ඒකත් ඇත්ත. ඒත් දැන් මම ජොබ් නවත්තල ගෙදර ඉන්නෙ මුළු දවස ම. ටීවී එක නම් කැඩිල. ගෙදර අයත් වැඩට ගියා ම මම විතරයි තනියම. ෆෝන් එක විතරයි එක ම හෙනේ. ඒකෙත් ෆේස්බුක් නෑ. වට්ස්ඇප් ගෲප් නුත් නෑ. අවුල වැල බලන්න හිතෙන එක තමයි. ගොඩක් වෙලාව නම් ඉතුරුයි. මොකද හැමදාම වගේ උදේ 7 වෙද්දි ඉබේ ම ඇහැරෙනවා ළග ගෙදරක කුකුල්ලු ඇති කරනවා. උන් මොර දෙනව උදේට. 12 ට නිදාගත්ත ම පැය 24 න් 7 යි අනිත් වැඩ වලට පැය 2 ක් ගියත් පැය 15 ක් ම තියෙනව නෙ මචන්. ගොඩක් දුරට මට වෙන කිසිම වැඩක් වැටෙන්නෙ නෑ..
එක ම ප්‍රශ්නෙ එක දිගට වැඩ කරද්දි කම්මැලි හිතෙන එක තමයි. 25 26 ට්‍රයි කරල බලනව හරි යයි ද කියල. එහෙම නොවුණොත් ප්ලෑන වෙනස් කරනව. හිතෙන හිතෙන වැඩේ කරන එක අවුල් බන්. එතකොට එකක් කරද්දි කම්මැලි හිතිල තව එකකට යනවා. එහෙම එහෙම පාඩම් කීපයක් අතගාලා යනව විතරයි. එළ මචන් 
@dilann ඇත්තට ම මචන් උබෙන් උපදෙසක් ඕන උනේ මට හිතා ගන්න බැහැ මම පාස්ට් පේපර්ස් ටයිම් කරල කරන්න පටන් ගන්න ඕන කොයි කාලෙ ද කියල. ඒකට අන්තිම මාසය හෝ දෙක මදි වෙයි ද? කලින් ඉදන් තියරි බැලීමයි පේපර් කිරීමයි දෙකම එකට කරන එක ද හොද?
මම පාඩම් කර කර ම ඉන්නෙත් නැහැ. මේ පාඩම් කරනවා කියන ටිකේ ඇත්තට ම වෙන්නෙ මම එක එක තියරියට අදාළ ප්‍රශ්න කරල ඒකෙ නොපැහැදිලි තැන් ආපහු පොත බලලා ක්ලියර් කර ගන්න එක. මම ඒක පුළුවන් තරම් ඉක්මනට ඉවර කරලා ප්‍රශ්න වලට ටයිම් කරල උත්තර ලියන තැනට යන්නයි ප්ලෑන් කරේ.
තව දෙයක් බ්‍රෝ මට මතකයි ඒලෙවල් කාලෙ සර් කෙනෙක් කිව්ව ෆිසික්ස්වල ස්ට්‍රක්චර්ඩ් එසේ වලයි ළමයි අඩුවෙන් ම ලකුණු ගන්නෙ කියල. ඒකට මාකින් එකෙ තියෙන වචන ම ඒ විදියට ම ඕන කියන්නෙ ඇත්තක් ද?
------
Post added on Apr 25, 2021 at 2:58 AM
එක එකාට එක එක විදිය තමයි හරියන්නේ. මට කියන්න බෑ මේ විදියම තමයි හරි කියලා.වෙලාව මදි වෙයිද , කරගන්න බැරි වෙයිද වගේ දේවල් හිතන්නේ නැතුව උබ ඇත්තටම මේ පාර කරනවාම නම් ඕවා හිතන්න කාලේ නාස්ති කරන්නේ නැතුව ටික ටික දැනුම වැඩි කරගෙන ලෑස්ති වෙන්න. නැත්නම් අන්තිම වෙනකන් බය වෙලා හිත හිත ඉන්න එක තමයි කරන්නේ. ටයිම් තියල paper ලියන වගේ ඒවා ගැන නම් මට එච්චර idea එකක් නෑ . මම එහෙම කරල නෑ . පුලුවන් තරම් ප්‍රශ්න බලන්න ඒවාට හරි උත්තර හොයාගන්න. නැත්නම් කොහොමත් time ඉතුරුවෙන්වා විභාගෙදි දැනුම ඉවර වෙලා.

ටික ටික ඉවර කරන්න . එකපාර කරන්න තියන ඔක්කොම වැඩ ගැන හිතන්න එපා. දන්නෙම නැතුව ඕව complete වෙන්ව. උබට ගණන් පුලුවන් ඇති නේ හොදට. ඔය physics mcq නම් ඉස්සර 60ක් තියෙද්දී 50කට වැඩියෙන් ගහන්න පුලුවන් කොලයක මුකුත් ලියන්නේ නැතුව හිතෙන් හදල හරියට තියරි ටික පැහැදිලිව ඔලුවේ තියනවනම් පොඩි සුළු කරීමේ හැකියාවක් එක්ක. දැන් 50 නේ තියෙන්නේ. ඕකත් 40ට වඩා එහෙම කරන්න පුලුවන්.. ඒකට ඕනේ ප්‍රැක්ටිස් එකයි හරි දැනුමයි. වැල් වටාරම් ලියන්න දෙයක් නෑ ඔය එක sub එකකවත්.
එහෙම marking scheme එකේම තියන විදියටම ලියන් ඕනේ කියලා නම් නෑ , හැබැයි ඉතින්
පාවිච්චි කරන සම්මත වචන පාවිච්චි කරල උත්තරේ සරල සිංහලෙන් අදාළ condition ටිකත් එක්ක කෙටියෙන් පැහැදිලිව ලිව්වනම් හරි. කැලරි මීටරේ වෙනුවට කෝප්පේ වගේ ලිව්වොත් ඉතින් ලකුණු දෙන එකක් නෑ

. තේරෙනව නේ. ඔය physics නම් හරි පොඩි පැහැදිලි උත්තර තියෙන්නේ structured එකේ. හරි දැනුම ඔලුවේ තියනවනම් ලියන්න පුලුවන් . ඒකයි කිව්වේ
පුලුවන් තරම් උත්තර ලියන්න යන වෙලාව ගැන හිතන්නේ නැතුව. ඒක වැඩි කරනගන්න. උබ exam කරල තියනව නේ කලින්. කලින් අවුරුදු වල වැරදි ටිකම අයිත අයිත කර කර ඕනවට වඩා plan ගහ ගහ ඉන්නත් එපා ඉතින්.