බුදු දහමේ දෙවියන් අදහන්න කියලා නෑ .දෙවියන් යනු මේ ආත්මයේදී පුළුවන් තරම් පින් කරලා මැරුණට පස්සේ ඉපදීමක් කියලයි කියන්නේ ...සමන් දෙවියෝ , කතරගම දෙවියෝ ...වගේ දෙවිවරු බුද්ධාගමේ සංකල්පයක් නෙවෙයි .අතීතයේ සිට හින්දු භක්තිකයන්ගේ බලපෑම් එක්ක ලංකාව තුල ඇති උන දෙයක් ...මොකද බුදු දහම තුල කිසිම තැනක උගන්වන්නේ නෑ බුදු හාමුදුරුවන්ගෙන් ආරක්ෂාව , සැප සම්පත් ඉල්ලන්න කියලා ...පසුකාලීනව ඒ හිඩැස පිරුණේ මේ හින්දු භක්තික දෙවිවරුන්ගෙන්..
බුදු දහම සහ කතරගම , සමන්දෙවියෝ වගේ දෙවිවරු අතර කිසිම සම්භන්දයක් නෑ ...බුදු දහම කියන්නේ දර්ශනයක්.බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පින් කරලා , කුසල් රැස් කරගෙන කෙලෙස් දුරු කරලා හිත හික්මීමට පත් උනාම අපිට අනිවන් යන්න පුළුවන් කියලා.එක ඉගැන්වීමක් ..ආගමක් නෙවෙයි ...වෙනත් ආගම වල කියන්නේ ඒ ප්රධාන දෙවියා අදහන්න කියල ...එත් බෞද්ධ දර්ශනේ බුදු හාමුදුරුවන්ව අදහන්න කියලා නෑ ...බුදුන් වහන්සේ ගුරුවරයෙක් පමණයි