මාළු-fry

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අද මම හදන්ඩ යන්නේ බොහොම ලේසියෙන් හදාගන්ඩ පුළුවන් මාළු fry එකක්. මේක ගොඩක් හොඳ රෑට කන්ඩ. මේකට ඕනේ කරන්නේ පහල දාලා තියන දේවල්.

    1. මාළු කුරියෙක් ( සුද්ද කරපු. මේකට සුදු මස් තියන මාලුවෙක් ගොඩක් හොඳයි. සමාවෙන්ඩ ඕනේ මම මාළු ගැන කිසිම අයිඩියා එකක් නෑ. මේක මම නිතරම ගන්න මාළුවෙක් )
    2. ලෙමන් ගෙඩියක් හෝ දෙහි ගෙඩියක්.
    3. මාළු මසාලා, කහ, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, මිරිස් කුඩු ස්වල්පයක්
    4. බැදීමට ඔලිව් තෙල් හෝ පාම් තෙල්, සොයා සෝස් ස්වල්පයක්.

    img4404q.jpg


    1. මුලින්ම මාළුවාගේ මේ වගේ මැදින් කැපුම් කරන්ඩ මාළුවාගේ මැද කට්ට අහුවෙනකන්. කපලා දාන්ඩම එපා.

    img4405h.jpg


    2. දැන් අර කලින් කලමනා ටික ලෙමන් යුෂ හෝ දෙහි යුෂ එක්ක හොඳින් කලවම් කරගන්ඩ.

    img4406nz.jpg


    3. දැන් මාළුවාගේ මුළු ඇන්ගේම මේ මිශ්‍රණය හොඳට කැවෙන විදියට ආලේප කරන්ඩ. මාළුවාගේ බඩ ඇතුලෙත් මේ මිශ්‍රණය ගාන්ඩ අමතක කරන්ඩ එපා.

    img4407r.jpg


    4. දැන් මාළුවාට මේ මිශ්‍රණය හොඳට පදම් වෙන්ඩ විනාඩි 30 ක් හෝ 45 ක් තියලා තියන්ඩ.

    5. දැන් මේ වගේ යන්තම් පැතලි තාච්චියක් අරගෙන ඔලිව් තෙල් හෝ පාම් තෙල් ස්වල්පයක් දාලා ලා ගින්දරේ රත් වෙන්ඩ තියන්ඩ.

    img4408w.jpg


    6. තෙල් හොඳට රත් වෙලා එනකොට මාළුවා ඒ තෙල් උඩින් තියලා මාළුවා උඩට සොයා සෝස් ස්වල්පයක් එකතු කරන්ඩ.

    img4409p.jpg


    7. දැන් මාළුවාගේ එක පැත්තක් බැදීගෙන එනකොට අනික් පැත්ත හරවලා ඒ පැත්තත් කලින් වගේ බැදගන්ඩ. සොයා සෝස් අවශ්‍ය නොවේ මොකද කලින් දාපු නිසා.

    img4410i.jpg


    8. දැන් මාළුවා ලැස්ති. මේ වගේ එළවලු සලාදයක් හදලා මාළුවා උඩට ලොකු ළූණු පෙති ටිකක් දාලා කෑමට ගන්ඩ පුළුවන්.

    img4412gi.jpg


    මේක තමයි අද මගේ රෑ කෑම එක.


    img4411h.jpg

    :P
     
    Last edited: