මාරුවෙලා_ගැහුවොත්?

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මාරුවෙලා_ගැහුවොත්?

    7-600x332.jpg

    ඔබ වැරදීමකින් කාර් එකට වැරදි ඉන්ධන වර්ගයක් ගැසුවහොත් කලබල නොවන්න. ප්‍රථමයෙන්ම engine එක නවත්වන්න හෝ නවත්වා ඉන්ධන පුරවනු ලැබුවේ නම් engine එක start කිරීමෙන් වලකින්න. සියලුම වැරදි ඉන්ධන ඉවත්කොට පිරිසිදුකර නැවත නිවැරදි ඉන්ධන පුරවන තුරු engine එක start නොකිරීමට වගබලාගන්න.:no:

    ඩීසල් වාහනයකට පෙට්‍රල් ගැසුවහොත් :dull:

    ඩීසල් වාහනයකට පෙට්‍රල් ගැසුවහොත් damage වෙන්නෙ fuel pump එක. ඩීසල් වාහනයක fuel pump එක කියන්නෙ high pressure තැනක්. එතන පෙට්‍රල් ඩීසල් mix වුනාම ඉන්ධනයෙහි ද්‍රාවන ගතිය අඩුවනවා. ඉන්පසු pump එකේ ලෝහ කොටස් එකට ගැටීමෙන් කුඩා ලෝහ කොටස් කැඩී පෙට්‍රල් ඩීසල් ද්‍රාවනයට මුසුවේ. එම හානිකර ද්‍රාවනය fuel system එක තුළ දිවීමන් engine එකට සිදුවන හානිය වගේම repair කරන්න යන වියදම හිතාගන්නවත් බෑ නේද? fuel pumps, injectors, fuel rail, fuel tank and line filters මේ ඔක්කොම repair කරන්න වෙනවා.

    පෙට්‍රල් වාහනයක ඩීසල් ගැසුවහොත් :dull:

    ඩීසල් සම්පීඩනය වෙනවා වගේ නෙවෙයි, පෙට්‍රල් දහනය වෙන්නෙ spark එකෙන්. ඩීසල් සමඟ වාහනය start කරොත් ඩීසල් වලින් spark plugs වගේම fuel system එකත් අවහිර කරනවා. වාහනය misfire කරනවා ඊට පස්සෙ engine එක නවතිනවා. Engine එක පිරිසිදු කරාට පස්සෙ ඉක්මනට පෙට්‍රල් දාලා වාහනය start කරන්න ඕන. ඔබට දැකගන්න පුලුවන් සුලු මොහොතක් යනතුරු අනවශ්‍ය ලෙස පිටවන දුමාරය. ඉතිරි ඩීසල් දහනය වන දුම තමයි ඒ.

    වැරදි ඉන්ධන යෙදීමේ අවදානමෙන් මිදෙන්නෙ කොහොමද?:oo:

    නිතරම අවධානයෙන් සිටින්න
    Fuel Boothවල පාට විශ්වාස නොකරන්න
    දන්න කියන fuel station වලින් නිතර ඉන්ධන පුරවන්න
    ඔබට තියෙන්නෙ ඩීසල් වාහනයක් නම් ඩීසල් කටට Diesel Head Device එකක් set කරන්න. එවිට පෙට්‍රල් ගැසියම නොහැක.

    http://turboholics.lk/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙට්ටල් වලට වතුර කවලන් උනාම :dull:

    බොහ් බොහ් ගාල හිටිනව ලග පිකප් නැ, හරියට ස්ටාට් වෙන්නෙ නැ , කදු අදින් නැ, කන්ද අමාරුවෙන් ඇද්දත් කන්ද උඩ හිටිනව , ඊට පස්සෙ මලාට ස්ටාට් වෙන්නෙ නැ, ඉතින් තල්ලු කරපන්,

    ප්‍රතිකාර, :)

    ටැකියගලවා වතුර සහ පෙට්ටල් ඉවත් කරන්න, ඉන්පසු ස්ටට් කරන්න, දෙපාරක් හොදට රේස් කරන්න, 92 ගහනවනම් 95න් මාසයක්වත් දුවන්න,
     
    Last edited:

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    පෙට්ටල් වලට වතුර කවලන් උනාම :dull:

    බොහ් බොහ් ගාල හිටිනව ලග පිකප් නැ, හරියට ස්ටාට් වෙන්නෙ නැ , කදු අදින් නැ, කන්ද අමාරුවෙන් ඇද්දත් කන්ද උඩ හිටිනව , ඊට පස්සෙ මලාට ස්ටාට් වෙන්නෙ නැ, ඉතින් තල්ලු කරපන්,

    ප්‍රතිකාර, :)

    ටැකියගලවා වතුර සහ පෙට්ටල් ඉවත් කරන්න, ඉන්පසු ස්ටට් කරන්න, දෙපාරක් හොදට රේස් කරන්න, 92 ගහනවනම් 95න් මාසයක්වත් දුවන්න,

    :):):):):) elaz machan :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෙට්ටල් වලට වතුර කවලන් උනාම :dull:

    බොහ් බොහ් ගාල හිටිනව ලග පිකප් නැ, හරියට ස්ටාට් වෙන්නෙ නැ , කදු අදින් නැ, කන්ද අමාරුවෙන් ඇද්දත් කන්ද උඩ හිටිනව , ඊට පස්සෙ මලාට ස්ටාට් වෙන්නෙ නැ, ඉතින් තල්ලු කරපන්,

    ප්‍රතිකාර, :)

    ටැකියගලවා වතුර සහ පෙට්ටල් ඉවත් කරන්න, ඉන්පසු ස්ටට් කරන්න, දෙපාරක් හොදට රේස් කරන්න, 92 ගහනවනම් 95න් මාසයක්වත් දුවන්න,

    ඇයි බන් 92 ගහනවනම් 95න් මාසයක්වත් දුවන්න කියන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් 92 ගහනවනම් 95න් මාසයක්වත් දුවන්න කියන්නෙ?
    95 කාබන් අඩුයි , ඉතින් අයෙ අමුතුවෙන් මොකුත් බැදෙන් නැ , වතුර ඇදල දෙල් වෙලා තියෙනව නම් හරියාමෙ හැකියාවක් තියෙනව,
     
    Last edited: