මුං පොඩි කාලෙ ඉදලම බේ බද්දො..............

kawuda bola be baddaman koheda kiyala thiyenne man biwuwa kiyala


මුං පොඩි කාලෙ ඉදලම බේ බද්දො..............

kawuda bola be badda

ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.![]()
ෆට්ට කතාව බන්! 





MATAMANI une13 අන්තිම වාරෙ ගියා නකල්ස් ට්‍රිප් එකක්
අපිත් එක්ක ගියෙ බයෝ සර් කාරයයි පියෝ සර් කාරයයි
හොද බෙබේ ලා දෙන්නෙක්.. අපි දැනන් හිටියා දෙන්නා රෑට සෙට් වෙනවා කියලා
තව කෙනෙකුත් ගියා.. බස් එක දවල්ට කන්න ගිය අම්පිටියේ සෙමෙනරියට
කතෝලික උන් ටික සර්ලත් එක්ක ඇතුල බලන්න ගිය
අපේ බුද්ධාගමේ උන් ටික ටක් ගාල බලලා කරලා ආව බස් එකට
බස් එකේ සර් ලගේ සීට් ගාව බලද්දි මෙන්න තියෙනවා ගල් බෝතලයයි සෝඩ මෙගා එකයි මුරුක්කු පැකට් එකකුයි..
කෙලින්ම ගත්ත සෝඩා බෝතලෙ.. අපි ලග තිබ්බ හිස් බොව්තලෙකට වතුර පුරෝලා තිබ්බ එතනින්..
ඔන්න ගියා නකල්ස් වලට..හවස 7ට විතර දැක්කා සර් ලා දෙන්න එහෙ දුවනව මෙහේ දුවනවා
වැඩේ මාට්ටු වගෙ.. පස්සෙ 8ට විතර සර් මටයි තව එකෙක්ටයි එන්න කිවුවා..ගැහි ගැහි ගියේ ඇයි මාට්ටු උනොත් කෙලියයි නේ
මෙන්න බොලෙ සර් හෙමීට කියපි " පුතා මේ හරියෙ කඩයක් නෑ.. සෝඩ එහෙම ගෙනල්ලා තියෙනවනම් ටිකක් දෙන්න බැරිද කියලා "
බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් හිටියේ..කෝම හරි මෑන්ස් ලගෙ බෝතලෙන්ම ටිකක් පොඩි බෝතලෙකට දාල දුන්නා පවු හින්දා..අසරනයො දෙන්න![]()



ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.![]()












උඹලව තියන්න වටින්නෙ නෑ නෙ බන්![]()


අඩේ උබ ඉස්කෝලෙත් ගියාද බන්??පාසල් වියේ අමතක නොවන සිදුවීම්.............
ඔයාලටත් ඇති ස්කෝලෙදි සිද්ධ උන රසබර සිදුවීම්......... වෙලාවක් තියෙන වෙලාවක කෙටියෙන් මේකෙ දාලයන්න
මේක මම ස්කොලෙ යද්දි සිද්ධ උන අකරතැබ්බක්.........දන්නවනෙ ඉතිං වතිලට වෙන සීන්
අපි යන්නෙ ස්කුල් බස් එකේ සීටීබී එකක්..... අතර මග තියෙනව වෙල් යායක්...
දවසක් බස් එක ඔය වෙල්යාය මැදින් යද්දි.... අපි පුට් බෝඩ් එකේ හිටියෙ.... මම දැක්ක ඈතින් පාර පැත්තට මී හරකෙක් පස්සෙ තවත් හරකෙක් පන්නන් එනව... මූ පන එපෝ කියල දුවන් එනව...
මෙන්න බොලේ මේක දුවගෙන ඇවිත් ගොඩ උනේ නැතැයි බස් එකට..... පන්න් ආපු හරක අන්ද මන්ද වෙලා බලං ඉන්නව.....
බස් එකේ හිටපු එවුන් බෙරිහන් දෙනව බයට... බස් එක නැවැත්තුවා හරක ඒ ස්ටෑන්ඩ් එකෙන් බැහැල යන්න ගියා අපි අයෙත් ස්කොලෙ ගියා...........
---- ජෝක් නෙමේ සිරා සීන් එක-----

කොල්ලා අඩ නිරුවතින් 





මෙකනම් උනෙ 11 වසරෙ Trip එකකට ගියපු ගමන් .. දවස් 2ක Trip එකක් පලවෙනි දවසෙ රැ නැවතුනෙ පන්සලක .Class එකෙ ඔක්කොම එක Room එකක හිටියෙ .. අපෙ සෙට් එකෙ හිටියා කට්ට කියලා Dial එකක් මු.. රැ 2 කට විතර (පට්ට කලුවරෙ) නැගටිලා එලියට යන්න දැගලුවා .. අපෙ එවුන්ගෙ හැටි දන්න හින්දා අපෙ අංශබාර කාරයා හිටියෙ කාබරෙ දොර ලග... (මිනිහා සැපට බිම බදාගෙන බුදි).. මු.. නැගටිල අනිත් එවුන්වත් නැගිට්ටවල .. යමු බන් එලියට කියලා කාබරෙන් ඉලියට යන්න හදනකොටම .. මු අංශබාර කාරයගෙ අත පාගලා .. මැන්ස් කැගහගෙන නැගිටින්කොටම මු අවිල්ල නිදි වගෙ හිටියා ... කලුවරෙ හින්දා පැගුවෙ කවුද කියලත් මිනිහට හොයගන්න බැහැ .. .. පට්ට සින් එක කියන්නෙ සර් කාරයගෙ අත කොරවෙන්නම පාගලා .. මැන්ස් නැගිට්ටෙ ලස්සනව වචන දෙක තුනකුත් කියාගෙන .. මැන්ස් කාබරෙ ඇතුලට ඇවිල්ලා අත පාගපු #### නැගිටියව් කියලා කැ ගහනව .. අපිට හිනාව තදකරගෙන ඉන්න බැහැ .. අපෙ එකක්ට හිනා ගිහිල්ල .. මිනිහා මාට්ටු .. අන්තිමෙදි ගුටිකැවෙ වෙන එකක් ...



මේක නම් මටමයි උනේ
7 වසරෙදි.. අපි ඒ කාලේ ඉන්ටර්වල් එකට කොරිඩෝර් එකේ ක්‍රිකට් ගහනවා
වන් බම්ප්.. කෝම හරි එදා මන් බෝලෙ අල්ලන්න පාත් උනා විතරයි කලිසම බරාස් ගෑවා.. මල කෙලියයි.. කලිසමෙ පිටිපස්සෙ පලුවම ලයින් එකෙන් ගිහිල්ල..කොල්ලා අඩ නිරුවතින්
ඒ පාර මුලු ඉස්කෝලෙම කලිසම් හෙවුවා මගෙ සයිස් එකෙ ඒවා නෑ
අන්තිමෙ කොල්ලො ටික වටකරන් මාව පන්තියට ගෙනිච්චා
ඒ ඉදගත්ත ඉදගත්තමයි ආයෙ ඉස්කෝලෙ ඇරෙන්කම නැගිට්ටෙ නෑ
ඉස්කෝලෙ ඇරිලත් මන් පන්තියෙන් ගියෙ 2.20ට විතර..බග් එක පිටිපස්සට අල්ලන් ගියා..ඒ කාලෙ වෑන් එකේ ආවෙ..හොද වෙලාවට වෑන් එක එන්නෙත් 2.30ට
බෝම අමාරුවෙන් තමා ජාමෙ බේරගත්තෙ![]()


ඇත්තද මචන් උබ නැවක් සයිස් කියන්නෙ 


අංශබාර තමා එපා වෙන්නෙ
sirawata e kale berennama bari oya ansa bara ungen thama![]()

