මාලකට රට යන්න උසාවියෙන් අවසර
හමුදා මේජර්වරයකුට පහරදීමේ නඩුව ඊයේ (24) පැවැති අවස්ථාවේදී මාලක සිල්වාට ලබන ඔක්තෝබර් 5සිට නොවැම්බර් 7 දක්වා විදෙස් ගතවීමට අවසර ඉල්ලා සිටි අතර එයට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
හමුදා මේජර්වරයකුට පහර දී තුවාල සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් පස්දෙනකු කොටුව අධිකරණයේ ඊයේ (24දා) පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී මේජර්වරයා විසින් එක් සැකකරුවකු පමණක් හඳුනා ගත්තේය. ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් එක් සැකකරුවකු වෙනුවෙන් රුපියල් දසදහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙළේය.
හඳුනාගත් සැකකරුට සෑම මසකම අවසාන ඉරුදින 9.00 - 12.00 ත් අතර කොම්පඤ්ඤවීදිය පොලීසියට වාර්තා කරන ලෙස විනිසුරුවරයා නියෝග කෙළේය.
ගොඩගේ නලින්ද ජානක, ගාල්ලගේ දොන් අරවින්ද, සුරේශ් පුෂ්පකුමාර, සරත් උපාලි, රුමේෂ් සත්‍යජිත් යන සැකකරුවන් මෙසේ ඇපමත මුදාහරින ලද අතර සුරේශ් පුෂ්පකුමාර සැකකරු පමණක් හඳුනා ගන්නා ලදී.
source:- මව්බිම