මිනී අදින වාහනවල අය කියන කතා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    යස් බොස්.. මාත් කිව්වෙ ශ්‍රි ජයවර්දනපුර තියෙන රාජගිරිය තමා..:yes: කනත්තක් නැ කිව්වට නැත්තෙම නැ... හැබැයි පුච්චන එකක් නැ... :yes:රාජගිරියෙ ගල් පල්ලියෙ සුසාන බුමිය තීයෙනවා මොරගස්මුල්ලෙ.. තව එකක් තීයෙනවා නාවල එකෙ නම් පුච්චන එකක් තීයෙනවා. ඊයෙත් ගියා . .. මම නම් හිතුවේ මොරේ ප්ලෙස් එකෙ කියලා සින් එක.. ඒ පැත්තේ ඉන්නෙ කුප්ප ඩයල් තමා.. :lol::lol::lol::lol:

    :lol:
    උඹට එකක් මිස් උනා...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බුලට් වගේ බන් ගියේ... මිනිය කනත්ත ගාව ක්‍ර ගහන් ටිකක් වෙලා හිටිය බන් කට්ටිය එනකන් හැබැයි බර වැඩිවීමක් දැනුනෙ නෑ බන්
    අරූ කියපු විදිහට එහෙනං මතුරපු නැති මිනියක් වෙන්නැති බන්
    හෙක්..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නිකන් වෙන්නේ නෑ මචං. ඒවා මතුරන්නේ කැ* ඩයල් එකක් මැරුණම, තරහාකාරයෙක් ඉන්නවා නම් එහෙම මතුරනවා.

    ඒවා බොරු කතා. මිනිය එක්ක පෙට්ටිය සෑහෙන බරයි. ඒ බර නිකන් වැඩි වෙන්නේ නෑ. 08ක් විතර එකතු වෙලා උස්සගෙන යන්න බැරි තරමටම බර වැඩි වෙන්න නම් මතුරන්නම ඕනේ. දසම කැ* ඩයල් වලට මතුරනවා පෙට්ටිය ඇරෙන්න... ඒවා නම් ජාති ජාති පවු :no:

    අහ් ඒක මිසක්කා. දැන් පැහැදිලී වැඩේ. බූත කොටුවෙ එක්කෙනෙක් කියල තිබ්බා කාර් එකේ අසාධ්ය ලෙඩෙක් අරන් යනකොටත් කාර් එකට ඇදගන්න බැරි තරම් බරක් වැටුනලු. ෆස්ට් එකට ගහල ටිකක් අමාරුවෙන් ඇදගෙන යනකොට බර නැති වුනාලු :nerd:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol:
    උඹට එකක් මිස් උනා...

    :confused::confused::confused: mokak da ?

    mama rajagiriya kiwwe ithin rajagiriyata..:yes: paththara wala land sale karayo adds danawa malabe/ pittugala peththe.. ewata un danne baththaramulla kiyala:lol::lol::lol::rofl::rofl::rofl:

    ee wage oya kiwwe wena peththaka ekak nam mata koranna deyak neh.. mama danna dee kiwwe ithin..;) :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :confused::confused::confused: mokak da ?

    mama rajagiriya kiwwe ithin rajagiriyata..:yes: paththara wala land sale karayo adds danawa malabe/ pittugala peththe.. ewata un danne baththaramulla kiyala:lol::lol::lol::rofl::rofl::rofl:

    ee wage oya kiwwe wena peththaka ekak nam mata koranna deyak neh.. mama danna dee kiwwe ithin..;) :yes:

    නැත පුතා නැත... :lol:
    උඹ ඔය කියපු කනතු ඔක්කොමත් හරි. තව එකක් තියේ. ගෙඩි පිටින් රාජගිරියේ. මගේ යාලුවගේ ගෙදර ඇඩ්‍රස් එකත් ඉවර වෙන්නේ රාජගිරිය කියලා බං. හන්දියේ ඉඳන් කි.මී.3යි දුර :D
    අමතක කරපං ඒක. :D
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ ආච්චිගෙ තාත්තටත් පැරානෝමල් සීන් එකක් තිබිල තියෙනවා. පොර සුද්දගෙ කාලෙ සුද්දගෙ කොම්පැනියක වැඩ කරල තියෙන්නෙ. දවසක් එහෙ වෙයාහවුස් එකකට පොර යනකොට ඒ කම්පැනියෙ වැඩ කරපු දෙමළ මනුස්සයෙක් වැටිල ඉන්නවලු බිම. ඒ ගමන මෙයා ඒ මනුස්සයව කර තියාගෙන ගිහින්. පස්සෙලු දන්නෙ ඒ මනුස්සයා මැරිලම තමා වැටිල ඉදල තියෙන්නේ. එදා ඉදල එක එක සිද්දි.

    දවසක් කට්ටියම පයින් යනවලු ගමනක්. අපේ ආච්චිලා එතකොට තරුණ කාලේ. ආච්චිලා ඉස්සරහින් ඇවිල්ලා. ආච්චිගෙ තාත්ත පිටිපස්සෙන් ඇවිල්ල. එක පාරම දුප් බල්ලා කියල කෑගැහුවලු. මේගොල්ලො හැරිල බලද්දි මොන බල්ලෙක්වත් නෑලු. පස්සෙ දවසක කියලා එයා දැක්කලු දිග බල්ලෙක් පාර හරහට ඉන්නවා. උගෙ පස්ස පාරෙ එහා පැත්තෙලු ඔලුව පැත්ත පාරෙ මේ පැත්තෙලු
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නැත පුතා නැත... :lol:
    උඹ ඔය කියපු කනතු ඔක්කොමත් හරි. තව එකක් තියේ. ගෙඩි පිටින් රාජගිරියේ. මගේ යාලුවගේ ගෙදර ඇඩ්‍රස් එකත් ඉවර වෙන්නේ රාජගිරිය කියලා බං. හන්දියේ ඉඳන් කි.මී.3යි දුර :D

    burner thiyenne naawalai borellei ..moragassmulle burner neh .. :yes:28years rajagiriye brother ... wena ekak mama nam danne neh ..

    අමතක කරපං ඒක. :D
    OK no prob brother.. no offense :yes:;)
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    ලොල් ඕක කියවද්දී මට මරු කතාවක් මතක් උනා A/L කරන කාලේ Chemistry class දානවා ඉස්සර K.Siri සර් ගේ රිවිෂන් බැච් එක ඉවර උනාම අපේ එක ගල් පාන්දරට.

    ඒ කාලේ හිටිය (දැනුත් එහෙම උන් ඇති) ගාල්ලේ එහෙම ඉඳන් ගම්පහට ක්ලාස් එන එවුන් හිටිය උන්ට පාන්දර එන්න බැරි හින්ද මුන් කෝච්චියේ ඇවිල්ල ස්ටේෂන් එකේ රෑ නිදාගන්නව. ඊටපස්සේ පහුවදා තමා ඕකුන් එන්නේ.. අපි නුගේගොඩ යන්නැතුව අපිත් ගම්පහ ක්ලාස් යන්න සෙට් උනා සමාධි එකේ. ඒ හින්ද මමයි යාළුවෙකුයි තමා අපේ පැත්තෙන් එකට ක්ලාස් යන්න සෙට් වෙලා හිටියේ කෙමෙස්ට්‍රි වලට (එත් ඌ බයෝ කරපු එකෙක්, පුස්සැල්ල සර් ගෙයි කෙසිරි සර් ගෙයි ක්ලාස් දෙකේ විතරයි මට සෙට් වෙන්නේ), එතකොට ඒත් ගල් පාන්දර නැගිටලා යන්න ඕන ගම්පහ කොලබ 200 බස් එක යන්න පැයකට වඩා යනවා හින්ද පට්ට උදෙන් පිටත් නොවුනොත් ඒ වෙලාවට යාගන්න බැහැ. ඉතින් පාන්දර 4 ට විතර නැගිටලා තමා එන්නේ.
    මන් 200 බස් එකට නගින හෝල්ට් එකේ අරු එනකං බලා ඉඳල ඌ පරක්කු නිසා මන් බස් එක මිස්ස් කරගත්තේ නැතුව නැගල ආව. මූ ත් කොහොමහරි ඔන්න ක්ලාස් එක පටන්ගන්න ඔන්න මෙන්න තප්පරේදී ආව
    මූ එන්නේ ටිකක් ඇතුලට වෙන්න තියෙන පාරක ඉඳන්. ඒ පාරෙත් අර මන් කලින් කිව්වා වගේ කරුවල පාරක්. මුන්ගේ ගේවල ගාව ඉඳන් ඇවිල්ල පුංචි පාරකට වැටෙනවා.. ඒ පාරේ ඉඳන් ඇවිත් තවත් පාරකට වැටෙනවා. ඔහොම ඔහොම පාරවල් කීපෙකින් ඇවිල්ල තමා ප්‍රධාන පාරට වැටිලා බස් එකේ එන්නේ
    ඔය කියන පාරවල් වලින් දෙවනියට වැටෙන පාරේ (මගේ මතකේ හරිනම්, මොකද මූ A/L Class වලින් පස්සේ නො කන්ටැක්ට්. එකියන්නේ මීට හෙනම කල්)
    වංගුවක් තියෙනවා පල්ලමක් එක්ක. හරියට අර මන් කලින් කියපු කනත්තේ ජරමරේ පොස්ට් එකේ විදිහට පල්ලම අවසානෙදි වංගුව.
    ඉතින් ඔය වංගුව යන්නේ ගෙයක් වට කරගෙනයි (අර කතාවේ විස්තර කරේ වංගුවෙන් පිට පැත්තේ ඉස්සරහ කනත්තනේ, නමුත් මේ ගේ තියෙන්නේ වන්ගුවේ L බෙන්ඩ් එක ඇතුලේ)

    ඉතින් ඔය කියන ගෙදර ඉස්සරහ වත්තක් තියෙනවා. වත්තේ තණකොළ වවල තියෙනවා ඒවගේම ගොඩක් කුඩා ප්‍රමාණයේ (1cm Size) කොළ තියෙන පදුරු වැටක් තියෙනවා. මල් වැවෙන්නේ නැහැ ඒවායේ චූටි අබ ඇට වගේ ඇට ජාතියක් වැවෙන. ඒවා වත්ත අයිනේ මායිමේ, හිටෝලා තිබ්බේ ඒවා උස නැහැ මිටියි. ගානකට ලස්සනට කපල පිළිවෙලට තියෙනවා. පාරයි එයාලගේ ගෙදරයි වෙන් කරන්නේ ඔය වටෙන්. එතකොට L Bend එක දිගටම L හැඩේට දිගටම මේ වැට තියෙනවා ගේ පැත්තට යනකන්ම.
    ඔන්න ඇදලම පෙන්නුවා අපැහැදිලි අයට :P
    XdiquUd.png


    ඔය ඊතලේ දාල තියෙන පැත්තට බෑවුමක් තියෙන්නේ. පල්ලම ඉවර වෙන්නේ ඔය බෙන්ඩ් එකෙන්.

    මූ කියනවා මූ එනකොට දැන් මූ මේ උදේ පාන්දර පට්ට කළුවරේ පාර දිගේ ඇවිගෙන එද්දී අර ගෙදර වටේට තියෙන අත්තිවාරම දිගේ සුදුපාටට කවුද කෙනෙක් මූත් එක්කම ඈතින් සමාන්තරව ඇවිදගෙන යනවා වගේ දැක්කලු. නමුත් ඔලුව හරවලා බැලුවේ නෑලු (වැට ට ඈතින් මිදුලටත් එහායින් තමා ගේ තියෙන්නේ ඒ නිසා ඈතින් දැකල තියෙන්නේ මුලින්)

    ඊටපස්සේ මූ තව ටික ටික ඉස්සරහට යනකොට අර චායාව වගේ පෙනුන ඩයල් එක මූට වඩා ස්පීඩ් වැඩි කරගෙන කොරිඩෝ එකේ ඉස්සරහටම ගිහින් අර ගස් වැට ළඟටම ඇවිත් එතනින් මූ එන පැත්තට හැරුනලු,දකුණට (මුගේම හෙවනැල්ලක් වෙන්නත් බැහැ මූ ඇඳගෙන හිටියේ තනි කළු ඇඳුමක්, එත් දැකපු එකා සුදුයි නිසා)

    ඔන්න දැන් අර බෙන්ඩ් එකට ලං වෙනකොට අරූ ගේ පැත්තේ ඉඳන් එහා edge එක දිගේ එනවලු මූ ඉන්න පැත්තට ඇවිදගෙන.
    ටිකක් ලං වෙනකොට දැක්කලු ඇවිදිනවා වගේ නෙමෙයි නිකන් පාවෙලා එනවා වගේ ගතියක්.
    මූ එතකොට හොඳටම බය වෙලාලු.. :rolleyes:
    ඔහොම එක පාරට ඇවිල්ල බෙන්ඩ් එක ලඟටත් ඇවිත් බෙන්ඩ් එකෙන් ආපහු ඔන්න මූ එන පාර ලඟින්ම අර ගස් පේලිය එක්ක මූ එන පැත්තට වත්ත ඇතුලෙන් ඇවිත් මූ පහුකරගෙන ලඟින් ගියාලු. මු දැන් ඔලුව පහත් කරගෙන බයට තමා ගිහින් තියෙන්නේ.

    එක පාර ආපස්ස හැරිලා බලන්න තරම් ගට්ස් තිබිල නෑ එත් එක පාර කොහොමහරි හැරිලා.. :lol: හැරිච්ච පාර අරූ පෙන්ඩ නෑලු..
    දැන් මූට හිතෙනවලු ඌ මුගේ පිටිපස්සේ ඉන්නේ කියල.. :eek: මූ ආපහු ක්ලාස් යන එක පැත්තක දාල ගෙදර දුවල කඩාගෙන ආපහු හැරෙන්නතුව..

    එතකොට ඔන්න අම්ම ඇවිල්ල අරවගේ පිරිත් කියල කරලා අන්තිමට මූ හරි ගිහින්. මුලින් එද්දී කතා කරගන්නත් බැලූ බය වෙලා දාඩිය නාල වෙවුලගෙන ඇවිත් තියෙන්නේ :rofl:
    ඊටපස්සේ අම්ම බස් එක ලඟට එනකන් ඇවිල්ල ඇරලවල යන්න.. ඊටපස්සේ තමා මු ඇවිත් තියෙන්නේ.. :lol:
    එත් දිගටම ඊටපස්සේ උදේ ක්ලාස් යද්දී උන්ගේ අම්ම ඇවිල්ල කාලයක්. ඊටපස්සේ තමා මූ දැන් අවුලක් නෑ කියල ශේප් වෙලා තියෙන්නේ.

    හැබැයි ඔය shadow people කියන ජාතිය අපේ ඇඟට ඇවිල්ල එහෙම possess කරන්න තරම් එයාලට power එකක් එන්නේ ඔය විදිහට හරිම බය වෙලා weak වෙච්ච මනසක් තියෙනකොට කියල තමා මට තේරෙන්නේ එහෙම ඇත්තටම එන්න පුලුවන්නම්. මන් බලල තියෙන documentry වල එහෙම ඕවට ඔය වගේ කතා තමා කියන්නෙත්.
    එකියන්නේ මුලින් අර වගේ බය ඇතිවෙන දෙයකින් එහෙම ඒ කෙනාව දුර්වල කරහම දොර ඇරගෙන ඇතුල්වෙන්න හැකියාව තියෙනවා ඇති. නමුත් ශක්තිමත් මනසක් තියෙන කෙනෙකුට නං ලේසියෙන් ඔය වගේ දේවල් වලින් කිසිම බලපෑමක් නැහැ.
    මන් දන්නේ නැහැ මම නං ඉතින් දැකල නැහැ ඇස් දෙකට.

    ඒ වගේම දකින්න ආසාවකුත් නැහැ :lol:
    මොකද දැකපු එවුන්ට උන් ඇවිල්ල හොඳක් කරපු කතාවල් එකක් වත් අහල නෑනේ.. ඔක්කොම කතා වල තියෙන්නේ කෙලවපුවනේ :lol:

    මම ජිවිතේ මේවගේ දේවල් දෙපාරක් අත්විඳලා තියෙනවා. ඒවායින් එකක් ටිකක් මේකට සමානයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැත පුතා නැත... :lol:
    උඹ ඔය කියපු කනතු ඔක්කොමත් හරි. තව එකක් තියේ. ගෙඩි පිටින් රාජගිරියේ. මගේ යාලුවගේ ගෙදර ඇඩ්‍රස් එකත් ඉවර වෙන්නේ රාජගිරිය කියලා බං. හන්දියේ ඉඳන් කි.මී.3යි දුර :D

    burner thiyenne naawalai borellei ..moragassmulle burner neh .. :yes:28years rajagiriye brother ... wena ekak mama nam danne neh ..

    අමතක කරපං ඒක. :D
    OK no prob brother.. no offense :yes:;)

    ;)
    කල්පනාකරලා බලපං හොඳට. තව එකක් තියෙනවා. එච්චර දුර යන්න එපා!!! :D
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මෙ සින් එක මීට මාසයකට කලින් මම දන්න කෙනෙක් ට වෙච්ච දේයක්:yes: .. මැන්ස් රෑ යලුවෙක්ගෙ මල ගෙදර ගිහින් තියෙනවා.. ඊට පස්සෙ මල ගෙදර හිටපු මැන්ස් ගෙ යලුවෙත් එක්ක ඒ කිට්ටුව පිරිත් ගේකත් ගිහින්.. :yes: ගිහිලා උදේ 4ට විතර බයිසිකලෙම ඇවිත්.. ටිකක් දුර ඒනකොට කොල්ලෙක් පාරට අත දාලා.. ඌ කියලා අයියේ මවාත් බස් පරෙන් බස්සන්න පුලුවන් ද කියලා... පවු නිසා කොල්ලාවත් දාගෙන එනකොට බයික් එකේ පැච් එකක් ගිහින් .. :( ඊට පස්සේ කරන්න දෙයක් නැති නිසා පොර කොල්ලාට කියලා ""මල්ලිය ඔයා පයින් එන්න පැච් එක නිසා දෙන්නාටම යන්න බැ"" කියලා. එහෙම කියලා මැන්ස් ටැන්කිය උඩ නැග ගෙන වගෙ හෙමින් ඇවිත් පැදගෙනම.. පිටි පස්සෙ රොදෙ පැච් ගියාම ඔක ගොඩක් අය කරන දෙයක්.. :yes: ඔෆිස් එකට ඇවිත් වැඩත් කරලා වෙල් ෆෙයර් එකෙන් දාලා තීයෙන පොම්පෙන් හුලන් ගහා ගෙන හවස ගිහින් පැච් එක දා ගන්න ටයර් කඩේට ... කීප සැරයක්ම චෙක් කලා ලු.. පැච් එක හොයා ගන්න බැරි වෙලා.. :shocked::eek::eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරියේ පොල්වත්ත අයියාගේ කථාවක් මේ..

    වර්ෂ දෙදහසක් වූ ඔක්තෝම්බර් මාසයේ එක්තරා දවසක මාගේ මිත්‍රයින් කිහිපදෙනෙකු උණවටුනේ නාන්නට යන්නට මා වෙත යෝජනා කලේ සෙනසුරාදාවක උදය වරුවේය. එවකට මා සතු වූ වෑන් රථය ගාල්ල අවට ව්‍යාපාර කටයුතු කරන්නාවූ කොම්පැනියකට කුලියට දී තිබු බැවින් උණවටුනේ යන්නට වෑන් රථයක් ඉල්ලාගැනීමට පහසුම මග වුයේ රුහුණු කුමාරියේ මිතුරෙක් වූ දයාරත්න අයියාගේ ටවුන් ඒසය ඉල්ලාගනීමයි. සෙනසුරාදා ඉරිදා මාගේ වාහනය ගෙන්වාගැනීමට හැකියාව තිබුනද ඒ වෙනුවෙන් රියදුරා සොයා වාහනය අම්බලන්ගොඩ ගෙන්වීම පැය දෙක තුනක් ගතවන්නාවූ කාර්යයකි. ඉහත කී දයාරත්න අයියාගේ වාහනයෙන් උණවටුනේ යාම අවසාන තීරණය බැවින් එසැනින් දයාරත්න අයියාට දුරකථන ඇමතුමක් ගැනීමට මට සිදුවීය..
    හලෝ... දයාරත්න අයිය ඉන්නවද..

    පොඩ්ඩක් ඉන්න.. ( ඒ දයාරත්න අයියාගේ ප්‍රිය බිරින්දෑය )

    හෙලෝ...

    දයාරත්නයියේ... වෑන් එක ටිකක් ගන්න පුලුවනිද..

    ඇයි කොහේ යන්නද..

    අපි කට්ටිය උණවටුනේ යන්න කියල.. මගේ වාහනේ ගාල්ලේ.. ගෙන්නගන්න ගියොත් පරක්කු වෙනවා..

    වාහනේනම් දෙන්න පුළුවනි.. ඒත් හවස අලුත්ගමට යන්න තියෙනව ඇලෝ වීල් හතරක් දාන්න.. එනගමන් එහෙමම අලුත්ගම ගිහින් වීල් හතර මාරුකරන් එන්න පුලුවනිද..

    හරි මම එහෙම කරගන්නම්..

    හරි එහෙනම් ඇවිල්ල අරන් යන්නකෝ.. උනවටුනෙන් එද්දී මට කෝල් එකක් දෙන්න මම වීල් හතර දාන වැඩේ ඇරේන්ජ් කරන්නම්..

    හරේ.. මම එන්නං..

    සියල්ල්ල එසේ සිදුවූ බැවින් එසැනින් ගොස් එම වෑන් රථය ගෙන උණවටුනේ නෑමට යාමට අපි සැම උත්සුක වූයෙමු.. දවසම විනෝදයෙන් උණවටුන වෙරල තීරයේ ගතකල අප සැම උනවටුනෙන් ගෙදර එන්නට පිටත්වෙන විට සවස තුනහමාර පමණ වන්නට ඇත. රෝද හතර මාරු කරන පොරොන්දුව පිට රථය ඉල්ලාගත් බැවින් අලුත්ගම යාමට උවමනා වුවත් ඒ වෙනුවෙන් රථයේ ඉතිරිවූයේ ප්‍රසන්නයාත්, කොන්ඩයාත් මමත් පමණි..

    සවස පහ පමණ වනවිට අලුගමට පැමිණි අපි තිදෙනා රථයේ අයිතිකරුගෙන් රැදී සිටින්නට උපදෙස් ලැබුණු ස්ථානයේ රථය නවත්වාගෙන ඉන්නා අවස්ථාවේ මාගේ ජංගම දුරකථනය නාද වන්නට පටන් ගත්තේය..

    හලෝ...

    පුතා ඔයා කොහෙද ඉන්නේ..

    මම ඉන්නේ අලුත්ගම අම්මේ..

    ගෙදර එන්න කොච්චර වෙලා යනවද..

    දයාරත්නයියගේ වෑන් එකේ රෝද හතර මාරුකරගන්න ආවේ.. මේක කරගත්තු ගමන් එනවා අම්මේ..


    ඉක්මනට ගෙදර එන්න..


    ඇයි මොකද ප්‍රශ්නේ..


    ලොකු තාත්තට පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලේ අරන් ගිහින්.. ටිකක් අමාරුයි කියනව.. ඉක්මනට ගෙදර එන්න..


    හරි අම්මේ.. මම ඉක්මනට එන්නම්..


    ඒ සමගින්ම අප බලාපොරොත්තුවෙන් සිටි අනෙක් වෑන් රථය එතනට පැමිණි අතර අප වෙත පැවරී තිබුණු රාජකාරිය නම් එම වෑන් රථයේ රෝද හතර අපගේ වාහනයටත් අපගේ රෝද හතර එම වාහනයටත් සවි කිරීමයි.. සැනෙකින් ක්‍රියාත්මක වූ මමත් ප්‍රසන්නත් කොන්ඩයාත් අවම කාලයක් ඇතුලත අපගේ ටවුන් ඒසයේ රෝද හතර අනෙක් ටවුන් ඒසය වෙත මාරු කර ඔවුන්ව පිටටත් කර හැර අපගේ අවසන් රෝදය අපගේ ටවුන් ඒසය වෙත සවි කළෙමු. වාහන දෙකේ ජැක් දෙක පාවිච්චි කරමින් පාරක් අයිනේ සිට කළාවූ මේ කාර්‍යය ඉතාමත් වෙහෙසකර කාර්යක් වුවත් ඇතිවී තිබෙන්නාවූ හදිසි තත්වය අනුව හැකි ඉක්මනින් රෝහල වෙත වාර්තා කිරීම මාගේ යුතුකමක් සහ වගකීමක් වීය.


    අපගේ රෝද හතර සවි කල වහා රථයට නැගුනු මා රථය පැදවීමට උත්සහ කලත් පළමු ගියරයෙවත් රථය ඉදිරියට ගැනීමට නොහැකිවීම අපව පුදුමයට පත්කළ අතර කිහිප විටක්ම රථය ඉදිරියට ධාවනය කිරීමට ගත උත්සාහය ව්‍යර්ථ කරමින් වෑන් රථය ගල් ගැසුණු ස්භාවයෙන් පසුවූයේ අප සැම අන්ත අසරණ භාවයට පත්කරමිනි. කිසිදු අපහසුවකින් තොරව පණගැන්වෙන රථය කිසිදු අයුරකින් අඟලකුදු ඉදිරියට ධාවනය කල නොහැකිය. කලයුතු වෙනත් යමක් නොමැති බැවින් නැවතත් දයාරත්න අයියා වෙත දුරකථන ඇමතුමක් දීමට අපහට සිදුවීය..


    හෙලෝ..


    දයාරත්නයියේ.. වාහනේ රෝද මාරු කරා.. ඊට පස්සේ වාහනේ හොලවන්න බැහැ..


    ඒ මොකෝ..


    මම හිතෙන්නෙ එකම ජාතියේ වාහන දෙකක් උනත් මොකක් හරි අවුලක් තියෙනව.. රෝද කැරකෙන්නේ නැහැ.. කළුවර වෙලා නිසා මේ වෙලාවේ මුකුත් පේන්නෙත් නැහැ .. අනික් වාහනේට කෝල් එකක් දීල කියන්න ආපහු අපි ඉන්න තැනට එන්න කියල..


    හරි එහෙනම් මම කියන්නම්.. දැන් එතකොට මොකද කරන්න හදන්නේ..


    මේකෙ තිබ්බ වීල් හතර මේකට දාල බලන්න වෙනවා..


    හා එහෙනම් එහෙම කරන්නකෝ..


    දැන් අපගේ උත්සාහය නැවතත් අපගේ රෝද හතර අපගේ වාහනයට දමාගෙන ගෙදර යාම උවත් එම වාහනය නැවතත් අලුත්ගමට එනතුරු අප ඉවසිල්ලෙ රැදී සිටිය යුතුය.. ඒ අතර නැවතත් මාගේ දුරකථනය නාද වන්නට වීය..


    හලෝ..


    පුතා.. ඔයා කොහෙද ඉන්නේ..


    මම තාම අලුත්ගම අම්මේ..


    මොකද ළමයෝ කරන්නේ.. ලොකු තාත්තව කරාපිටි යවන්න හදන්නේ.. ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් එක නැහැ කියල තාත්ත ඔයාට ඉක්මනට එන්න කියනව..


    මම එන්න තව ටිකක් වෙලා යනවා අම්මේ.. වාහනයක් හයර් එකට අරන් යන්න කියන්න.. මේ වාහනේ ප්‍රශ්නයක් වෙලා ඒක හදාගෙන තමයි එන්න වෙන්නේ..


    අනේ මන්ද ළමයෝ.. ලොකු තාත්තා ඔයාවම අහනවලු.. පුළුවන් ඉක්මනට එන්න බලන්න..


    හා අම්මේ..


    අපගේ රෝද හතර සහිත වෑන් රථය ඒම ස්ථානයට සැපත්වූ බැවි යුහුසුළු වූ අපි හැකි උපරීම වේගයෙන් නැවතත් රෝද ගැලවීමේ සංග්‍රාමය පටන් ගතිමු.. කොන්ඩයාගේත් , ප්‍රසන්නගේත් නොමසුරු සහයිගයෙන් රෝද අටම නැවත හුවමාරු කරගත් අපි වාහනය පනගන්වා ධාවනය කරන්නට උත්සහ කරන ලදුව අපගේ වාහනය කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඉදිරියට ධානාවය වන බව තහවුරු වීය.


    හැකි උපරීම වේගයෙන් අලුත්ගම සිට ගෙදරට පැමිණි මා මිදුලේ වාහනය නවත්වනවාත් සමගම ගෙදර දුරකථනය නාද වනවා ඇසුනි.. වාහනයෙන් බසිනවාත් සමගම ගෙදර දුරකතනයේ රිසීවරය බිම අතහැරෙනවාද ඇසුණු අතර අම්මාගේ හැඬුම් ස්වරය මා වෙත ඇහෙන්නට වීය..


    ඇයි අම්මේ..


    ලොකු තාත්ත නැති වෙලාලු..


    අයියෝ..


    මාගේ ප්‍රාණ සමාන මිත්‍ර කොන්ඩයාද මා සමග රැදී සිටි අතර මාගේ නිවසේ සියලු සාමාජිකයින් වෑන් රථයට දමාගත් මම තාත්තාගේ මහ ගෙදර වෙත ඉගිලෙන්නට වුයෙමි. ලොකු තාත්තා මියගිය පුවත ඉතාමත් සංවේගකර පුවතක් වුවද ඉතිරි වැඩකටයුතු සඳහා හැකි ඉක්මනින් සහයෝගය දීම මාගේ වගකීමක් සහ යුතුකමක් වීය.


    විනාඩි පහකින් දහයකින් තාත්තාගේ මහගෙදර වෙත ලඟා වූ මම වාහනයෙන් බැස මහගෙදර දෙසට දිවයන්නට වීමි. මහ ගෙදර ඉදිරිපස ඇති පෝටිපොවේ අයිනේ සිමෙන්ති පඩිය උඩ වාඩිවීගත් මාගේ මිත්තනිය හඬා වැටෙමින් සිටිනා ආකාරය මා දුටිමි. වෙලාව රාත්‍රී අට පමණ වී ඇති නිසා එවකට වයස අනූවක පමණ වූ ඉතාමත් යහපත් ශරීර සුවතාවයකින් සිටි මාගේ මිත්තනිය මා දුටු වහා නැගිට ඉදිරියට එන්නට විය..


    අනේ පුතේ ලොකු තාත්තා.....


    ආච්චීට කියන්නට හැකි වුයේ එපමණකි.. මා ඉදිරියේ ක්ලාන්ත වී වැටෙන්නට ගිය ආච්චි බිම වැටෙන්නට නොදී මාගේ පපුවට වාරු කරගැනීමට මම සමත් වීමි. සියල්ලෝම විසින් වත්තම් කරගත් ආච්චී මහ ගෙදර ඉදිරිපස කාමරයේ ඇඳ උඩින් දිගා කරවා පවන් සැළුවද ආච්චීට සිහිය එන වගක් නොවීය. එවකට පොල්වත්ත රෝහලේ සේවය කල හෙදියක් වූ අප ඥාති සහෝදරියක් විසින් මා එලියට කැඳවන්නේ ඉන් අනතුරුවයි..


    මල්ලි.. ආච්චිගේ පල්ස් අහුවෙන්නේ නැහැ.. ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් යමු..


    හරි අක්කේ..


    ඇයගේ විධානයෙන් පොල්වත්ත රෝහල වෙත ඉගිලුන මා ආච්චීව රෝහල්ගත කලෙමි.. වෛද්‍යවරයා විසින් කල ප්‍රතිකර්ම කිහිපයකින් අනතුරුව ආච්චීට සිහිය ලැබුණු අතර ඉන් පෙර සිදුවූ කිසිවක් හරි හැටි මතකයේ නොමැත වග අපහට වැටහෙන්නට වීය. ලොකු තාත්තා මියගිය බවද ඒ වනවිට ඇයගේ මතකයේ නොවීය.. පැය එකහමාරක පමණ කාලයක් රෝගියා පරීක්ෂාකළ වෛද්‍යවරයා වෛද්‍ය කාමරය වෙත මා කැඳවුයේ ඉන් අනතුරුවයි..


    මේ ඔයාගේ කව්ද..


    මගේ ආච්චි ඩොක්ටර්..


    ඔයාල ගාව වාහනයක් තියෙනවද..


    තියෙනව ඩොක්ටර්..


    එතකොට හවස මෙහෙන් කරාපිටි යැව්වේ මේ ආච්චිගේ කව්ද..


    ඒ මේ ආච්චිගේ ලොකු පුතා ඩොක්ටර්.. ඒ මගේ ලොකු තාත්තා..


    එයා නැතිවුනාලු නේද..


    ඔව් ඩොක්ටර්..


    මේකයි පුතා ප්‍රශ්නේ..ඔයාගේ ආච්චි දැන් කතාබහ කරාට එයාගේ හර්දය වස්තුව වැඩකරන සද්දෙවත්, එළියෙන් අල්ලලා බැලුවට අහුවෙන පල්ස් එකක්වත් මට දැනෙන්නෙ නැහැ. මගේ රාජකාරි කාලෙටම මම මෙහෙම දෙයක් දැකල නැහැ.. මගේ පරීක්ෂණ අනුව මේ ලෙඩාගේ හර්දය වස්තුව වැඩකරන්නේ නැහැ.. ඔයාට කැමතිනම් ලෙඩාව කරාපිටි අරන් යන්න..


    ඒ කියන්නේ ඩොක්ටර් ආච්චි නැතිවෙනවා කියන එකද..


    ලෙඩා තාම කතාකරන නිසා මට එහෙම කියන්න බැහැ.. ඔයාල කැමතිනම් කරාපිටි අරන් යන්න..


    අපි කෝකටත් අරං යන්නම් ඩොක්ටර්..


    හොඳයි.. මම එහෙමනම් ටිකට් එක ලියල දෙන්නම්..


    තෑන්ක්ස් ඩොක්ටර්..


    ඒ වනවිට මාගේ මිත්‍ර කොන්ඩයා විසින් සියලුම මිතුරන් දැනුවත් කර තිබු නිසා මාගේ සියලුවම් මිතුරන් පොල්වත්ත රෝහල වෙත ඒකරාශී වී සිටියේය.


    නැවතත් මාගේ මිත්තනිය වෑන් රථයේ දමාගත් අපි කරාපිටිය බලා ඉගිලෙන්නට වූයෙමු.. පහුවදාට යෙදී තිබු මැතිවරණය නිසාවෙන් ගාලුපාර ඒ තරම් කාර්යබහුල නොවූ නිසා පැය භාගයකින් වැනි අවම වේලාවකින් කරාපිටියට සැපත්වීමට අපි සමත් වූයෙමු. හේමික, ප්‍රසන්න, කොන්ඩයා මාරුවෙන් මාරුවට ආච්චිගේ සේලයින් බෝතලය ඉහලට ඔසවා අල්ලාගෙන සිටි අයුරු අද මෙන් මතකයේ රැදී ඇත.


    කරාපිටිය රෝහල වෙත ඇතුලත් කල තමුන්ගේ වැඩිමහලු පුත්‍රයා මියගිය වාට්ටුවට එහා වාට්ටුවට එදිනම ඇතුළත්වීමට සිදුවීම කොයිතරම් නම් දෛවෝපගත සිදුවීමක්ද.


    කරාපිටියට ඇතුලත්කල පසුවද ආච්චී බොහොමත්ම සාමාන්‍ය අයුරින් ආගිය තොරතුරු කතාකලද සියලුම වෛද්‍යවරුන් එතුමන්ලාගේ උපරීමය ශ්‍රම දායකත්වය සැපයුවේ ඇතිවී තිබෙන්නාවූ තත්වය නිරාකරණය කරගැනීමටයි. විවිද ඖෂද වර්ගද එන්නත් කෙරුණු අතර ඒ කිසිවකිනුත් ප්‍රතිපලයක් ලෙබෙන සෙයියාවක් වෛද්‍යවරුන්ගේ මුහුණුවල සටහන්ව නොතිබුණි.


    මේ සියල්ල අතර වාරයේ මාගේ පියාගේ බාලම සහෝදරයා නොහොත් ආච්චිගේ බඩ පිස්සා රෝහල වෙත පැමිණියේය. බාප්පා රෝහල වෙත පැමිණ ආච්චි සමග කතා කර මද වෙලාවකින් ආච්චි මියයමින් සිටිනා වග වටහාගත් බාප්පා රතන සූත්‍රය සජ්ඣායනා කරද්දී අපගේ ඇස් ඉදිරිපිටම ආච්චීද අපව හැරදමා දෑස පියාගත්තාය.. " දරුවෙකුගේ මරණයක් බලන්න මම ජීවත් වෙන්නේ නැහැ " කියා නිතර කිව් මාගේ මිත්තනියද තමුන්ගේ වැඩිමහලු දරුවාගේ මරණය දෑසින් නොදකින්නට තීරණය කර තිබුනේ එලෙසිනි.


    ලොකු තාත්තා මියයන තුරුම මා කොහිදැයි විමසමින් සිටි වග පසුව තාත්තේගෙන් දැනගතිමි.. පොල්වත්ත රෝහලේ සිට කරාපිටිය රෝහලේ මියයන වෙලාව දක්වා මාගේ මිත්තනියගේ හදවත වැඩ නොකළ බව වෛද්‍යවරුන් පවසන නිසා මාගේ මිත්තනිය මියගියේ මාගේ පපුවට වාරු වූ අවස්තාවෙදිදෝ යයි අදද මා වෙත උත්තර නැති පැනයකි. ඒම අවස්ථාවේ සිට පැය හතරක පහක පමණ කාලයක් ආච්චී බාප්පා පැමිණෙන තුරු සාමාන්‍ය ජීවත්වන අයුරින් රැදී සිටියේ කෙසේද යන්න එහිදී සිදුවූ පළමු අද්භූත සිදුවීමයි.


    දෙවන අද්භූත සිදුවීම නම් අවමංගල කටයුතු සඳහා නැකත් බැලීමට ගිය අවස්ථාවේ හෙළිවූ කරුණකි. එනම් ලොකු තාත්තාගේ මියගිය වෙලාවට අනුව හෙවත් මරණ නැකතට අනුව තවත් පවුලේ කෙනෙක් අනිවාර්යෙන් මියයාමට තිබුනා යන්නයි. වාහනයේ රෝද මාරුකළ අවස්ථාවේ වාහනය ඉදිරියට යාමට නොහැකිව ගල් වීම, එම අවදානමෙන් මා මුදවීමට සිදුවුවක්ද යන්න අදටත් මා වෙත උත්තර නැති පැනයකි.


    මාර්තෘකාවට සම්භන්ධ නොකර බැරිවූ උදව්වද කිරීමට මට සිදුවුයේ ඉහත කී අවමංගල්‍ය උත්සවය නිමාවූ දිනයේදීයි.. නිදි නොමැතිව ගතවූ වෙහෙසකර දින කිහිපයකින් අනතුරුව ආච්චීගේත් ලොකු තාත්තාගේත් අවමංගල්‍ය කටයුතු කිසිදු අඩුපාඩුවක් නොමැතිව සිදුකිරීමට අපි කටයුතු කළෙමු. සංසාරයේ පතා ආ ලෙසටදෝ දෛවෝපගත ලෙස ආච්චීත් ලොකු තාත්තාත් එකම චිතකයේ අවසන් ගමන් ගියෝය.. දුකෙහිද සැපෙහිද එකසේ උන්නාවූ මාගේ මිතුරු පිරිස දිවා රෑ නොබලා ආදාහනය දක්වාම ඔවුන්ගේ දායකත්වය නොමසුරුව සැපයීම විශාල අස්වැසිල්ලක් වීය. පවුලේ ඥාතීන් දෙදෙනෙකු එක දින අවසන් ගමන ගිය ශෝකයත් කිසිදු අඩුපාඩුවක් නොමැතිව සියල්ල සාර්ථකව නිමාකල ප්‍රීතියත් , දින කිහිපයක් නිදි නොලබා සිටි වෙහෙසත් අතර සිටි මා සොයා දන්නා කියන පුද්ගලයකු පැමිණෙන්නේ මේ අතරය.. ඒ වෙන කව්රුවත් නොව.. ආච්චීගේත්, ලොකු තාත්තාගේත් අවසන් කටයුතු සාර්ථකව නිම කිරීමට සහය දැක්වූ අපගේ පවුලේ හිතවතකු වන ප්‍රේමා කාස්කට් පැලස් හෙවත් ප්‍රේමා අවමංගල්‍ය ශාලාවේ අයිතිකරුවා වූ සුනිල් අයියායි..


    හා සුනිල් අයියෙ එන්න වාඩි වෙන්න..


    කමක් නැහැ මෙහෙම හොඳා.. පොඩි උදව්වක් ඉල්ලගන්න කියලයි ආවේ..


    සුනිල් අයියා අතමිට හිඟ නැති පුද්ගලයකු වශයෙන් මේ ආවේ කීයටවත් අවමංගල්‍ය කටයුතු වල මුදල් ඉල්ලීමට නොවේය යන්න මාගේ පළමු සිතුවිල්ලයි. පරම්පරා දෙකක් පුරා ඉතිහාසයට දිවයන ඒ හිතවත්කම් උඩ අප විසින් කවදා හෝ දෙන තුරු මුදල් ඉල්ලීම සුනිල් අයියා කීයටවත් කරන්නේ නැත. වාහන කිහිපයක අයිතිකරුවෙකු වන සුනිල් අයියාට හදිසියේ වාහනයක් ඉල්ලාගනීමේ වැනි උවමනාවක්ද පැවතිය නොහැකිය. වෙලාව රාත්‍රී දොළහ පසුවී තිබීමත් , දිනය මැතිවරණය පසුවී දිනයක් ගතවී තිබීමත් යන කරුණු දෙකට අදාලව එවන් වෙලාවක සුනිල් අයියාට අවශ්‍යව ඇත්තේ කාට හෝ දීමට අරක්කු බෝතලයක් වැනි යමක්දෝ යි මාගේ සිතුවිල්ල වීය. සුනිල් අයියා බොන කන පුද්ගලයකු නොවුනත් මිනීපෙට්ටි සාප්පුවේ ගෝලයින්ට අරක්කු ටිකක් ඕනෑ වී මා සොයා පැමිනියෙදෝ යන්න මට සිතුනේ මළගෙදරක අවසන් කටයුතු අවසානයේ මහන්සිවී වැඩකළ පිරිසට දීමට බෝතල් කිහිපයක් ගෙන්වීම අප්‍රසිද්දියේ සෑම තැනකම සිදුවන්නාවූ චාරිත්‍රයක් බැවිනි.


    මොකක්ද සුනිල් අයියෙ කියන්න..


    හැබැයි මේ උදව්ව මට කරන්නම ඕන ..


    අයියෝ සුනිල් අයියෙ ඔයාට නොකරන උදව්වක් නැහැනේ.. කියන්න ඕන දෙයක්..


    හරි.. කරනවාමයි කියල පොරොන්දු වෙන්න..


    ෂුවර් එකටම අනිවාර්යෙන් කරනවාමයි..


    හොඳටෝම ෂුවර්ද..


    අනිවාර්යෙන්.. මම වචනයක් කිව්වොත් ආයේ දෙකක් නැහැ.. මොකක්ද කියන්නකෝ..


    එහෙනම් ඔන්න මේක කිව්වයින් පස්සේ බෑ කියන්න බැහැ හරිද..


    පිස්සුද සුනිල් අයියෙ.. කියන්නකෝ.. මොකක්ද කෙරෙන්න ඕන..


    බොඩීස් දෙකක් ගෙනියන්න තියෙනව මල්ලි.. අද කොහොම හරි එළිවෙන්න කලින් බොඩි දෙක ගෙනියන්න ඕන.. වාහන තිබ්බට අද ඩ්‍රයිවර්ලා නැහැ.. මම කාර් එකේ එකක් අරන් එන්නම්.. ඔයාට පුලුවනිද අනික් හර්ස් එකේ අනිත් බොඩිය අරන් එන්න.. වැඩි දුරක් නැහැ.. පලවෙනි එක බලපිටියේ.. අනික් එක අහුන්ගල්ලේ.. වැඩි වෙලා යන්නේ නැහැ.. පැයක් යාවි දෙකටම..


    හුටා...


    දැන් කිව්වනේ ඕනෑම උදව්වක් කරනවා කියල..


    එතැන් සිට සිද්දිය මාගේ සුපුරුදු භාෂා විලාශයෙන් මෙසේය..


    අපගේ මළගෙදරට නිදි වැරූ මාගේ මිතුරන් ඔක්කොම ගෙවල්වල ගිහිල්ලාය.. ඊට අමතරව මළගෙදර තනි රකින එවුන්ද වාඩිවී සිටි පුටුවලටම වී තදින් කිරනවාය.. යහමින් දෙකක් රත්වෙන්නට දාගත්තු ගමේ කිහිපදෙනෙක් හැරුනුකොට මට උදව්වක් ඉල්ලන්නට කෙනෙක් නැතිය.. සාක්කුවේ තිබෙන්නාවූ සන්තකයම දී පිටත්කර හරින්නටද වාහනයක් එහාට මෙහාට කරන්නට පුළුවන් එකෙක්ද මළගෙදර සිසාරා ස්කෑන් පාරක් දැමුවද නොමැතිය.. දුරදිග නොබලා කටට ආ පමණින් පොරොන්දු දීමේ පල විපාක මට එවෙලේම පලදී ඇත. උඩ ඉන්නා දෙවියන් හැරුනුකොට මා බේරාගැනීමට හැකි එකුදු ප්‍රාණියෙක් අපගේ මහගෙදර සීමාවේ නොමැති වග සක්සුදක් සේ පැහැදිලිය.


    යමු සුනිල් අයියෙ එහෙමනම්..


    බයක් නැහැනේ ..


    පිස්සුද සුනිල් අයියෙ..


    කියන්නම් වාලේ බය නෑ කියා කියුවද රෑ එකට මිනියක් අරන් යනවා කියන්නේ සෙල්ලමක්ද යකෝ කියල කියන්නට සුනිල් අයියාගේ මුහුණ බලාගෙන මට නොහැකිය ..




    මෘත ශරීර දෙක වාහන දෙකට දාගත් අපි දැන් ලැහැස්ති වන්නේ මළගෙවල් වෙත යාමටය. සුනිල් අයියා තඩිම තඩි අවමංගල්‍ය රථයේ රියදුරු අසුනට ගොඩවූ කල මා දැන් බලා සිටින්නේ සුනිල් අයියාගේ ගෝල තැන මා පදවන රථයට ගොඩවෙන තුරුය.. එහෙත් අවාසනාවට ඇත්ත කතාවක් කියන්නැහේ සුනිල් අයියාගේ ගෝල තැනද සුනිල් අයියා පැදවූ රථයටම ගොඩවී දොර වසාගත්තේ මා හට කොහේදෝ නැති මූත්තරා බරක සේයාවක් දනවමින්ය..


    සුනිල් අයියා ඉදිරියෙන් යනවාය.. වෙලාව අලුයම එක පසුවී මද වේලාවකි.. පාරේ බලු බල්ලෙකුද නැතිය.. මමද ගැල පිටුපස ඇදෙන ගොනා සේ සුනිල් අයියාගේ දඩාර හර්ස් එක පිටුපසින් ඔන්න මෙන්න දුරින් මා පදවන රථයද පදවාගෙන යනවාය.. මාගේ අඩි කිහිපයක් ඉදිරියෙන් සුනිල් අයියාගේ රථයේ ඇති මිනී පෙට්ටිය වීදුරුව අතරින් දර්ශනය වෙනවාය.. ඊට අමතරව මාගේ රියදුරු අසුන පිටුපසින් තවත් මිනී පෙට්ටියක සතපවූ මිනියක්ය..නිකම් ස්භාවිකව මියගිය මිනියක්ද නොවේය. දුම්රියට හසුවී මියගිය අයකුගේ මිනියක්ය. වාහනයේ ඉදිරිපස වීදුරුවට උඩින් මැදට වන්නට සවිකර තිබෙන්නාවූ කන්නාඩියෙන් මා පිටුපස තිබෙන්නාවූ මිනීපෙට්ටිය ඇහේ තිබ්බා සේ දර්ශනය වෙනවාය. ඇඟ ඇතුලේ තිබෙන්නාවූ හර්දය වස්තුව බිම වැටී ගැහෙන සෙයියාවෙන් එක සීරුවට ගැහෙන්නේ සීතලට වෙන්නට ඇතිය.. හිත බය වුනාට කීර්ති නාමය උදෙසා භාරගත් කාර්ය ඉටුකළ යුතුය..


    විනාඩි පහළොවක විස්සක ගමනකින් අනතුරුව සුනිල් අයියා ගෙනයන මෘත ශරීරය අදාළ නිවෙස වෙත තැන්පත් කරන්නට දැන් අපි ආසන්නය. ගාලු පාරෙන් මද දුරක් ඇතුලට වන්නට තිබු ඒම නිවෙස වෙත මා රැගෙන ගිය බොඩිය ගේන්නේ නැතුව ගාලු පාරෙන් නවත්වාගෙන ඉන්න යයි කී සුනිල් අයියා සහ ගෝල තැන මා මිනියක් සමග ගාලු පාර අයිනේ පාලු තැනකින් දමා අතුරුපාරක හැරී නොපෙනී ගියේ මාගේ හදවතට තව තවත් වීරත්වය ආරෝපණය කරමින්ය.. කුම්බලා මාළු කෑවානම් දුක් විඳපන් බලලෝ කියන්නා සේ සුනිල් අයියාගෙ මිනී කාරෙක නොපෙනී ගිය වහා මා පැදවූ රථයෙන් දනිපනි ගා බිමට පනින්නේ බයට නොවේය.. වාහනයේ ඇතුලේ රස්නය නිසාය.. වාහනය සහ මිනී පෙට්ටිය කළුවරේ දමා නිකමට වාගේ ඉදිරියෙන් තිබෙන්නාවූ ලයිට් කනුව යටට මා පියවර මනින්නේද බයට නොවේය.. කළුවරේ ඉන්නවාට වඩා ලයිට් කනුව යට ඉන්නා එක හොඳයි කියා මාගේ හිතට දැනෙනා වූ නිසාය..


    ගාලු පාරෙන් හැරී ගොස් විනාඩි හතලිස් පහකට පමණ පසු සුනිල් අයියා සහ ගෝල තැන නැවත ගාලු පාරට එනතුරු ලයිට් කනුව යටට වී මා උන්නේ අපමණ සොමියකින් බව දන්නේ මා පමණය. සුනිල් අයියාට එව්වා ගානක් නැත.. නැවතත් දනිපනි ගා රථයට නැගගත් මම සුනිල් අයියාගේ හර්ස් එක පසුපස මිනී වෑන් එක පදවාගෙන යනවාය.. සියල්ල අවසානයේ කිසිදු උපද්‍රවයකින් තොරවම අහුන්ගල්ලේ පිහිටි ඒම අවමංගල්‍ය නිවසට සැපත්වීමට මා සමත් වෙනවාය..


    නැවතත් සුනිල් අයියා සහ ගෝල තැන මිනී පෙට්ටිය හරි ආකාරව තැන්පත් කරනතුරු මා හර්ස් එකෙන් බැස එලියට වී සිටිනවාය..


    ගෙදරින් පිටත්වී පැය දෙකකට පමණ පසු අප සියලු දෙනා නැවතත් ගෙදර එන්නට පිටත් වන්නේද අප එහි ආ විලාසයෙන්මය.. ගෝලයා සුනිල් අයියා සමගය.. මා තනිවමය.. සිලින්ඩර් අටකින් සමන්විත සුනිල් අයියා පදවන නවීන පන්නයේ අවමංගල්‍ය රථය මා මහමග තනිවම දමා ඉගිලෙන්නේ ගෙදර එන ගමනේදීය.. මා පදවන අවමංගල්‍ය රථයේ ඇක්සිලේටරය දත විකාගෙන අඩියටම පාගාගෙන සිටියද විනාඩියෙන් සුනිල් අයියාගේ රථය මට නොපෙනී ගියේය..මිනිය නැති වුනත් මා සිටින්නේ මිනී කාරෙකක් එලවාගෙන යන අතර බැවින් කලිසම තෙත් වන්නට ඔන්න මෙන්නය. එහෙත් එතෙක් කල් රැකගෙන උන් කීර්තිනාමය වෙනුවෙන් අන්තිම ලෙල්ලටම නිර්භීත භාවය ඔප්පු කරමින් කලිසමද අන්තිම දශමයෙන් බේරාගෙන මා ප්‍රේමා අවමංගල්‍ය සාප්පුව වෙත පැමිණෙනා විට සුනිල් අයියා සහ ගෝලයා මා එන තුරු පාරට වී හිනාවෙමින් බලන් සිටිනවාය.


    යකෙකුටවත් මාව බයකර මරන්නට බැරි වග මා දැන් ප්‍රත්‍යක්ෂවම දන්නේ එදා රාත්‍රියේ මාගේ පන ටික නොගිය නිසාවෙන්ය
    .
     
    Last edited:
    • Like
    Reactions: Tz4400

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේක මම ජීවිතේට වැඩියෙන්ම බය වෙච්චි සීන් එක.
    අපේ ගමේ ඉස්සර ගෙදර සල්ලි දීල ගත්ත පරණ වලව්වක්. 1994 දී අලුත් ගේ හදනකම් අපි උන්නෙ ඒකෙ. ඒ ගෙදර එච්චර පලදුන්න ගෙදරක් නොවෙයි. හැමදාම මොනව හරි කරදර තිබ්බ.
    ගෙදර හිටිය ඉස්සර හිටිය අප්පො යන්තර මන්තර ගුරුකම් කල, බලගතු උපතක් ලබපු මනුස්සයෙක්. කොච්චර බලගතුද කියනව නම් බදින මැනිකෙල අවුරුද්දකින් පස්සෙ මැරිල තියෙනව. පලවෙනි මැණිකෙ ලමයි නොලබාම මැරිල තියෙනව. දෙවෙනි මැණිකෙ දුව ලැබුනට පස්සෙ මැරිල. ඒ දුවගෙන් තමා අපේ තාත්තා ගෙදර අරගත්තෙ. අප්පො අලින්ට වෙදකම් කරල තියෙනව. අලිවෙදපොත්, අප්පොගෙ පලවෙනි මගුලෙ මගුල් පොටෝ එක, නැකත් පත්තරේ එහෙම දුව ගෙදරින් යත්දි දාලයි ගිහින් තිබුනෙ. අපේ තාත්තා ඒව එක්කාසු කරල අරන් තිබ්බ ෆයිල් එකක දාල. දැනට ඒ ෆයිල් එක මා ගාවයි තියෙන්නෙ. මේ ගමේ පුරාවුර්තයක් තිබ්බ අප්පො කකුලෙ බලගත් සුරයක් දාල තිබ්බ (කකුල පලල දාලයි කියල කියන්නෙ ) ඒ නිසා ආදාහනේදි කකුල පිච්චුනේ නෑ කියල. අපි ඕවගෙ ඇත්ත නැත්ත දැනන් උන්නෙ නෑ. නමුත් අපි අප්පො ආදාහනෙ කරපු තැන දැනන් හිටිය. එතන වෙන කෙනෙක් වලලන්න යත්දි දර සෑයෙ අගුරු හමු උනා පස්සෙ කාලෙක.
    අප්පො දැව්වම පස්සෙ අළු මුටිටියක දාල වත්තෙ තිබ්බ සියඹලා ගහ යට වැලළුවයි කියලයි කියන්නෙ.

    ඔය කියන සියඹලා ගහ පස්සෙ කාලෙක (1997 විතර ) මැරුණ. මැරුනයින් පස්සෙ ඔය හරියේ තේ හිටවන්න කියල අපේ තාත්ත සියඹලා ගහෙ මුල අයින් කෙරෙව්ව.
    සියඹලා ගහේ මුල් අයින් කරල වල සුද්ද කරද්දි මොනවද හම්බ උනේ? මිනී අලු කලයක්. අප්පොගෙ අළු. කලේ බිදිල තිබ්බට අලුගොඩ එහෙම්ම තිබ. පොඩ්ඩක් තෙමිල අකු හේදිල ඇටකටු වගයක් තිබ්බ. එතන තිබු ඇට වලින් ගොඩක් මිනිස් කකුල අස්ථි. මම ඒ ලෙවෙල් කරන් කාලෙනෙ. ඉතින් ඔව්වා අඩුන ගන්න පුලුවන්.

    අපේ තාත්තා මිනී අළු ටිකට කල දේ මම දන්නෙ නෑ අද වෙනකම්. අම්ම කිව්වෙ නම් ඒ වලටම දාල යට කල කියල.

    ඊට පස්සෙ තමයි පටන් ගත්තෙ සන්තෑසිය. දවසක් මම මිදුලෙ ඉදන් පත්තරයක් කියව කියව ඉද්දි අපේ ලිද පාරෙ (වත්තෙ පිරිසිදු ලිදක් තිබ්බ. ගමේ මිනිස්සු ඒ කාලෙ වත්ර ගන්න එනව ) කවුදෝ උස මහත මනුස්සයෙක් එනව පේනව. මම වැඩිය ගනන් ගත්තෙ නෑ. ටිකකින් පේනව මේ මනුස්සය අතේ වතුර භාජනයක් නෑ. මිනිහ මාව දැක්කම මූණේ හිනවක් වත් නෑ. මට හොදට දැකල පුරුදුයි වගේ. සාමන්යයෙන් වත්ර ගන්න එන මිනිස්සු ඔක්කොම අපිව දන්නව. අඩු ගානෙ වචනයක් වත්නොකිය යන්නෙ නෑ. මට නිකන් සැකයක් ඇති උන. ඉතින් මම තාත්තට කතා කලා. ඒ දවස් වල පොඩි අරියාදුවක් තිබ්බ අපේ තරහ කාරයෙක් ඉඩම උඩින් පාරක් ඉල්ලල. ඒ කවුරු හරි වෙන්නත් පුලුවන් නිසයි තාත්තට කතා කලේ. තාත්ත ඇවිත් පාරට බහිද්දි මිනිහ නෑ. ඒ ඩින්ගට නොපෙනී යන්න බෑ. මීටර් 200ක් විතර පේනව පාර. මම ටිකක් කල්පනා කලා මනුස්සය කවුද කියල. මතක් උනේම නෑ. එදා රෑ නිදා ගන්න ගිහින් රෑ අවදි වෙලා පොඩි පම්ප් එකක් දාන්න මම එලියට බැස්ස. ඒක සාමාන්යයි. ගෙදර බාත් රූම්, කරන්ට් මුකුත් නෑ. චිමිනි ලාම්පුව අතින් අරන් තමයි එලියට යන්නෙ.

    දොර අරිද්දි මෙන්න දොර ඉස්සරහ ඉන්නව මන්ස්සයෙක්! අර දවල් දැක්ක මිනිහමයි. මම බයවෙච්ච පාරට "බුදු අම්මේ" කියල කෑ ගැහුව.ලාම්පුව බිම. කුඩේ කුඩු. ඒ ක්ශනයකින් මතක් උනා ඒ මූණ. මැරිච්ච අප්පො! ගෙදර ෆයිල් එකේ තිබ්බ පින්තූරෙ. ඒ මූණමයි.
    එදා කොච්චර බය උනත් මට කතා කර ගන්න පුළුවන් උනා. අපි එලිවෙනකම් ඇහැරිල. තාත්තගෙ හොද යාලුවෙක් උන්නා ඒ දවස් වල රන්නෙ. ගුරුකම් වලට ගොඩක් ප්රසිද්දයි. ඒ දවස් වල රටේම දන්න නමක්. දැන් ජීවතුන් අතර නෑ. තාත්තා ගියා ඒ අන්කල්ව හම්බ වෙන්න. එදා රෑ 10.00 ට වගේ ඒ අන්කල් ආවා තාත්තට් එක්කම කාර් එකේ. ගෝලයො දෙන්නෙකුත් දාගෙන. (එදා එතුමා ඒ කල ක්රියාව අදපවා මා ඉමහත් අගය කරමි. එතරම් ප්රසිද්ද කෙනෙක් තමන්ගේ මෝටර් රතයෙන් සියලු වැඩ අමතක කර පැමිණීම මට එදා අදහාගත් නොහැකි විය ) අන්කලුයි ගෝලයොයි අපිට නිදියන්න කියල එලිවෙනකම් වත්ත පුරා මැතිරුව. අන්කල් නම් කිව්වේ අප්පොගෙ අළු කලේ ගොඩ ගත්ත එකයි හේතුව කියල. ඉතින් අපේ ගෙදර තොවිලයකුයි, තුන් වේල් පිරිතකුයි සන්විදානය උනා. ඒ මුලු කාලේම තාත්තගේ යාළුව අපිත් එක්ක උන්න.
    ඒ අන්කල් කිව්ව අප්පොගෙ ආත්මෙ එලවන්න එයාට හැකියාවක් නෑ කියල. කරදර කරන එක නවත්වන්න පුලුවන් කියල කිව්ව. ඒ ආත්මේ ඉන්නෙ ගේ ඉස්සරහ තියෙන දැවැන්ත කොස් ගහේ කියලත් කිව්ව. අප්පොගේ ෆොටෝ එක ඒ අන්කල් පිරිත් පැන් ඉහල පිච්චුව. ඉතුරු ටික ගෙදරින් පිට කරන්න කිව්ව. ඒ ටික මම ගන්නකම් තිබ්බෙ පන්සලේ ලොකු හාමුදුරුවො ලග. කොහොම හරි එදායින් පස්සෙ මුකුත් උනේ නෑ. හැබැයි තාත්ත ලෙඩින් වැටුන.

    තාත්තා මැරිල දැන් අවුරුදු 6ක් වෙනව. ඔය කියන කොස් ගහ ලගදි මුල් දිරල කඩන් වැටුන. අපේ අම්ම සාස්තර අහන තැනක් තියෙන රක්වානෙ. මගේ අපලයකට පේනයක් අහන්න ගිය වෙලාවක කියල තිබුන ඒ ආත්මෙ තවමත් වත්තෙ ඉන්නව කියල. අපේ තාත්තා රුක් දෙවියෙක් වෙලා ඉන්නවය, තාත්තට අපිට උදවු කරන්න දෙන්නෙ නැත්තෙ ඒ ආත්මෙ කියල කියල තිබුන. එදා අලුකලේ ගොඩ ගත්ත වෙලාවෙ පිරිත් ටිකක් කියල වලදැම්මනම් මේව මුකුත් වෙන්නේ නෑ කියලත් කියල තිබ්බ. මේ සාස්තර කියන කෙනාට අපි මුල් සිද්ධි මුකුත් කියල නෑ.

    ප:ලි: අම්මා තවමත් ඒ ගෙදර වෙසෙයි. අපි කෙතරම් කිව්වත් තාත්තා සැදූ ගේ දොර සහ තාත්තාගේ සොහොන් පිහිටි ඉඩම විකිණීමට ඇය කැමති නැත.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේක මම ජීවිතේට වැඩියෙන්ම බය වෙච්චි සීන් එක.
    අපේ ගමේ ඉස්සර ගෙදර සල්ලි දීල ගත්ත පරණ වලව්වක්. 1994 දී අලුත් ගේ හදනකම් අපි උන්නෙ ඒකෙ. ඒ ගෙදර එච්චර පලදුන්න ගෙදරක් නොවෙයි. හැමදාම මොනව හරි කරදර තිබ්බ.
    ගෙදර හිටිය ඉස්සර හිටිය අප්පො යන්තර මන්තර ගුරුකම් කල, බලගතු උපතක් ලබපු මනුස්සයෙක්. කොච්චර බලගතුද කියනව නම් බදින මැනිකෙල අවුරුද්දකින් පස්සෙ මැරිල තියෙනව. පලවෙනි මැණිකෙ ලමයි නොලබාම මැරිල තියෙනව. දෙවෙනි මැණිකෙ දුව ලැබුනට පස්සෙ මැරිල. ඒ දුවගෙන් තමා අපේ තාත්තා ගෙදර අරගත්තෙ. අප්පො අලින්ට වෙදකම් කරල තියෙනව. අලිවෙදපොත්, අප්පොගෙ පලවෙනි මගුලෙ මගුල් පොටෝ එක, නැකත් පත්තරේ එහෙම දුව ගෙදරින් යත්දි දාලයි ගිහින් තිබුනෙ. අපේ තාත්තා ඒව එක්කාසු කරල අරන් තිබ්බ ෆයිල් එකක දාල. දැනට ඒ ෆයිල් එක මා ගාවයි තියෙන්නෙ. මේ ගමේ පුරාවුර්තයක් තිබ්බ අප්පො කකුලෙ බලගත් සුරයක් දාල තිබ්බ (කකුල පලල දාලයි කියල කියන්නෙ ) ඒ නිසා ආදාහනේදි කකුල පිච්චුනේ නෑ කියල. අපි ඕවගෙ ඇත්ත නැත්ත දැනන් උන්නෙ නෑ. නමුත් අපි අප්පො ආදාහනෙ කරපු තැන දැනන් හිටිය. එතන වෙන කෙනෙක් වලලන්න යත්දි දර සෑයෙ අගුරු හමු උනා පස්සෙ කාලෙක.
    අප්පො දැව්වම පස්සෙ අළු මුටිටියක දාල වත්තෙ තිබ්බ සියඹලා ගහ යට වැලළුවයි කියලයි කියන්නෙ.

    ඔය කියන සියඹලා ගහ පස්සෙ කාලෙක (1997 විතර ) මැරුණ. මැරුනයින් පස්සෙ ඔය හරියේ තේ හිටවන්න කියල අපේ තාත්ත සියඹලා ගහෙ මුල අයින් කෙරෙව්ව.
    සියඹලා ගහේ මුල් අයින් කරල වල සුද්ද කරද්දි මොනවද හම්බ උනේ? මිනී අලු කලයක්. අප්පොගෙ අළු. කලේ බිදිල තිබ්බට අලුගොඩ එහෙම්ම තිබ. පොඩ්ඩක් තෙමිල අකු හේදිල ඇටකටු වගයක් තිබ්බ. එතන තිබු ඇට වලින් ගොඩක් මිනිස් කකුල අස්ථි. මම ඒ ලෙවෙල් කරන් කාලෙනෙ. ඉතින් ඔව්වා අඩුන ගන්න පුලුවන්.

    අපේ තාත්තා මිනී අළු ටිකට කල දේ මම දන්නෙ නෑ අද වෙනකම්. අම්ම කිව්වෙ නම් ඒ වලටම දාල යට කල කියල.

    ඊට පස්සෙ තමයි පටන් ගත්තෙ සන්තෑසිය. දවසක් මම මිදුලෙ ඉදන් පත්තරයක් කියව කියව ඉද්දි අපේ ලිද පාරෙ (වත්තෙ පිරිසිදු ලිදක් තිබ්බ. ගමේ මිනිස්සු ඒ කාලෙ වත්ර ගන්න එනව ) කවුදෝ උස මහත මනුස්සයෙක් එනව පේනව. මම වැඩිය ගනන් ගත්තෙ නෑ. ටිකකින් පේනව මේ මනුස්සය අතේ වතුර භාජනයක් නෑ. මිනිහ මාව දැක්කම මූණේ හිනවක් වත් නෑ. මට හොදට දැකල පුරුදුයි වගේ. සාමන්යයෙන් වත්ර ගන්න එන මිනිස්සු ඔක්කොම අපිව දන්නව. අඩු ගානෙ වචනයක් වත්නොකිය යන්නෙ නෑ. මට නිකන් සැකයක් ඇති උන. ඉතින් මම තාත්තට කතා කලා. ඒ දවස් වල පොඩි අරියාදුවක් තිබ්බ අපේ තරහ කාරයෙක් ඉඩම උඩින් පාරක් ඉල්ලල. ඒ කවුරු හරි වෙන්නත් පුලුවන් නිසයි තාත්තට කතා කලේ. තාත්ත ඇවිත් පාරට බහිද්දි මිනිහ නෑ. ඒ ඩින්ගට නොපෙනී යන්න බෑ. මීටර් 200ක් විතර පේනව පාර. මම ටිකක් කල්පනා කලා මනුස්සය කවුද කියල. මතක් උනේම නෑ. එදා රෑ නිදා ගන්න ගිහින් රෑ අවදි වෙලා පොඩි පම්ප් එකක් දාන්න මම එලියට බැස්ස. ඒක සාමාන්යයි. ගෙදර බාත් රූම්, කරන්ට් මුකුත් නෑ. චිමිනි ලාම්පුව අතින් අරන් තමයි එලියට යන්නෙ.

    දොර අරිද්දි මෙන්න දොර ඉස්සරහ ඉන්නව මන්ස්සයෙක්! අර දවල් දැක්ක මිනිහමයි. මම බයවෙච්ච පාරට "බුදු අම්මේ" කියල කෑ ගැහුව.ලාම්පුව බිම. කුඩේ කුඩු. ඒ ක්ශනයකින් මතක් උනා ඒ මූණ. මැරිච්ච අප්පො! ගෙදර ෆයිල් එකේ තිබ්බ පින්තූරෙ. ඒ මූණමයි.
    එදා කොච්චර බය උනත් මට කතා කර ගන්න පුළුවන් උනා. අපි එලිවෙනකම් ඇහැරිල. තාත්තගෙ හොද යාලුවෙක් උන්නා ඒ දවස් වල රන්නෙ. ගුරුකම් වලට ගොඩක් ප්රසිද්දයි. ඒ දවස් වල රටේම දන්න නමක්. දැන් ජීවතුන් අතර නෑ. තාත්තා ගියා ඒ අන්කල්ව හම්බ වෙන්න. එදා රෑ 10.00 ට වගේ ඒ අන්කල් ආවා තාත්තට් එක්කම කාර් එකේ. ගෝලයො දෙන්නෙකුත් දාගෙන. (එදා එතුමා ඒ කල ක්රියාව අදපවා මා ඉමහත් අගය කරමි. එතරම් ප්රසිද්ද කෙනෙක් තමන්ගේ මෝටර් රතයෙන් සියලු වැඩ අමතක කර පැමිණීම මට එදා අදහාගත් නොහැකි විය ) අන්කලුයි ගෝලයොයි අපිට නිදියන්න කියල එලිවෙනකම් වත්ත පුරා මැතිරුව. අන්කල් නම් කිව්වේ අප්පොගෙ අළු කලේ ගොඩ ගත්ත එකයි හේතුව කියල. ඉතින් අපේ ගෙදර තොවිලයකුයි, තුන් වේල් පිරිතකුයි සන්විදානය උනා. ඒ මුලු කාලේම තාත්තගේ යාළුව අපිත් එක්ක උන්න.
    ඒ අන්කල් කිව්ව අප්පොගෙ ආත්මෙ එලවන්න එයාට හැකියාවක් නෑ කියල. කරදර කරන එක නවත්වන්න පුලුවන් කියල කිව්ව. ඒ ආත්මේ ඉන්නෙ ගේ ඉස්සරහ තියෙන දැවැන්ත කොස් ගහේ කියලත් කිව්ව. අප්පොගේ ෆොටෝ එක ඒ අන්කල් පිරිත් පැන් ඉහල පිච්චුව. ඉතුරු ටික ගෙදරින් පිට කරන්න කිව්ව. ඒ ටික මම ගන්නකම් තිබ්බෙ පන්සලේ ලොකු හාමුදුරුවො ලග. කොහොම හරි එදායින් පස්සෙ මුකුත් උනේ නෑ. හැබැයි තාත්ත ලෙඩින් වැටුන.

    තාත්තා මැරිල දැන් අවුරුදු 6ක් වෙනව. ඔය කියන කොස් ගහ ලගදි මුල් දිරල කඩන් වැටුන. අපේ අම්ම සාස්තර අහන තැනක් තියෙන රක්වානෙ. මගේ අපලයකට පේනයක් අහන්න ගිය වෙලාවක කියල තිබුන ඒ ආත්මෙ තවමත් වත්තෙ ඉන්නව කියල. අපේ තාත්තා රුක් දෙවියෙක් වෙලා ඉන්නවය, තාත්තට අපිට උදවු කරන්න දෙන්නෙ නැත්තෙ ඒ ආත්මෙ කියල කියල තිබුන. එදා අලුකලේ ගොඩ ගත්ත වෙලාවෙ පිරිත් ටිකක් කියල වලදැම්මනම් මේව මුකුත් වෙන්නේ නෑ කියලත් කියල තිබ්බ. මේ සාස්තර කියන කෙනාට අපි මුල් සිද්ධි මුකුත් කියල නෑ.

    ප:ලි: අම්මා තවමත් ඒ ගෙදර වෙසෙයි. අපි කෙතරම් කිව්වත් තාත්තා සැදූ ගේ දොර සහ තාත්තාගේ සොහොන් පිහිටි ඉඩම විකිණීමට ඇය කැමති නැත.

    උඹේ ගෙවල් කොහෙද බන්?