චන්ද හිමියන්ගෙන් 40% කට වැඩි ප්රමාණයක් චන්දේ දාලත් නැහැ. දාපු චන්ද වලින් අවලංගු චන්දත් සෑහෙන්න තියෙනවා. මේකට හේතුව ආණ්ඩුව බොරු ගොන්නක් කියලා බලාපොරොත්තු සැහෙන්න ප්රමාණයක් දීලා ආණ්ඩුව ගත්තට දැන් ඒවා කරන්න බැහැ . බැරි බව වත් නිහතමානීව පිළිගන්නේ නැහැ. ඒ කටත් බොරු ගොන්නක් කියනවා. ඔන්න ඔය හේතු නිසා මිනිස්සුන්ට ලොකු කලකිරීමක් තියෙනවා. මේ චන්දෙන් මට නම් පේන දෙයක් තමියි මිනිස්සු ආණ්ඩුවට කැමතිත් නැහැ. විපක්ෂෙට කැමතිත් නැහැ. මිනිස්සු බලන් ඉන්නවා චන්දේ දෙන්න පුළුවන් මිනිස්සු ටිකක් එනකන්. ඊළඟ ජනාධිපතිවරනේදී මේ ආණ්ඩුව කියපු දේවල් නොකලොත් උඩින්ම පරදිනවා.