මෙන්න තීන්ත නැතිව සදහටම ලියන්න පුළුවන් ප&#3537

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    මෙන්න තීන්ත නැතිව සදහටම ලියන්න පුළුවන් ප&#3537

    ඔවුන් ලෝකයේ වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සිත්ගන්නාසුලූ මෝටර් රථ සැලසුම් කරන සමාගමක් හැටියටයි. පසුගිය දශක 40ක් පමණ කාලයක් තිස්සේ මහමගදී ඔබ දුටු ලස්සන කාර් බොහොමයක්, නිෂ්පාදක සමාගම හෝ රට කුමක් හෝ වේවා එහි සැලසුම ඔවුන් විසින් කළ එකක්.

    ජර්මනියේ මර්සිඞීස් බෙන්ස්, ඇමරිකාවේ කැඩිලැක්, බි‍්‍රතාන්‍යයේ රොල්ස්රොයිස්, ජීඑම් මෝටර් රථ නිෂ්පාදක සමාගමට ස්පෝට්ස් කාර් සැලසුම් කර මෝටර් සැකිල්ල තනා දුන්නේ බැටිස්ටා ෆරීනා විසින් ආරම්භ කළ පිනින්ෆරීනා ඉතාලි මෝටර් රථ සැලසුම් කරන සමාගම තමයි.

    ‘ෆරීනා මොඞ්ල්’ යන වදන මෝටර් රථ ලෝකයට එක් වූවේ ෆරීනාගේ නම අනුවයි. පරම්පරා ගණනක් තිස්සේ ඔවුන් තාමත් ලෝකයට නව මෝටර් රථ සැලසුම් හඳුන්වා දෙනවා. අද ඒ ආයතනයේ නායකත්වය දරන්නේ බැටිස්ටාගේ මුණුබුරෙකු වූ පාවුලෝ පිනින්ෆරීනායි.

    ඉතාලියේ ෆෙරාරි, ඇල්ෆාරෝමියෝ, ෆියට්, ප‍්‍රංශයේ පෝර්ජෝ, ලැන්සියා, මසෙරාට්, ආසියාවේ ප‍්‍රකට මෝටර් රථ නිෂ්පාදක සමාගම්වලට මෙන් ම චීනයේ ඇවිචයිනා, චෙරි, චෙන්ෆෙන්, බි‍්‍රලියන්ස් හා ජේඒසී වැනි ආයතනවලටත් සැලසුම් සපයන්නේ ඔවුන් තමයි.

    අද ඔවුන් ම තමයි මේ පෙරළිකාර පෑන ලෝකයට හඳුන්වා දෙන්නේ. අපේ අනාගත ලියන මෙවලම ලෙස හැඳින්විය හැකි මේ අපූරු පෑනෙන් ඔබේ මුළු ජීවිත කාලයටම තීන්ත නොදමා ලියන්න පුළුවන්. මෙය පෑනත් පැන්සලත් එක්කළ දෙමුහුන් නිෂ්පාදනයක්.

    කාර් ලෝකයට අපූරු හැඩයේ ස්පෝර්ට්ස් කාර් හඳුන්වා ඔවුන් මේ නව පෑන් මෝස්තරයෙන් ලෝකයේ ලේඛන කලාවේ පෙරළියක් කරනවා නොඅනුමානයි.

    මේ නව නිපැයුම හඳුන්වා ඇත්තේ ‘සදාකාලිකවම ලියවෙන පිනින්පරීනා කැම්බියානෝ’ යන අරුත් ඇති ‘ෆෝ එවර් පිනින්ෆිරානා කැම්බියානෝ’ (4.EVER Pininfarina Cambiano) යන නමින්. මෙහි ලියවෙන කොටස තනා ඇත්තේ විශේෂ මිශ‍්‍ර ලෝහයකින්. ඒ ලෝහය හඳුන්වා ඇත්තේ ‘එදර්ග‍්‍රාෆ්’ (Ethergraf) කියලයි.

    4.JPG

    ‘සදාකාලිකවම ලියවෙන පිනින්පරීනා කැම්බියානෝ’ නම් තීන්ත නොදමා සදාකල් ලිවිය හැකි පෑන. මෙහි තීන්ත වෙනුවට ලියන තුඩ තනා ඇත්තේ ‘එදර්ග‍්‍රාෆ්’ නමින් හැඳින්වෙන විශේෂ මිශ‍්‍ර ලෝහයකින්.

    1930 දී ඉතාලියේ කැමිබියානෝහි ආරම්භ කළ මෙම මෝටර් රථ සැලසුම් සමාගම මුලින් ම කළේ බස් තැනීමයි. අසූවේ දශකයේ සිට ඔවුන් දුම්රිය එංජින් හා මැදිරිත්, බස් හා මුහුදු යාත‍්‍රා ආදියත් සැලසුම් කර තැනුවා. කර්මාන්තශාලා සැලසුම් කිරීමත් ගෘහස්ථ අලංකරණය ආදියත් කළා. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කටයුතුත් ඉටු කළා.

    මේ නව පෑනේ තලය වෙනුවට තියෙන්නේ මිශ‍්‍ර ලෝහයෙන් තැනූ තලයක්. ඒ ලෝහය පැන්සලේ ඇති මිනිරන් බඳු එකක්. එයින් පහසුවෙන් ම ලියැවෙනවා. මේ ලෝහය ඔවුන් වෙනුවෙන් නිර්මාණය කර තියෙන්නේ නැප්කින් (Napkin) නම් නව නිපැයුම් සමාගමක් විසින්. සැලසුම් කළ පිනින්ෆරීනා සමගම කැම්බියානෝ සමාගමත් එක්ක එකතු වෙලයි, මේක වෙළඳපොළට ගේන්නෙ.

    5.JPG
    ඉතාලි මෝටර් රථ සැලසුම්කාර සමාගම කැම්බියානෝ කාර් සමාගමට ලබා දුන් අලූත්ම මෝටර් රථ සැලසුම. කැම්බියානෝ සමාගම තමයි, මේ පෑන ලෝකයට හඳුන්වා දීමට හවුල් වන්නේ.

    මෙම පෑන දැනට ඉතාලියේ ශිල්පීන් විසින් අතින් තනනු ලබන්නක්. පැන්සලකින් පෑනකින් ලියනවා වාගේ වෙනසක් නැතිව ලියන්න පුළුවන්. පෑනේ බඳ තනනු ලබන්නේ ඇලූමීනියම් හා දැව යන දෙකම එකට එකතු කරලයි. කැම්බියානු මෝටර් රථ සමාගමට සැලසුම් කළ අලූත් රථයේ ආකාරයටයි, මේ පෑනත් සැලසුම් කර ඇත්තේ.



    2012 ස්විට්සර්ලන්තයේ ජිනීවාහී පැවති මෝටර් රථ දැක්මට ප‍්‍රථම වරට ඉදිරිපත් කර තිබූ නවීනතම කැම්බියානෝ රථය.

    8.jpg
    බොහොමයක් ෆෙරාරි රථවල සැලසුම් මේ ඉතාලි මෝටර් රථ සැලසුම් සමාගම නිර්මාණය කළ ඒවායි. මෙහි ඇති ෆෙරාරි 599 ජීටීබී සැලසුම, මේ රතුපැහැයෙන් යුත් ෆෙරාරි ස්පෝට්ස් මොඩලය, ඔවුන් විසින් කළ එකක්.

    මේ නව පෑන කීයකට මිල කරන්නේදැයි තාමත් ඔවුන් විසින් ප‍්‍රකාශයට පත් කර නැහැ. එය ළඟදීම ඔවුන්ගේ වෙබ් අඩවියෙන් (Pininfarina's website) කියාවි.

    මේ පෑනෙන් ලිවීමට වඩාත් සුදුසු සටහන් පොතක් පවා එළි දක්වන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. එහි කඩදාසි ගලෙන් තැනූ ඒවායි. ඒ කඩදාසි තනා ඇත්තේ ගල්කුඩුවලින්. ඒවා සම්ප‍්‍රදායික කඩදාසිවලට වඩා ශක්තිමත්.