මූදු පතුල යට ඉඳලා........

Dec 21, 2012
411
162
0
හෙළwood
මූදු පතුල යට ඉඳලා........

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා..........//

මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න
කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න
නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද
කියන්නෙ..... හිතල බලන්න...

හරි... දැන් මම තේරුම් කරන්න යන්නෙ

නා‍ට්‍යයය‍ - මූදු පුත්තු
මුහුදු පතුල යට ඉඳලා
(සෝමලතා සුබසිංහ)

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා//

මූදු පතුල යට ඉඳලා..

සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

මූදු පතුල යට ඉඳලා..

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා///


මේ සින්දුවේ ඉතාම වැදගත් කොටස තියෙන්නෙ අවසාන භාගයේ.... මම ඒක මේ විදියට
පැහැදිල කරන්නම්....
මුහුදු රස්සාව කරන මිනිහෙක්ව බැදගෙන එන කාන්තාව මිනිහා මුහුදු ගියාම තනිව
ජීවත් වෙනවා. මේ දෙන්නට ළමයි නෑ. ඉතින් මේ කාන්තාව වද ගෑනියෙක් කියල
සමාජයෙන් නොයෙකුත් නින්දා ගැරහිලි... නමුත් කාන්තාවට ලොකු විශ්වාසයක්
තිබුනා ඇය ගැන.... ඇයට ඕන උන් මේ අහල පහල ගෑනුන්ගෙ කටවල් වහන්න.. ඒ සදහා
ඇය ගත්ත විසදුව තමා තම සැමියගේ බාල සහෝදරය සමග එකතුවීම. කෙසේවෙතත් මේ රහස
කිසිකෙනෙකුත් දන්නෑ.

එහි ප්‍රතිඵලයක් විදියට තමා මේ ළමයව මේ ලෝකෙට එන්නෙ. අස්ම්ප්‍රදායිකව
ආපුනිසාත්, ඒ පැමිණීම නිසා ඇතිවෙන සමාජ වෙනස්වීම හා ළමයා නිසා ඇයට හිමිවන
තැන හා සන්තෝෂනිසා තමා මේ ගීය ගායනා කරන්නෙ.

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා

මුහුදු රස්සාවේ යන බැදපු මනුස්සය හිතන්නෙ මේ මගේ පුතා කියල ඉතින් මුහුදු
ගිහින් එනකොට ඔහු පුතාට වෙරලෙන් කිරිකවඩි අහුලන් ගෙනල්ල මට දෙනව මෙන්න
පුතාට කියල.
ඒත් පුතාගෙ ඇත්ත තාත්ත ඒ කියන්නෙ මාම රහස හංගගෙන හිටියට මිනිහටත් දරු
කැක්කුම තියෙනව මොකද ඇත්තටම ළමය එයාගෙ නිසා. ඉතින් පාට පාට පබළු කඩෙන්
ගෙනත් එයත් දෙනව මට.

දැන් මම මොකද කරන්නෙ .... කියල කල්පනා කරන කාන්තාව මේවගේ තීරණයකට එනව...
මට අයිතිය කවුද නෙමෙයි වැදගත් වෙන්නෙ මාව සමාජයෙන් අවමාන වලින් බේරගත්ත
මේ ළමයව. ඉතින් ඒ ළමයට මේ දෙන්නගෙම ආරක්ෂාව ලැබෙන්න ඕන. ඒක නිසා ඒ
කවඩියි, මේ පබළුයි එකම නූලක අමුනල පුතාව රැකලදෙන්න කියල හිතාගෙන පුතුගෙ
ගෙලේ මම පළදිනව.....
 

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඔකේ තේරුම මම අහල තියෙනව ඒත් දන්නෙ නැති උන්ගේ දැන ගැනීම පිණිස BUmp !
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    oya sahodaraya pahadili karapu arthaya hari..eth mata methanadi kiyanna deyak thiyanawa..
    sampurna geethaye oba pala kala adahasa mama piligannawa menna me kalla harennata...
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
    ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා

    kathru mehe ena siyaluma adahas pala karanne wiyangayen..
    namuth metharam rahasigathawa ena adahasa anthimata me wage eka parata eliyata dai kiyala mama nam hithannena...( mage paudgalika adahasa witharai sahodaraya..eka ehema nowennath puluwan.. he he .mokada sinhala bashawe aratha godak nirupanaya karanna puluwan eka pada walakin..)

    mama hithanne e pada 2n kathru adahas karanna uthsaha karanna aththe " daruwage aththa thaththa nathnam hora piya saha namamathrika piya yana dennama daruwata adrei..e dennagema adarayen daruwata haniyak na hodak misak...daruwage mawa e dedenageme adaraya daruwata widaganna denawa rahasigathawa..

    mehi ena siyaluma adahas wiyangayen kiyawena pada...
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    2n9cmr9.jpg


    iodtsh.jpg
     
    Last edited: