මම ඉපදුනේ අබ්බගාතයෙක් විදියට.උපතින් පුප්පුසීය දමනිය හීනියි ප්‍රමාණයෙන් බාගෙකට වඩා.අදටත් මගේ නාඩි වැඩකරන්නේ 35-45 අතර.ඔයහෙතු හින්ද අපේ අම්මල මට ඉගෙන ගන්න කරදර කරේ නෑ.(මෙහෙ ඉන්නවා ගොඩක් අකුරු බැරි )මම අකුරු ඉගෙන ගත්තේ සිත්තර,සතුට වගේ චිත්‍ර කතා පත්තර බලන්න.මාව දැක්කහම මිනිස්සු අමුතු වෙනවා.මම අවලස්සනයි.හැබැයි එක පාර ඕනදෙයක් මතක හිටිනවා.ගොවිතැන් වැඩ හොඳට ඉගෙන ගත්ත.මෙච්චර ගැටළුවක් සරීර අභාන්තරයේ තියෙන මට පුදුමේ කියන්නේ මහන්සි දැනෙන්නේ අඩුවෙන්.
බොහොම නිදහසේ මම 5හෙ විභාගෙට ලිවුවා.මට අනුරාධපුර මද්‍ය විද්‍යාලයට ඇතුළුවෙන්න ලැබුන.එකට අම්ම එච්චර කැමති උනේ නෑ.මට ලොකු ගැටළු තිබ්බ.නියර දාන්න කුබුර බෙදන විදිය ඉඳන් හීවල් දැත්ත ගහන තැනට වෙනකං ඔක්කොම අවුල් බව දැනුනත් නිවැරදි කරගන්න විදිය තේරුනේ නෑ.ඒ කාලේ ෆෝන් තියා අපිට කරන්ට් එක වත් තිබුනේ නෑ.
View attachment 144941
නමුත් විදුසර පත්තරෙයි,සතර පත්තරෙයි තිබුනා.මේ අතරේ සෙනිත් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් පොතත් අහම්බෙන් ලැබුනා.මෙහෙ ඕව ඉගෙන ගන්න ගුරුවරු අදටත් නෑ.එත් කුරුණෑගල ගිහින් බඩු ගෙනල්ල සකිට් හදන්න පටන්ගත්ත.කරන්ට් එක කියන්නේ මොකක්ද?ඒක මේ තබ කම්බි දිගේ යන්නේ කොහොමද ?කියන එක කාලයක් ලොකු ගැටළුවක් වෙලා තිබ්බ.මම මුලින්ම පාවිච්චි කරපු කෙමිකල් එක ෆෙරික් ක්ලෝරයිඩ්.(ඒ ලෙවල් කරද්දී කොටුවේ කාපිරි මුදුක්කුවෙන් කෙමිකල් ගන්න ගිහිල්ල,කොටුව පොලිසියෙන් මාව එලියට ගත්තේ මගේ ගුරු මවු වල්ලිපුරම් ගුරුතුමී)ඔය අතරේ ගැනු ළමයි මට තිබුනේ අමුතු එකක්.මගේ බයනැති ගතියත්,කිසිකෙනෙකුගේ හිතක් නොරිදවීමත් නිසා කෙල්ලෝ මට අනුකම්පා කළා.
10 පන්තියේ දී මම සාමානය පෙළ විභාගේ බාහිර අපේක්ෂකයෙක් විදියට ලිවුවා.D4 ,C3, S1, S1 ඉංග්‍රීසි වලට.බලාපොරොත්තු සුන්.හේතුව මම හිතුවේ කාලය අපතේ යන නිසා උසස්පෙළ බාහිරින් කලින් කරන්න.මේ දේවල් අම්මලට තේරුනේ නෑ.හැබැයි කිසි දෙකට එපා කිවුවේ නෑ.උසස්පෙළ ගණිත අංශය තොර ගත්ත.සිලබස් එක ගත්ත දවසේ ඉඳන් මට තිබ්බේ ප්‍රශ්නම තමා.මට තිබ්බ ප්‍රශ්න නිසා ගුරුවරු මාව දැක්කහම මගාරින්න පටන් ගත්ත. ගමේ ඉස්කෝලේ විදුහල්පති තුමා මේ කාලේ හෝමාගම මහවිද්යාලේ හිටියේ.එතුමා මට කිවුව එහෙ ඕව ගැන දන්නා හොඳ ගුරුවරු ඉන්නවා.එයා උදවු කරන්නම් කියල.එතුමා මට වැල්ලවත්තේ,වල්ලිපුරම් ගුරුමැනියන්ව හදුන්වල දුන්න.පන්තිය පටන්ගන්න කලින් ගෙදර ගියහම එතුමිය මගේ විෂය ගැටළු ගොඩක් ලෙහල දුන්න.නමුත් මට තිබ්බ සමහර ගැටළු එතුමියටත් තිබ්බ.(ඕගනික් වල ඩයින් කාණ්ඩ ගැන) මෙකාලෙදිම මට ආනන්ද කළුආරච්චි ගුරුතුමා අහම්බෙන් බස් එකේදී අදුන ගත්ත.එතුමා කොලබ පන්ති පටන් ගත්තු ගමන්.මගේ විස්තර අහල පන්ති එන්න සල්ලි එපා කිවුව.මම ගියා.එක කරුණක් නිරවුල් කරගන්න ප්‍රශ්න අහද්දී එතුමා කිවුව"හැම නියායක් ම එකිනෙකට බද්ද වෙලා තියෙන නිසා කාලය/අවකාශය හා ආලෝකය අතර තියෙන බැදීම තේරුම් ගන්න ලේසියි "කියල,මට භාහිර ගැටළු අඩුයි.කවුරුවත් මාත් එක්ක එකපාරට පැටලෙන්නේ නෑ.පන්ති ආවහම ගොඩක් ඉන්නේ බඩගින්නේ.එත් පස්සේ කාලෙක ගුරුවරු කීපදෙනෙක්ම මට කන්න දුන්න,(සාමාන්යෙන් මම හාල් සේරුවක බත් කනවා)
මේක දික් වෙනවා .කෙටියෙන් කියන්නම්.
මට විශ්වවිද්‍යාලෙ යන්න අද ළමයින්ට වගේ තරගයක් තිබුනේ නෑ.හේතුව මට ඕන උනේ නොදන්නා දේ දන ගන්න.ඉතින් විශ්වවිද්‍යලෙත් ගියා.මහාචාර්ය එච් ශ්‍රියානන්ද ගුරුතුමා මෑතක් වෙනකම්ම මට කතා කළා.කවුරු වෙන්න හිතාගෙන ඉගෙන ගත්තද කියල අද්වෙනකන් දන්නේ නෑ.මට දැන් අවබෝදයි විද්‍යාව කියල අතපත ගාන්නේ බවුතික ලෝකේ මතුපිට,බාහිර පෙනුම විතරයි කියල.බාස්ල හදන පද්දතියක ලොක්කෙක් වෙනවට වඩා,මට මා කියන සංකල්පය තුල ශක්තිය නැවත ජනනය වීම වැලක්වීම තමා කලයුත්තේ.