මාෂල් ආට්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    @PrasangaSPerera @333sajith
    මගේ තියෙන ලොකු ම අවුල අනිත් එකා එකක් හරි ගහනකම් මට ගහන්න හිතෙන්නෙ නෑ. ඒක ස්ට්‍රීට් ෆයිට් එකක දී අවසියක් ද?
    උබලා කියන්නෙ ප්‍රතිවාදියා අත උස්සනකොට මම දෙක තුනක් දෙන්න ඕන කියලද?

    අනිත් කාරනේ සමහරු කොහොමද බං 3 4 එක්ක ගහගන්නෙ?
    තුනක් එක පාරට ඇගට පැන්නොත් ඉවරයි නෙ☹️☹️
     
    • Dislike
    Reactions: sithija.h

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උස එකෙකුට එල්බෝ එකෙන් දෙන එක අමාරුයිනෙ බං
    mid range එකට leading straight and rear straight punch කලාම ඕන එකෙක් 2ට නැවෙනවානේ මචං.ඒක තමයි නියම වෙලාව රිදෙන්නම L bow treatment එකට.Enemy ගේ head down නේ.කොහොමද ඒ වෙලාවටL bow එක්කuppercut එකක් ඒම ගියාම.හම්මේ ෂැප.ඊට පස්සේ ඉතිං කික් එක.කෙලින්ම ඔලුව බදාගෙන කෑ ගහගෙන බිම.වලියත් ඉවර උනා බම්.:lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @PrasangaSPerera @333sajith
    මගේ තියෙන ලොකු ම අවුල අනිත් එකා එකක් හරි ගහනකම් මට ගහන්න හිතෙන්නෙ නෑ. ඒක ස්ට්‍රීට් ෆයිට් එකක දී අවසියක් ද?
    උබලා කියන්නෙ ප්‍රතිවාදියා අත උස්සනකොට මම දෙක තුනක් දෙන්න ඕන කියලද?

    අනිත් කාරනේ සමහරු කොහොමද බං 3 4 එක්ක ගහගන්නෙ?
    තුනක් එක පාරට ඇගට පැන්නොත් ඉවරයි නෙ☹☹
    නෑ බං.අපිට එකෙක් ගහනකං හරි තල්ලු කරනකං හරි අපි ඌට අතපය උස්සන්න යන්නෑ.ගහන්න විතරක් නෙවෙයි ගහන ඒවායින් බේරෙන්නත් ඉගෙනගන්න ඕනේ.මර්ෂල් ආර්ට් වල තියෙනවා offence part and defence part කියලා වෙනමම.(ඒක ඕන ආර්ට් එකක තියනවා ඔය නම් වලින් නැති වුනාට).ඌ ගහයි කියලා හිතෙනකොට උඹ බේරෙන්න ලෑස්තිපිට ඉන්න ඕනේ.ඒකට තමා හොඳට ට්‍රේනින් වෙන්න ඕනෙ කියන්නේ.අනික 3-4ක් එක්ක ගහගන්න එක ලේසි නෑ බං.අපිට පිටිපස්සට ඇස් නෑනේ.පිටිපස්සේ ඉඳං පිහියකින් වත් ඇරියොත් ඉවරයි ඉතිං.කොච්චර වැඩ්ඩෙක් වුනත් වැඩක් නෑ.ඒක ඉතිං වෙලාව තමයි.එහෙමයි කියලා මොනවත් නොදැන ඉන්නවට වඩා යමක් දැනගෙන ඉන්න එක හොඳයි නේ..
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63

    මන් Physical Training වලට අමතරව දැන් Meditation පැත්තත් පටන් ගත්තා.. Martial Arts වලට උදව්වක් වේවි කියලා හිතනවා...කාලයක් ට්‍රයි කරලා බලන්න ඕනෙ...

    ඒ පැත්ත ගැන මුකුත් Interest එකක් නැද්ද මචන්? ඒ පැත්ත ගැන හොයලා බලලා නැද්ද
     
    • Like
    • Love
    Reactions: DGN and skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    @PrasangaSPerera @333sajith
    මට තව ප්‍රශ්න දෙක තුනක් තියේ මචන්
    1. මට කික් එකක් එහෙම දීලා ආපහු පොසිෂන් එකට එන්න බැලන්ස් වෙන්න අමාරු ගතියක් තියෙනවා.

    2. සටන් කරුවො ගොඩක් අය දකුණත් නිසා වමත් පුරුදු වෙන එකේ වාසියක් අවාසියක් තියෙනවා ද?
    ප්‍රතිවාදියා වමත් උනොත් දකුණත් කෙනෙකුට මොන වගෙ බලපෑමක් වෙයි ද?

    3.අර සටන් කලා ගොඩක් ඒවගේ තියෙන නැටුම් වගේ දේවල් වලින් තියෙන ප්‍රයෝජනය මොන වගේ ද?
    ඒ නැටුමක් හොදට ප්‍රැක්ටිස් වෙන්න දිනපතා කරනවා නම් කොච්චර කාලයක් යයි ද?
    ඒවා ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් සටන් කලාව ඉගන ගත්ත කෙනෙක් එක්ක විතරයි වගේ සීන් එකක් නැද්ද?
    මොකද අනිත් එකා නොහිතුව පාරක් දුන්නොත් නැටුම් එක්ක අරූ බිම නෙ.

    4.පුෂප්ස් ගහන එක එක්සසයිස් වගේ දේවල් වලින් මේකට තියෙන බලපෑම මොන වගේ ද? බැලන්ස් එක පුරුදු වෙන්න ප්‍රැක්ටිස් කරන්න ඕන මොනවද?

    අති විශේෂ ම ප්‍රශ්නය
    5. මම දැක්කා කෙල්ලො පවා ලී ගඩොල් කැඩෙන්න ගහනවා. කොහොමද ඒවා කරන්නෙ? මිනිස්සුන්ගෙ අත් පය එච්චර හයිය වෙන්න පුළුවන් ද?

    ආයෙත් ආයෙත් ස්තූති කරනවා උබලා දෙන්නා මේ දෙන දැනුමට🤩
     
    • Dislike
    • Like
    Reactions: sithija.h and DGN

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Aththa ewa wala behe. Godak martial arts dan sport ekak widiyata karanne. Ekanisa demonstration paththata wedi.

    Kung fu wala thiyena traditional stances and animal styles dala gahaganna nam kohomath beri wei. Bruce lee ge wage style ekak nam tikak practice wenna puluwan. Eth uge movies wala thiyena tharam clean fights nam impossible.

    film wala wage guti kala kala anthimata nagitala gahana ewun nam ne eththatama. Eka shot ekak weduna gaman knockout wenawa.
     
    • Wow
    Reactions: skylander

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    @PrasangaSPerera @333sajith
    මට තව ප්‍රශ්න දෙක තුනක් තියේ මචන්
    1. මට කික් එකක් එහෙම දීලා ආපහු පොසිෂන් එකට එන්න බැලන්ස් වෙන්න අමාරු ගතියක් තියෙනවා.

    2. සටන් කරුවො ගොඩක් අය දකුණත් නිසා වමත් පුරුදු වෙන එකේ වාසියක් අවාසියක් තියෙනවා ද?
    ප්‍රතිවාදියා වමත් උනොත් දකුණත් කෙනෙකුට මොන වගෙ බලපෑමක් වෙයි ද?

    3.අර සටන් කලා ගොඩක් ඒවගේ තියෙන නැටුම් වගේ දේවල් වලින් තියෙන ප්‍රයෝජනය මොන වගේ ද?
    ඒ නැටුමක් හොදට ප්‍රැක්ටිස් වෙන්න දිනපතා කරනවා නම් කොච්චර කාලයක් යයි ද?
    ඒවා ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් සටන් කලාව ඉගන ගත්ත කෙනෙක් එක්ක විතරයි වගේ සීන් එකක් නැද්ද?
    මොකද අනිත් එකා නොහිතුව පාරක් දුන්නොත් නැටුම් එක්ක අරූ බිම නෙ.

    4.පුෂප්ස් ගහන එක එක්සසයිස් වගේ දේවල් වලින් මේකට තියෙන බලපෑම මොන වගේ ද? බැලන්ස් එක පුරුදු වෙන්න ප්‍රැක්ටිස් කරන්න ඕන මොනවද?

    අති විශේෂ ම ප්‍රශ්නය
    5. මම දැක්කා කෙල්ලො පවා ලී ගඩොල් කැඩෙන්න ගහනවා. කොහොමද ඒවා කරන්නෙ? මිනිස්සුන්ගෙ අත් පය එච්චර හයිය වෙන්න පුළුවන් ද?

    ආයෙත් ආයෙත් ස්තූති කරනවා උබලා දෙන්නා මේ දෙන දැනුමට🤩

    මේ ටිකෙන් මන් දන්න ටික මන් එකතු කරන්නම්...

    1. කික් බැලන්සින් එහෙම ඉක්මන්ට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි...ඔයා ගෙදරිද නැත්තම් ගුරුවරයෙක් යටතේ පුරුදු වෙනවද නම් දන්නෙ නෑ.. කික් බැලන්ස් අමාරු ගතියක් කියන්නෙ ඔයාගේ ප්‍රැක්ටිස් එක මදි..ගොඩක් ට්‍රේනින් වෙන්න ඕනෙ..

    2. වම දකුන කියලා එහෙම විශේෂයක් මන් දකින්නෙ නෑ... තමන්ට දකුනින් පන්ච් එකක් ආවත් වමෙන් පන්ච් එකක් ආවත් Reaction Speed එක නැත්තම් මුකුත් වැඩක් නෑ.. මේකට ලොකුවට උත්තරයක් නම් මන් හිතුවෙ නෑ..

    3. ඕක නැටුමක් නෙවෙයි.. කරාතේ වල ඕවට කියන්නෙ කාතා කියලා (Kata) ඕකෙන් පෙන්නුම් කරන්නෙ සතුරො ගොඩක් ඉන්න වෙලාවක අපි කොහොමද සටන් කරන්නෙ කියලා. ඕවට Bunkai කියලා තියෙනව..ඒ කියන්නේ ඒවගෙ තියෙන ඒ දේවල් කොහොමද යොදාගන්නෙ ඇත්ත අවස්තාවක කියල.. අනික ඒකේ කරන විදියට ඉස්සෙලම වමෙන් බ්ලොක් දකුනෙන් පන්ච් නෙවෙයි ඒක ඔනෙ විදියටක Bunkai එක වෙනස් වෙනවා..Bunkai ඉගෙනනොගෙන Kata ඉගෙනගන්න එක තේරුමක් නැ.. ඒක ප්‍රැක්ටිස් කරලා මතක තියන් මදි.. Strength , Timimg එක්ක හරියට කරන්න ඕනේ.. ගොඩක් competition වලට ඒම තමා ඉටින් ඕව ඕනෙ වෙන්නෙ..
    4. PushUps වලින් Strength Improve වෙනවා ඇති..හරියටම Body Effect එක දන්නෙ නෑ ඒකෙ..Balancing Exersice කරන්න ඕනෙ..

    5.. ගඩොල් නම් කඩලා නෑ..උලු නම් කඩලා තියෙර් නකල් වලින්. Body Conditioning තමයි හේතුව.. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි.. Conditioning නැතුව කඩන්න ගියොත් නම් හරි ටෙක්නික් අව්ල් ගියොත් හරි ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන්

    (මම කරාතේ වලට අනුව සමහර දේවල් කිව්වේ.. වෙන ස්ටයිල්ස් වලට අනුව වෙනස් වෙන්න පුලුවන් )
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    @PrasangaSPerera @333sajith
    මට තව ප්‍රශ්න දෙක තුනක් තියේ මචන්
    1. මට කික් එකක් එහෙම දීලා ආපහු පොසිෂන් එකට එන්න බැලන්ස් වෙන්න අමාරු ගතියක් තියෙනවා.
    ඕකට නම් ගුරුවරයෙක් ඕන නෑ youtube එකේ ඕන තරම් excercise තියනවා. Streching හොදට තියෙන්න ඕන කොච්චර කල් යයිද කියන්න බෑ සමහරුන්ට සතියෙන් පුලුවන් සමහරුන්ට අවුරුදු ගනන් කරලත් බෑ. හැබැයි බෑ කියන්නෙ physical ප්‍රශ්නයක් නෙමෙයි කැපවීමක් නැතිකම.
    2. සටන් කරුවො ගොඩක් අය දකුණත් නිසා වමත් පුරුදු වෙන එකේ වාසියක් අවාසියක් තියෙනවා ද?
    ප්‍රතිවාදියා වමත් උනොත් දකුණත් කෙනෙකුට මොන වගෙ බලපෑමක් වෙයි ද?
    වැඩේ දෙන්නටම ටිකක් අමාරුයි (මට සාපේක්ශව. මේ ගැන තව හොයල බලන්න වෙනවා ) jeet kune do අය හුරු අත/කකුල ඉස්සරහට ගන්නෙ අනෙක් අය ඕකෙ අනෙක් පැත්ත

    3.අර සටන් කලා ගොඩක් ඒවගේ තියෙන නැටුම් වගේ දේවල් වලින් තියෙන ප්‍රයෝජනය මොන වගේ ද?
    ඒ නැටුමක් හොදට ප්‍රැක්ටිස් වෙන්න දිනපතා කරනවා නම් කොච්චර කාලයක් යයි ද?
    ඒවා ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් සටන් කලාව ඉගන ගත්ත කෙනෙක් එක්ක විතරයි වගේ සීන් එකක් නැද්ද?
    මොකද අනිත් එකා නොහිතුව පාරක් දුන්නොත් නැටුම් එක්ක අරූ බිම නෙ.
    මම උත්තර දෙන්නෙ wushu/wing chun වලට සාපේක්ශව. මෙව්වා මුලින්ම හැදුනෙ උගන්වන්න. පොඩි කාලෙ english වලට conversation උගන්වනවා වගෙ. කවදාවත් ඒ conversation එක ඒ විදිහට කරන්න හම්බුවෙනවද? නෑනෙ ඒ වගේ තමයි. අනික මේක තමයි syllabus එක එතකොට කොටස් මග ඇරෙන්නෙ නෑ. හැම technique එකම ඕක ඇතුලේ තියනවා. පස්සෙ කාලෙක ඔව්වා demonstration වලට ඕන විදිහට වෙනස් වුනා wushu වල එහෙම(wing chun එහෙම වුනේ නෑ ) ලස්සන මල විකාර එකතුවුනා.
    Modern martial art වල ඔව්වා නෑ
    4.පුෂප්ස් ගහන එක එක්සසයිස් වගේ දේවල් වලින් මේකට තියෙන බලපෑම මොන වගේ ද? බැලන්ස් එක පුරුදු වෙන්න ප්‍රැක්ටිස් කරන්න ඕන මොනවද?
    Martial art is nothing but repetitions - my current sensei -
    Pushup වලින් core body strength එක හැදෙනවා ඒත් ඒක මදි kick balance කරන්න

    අති විශේෂ ම ප්‍රශ්නය
    5. මම දැක්කා කෙල්ලො පවා ලී ගඩොල් කැඩෙන්න ගහනවා. කොහොමද ඒවා කරන්නෙ? මිනිස්සුන්ගෙ අත් පය එච්චර හයිය වෙන්න පුළුවන් ද?

    ආයෙත් ආයෙත් ස්තූති කරනවා උබලා දෙන්නා මේ දෙන දැනුමට🤩

    පුලුවන් ඒකෙ අමුතු දෙයක් නෑ body seasoning කියන්නෙ scientifically prove කරපු දෙයක්. හැබැයි තවත් අපා දුකක්. Shaolin munks / muay thai fighters ල ඔය subject එකේ ඉන්න පට්ට පොරවල් තමයි.
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මචං මම මගේ විදියට උත්තරය දෙන්නං.ඇත්ත කතාව අපි ඔක්කොම දෙන්නේ එක වගේ උත්තර.හරය හරි විදියට අරන් උඹ අයිඩියා එක ගනිං.
    1.කික් බැලන්ස් එකේ නං තියෙන්නේ තනිකරම උඹේ පුහුණුව.හරි විදියට ටෙක්නික් එක අල්ලගනිං.විශේෂයෙන් උඹේ legs position එක.ඒකයි උඹේ footwork එකයි හරියටම හදාගනින්.සෑහෙන්න දෙනෙක්ට වරදින තැනක්.footwork එක ඇන සෑහෙන්න අවධානයක් දෙනවා බොක්ෂිං වලදිත්.උඹේ මාස්ටර්ගෙන් අහලා හරි යූටියුබ් එකෙන් බලලා හරි(උඹ කාලයක් ගුරුවරයෙක් යටතේ පුරුදුවෙලා නැත්තං එකපාර යූටියුබ් එකෙන් ඉගෙනගන්න යාම මම නං හිතන්නෑ එච්චර හොඳයි කියලා.දන්න එකෙක්ට නං නියමයි.) හරියට අල්ලගනින් මචං.
    2.දෙන්නටම යම් යම් අපහසුතා තියෙන්න පුළුවන්.රටාවකට අනුව මාෂල් ආර්ට් ඉගැන්නුවට මිනිස්සු ගහන්නේ රටාවකට නෙවෙයි නේ.හොඳ ආර්ටිස්ට් කෙනෙක්ට පුලුවන් වෙන්න ඕනෙ කොහොම ගැහුවත් බ්ලොක් කරගන්න.දෙවිදියටම ප්‍රැක්ටිස් කරන්න පුලුවන් නං හොඳයි.
    3.කලින් කරාටේ කරද්දි නං ටිකක් කරලා තියෙනවා මචං.ඒත් Latter stage JKD,MMA වල නෑ.ඒක හින්දා නොදන්න දේ ගැන කියන්න බෑ.(ඒත් මම හිතන්නේ ඕකේ ලොකු දෙයක් තියෙනවා.බොහෝවිට tai chi,Wushu වල mind relaxing වලට ඔය Demonstration parts ගන්නවා මං හිතන්නේ.
    4.පුෂප්ස් හොඳයි අත්,ඇඟිලි,උරහිස ආශ්‍රිත මාංශපේශි ශක්තිමත් කරන්න.ඒ වගේම උඹ knuckle pushups ගහනවනං fist එක condition වෙනවා.(හැබැයි ඉතිං අත නං පට්ට කැත වෙනවා.පාරේ යන්න බෑ.කළු වෙනවා).බැලන්සින් වලට තව වෙන වෙන ඒවා තියෙනවා.කාලයත් එක්ක උඹට මාස්ටර් කියාදෙයි.balace විතරක් නෙවෙයි flexibility ත් හදාගනින්.
    5.වෙන මොනවත් නෙවෙයි.තනිකර body conditioning.අරුන් දෙන්න (sathmina and 333 sajiyaa) කිව්වේ ඇත්ත.හරියට කලොත් මහලොකු දේවල් නෙවෙයි.body seasoning නැති උනොත් ලොකු ඩැමේජ් වෙන්න පුලුවන්.හැබැයි අමුම අමු බලු කට්ටක්.සෑහෙන්න කැපවෙන්න ඕනේ බන්.මුලදී Shin bone seasoning වලදි එකපාර Hard exercises කලොත් කෑගැහිලා හුජ්ජ යන්න එනවා (ඒකෙ තියෙන සැප කරපු උං දන්නවා හික්ස් :lol: ).ඒක හින්දා ක්‍රමයෙන් කරගෙන පලයන් හදිස්සි නොවී.ඉක්මන් කොටයි කියනවනේ.(y)(y)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    3.කලින් කරාටේ කරද්දි නං ටිකක් කරලා තියෙනවා මචං.ඒත් Latter stage JKD,MMA වල නෑ.ඒක හින්දා නොදන්න දේ ගැන කියන්න බෑ.(ඒත් මම හිතන්නේ ඕකේ ලොකු දෙයක් තියෙනවා.බොහෝවිට tai chi,Wushu වල mind relaxing වලට ඔය Demonstration parts ගන්නවා මං හිතන්නේ.
    Thai chi / ba gua වගෙ එව්වා internal martial art එව්වා meditation විදිහට පාවිච්චි වෙනවා ඒත් එව්වගෙත් තියෙන්නෙ techniques. ඒත් external art meditation වලට පාවිච්චි කරන්නෙ නෑ. එව්වා fighting techniques විතරයි

    Ps : youtube බලන්න කිව්වෙ kick balance කරන්න විතරයි fighting ඉගෙන ගන්න අනිවාර්යයෙන් partners ල කීප දෙනෙක් ගුරුවරයෙක් ඕනමයි. Online ගහගන්න ඉගෙනගන්න බෑ 😂
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මාෂල් ආට් වල දි අර ඩිමොන්ස්ට්‍රේට් කරන විදියට ඇත්ත ෆයිට්වලදි පුළුවන් ද?
    ගොඩක් වෙලාවට මට හිතෙනවා එකෙක් වැඩ පෙන්නද්දි අනිත් එකා එකක් විතරක් ගහනවා කියලා.
    අනිත් එකා ඇවිල්ලා අතයි තියන්නෙ අරූ සට පට ගාලා ඌට ගහල බිම දැම්මා.
    එතකොට අනිත් එකාත් ගහන්න ගත්තොත් නේද හරි?
    එකෙක් ඇවිල්ල අත තියල විතරක් නේද ගොඩක් චැනල් වල දාන්නෙ?උබල මොනද හිතන්නෙ?

    මට සිරාවට ලොකු ආසාවක් තියෙනවා ඔය ටෙක්නික්ස් ඉගන ගන්න.
    හැබැයි මට ප්‍රැක්ටිකල් කරන්න කෙනෙක් නෑ. අඩු ගානෙ වලියක්වත් සෙට් වෙන්නෙ නෑ.
    ඒත් ඩමියක් එකක් හරි තනියම ඒවා ගොඩක් කාලයක් තිස්සෙ ප්‍රැක්ටිස් වෙන එකෙන් ප්‍රතිපලයක් තියේවි ද?
    Thaniyama practise karana eka awadanam....hoda master kenek gawa train wenna...martial art igena ganne wali walata yannama nemei..umbe concentration ,focusing, stamina wage dewal improve wenawa.....
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Thai chi / ba gua වගෙ එව්වා internal martial art එව්වා meditation විදිහට පාවිච්චි වෙනවා ඒත් එව්වගෙත් තියෙන්නෙ techniques. ඒත් external art meditation වලට පාවිච්චි කරන්නෙ නෑ. එව්වා fighting techniques විතරයි

    Ps : youtube බලන්න කිව්වෙ kick balance කරන්න විතරයි fighting ඉගෙන ගන්න අනිවාර්යයෙන් partners ල කීප දෙනෙක් ගුරුවරයෙක් ඕනමයි. Online ගහගන්න ඉගෙනගන්න බෑ 😂
    අනිවා බං.කොහොමත් හරියට ආර්ට් එකක් කරන එකෙක්ට හොඳ ගුරුවරයෙක් ඕනෙමයි.ඔන්ලයින් ඉගෙන්ගන්නව කියන එක නිකං පොඩිවුන්ට වට්සප් වලින් උගන්නන්න හැදුවා වගේ සීන් එකක් වෙන්නේ.පන්චස් කික්ස් වල හරි වැරදි හදන තැනේ ඉඳලම හැමදේටම ගුරුවරයෙන් ඕනෙවෙනවා නේ.
    ලංකාවේ ba gua shan කරපු මාස්ටර්ලා ඉන්නවාද බං.ඒකExternal soft කාණ්ඩෙට අයිති ආර්ට් එකක් නේද..?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,014
    3,839
    113
    Demonstration is demonstration as the word means. But it becomes helpful when you are in a real situation.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ලංකාවේ ba gua shan කරපු මාස්ටර්ලා ඉන්නවාද බං.ඒකExternal soft කාණ්ඩෙට අයිති ආර්ට් එකක් නේද..?
    මම ඉගෙනගෙන තියෙන්නෙ internal art එකක් කියලා. ලන්කාවෙ traditional chinese martial art කිසි එකක් සම්පුර්ණයෙන් ඉගෙන ගත්ත එක්කෙනෙක්වත් ඉන්නවද කියල සැකයි. (මම ඉගෙන ගත්ත තැන්වල නම් හිටියෙ නෑ 😞) ගොඩක් අය දන්නෙ form එක විතරයි. ඒකත් එක form එකයි application එහෙන් මෙහෙන් එකක් දෙකක් දන්නවා. ලන්කාවෙ ඉස්සර kungfu කියල ගහපු poster වල style 4-5 තියෙන්නෙ ඒකයි හැම එකෙන්ම දන්නෙ ටිකයි. ඉතින් 4-5ක් එකතුකරල තමයි වැඩේ ගොඩ දාගන්නෙ. මොකද කාටවත් චීනෙ ගිහින් නැවතිලා අවුරුදු ගනන් ඔව්වා කරන්න හැකියාවක් නෑ. දැන් කියලත් වැඩි වෙනසක් නෑ affiliation ගන්න ඕනකමට රට ගිහින් සතියක් දෙකක් training වෙලා affiliation ගන්නවා ඊට පස්සෙ ඒ මාස්ටර් ලන්කාවට එන්නෙ අවුරුද්දකට දෙකකට සැරයක්. ඇවිල්ල training කරල grading කරල යනවා. Fulltime training කරපු කෙනෙකුගෙ දැනුමට හැකියාවට ලංවෙන්නවත් බෑ ලන්කාවෙ අයට ඒ හින්දා
     
    මට මතක තිබුනේ external soft කියලා වගේ බන් මම එකයි ඇහුවේ.මම සැරයක් පොතක් කියෙව්වා(සමහරවිට උඹත් කියවලා ඇති)පූර්ණජිත් කොස්තා කියලා මහත්තයෙක්ගේ ,චීන-ජපන් සාම්ප්‍රදායික සටන් කලා කියලා.මගේ හැඟීම නං එයා බොහොම පෘථූල දැනුමක් ඇති කෙනෙක් විදියට.මම ඒකෙන් තමයි දැනගත්තේ.
    ඇත්තම කතන්දරේ උඹ කියපු එක තමයි මචං.සමහර අය ගිහින් මාසෙන් දෙකෙන් ට්‍රේනින් අරගෙන ඇවිත් පෝස්ටරේට ආර්ට් එකේ නම දානවා.ඔය මාර්ෂල් ආර්ට් 4-5 දාලා ගහන අය හරියට එකක් වත් දන්නවද කියලා සැකයි.(මම මේ කතාව කලින් කෙනෙක්ගේ පෝස්ට් එකකටත් දැම්මා).පානදුරේ ඉන්නවා(යූටියුබ් එකේ තියෙනවා) මාතෝස් කියලා මාස්ටර් කෙනෙක්.බ්‍රසීලියන් ජුජුට්සු.එයා BJJ Black belter කෙනෙක් ලු.(වීඩියෝ වල නං පොර ටෝක්ස් විමානයයි.හැබැයි සමහරවිට ශිල්පීය දැනුම තියෙනවා වෙන්න පුළුවං.මම කවදාවත් පොරගේ ක්ලාස් ගිහිල්ලවත්,ඇහැට දැකලාවත් නෑ).මගේ මාස්ටර් අපිට උගන්නන කාලේ අපි එක්ක කිව්වා (දැනට බොහොම කාලෙකට කලින්) BJJ Black belt එකක් ගහන එක පට්ට අමාරුයි,එහෙමත් කෙනෙක් තමයි ඒකක් ගත්තොත් කියලා.සමහරවිට International black belt එකක් ගැන එහෙම කිව්වද දන්නෙත් නෑ.(උඹලත් මාර්ෂල් ආර්ට් ගැන හෙන ඉන්ටරෙස්ට් පොරවල් නේ,ඒකයි නිකං දැනගන්න දැම්මේ.) (y)
    Exodus 293
    සිරාම කතාව බම්.අපි මා/ආර්ට් කලා කියලා පාරේ යන උන්ට ගගහා යන්න බෑනේ.ඇත්තම සිද්දිය අන් අයට වඩා යම් දැනීමක් අපට ලැබෙන එක.අපි කරන්න ඕනේ ආත්ම විශ්වාසය,හික්මීම,ෆිට්නස් හදාගන්න ඒක උදව් කරගන්න එක.(ඒ වුනාට මහා සමාජය දකින්නේ ආර්ට් කරන එකෙක් කිව්වම මාර පරාජය වුනත් කරන්න පුලුවන් එකෙක් වෙන්න ඕන ගානට.උන්ගේ දැනුම් මට්ටම තමා)මේ ඔක්කොටම වඩා මම දකින්නේ නිකංම නිකං ෂෝ එක දාන එකෙක් නොවී ඉන්න එක.සම-හරක් හෙන ලොකුවෙන් කියන්නේ අනිත් වුං එක්ක මම අරක කරනවා මේක කරනවා කියලා.(සමහර උං TV show වලට ඇවිල්ලත් කියනවා මම දැකලා තියෙනවා.පොඩි පොඩි කාතා කෑලි කරලත් පෙන්නනවා.ඉතිං ආර්ට් එකයි තමනුයි රටක් ඉස්සරහා නිකං කිච වෙනවා.උගේ හිතේ ඒක හෙන ලොකුකමක් කියලා)
     
    පොත් ලියන්නෙ ඉතිහාසය / theory ගැනනෙ (මම ඔය පොත කියවල නෑ) පොත් නම් ලියන්න අපිටත් බැරියැ මොකෝ ඔව්වා චීන්නු කියවන එකක් කියලද ඕවා වැරදියි කියන්න. අන්දයට අලිය ගැන කිව්වා වගේ තමයි 😂
    ( උබ ඔච්චර කියන හින්දා google කරලත් බැලුවා internal art කියල තමයි තියෙන්නෙ )

    ඊලගට මාතෝස් - පොර හිටියා කාලයක් ප්‍රෙමිල් නවීන්ද්‍ර සීෆු ගාව 2011-12 කාලෙ වගෙ වෙන්න ඕන. එහෙදි කලේ wing chun ඒත් පොර එක grading එකක්වත් කලේ නෑ. පොර එතනින් අයින්වෙලා පන්ති කරන්න පටන් ගත්තා. සාමන්‍යයෙන් bjj black බෙල්ට් එකක් දෙන්නෙ අවුරුදු 10ක් විතර training කලාට පස්සෙ (මම කියන්නෙ machado family එකේ විදිහ )dan insanto මාස්ටටත් ඒවගේ කාලයක් කාලයක් ගියාලු මාතෝස් ඊට කලින් ගත්ත කියන්නෙ ඉතින් හිතාගනින්කො talent එක 😂. මගෙ sensei කියන විදිහට නම් මිනිහ කරල තියෙන්නෙ luta livre මිසක් bjj නෙමෙයි ඔය දෙකේ සමානකම් වෙනස්කම් තියනවා. ලන්කාවෙ bjj blue belt holders ල නම් 3-4ක් ඉන්නවා හැබැයි එතනත් මන් කිව්ව ප්‍රශ්නෙ තියනවා professional level එකේ bjj අය මන් දන්නෙ එක්කෙනයි අනෙක් අය පොඩි කාලයක් training වෙලා affiliation ගත්ත අය.