මැරෙන්ඩ බයද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,373
    113
    මට දැනෙන විදියටනං මැරෙන්ඩ බය හිතෙන විදි දෙකක් තියෙනව
    1. ශාරීරිකව දැනෙන වේදනාව - සිය දිවි නසා ගන්නා අවස්ථා වලදි වගේ..
    2. දැං මං මැරෙනව නේ කියල හිතෙන එක. - මානසික වේදනාව

    අවංකවම මම නං මෙතනදි ශාරීරික වේදනාවට බයයි..
    ඒ හින්ද හදිසියකට සියදිවි නසා ගන්ඩවත් බෑ.. :P

    හ්ම්.. ඒක නෙමේ කතාව
    අපි මැරුණට පස්සෙ මොකක් වෙයිද ?
    දැං මාත් එක්ක එකට ඉන්න අය, ලබන ආත්මෙ හම්බ වෙන්නැද්ද ?
    ඒ අය මාව දාල ගියොත් මම නං මොහොතක් වත් ඉන්නෙ නෑ.. :)
    වෙන කාව විශ්වාස කරන්ඩද ? මමනං මිනිස්සු ගැන ගොඩක් කලකිරිල ඉන්නෙ..
    මම කැමති මගේ පවුලෙ අයට විතරයි.. මට වශ්වාසත් එයාල විතරයි
    එයාල ලබන ආත්මෙදි හම්බවෙන්නැත්තං වැඩක් නෑ නේ මචංල

    මගේ අය නැති දවසක, මැරෙන්ඩ මම චුට්ටක්වත් බය නෑ.. :)
    ඊට කලිං හොඳ ගේමකුත් දීල තමා මැරෙන්නෙ.. මොකද ආයෙ හිරේ යන්ඩ මම ඉන්නෙත් නෑනෙ..

    අපි කවුරුත් ආසයි පලි ගන්ඩ.. ඒකත් සාධාරණව කරන විදියක් තියෙනව
    සාධාරණ පලිගැනීම :P

    :) :) :)
     

    thanujaka

    Well-known member
  • ධම්ම පදය 277,279, 298

    • සබ්බේ සංඛාරා අනිච්චාති

      යදා පඤ්ඤාය පස්‌සති

      අථ නිබ්බින්දති දුක්‌ඛෙ

      ඒස මග්ගෝ විසුද්ධියා

    • සබ්බේ සංඛාරා දුක්‌ඛාති

      යදා පඤ්ඤාය පස්‌සති

      අථ නිබ්බින්දති දුක්‌ඛෙ

      ඒස මග්ගෝ විසුද්ධියා
    • සබ්බේ ධම්මා අනත්තානි

      යදා පඤ්ඤාය පස්‌සති

      අථ නිබ්බින්දති දුක්‌ඛෙ

      ඒස මග්ගෝ විසුද්ධියා
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ධම්ම පදය 277,279, 298

    • සබ්බේ සංඛාරා අනිච්චාති

      යදා පඤ්ඤාය පස්‌සති

      අථ නිබ්බින්දති දුක්‌ඛෙ

      ඒස මග්ගෝ විසුද්ධියා

    • සබ්බේ සංඛාරා දුක්‌ඛාති

      යදා පඤ්ඤාය පස්‌සති

      අථ නිබ්බින්දති දුක්‌ඛෙ

      ඒස මග්ගෝ විසුද්ධියා
    • සබ්බේ ධම්මා අනත්තානි

      යදා පඤ්ඤාය පස්‌සති

      අථ නිබ්බින්දති දුක්‌ඛෙ

      ඒස මග්ගෝ විසුද්ධියා

    Location: yatagiya dawasa baranas nuwara
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඊළඟ භවයට කෙනෙක්ගෙ චුති සිත(මැරෙන මොහොතේ ඇතිවන සිත) ගොඩක් බලපානවා. සිය දිවි හානි කරගන්න විට, ප්‍රඥාව දියුණු කරපු කෙනෙක් නෙමෙයිනම්, බොහෝ විට ඇති වෙන්නේ අකුසල් සිතක්. කොතරම් ධාර්මිකව ජිවිතේ ගිනිච්චත්, කොච්චර පිං වැඩ ජිවත් වෙන කොට කලත්; ඒ අකුසල් චුති සිතට තමන්ව නිරයට ගෙනියන්න පුළුවන්. සියදිවි හානිකරගන්න එකේ බලවත්ම විපාකය, ශාරිරික වේදනාවවත්, මානසික වේදනාවවත් නෙමෙයි; නිකරුනේ අපාගත වීම. ඒක මනුස්ස භවයකදී දැනෙන්න පුළුවන් සියලුම වේදනාවලට වඩා ලොකුයි. තමන් මේ භවයේදී ආදරය කරපු කෙනෙක් නිරයේදී තමයි හොයාගන්න වෙන්නේ. ඒක නිසා කවුරුහරි සියදිවි හානිකරගන්න හිතනවානම්, මේ ගැනත් හිතල බලන්න.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම හිතන්නේ අපි මරණයට බය වෙන්නේ හේතු 3ක් නිසා.
    1)මරණයේදී ඇතිවෙයි කියලා හිතන වේදනාව
    2)මරණයෙන් පස්සේ සිදුවන දේ නොදන්නා නිසා තියෙන බය
    3)මේ ලොකේ අපි සතුව තියෙන දේවල් දාලා යන්න තියෙන අකමැත්ත
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,373
    113
    ඊළඟ භවයට කෙනෙක්ගෙ චුති සිත(මැරෙන මොහොතේ ඇතිවන සිත) ගොඩක් බලපානවා. සිය දිවි හානි කරගන්න විට, ප්‍රඥාව දියුණු කරපු කෙනෙක් නෙමෙයිනම්, බොහෝ විට ඇති වෙන්නේ අකුසල් සිතක්. කොතරම් ධාර්මිකව ජිවිතේ ගිනිච්චත්, කොච්චර පිං වැඩ ජිවත් වෙන කොට කලත්; ඒ අකුසල් චුති සිතට තමන්ව නිරයට ගෙනියන්න පුළුවන්. සියදිවි හානිකරගන්න එකේ බලවත්ම විපාකය, ශාරිරික වේදනාවවත්, මානසික වේදනාවවත් නෙමෙයි; නිකරුනේ අපාගත වීම. ඒක මනුස්ස භවයකදී දැනෙන්න පුළුවන් සියලුම වේදනාවලට වඩා ලොකුයි. තමන් මේ භවයේදී ආදරය කරපු කෙනෙක් නිරයේදී තමයි හොයාගන්න වෙන්නේ. ඒක නිසා කවුරුහරි සියදිවි හානිකරගන්න හිතනවානම්, මේ ගැනත් හිතල බලන්න.

    සියදිවි නසා ගැනීම පවක්ද ?
    ඔය කියන විදියට විපාක ලැබෙනවද ?
    අනිත් අයගෙත් අදහස් කියන්ඩ බලන්ඩ
     
    May 21, 2013
    80
    13
    0
    ආගමක් නැති නිරාගමිකයෙක් හැටියට මමනං මැරුණට පස්සෙ ආයෙ ඉපදෙනවා කියලා විශ්වාස කරන්නෙ නෑ:rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,373
    113
    ආගමක් නැති නිරාගමිකයෙක් හැටියට මමනං මැරුණට පස්සෙ ආයෙ ඉපදෙනවා කියලා විශ්වාස කරන්නෙ නෑ:rolleyes:

    එහෙම හිතන්ඩ ආගමක් ඕනෙ නෑනෙ බං..
    ඒක හරියට එක්තරා සයන්ස් එකක්

    අඩේ උඹ වගේ හිතන කට්ටියකුත් ඉන්නව බං..
    උඹල හිතන විදියට මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි.. එහෙම නේද ?
    උඹලනං මැරෙනව කිව්වොත් පණ බයයි නේ... :P
    එතනින් එහාට ඉවරයි කියලනෙ හිතන්නෙ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹේ කතාවත් එක්ක පළිගැනීම ගැලපෙන්නෑනේ බන් එහෙනම් කාත් කවුරුත් නැති එකෙක් බලලා පළිගනින්
    නැත්තම් වක්‍රා කාරව උගෙත් එකෙක් ඒ පළිගැනීමට හවුල් වෙනවා :lol:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සියදිවි නසා ගැනීම පවක්ද ?
    ඔය කියන විදියට විපාක ලැබෙනවද ?
    අනිත් අයගෙත් අදහස් කියන්ඩ බලන්ඩ

    මේක පොඩ්ඩක් සියුම් කරුණක්. මේකෙදි පවු කියන්නෙයි, අකුසල් කියන්නෙයි දෙකක් බව ඉස්සෙල්ලම වටහාගන්න ඕන.

    හරියටම ගත්තොත්, සියදිවි නසාගන්න එක පාපයක් නෙමෙයි. හැබැයි හිත දියුණු කරපු කෙනෙක්ට හැර, මනුස්සයෙක්ට අකුසල් හිතක් උපදවගන්නේ නැතුව සියදිවි හානි කරගන්න එක ලේසි නෑ.

    ඒක හරියට කොච්චර හොඳට පාඩම් කලත්, වාර විභාග වලින් පන්තියේ පළවෙනිය උනත්. උ/පෙ ලියන දවසට ගිහිල්ල, උදේට කැන්ටිමෙන් තමන්ට allergic කියල දැන දැනම හරක් මස් කාල, බඩේ අමාරුව හැදිලා විභාගේ හරියට ලියාගන්න බැරුව අසමත් වෙනවා වගේ වැඩක්.
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ධම්ම පදය 277,279, 298


    • සබ්බේ සංඛාරා අනිච්චාති

      යදා පඤ්ඤාය පස්‌සති

      අථ නිබ්බින්දති දුක්‌ඛෙ

      ඒස මග්ගෝ විසුද්ධියා


    • සබ්බේ සංඛාරා දුක්‌ඛාති

      යදා පඤ්ඤාය පස්‌සති

      අථ නිබ්බින්දති දුක්‌ඛෙ

      ඒස මග්ගෝ විසුද්ධියා


    • සබ්බේ ධම්මා අනත්තානි

      යදා පඤ්ඤාය පස්‌සති

      අථ නිබ්බින්දති දුක්‌ඛෙ

      ඒස මග්ගෝ විසුද්ධියා
    dahampasala potha wage thred eka:lol::lol::lol: