මැනුවල් ගියර් වාහනයක් හරියට පදින්නේ කොහො
උපුටගැනීමක්
මැනුවල් ගියර් වාහනයක් හරියට පදින්නේ කොහොමද ?
- මැනුවල් ගියර් වාහනයක් පදිනකොට වැදගත්ම දේ තමා හරියට ක්ලච් එක පාවිච්චි කරන එක . වාහනය පදින විදිහ තමයි ක්ලච් එකේ ආයු කාලය තීරණය කරන ප්‍රධානම සාධකය . ක්ලච් Replacement කියන්නේ ටිකක් වියදම් යන වැඩක්
- වාහනේ පැදවීමේදී ගියර් මාරු කිරීමෙන් පසු ක්ලච් පැඩල් එක මදක් පාගගෙන යාම සුදුසු නැ. සැම ගියර් මරුකිරිමකටම පසුව ක්ලච් එක Smoothly මුදාහරින්න.
- ක්ලච් එක පාගාගෙන යාමෙන් ක්ලච් ඩිස්ක් එක Flywheel එකත් එක්ක ස්ලිප් වෙනවා. ඉතින් ක්ලච් ඩිස්ක් එක ගෙවෙන එක අහන්නත් දෙයක්ද. මෙය නගරබද ට්‍රැෆික් තියෙන අවස්ථාවල කරන්න අමාරු උනත් වේගයෙන් තදබදය අඩු පාරක යනකොට කරන්න පුළුවන් දෙයක්
- ලොකු ට්‍රැෆික් එකක හරි කලර් ලයිට් එකේ හරි නවත්තගෙන ඉන්නකොට වාහනේ නිවුට්‍රල් කරලා ක්ලච් එකට පොඩි නිදහසක් දෙන්න. එතකොට බර එන්නේ හෑන්ඩ් බ්රේක් එකට විතරයි. හැබැයි ගියර් එකේ ඉන්නකොට ක්ලච් එකට එන වෙහෙස ඊට වඩා වැඩියි.
- ඉක්මනින් ගියර් මාරු කරන්න. හිතන්න ඔබ යන්නේ 2nd එකේ කියලා . ඔන්න 3rd එකට මාරු වෙනවා 3rd එකට මාරු උන ගමන් සුමටව ඉක්මනට ක්ලච් එක මුදාහරින්න. ගොඩක් වෙලාවට අලුත් Driverlata තමා මේක හුරු නැත්තේ.
- වාහනේ ගියර් එකේ නවත්තලා යන්න එපා . ගොඩක් වෙලාවට අපි පැල්ලමක් දෙසට නම් රිවස් එකේ හරි කන්දක් දෙසට නම් 1st එකේ හරි නවත්තලා යනවා තමයි. හැබැයි එන්ජිම දිව්වේ නැතත් එකෙන් ක්ලච් එකට අමතර පිඩාවක් ගෙන එනවා.
- ගොඩක් වෙලාවට කන්දක ට්‍රැෆික් එකේ වගේ යනකොට මැද නවත්තලා ගන්න උනොත් අපි පුරුද්දට ක්ලච් බැලන්ස් කරලා ගත්තට එක ක්ලච් එකට පීඩනයක්. ඒ නිසා වාහන පදින මුල් කාලේ වගේ හෑන්ඩ් බ්රේක් එකෙන් ගන්න පුළුවන් තරම්
- අපි ගොඩක් වේගෙන් යන වෙලාවට ළග නවත්තගන්න , වංගුවක් ගන්න අඩු ගියර් එකකට දානවා . එකත් ක්ලච් එකට ලොකු පීඩනයක්. ක්ලච් එකයි බ්රේක් එකයි දෙකම සහයෝගයෙන් පාවිච්චි කරන්න.
- මැනුවල් වාහනයක ළග ළග නිතර නිතර අනවශ්‍ය ලෙස ගියර් මාරු කිරීම. ඒ කියන්නේ පිකප් වගේ දේවල් ක්ලච් එකට අනවශ්‍ය පීඩනයක්. මේකෙදි ක්ලච් එක දවසින් ගෙවෙන්නේ නැති උනත් ක්ලච් එකේ ආයු කාලය අඩුවෙන්නේ අපිට නොදැනීම.
උපුටගැනීමක්


