය ගිය බවයි.
කාලයක් යන විට මාරක පුටුව සමඟ සෙල්ලම තුළ සදාචාරයක් නැති බව බෝල්බ් තේරුම් ගත්තේය. මේ නිසා පුටුව වෙනුවෙන් ඔට්ටු ඇල්ලීම නවතා දමන ලදී. මෙම කාලයේ ලන්ඩන් හි මීසම භාරව සිටියේ “චාල්ස් ඩඩ්වෙල්ස්” පියනමයි. එතුමා උග්‍ර දේවභක්තිකයකු වූයේය. දෙවියන් ගැන විශ්වාසය තිබුණත් චාල්ස් පියතුමා මේ පුටුවට බයයි. බෝල්බ්ගේ මෙම අභියෝගාත්මක අදහස පිළිබඳව සැළ වුණෙන් චාල්ස් පියතුමා පිග්ස් විල්සි හෝටලයට පැමිණියේය.
මේ අතර බෝල්බ්ගේ බිරිඳ ප්‍රිනා පවා මාරක පුටුවට මුවාවෙන් ලබන ආදායම ගැන මහත් සේ කලකිරී සිටියාය. චාල්ස් පියතුමා සමඟ ඇය කියා සිටියේ මිථ්‍යාවන්ට මුවා වී ලබන ආදායම ගැන ඇය මහත් කලකිරීමෙන් සිටින බවයි. මේ නිසා මාරක පුටුව මිථ්‍යාවක් බව ලෝකයාට හෙළි කිරීම වෙනුවෙන් අපූරු උපායක්ද යෝජනා කළාය.
මාරක පුටුව වෙනුවට වෙනත් පුටුවක් මාරු කොට එම පුටුවේ පැයක පමණ වෙලාවක් හිඳගෙන සිට පුටුවේ මරණය ලියෑවී නැති බව ලෝකයාට පෙන්වීමට හැකි බැව් ඇය යෝජනා කළාය. ඒ අන්දමින්ම පුටුව මාරු කොට චාල්ස් පියතුමා මාරක පුටුවේ හිඳගෙන මරණය පරාජය කරන අන්දම දැක බලා ගන්නට දහස් ගණනක් සෙනග රැස් වෙන්නට වූහ. පුටුවේ හිඳගෙන පැයක් පමණ වේලාවක් ගත කළ චාල්ස් පියතුමා නරඹන්නන්ගේ ප්රිති ඝෝෂා මැද පුටුවෙන් නැඟී සිටියේය.
මාරක පුටුව මහ බොරුවක්… බලා සිටි පිරිස කියන්නට වූහ. එදින රාත්‍රියේ බෝල්බ් පල්ලියට ගියේ චාල්ස් ඩඩ්වෙල්ස් පියතුමා මුණගැසීමටයි. පියතුමනි…. ඔබේ ජයග්‍රහණය මම අගය කරනවා. එහෙත් පියතුමනි… ඔබතුමා හිඳගෙන සිටියේ ඇත්ත මාරක පුටුවේ නොවෙයි.. බෝල්බ් කීවේය.
සිද්ධිය ආරංචි වෙලාවත්ද පියතුමා තනිවම සිතුවේය.
මට තේරුම් ගන්න බැහැ… පියතුමා කීවේය.
පියතුමනි… සැබෑ තත්ත්වය මේකයි. මගේ බිරිඳ ප්‍රිනා ඔය මාරක පුටුවට කැමැති නැහැ. ඒ නිසා මම මාරක පුටුව එය මිලට ගත් පොටෝ බෙලෝ වීදියේ පැරණි ගෘහ භාණ්ඩ වෙළඳසැලටම දීලා වෙනත් පුටුවක් එතැනින් මිලට අරගෙන ඇවිත් තැබුවා. ඔබේ බිරිඳ ප්‍රිනා සමඟ මම ඒ පුටුව මාරු කළා.
අපි නැවත ගෙනාවේ එහෙම නම් මාරක පුටුව… එතකොට මම ඉඳගත්තේ සැබෑම මාරක පුටුවේ… චාල්ස් පියතුමා කීවේය. හාස්කම් ප්‍රදර්ශනයට එතරම් ආයුෂ තිබුණේ නැත පසු දින උදෑසන පල්ලියේ අල්තාරය අසල දැකගන්නට ලැබුණේ චාල්ස් ඩඩ්වෙල්ස් පියතුමාගේ නිසල දේහයයි.
සළකලා නොයන සෑම කෙනෙකුගේම නිසල දේහය එළකිරියේ දොරටුව අසල වැටි තිබෙනු ඇති බවට මාගේ පෞද්ගලික මතයයි...







