මුහුදු අහිකුණ්ටකයෝ

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මුහුදු අහිකුණ්ටකයෝ

    පිලිපීනයේ බෝර්නියෝ හා සුලාවෙසි අතර බටහිර පැසිපික් සාගරයේ පිහිටි කොරල් පර සහිත මුහුදු තීරයකි. එම මුහුදු තීරයේ ගොඩබිම සිට කිලෝ මීටර් ගණනක් ඈතින් වු මහ මුහුද මධ්‍යයේ පිහිටි මිනිස් සමාඡයකි. ඔවුහු සිය මුලු ඡිවිත කාලයම ගෙවා දමන්නේ මහ සයුරේය (nomads of the seas).

    කොරල් පර අතර අටවාගත් පුංචි නිවාසවල හෝ කුඩා බෝටිටු සිය නිවාස කර ගත් ඔවුහු බඡු(Bajau) නැමති මිනිස් සමාඡයයි. ඔවුනට පිලිපීනයේ පුරවැසිභාවයක් නොමැත.පිලිපීනයේ පමණක් නොව ලොව කිසිම රටක ඔවුනට පුරවැසිභාවය පිරිනමන්නේද නැත.නමුදු ඔවුහු මිනිස්සුය.එබැවින් මහමුහුද ඔවුනට පුරවැසිභාවය පිරිනමා ඇත.

    12850517_770x433_acf_cropped.jpg
    ගොඩබිම ඡිවත්වන මිනිස් සමාඡයන් ඔවුන් හදුන්වන්නේ මුහුදු බෙල්ලෝ යන අන්වර්ථ නාමයෙනි
    මෙි මිනිසුන්ට ඉතිහාසයක් නැත. කිසිවෙක් අකුරැ කියවීමට හෝ ලිවීමට නොදනී. ඔවුන්ට කොයින්ද මුහුද මැද්දෙ ඉස්කෝල. ඔවුන් අධ්‍යාපනය ලබන්නේ මහ මුහුදෙනි. ඔවුහු නොමැරී ඡිවත්වන්නේ කෙසේදැයි ඔවුන්ට කියා දෙන්නේ මහ මුහුදයි.ඉතින් ඔවුනගේ ආත්මයන් මෙි මහ මුහුදයි.

    sempoerna.jpg

    අවුරැදු 8 දි වැඩිහිටියන් මුහුදු පතුලේ දඩයමි කරන්නේ කෙසේදැයි තම දරැවන්ට උගන්වයි. සාමාන්‍යයෙන් ඔවුනට හුස්ම නොගෙන මිනිත්තු 05 ක් පමණ දියයට සිටීමට හැකිවන සේ මෙම පුහුනුව සිදුකරනු ලබයි. ඒ දිය යටදී මාලුවෙක් දඩයමි කර ගැනීමට හැකි උපරිම කාලයයි. එහෙත් බොහෝවිට ‍මෙම බඡුවරැන්ට විනාඩි 2 ක් තුල එක් මාලුවෙක් දඩයමි කළ හැක.
    ඔවුන්ගෙන් කෙනෙක් මෙි සියලු මාලු එකතුකර ගොඩබිමට ගෙනවිත් ඔවුනට අවශ්‍ය ඉන්ධන, සහ සහල් ගොඩබිමින් ලබා ගනියි. සමහරැ සිය ඡිවිත කාලය තුලම ගොඩබිමකට අඩියක්වත් තබා නැතයි කියවෙි.

    spotlight_scr_260271.jpg

    කෙසේ වුව මෙි පෘතුවියේ ගොඩබිම දැක දැකත් මහ මුහුදේ ඡිවත්වන එකම මිනිස් සමාඡය එයයි. ගොඩබිම දැක දැකත් අතිශය සීමිත අවශ්‍යතාවයන් තෘප්තිමත්වන මිනිස් සමාඡය එයයි. එතකොට සතුට ? ලොව මානවවිද්‍යාඥයෝ පවසන්නේ පෘතුවියේ සතුටින්ම සිටින මිනිස් සමාඡයන් අතරේ බුඡු මිනිස් සමාඡයද සිටිනා බවයි.

    16759895572_4629989b37_b.jpg

    source : gadyanohothkavi blog
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහෙම මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා කියල දන්නේත් අද ..... මිනිස්සුන්ගේ අවශ්‍යතා සීමිත වෙන තරමට සන්තෝසයෙන් ඉන්නවා.:)
    ස්තුතියි. රෙප් ++
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මෙහෙම මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා කියල දන්නේත් අද ..... මිනිස්සුන්ගේ අවශ්‍යතා සීමිත වෙන තරමට සන්තෝසයෙන් ඉන්නවා.:)
    ස්තුතියි. රෙප් ++

    ඔව් බන් එකනම් ඇත්ත, මගේ පලවෙනි ජොබ් එක මන් කලේ 18000 එකාලේ හොදට කාල බිලා යාලුවො ගෙදර අය එක්ක සන්තොසෙන් හිටියා බන්. එත් දැන් පඩිය වැඩි වෙනකොට එකට හරියන්න ඔක්කොම වියදම් ගානට සෙට් වෙල අන්තිම සතිය යනකොට ෆුල් ෆ්ලැට එකවුන්ට් එක... කිසි සතුටකුත් නැ මුල් කාලේ වගේ. ඔහේ දුවන්නන් වාලේ දුවනවා හම්බකරනවා විතරයි.... කොහෙද වැරදුනේ කියලා වත් හිතාගන්න බැ බන්.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sea gypsies miyanmar කියල search කරල බලපං. උන් 2004 ආව සුනාමිය කලිං එනව කියල දැනගත්ත. ගූගල් පාරක් දාල බලන්න :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බන් එකනම් ඇත්ත, මගේ පලවෙනි ජොබ් එක මන් කලේ 18000 එකාලේ හොදට කාල බිලා යාලුවො ගෙදර අය එක්ක සන්තොසෙන් හිටියා බන්. එත් දැන් පඩිය වැඩි වෙනකොට එකට හරියන්න ඔක්කොම වියදම් ගානට සෙට් වෙල අන්තිම සතිය යනකොට ෆුල් ෆ්ලැට එකවුන්ට් එක... කිසි සතුටකුත් නැ මුල් කාලේ වගේ. ඔහේ දුවන්නන් වාලේ දුවනවා හම්බකරනවා විතරයි.... කොහෙද වැරදුනේ කියලා වත් හිතාගන්න බැ බන්.

    ඔව් හැමදේම සංකීර්ණ වෙනවා මිසක්ක, සරල වෙන්නේ නෑනේ බන්. :(:(වෙලාවකට හිතෙනවා, මේ ඔක්කොම අතහැරලා ඈත පළාතකට ගිහින් තනියෙම්ම ජීවත් වෙන්න.:love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    sea gypsies miyanmar කියල search කරල බලපං. උන් 2004 ආව සුනාමිය කලිං එනව කියල දැනගත්ත. ගූගල් පාරක් දාල බලන්න :yes:

    ඔව් නේ, ඒ මිනිස්සු සුනාමියට කලින් මුහුද මැදට ගියා කියල මම අහල තියෙනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් නේ, ඒ මිනිස්සු සුනාමියට කලින් මුහුද මැදට ගියා කියල මම අහල තියෙනවා.

    :yes:
    සංස්කෘතීන් තමන්ගෙ පරිසරේ ජීවත් වෙන්න අසාමාන්‍ය විදිහට දැනුම ලබාගන්නව කියන්න හොඳම උදාහරණෙ ඕක :yes: උන්ටභූමිකම්පා කම්පන හා තරංග ගැන මෙලෝ විද්‍යාත්මක දැනුමක් නෑ ඒත් සුනාමිය පුරෝකථනය කරන්න දැනුම තිබ්බ. දැන් බටහිර කරණය නිසා ඒ දැනුම යට යනව :(
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Okun Boga daanne kohatada ban :rolleyes: Wathura hoda clean ekata thiyenawane anika un un inna thana wathurata boga daala ethanama wathurata panala maaluallanne nathuwa athine
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes:
    සංස්කෘතීන් තමන්ගෙ පරිසරේ ජීවත් වෙන්න අසාමාන්‍ය විදිහට දැනුම ලබාගන්නව කියන්න හොඳම උදාහරණෙ ඕක :yes: උන්ටභූමිකම්පා කම්පන හා තරංග ගැන මෙලෝ විද්‍යාත්මක දැනුමක් නෑ ඒත් සුනාමිය පුරෝකථනය කරන්න දැනුම තිබ්බ. දැන් බටහිර කරණය නිසා ඒ දැනුම යට යනව :(

    ඔය වගේ මිනිස්සු කොට්ටාශයක් එක්ක ජීවත් වෙන්න ආසයි. අවුරුද්දක කාලයකට වගේ උනත් කමක් නෑ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙහෙම මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා කියල දන්නේත් අද ..... මිනිස්සුන්ගේ අවශ්‍යතා සීමිත වෙන තරමට සන්තෝසයෙන් ඉන්නවා.:)
    ස්තුතියි. රෙප් ++

    ඔය වගේ මිනිස්සු කොට්ටාශයක් එක්ක ජීවත් වෙන්න ආසයි. අවුරුද්දක කාලයකට වගේ උනත් කමක් නෑ

    අයි හැමදාටම කැමති නැද්ද. එලියෙම් පේන දේට වඩා ඒ මිනිස්සුත් ආසයි ළමයි එක්ක ගොඩ බිමට යන්න රහත් උන අය නෙමේ ඉන්නේ. ඔය මිනිස්සුන්ට ඇත ඇරපු දුපතක් හරි ජිවත් වෙන්න නොදෙන එක 100% වැරදි වැඩක්

    btw tfs +
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අයි හැමදාටම කැමති නැද්ද. එලියෙම් පේන දේට වඩා ඒ මිනිස්සුත් ආසයි ළමයි එක්ක ගොඩ බිමට යන්න රහත් උන අය නෙමේ ඉන්නේ. ඔය මිනිස්සුන්ට ඇත ඇරපු දුපතක් හරි ජිවත් වෙන්න නොදෙන එක 100% වැරදි වැඩක්

    btw tfs +

    ඔව් එහෙම පැත්තකුත් ඇති. අපි දන්නේ නෑනේ ඒ මිනිස්සු ගැන වැඩි යමක්.එක නිසා අපිට කියන්න බෑ ඒ මිනිස්සු සතුටින්/අසතුටින් ඉන්නේ කියල.
    අවශ්‍යතා සරල වෙන තරමට මිනිස්සු සන්තෝසෙන් ඉන්නේ කියන එක නම් මම අත්දැකීමෙන් දන්නවා.
    මිනිස්සුන්ගේ විවිධ සංස්කෘතීන් ගැන අත්දැකීම් ගන්න මම ආසයි. එකයි කිව්වේ ඒ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ආසයි කියල.