මෙන්න මෙහෙමයි මං driving license එක renew කලේ

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    පට්ට. මෙඩිකල් එකේ වැඩේ වේරහැරම උදේ 8ට විතර දාගන්න මම බැලුවෙ. 9.30ට මම දැනටමත් ඇපොයින්ට්මන්ට් එකක් දාගත්ත renewal එකට. එතකොට වැඩ 2කම 10 වෙද්දි ඉවරයි උබ කියපු වෙලාවල් අනූව නම් 😘😘 රෙස්පෙක්ට් ස
     
    • Like
    Reactions: sami_boy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    ඔච්චර නටන්න ඕනද වේරහැර ගිහින්. වෙලාවට කච්චේරියෙන් වැඩේ කරගත්තේ. පැයයි සේරටම ගියේ. ගෙදරටම කාඩ් එක එනවා සති දෙකෙන්. පර්නා ලයිසන් එක උන් ගන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Ashan052 and johnyh

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඔච්චර නටන්න ඕනද වේරහැර ගිහින්. වෙලාවට කච්චේරියෙන් වැඩේ කරගත්තේ. පැයයි සේරටම ගියේ. ගෙදරටම කාඩ් එක එනවා සති දෙකෙන්. පර්නා ලයිසන් එක උන් ගන්නෙත් නෑ.

    Kachcheriyen karannath puluwanda?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    Kachcheriyen karannath puluwanda?
    නැතුව බන්, වේරහැර ගාටන්න ඕන නෑ. ගිය ගමන් ඇතුලට ගන්නවා. සෙනග නම් හිටියේ නෑ මම ගිය වෙලාවේ. 11ට ගියේ උදේ. 12 වෙද්දී වැඩේ ඉවරයි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔච්චර නටන්න ඕනද වේරහැර ගිහින්. වෙලාවට කච්චේරියෙන් වැඩේ කරගත්තේ. පැයයි සේරටම ගියේ. ගෙදරටම කාඩ් එක එනවා සති දෙකෙන්. පර්නා ලයිසන් එක උන් ගන්නෙත් නෑ.

    Koheda Kachcheriya
    Colombo nadda
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    නැතුව බන්, වේරහැර ගාටන්න ඕන නෑ. ගිය ගමන් ඇතුලට ගන්නවා. සෙනග නම් හිටියේ නෑ මම ගිය වෙලාවේ. 11ට ගියේ උදේ. 12 වෙද්දී වැඩේ ඉවරයි.

    Elane ban ehenan... Yanna ona ban aluth karaganna.....
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    සාමාන්‍යයෙන් expire වෙන්න මාස කීපයකට ඉස්සෙල්ලා වගේ අලුත් කරගන්න පුලුවන්ද? නැත්තම් expire වෙන්න කිට්ටු දවසක් වෙනකන්ම ඉන්න ඕනද බන්?
     
    • Like
    Reactions: UKKU PUTHA

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    මං කිව්වට මේ මගේ යාලුවෙක් දාපු post එකක් ;)

    1. මෙඩිකල් ටෙස්ට් එකට දිනයක් වෙලාවක් වෙන්කරගත්ත. NTMI website එකෙන් නැත්තන් E channeling website එකෙන් booking එකක් දාගන්න පුළුවන්. මං ගියේ නුගේගොඩට. Rs. 800යි ගාන. ටෙස්ට් කරන දවසට ආයේ සල්ලි ගෙවන්න ඕන නෑ. https://ntmi.lk/oas/ හෝ https://www.echannelling.com/.../--DRIVING-LICENCE...

    2. මට තිබුනේ 10.30 ට appointment එක. 10 වෙද්දී එතෙන්ට ගියා. ගිය ගමන් ඇතුලට ගත්තා. මතක ඇතුව පෑනක් අරන් යන්න. ගේට්ටුවෙන් ඇතුල් වෙලා 10m විතර යද්දී දකුණට දොරක් තියනවා. එකෙන් ඇතුල් වෙන්න. එතන තියන පලවෙනි කවුන්ටර් එකෙන් (Reception) appointment එකේ විස්තර හරිද කියල චෙක් කරලා උසයි බරයි බලල ටෝකන් එකක් දෙනවා.

    3. ඊළඟට registration. කවුන්ටර්ස් තුනක් විතර තියනවා. එතෙන්ට ගිහින් ටෝකන් එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, NIC එකයි දෙන්න තියෙන්නේ. එතනදී phone number එක එහෙම submit කරන්න ඕනේ. Photo එකකුත් ගන්නවා එතන තියන Webcam එකකින්.

    4. ඊට පස්සේ blood test එක. ඒ තට්ටුවෙමයි lab එක තියෙන්නේ. කවුන්ටර්ස් 6ක් විතර තියනවා. එතනට ගිහින් ටෝකන් එකයි, ලයිසන් එකයි, NIC එකයි දෙන්න තියෙන්නේ. ඇගිල්ලට පොඩි කට්ටකින් විදිනවා විතරයි. Blood sample එක ආරගත්තට පස්සේ එතන වැඩේ ඉවරයි.

    5. ඊට පස්සේ උඩ තට්ටුවට යන්න ඕනේ physical examination එකට. උඩ තටුවට ගිහින් ඉඳගෙන ඉන්න තියෙන්නේ. අපේ ටෝකන් අංකෙ කතා කරනවා ටික වෙලාවකින්. Display නම් දාල තිබ්බේ නැහැ. හයියෙන් කෑගහනවා අංකෙ කියල
    😉


    6. අංකෙ කතා කලට පස්සේ එක සැරේ 5ස් දෙනෙක් විතර doctor ගාවට එක්කන් යනවා. ගිහිල්ල ගැප් තියල හිටෝනවා. ඊට පස්සේ අතපය joints වැඩකරනවද, ඇස් පේනවද, කන් ඇහෙනවද කියල චෙක් කරනවා. මේ වෙනකොට අපේ printed medical certificate එක doctor ගාවට ඇවිල්ලා තියෙන්නේ. එකේ තියන නම ගම NIC number විස්තර හරිද කියල double check කරලා, medical certificate එක උඩ අපි sign කරලා එලියට එනවා.

    7. ඊළඟට ටිකක් වෙලා ඉඳගෙන ඉන්න තියෙන්නේ. ආයේ අපේ අංකෙ කියල කෑගහනවා. Medical certificate එක අපේ අතට දෙනවා. එතනින් වැඩේ ඉවරයි. මට මේ ටිකට පැයයි ගියේ.

    8. ඊළඟට 0112677877 ට කෝල් එකක් දෙන්න වේරහැර දිනයක් වෙලාවක් වෙන්කරගන්න. සේවා නියෝජිතයෙක්ට කතා කරනවා වගේ මදක් රැදී සිටින්න කියන්නේ නෑ. Fully automated. අංක ඔබ ඔබ instructions follow කරන්න තියෙන්නේ. ලඟම තියන දිනයයි වෙලාවයි හම්බවෙනවා. එදාට බැරිනම් වෙන දවසක් දාගන්නත් option එකක් දෙනවා (confirm කරන්න අංක 1 ඔබන්න, වෙනත් දිනයක් ලබාගැනීමට අංක 2 ඔබන්න වගේ). මේ booking එක දාගන්න වැඩිම උනොත් විනාඩියක් යයි. මට ලැබුනේ සති දෙකකට පස්සේ දවසක් (04.01.2021 9.08 AM). SMS එකක් එනවා booking එකේ විස්තර ඔක්කොම දාල. මෙතන හොඳ වීඩියෝ එකක් තියනවා full process එකම https://www.youtube.com/watch?v=aVQ6V9YU4J0&t

    9. ඉතින් අද ගියා වේරහැර. NIC එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, medical certificate එකයි විතරයි අරන් ගියේ. ෆොටෝකොපි මුකුත් ඕන නෑ. උදේ 9 යි හරියටම වෙලාව. Main gate එකේදී SMS එක පෙන්නලා booking number එකයි NIC number එකයි කිවුවා. එයාල අද දවසෙ booking list එක චෙක් කරලා මගේ booking එක verify කරලා ඇතුලට යන්න දුන්න. මේ විධියට තව checkpoints 2 කින් විතර appointment එක චෙක් කලා main gate එකේ ඉදන් ඇතුලට යන අතර මගදිත්.

    10. කෙලිම්ම ගියා H hall එකට. H hall එකට ඇතුල් උන ගමන් වම් පැත්තේ තියන කවුන්ටර් එකේ හිටපු receptionist, ආයෙමත් appointment එක verify කරලා මට ටෝකන් එකක් දුන්න. ඊට පස්සේ විනාඩි 2ක් 3ක් ඉඳගෙන ඉන්න වුනා. ඊට පස්සේ security එකෙන් අපිව ඇතුලට ගත්තා. අංකෙ කතා කලේ නැහැ. හිටපු 10 දෙනාවම වගේ ඇතුලට ගත්ත.

    11. ඊට පස්සේ documents checking. කවුන්ටරස් 1-18 ඕන එකකින් ගිහින් ඉදගන්න කිවුවා. මුල් ටිකේ කට්ටියට හිටපු හින්ද මං අග හරියේ එකකින් ගිහින් වාඩිඋනා. NIC එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, medical certificate එකයි බාරදුන්න. මහපට ඇගිලි දෙකේ fingerprints scan කලා. Photo එකක් ගත්තා. Digital display එකක් උඩ sign කළා. එතන වැඩේ ඉවරයි. මගේ documents 3ම ආපහු දුන්නා. අලුතෙන් printout එකකුක් දුන්නා (MTA30 Application for Driving License). එකේ sign කරන්න කිවුවා.

    12. ඊට පස්සේ කවුන්ටර්ස් 19+ එකකට යන්න කිවුවා. එතනින් මගේ documents 3යි අර අලුතින් දුන්නු MTA30 printout එකයි ආපහු ඉල්ලගත්තා. ඒ ටික check කරලා ආපහු දුන්නා. එත් එක්කම මට Temporary Driving License එකේ A4 printout එකකුත් දුන්න (DMT33). ඒක valid මාස 4 කට.

    13. ඊට පස්සේ කවුන්ටර් 30+ එකකට යන්න කිව්වා සල්ලි ගෙවන්න. Counter 30 එකේ cashier ට NIC, පරණ driving license, medical certificate, MTA 30 printout සහ temporary driving license printout කියන document 5 ම submit කළා. එතනින් ඒ ටික චෙක් කරලා ගෙවන්න කිවුවා Rs.1700 ක්. ඒක ගෙවුවාම රිසිට් එකක් හම්බ වුනා. අර ඔක්කොම documents ටිකත් ආපහු දුන්න. පරණ ඩ්‍රයිවින් ලයිසන් එක එයාල තියාගත්තේ නෑ. Temporary driving license එකේ යටම sign කරලා use කරන්න කිවුවා.

    14. වැඩේ ඉවරයි. වේරහැර මේ ඔක්කොටම ගියේ විනාඩි 22යි.
    😊

    ස්තූතියිි . මචන් දැන් driving licence oneday renew කරන්න බැරිද?