මෙන්න මෙහේ එන්න( weren yakooo)

asanka sadaru

Member
Nov 24, 2013
111
22
0
top of your head
මෙන්න මෙහේ එන්න( weren yakooo)

මීට කලින් fb එකේ දැක්කා කවුරු හරි හෝම්ස් ලංකාවට ඇවිත් සිද්ධියක් ගැන පෝස්ට් එකක් දාලා තියෙනවා, ඒ වගේ එකක් ලීවා ජොලියට වගේ...
*මෙම කතාව හෝම්ස් පල කිරීමට අවසරය දුන් එකක් නොවේ.
මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස් මහතා යෙදුනු ඉතාම සුවිශේෂ පරීක්ෂණයකට සහභාගිවීමට, එක් අගෝස්තු මාසයක මට අවස්තාව සැලසිණි, ඒ මා මේරි මෝස්ටන්මෙනෙවිය සමඟ විවාහ වූ අලුත එක් දිනයකි.සති කිහිපයකින් මගේ මිත්‍රයා දකින්නට නොලැබුන නිසා, ඔහු හමුවීමට මරදානේ බේකර් විදියට යාමට තීරණය කලෙමි.
“මට හිතන්න කාරණා තියෙනවා....”
මා කතාව ඇරඹුවා පමණි....
“මම එහෙම හිතනවා”
කියමින් ෂර්ලොක් හෝම්ස් මගේ කතාවට භාධා කළේය. මේ අවහිරයෙන් මම මඳක් කෝපයට පත්වීමි.
“මේ ඇත්තමයි හෝම්ස්.. වෙලාවකට ඔබේ මේ පිළිවෙල නිසා මට තරහත් යනවා”
එහෙත් මා කියූ කිසි දෙයක් ඔහුට ඇසුණු බවක් නොපෙනිණ, විදුලි පණිවුඩයක් අතට ගත් ඔහු එය දෙස බලා සිටියේ ලොවම අමතකවුවාක්මෙනි. මේසය උඩ සුදානම් කොට තිබු උදේ ආහාරයට ඔහු අත තබාවත් නැත. විදුලි පණිවුඩය හිරු එලියට අල්ලාගත් ඔහු එය හොඳින් පරික්ෂා කළේය.
“මේකනම් ලියල තියෙන්නේ පොලොක්, ඔහුගේ අත් අකුරු හොදින් මම අදුනනන්වා වොට්සන් මහත්මයා”

“වොට්සන් තවත් ප්‍රමාද වීමට කාලය අපහට නැහැ, දැන්ම අපි ආමර් විදියට යා යුතුයි”
මා මිතුරු හෝම්ස් මෙලෙස කලබල වී ඇත්තේ 1885 වර්ෂයේ අබෙනෙට් පවුලේ අබිරහසේදී සහ මහාචාර්ය මොරියාට් සමඟ ඇතිවූ ආරවුලේ ආරම්භයේදීය.
හඩ්සන් මහත්මිය බලාසිටියදීම අප දෙදෙනා කුලී රියට නැගුනේ තවත් අපරාධයක සුලමුල සෙවීමට අප දෙදෙනා පිටත්ව යනවග හැසිරීමෙන් දැන්වීමෙනි
. “මිත්‍රයා ඔබ මා හා ගතකල කාලය සමඟ හා අප මෙතෙක් කල පරීක්ෂණ නිගමන අනුව, දැන් වෙලාව 12.30යි,
අප ආමර් විදියට ලඟා වනවිට වෙලාව කීය පමණ වෙයිද? නිගමනය කරන්න වොට්සන්”
මරදානේ සිට ආමර් විදියට යාමට කුලී රථයේ මිනිත්තු දහයක් වත් නොයන නිසා මට මඳ සිනහවක් නැඟිනි, නමුත් මා පැවසුයේ වාහන තදබදයත් උපරිමය යැයි සිතා
“12.45 විතර වේවි හෝම්ස්, මොකද දැන් මොන්ටිසෝරි ඇරෙන ටයිම් එකන්නේ”
මීළඟට ඔහු දුම් පයිප්පය දල්වාගෙන සිනහ සෙමින් දෙනෙත අඩවන් කළේය. මඳ නිහඬතාවක් අපදෙදෙනා අතර පැවතිණි.
“මගේ මිත්‍රයා අපිට 2.30 පමණවත් වෙනවා ආමර් විදියට ළඟාවෙද්දී”
මා පුදුම වුයේ ඔහුගේ එම කතාවෙනි,
“මම සිනහසෙමින් ඇසුවේ මා මිත්‍ර රහස් පරීක්ෂක තුමනි, මෙතෙක් ඔබ කියූ සියලුම දේවල් ගැන සුළුවෙන් හෝ තැකීමක් කළා, නමුත් මම මේ කතාවටනම් එකඟ නැහැ”
මුවින් දුම් ගුලියක් පිටකළ ඔහු
“දොස්තර මහතාණෙනි දැන ගැනීමට කැමතිනම මම කියන්නම් ඒ ඇයි කියලා”
මා ඔහුගෙන් ඉල්ලීම කිරීමට පෙරම ඔහු එසේ පැවසීම මගේ සන්තෝෂයට හේතුවිය.
“දැනගැනීමට ඉතාමටත් කැමැත්තෙන් පසුවෙනවා රහස් පරීක්ෂක තුමනි “
මා විගසින් පැවසුවෙමි.
“දැන් බලන්න වොට්සන් අපි මේ නැගපු වීල් එක, මේකේ ආදායම් බලපත්රේ ගිය මාසේ 10 වෙනිදායින් ඉවරයි, පොලිසියෙන් දැක්කොත් නියත වශයෙන්ම ලියනවා, එහෙම ලිවේ නැතත් මු යන වේගෙටයි, මේකේ එල්ලී එල්ලී තියෙන කෑලි වලටයි නියත වශයෙන්ම නවත්තනවා”
මම ඔහුගේ කතාවට භාදා කලෙමී,
“නමුත් අද හයිඩ් පිටියේ උද්ගෝෂණයක් තියෙන හින්දා ලංකාවේම පොලිසිය එතන”
“හරි වොට්සන් අපි හිතමු පොලිසිය නෑ කියලා මේකාට තියෙන විසේට, මු යන යෑමට තව ටිකකින් හප්ප....’’
ගතවුයේ නිමේෂයකි ඉදිරියේ තිබු ලයිට් කණුවක වේගයෙන් ගොස් අප කුලී රිය ගැටුණි.
අසරණ හෝම්ස්ගේ නළලින් ලේ ගලමින් ඔහු කුඩුපට්ටම් වී තිබු කුලී රියෙන් එලියට ආවේ ත්‍රිවිල් කාරයාගේ මෑණියන් මතක් කරමිනි.
මා පුදුම වුයේ අප කුලී රිය හැප්පීම පිළිබඳව නොව මගේ මිතුරාගේ නිගමනයන්ගේ සත්‍යය පිලිබඳවය, බෙහෙත් ශාලාවෙන් එලියට එනවිට ඔහු කියූ වෙලාවට වඩා මිනිත්තු පහක් කලින්ය.
කෙසේ හෝ 2.30 වනවිට තුවාල වලට බෙහෙත් දාගත් අප දෙදෙනා එම ස්ථානයට ලංගාවිමු. ආමර් විදියේ කාර්ය බහුල අවස්තාවක් නොවුවත් එම ස්ථානයේ සෙනග පීරී සිටියේය. එවිට තරුණයෙක් පහර කා බීම වැටී සිටිනු දුටිමි, ඔහුට තදබල ලෙස පහර දී තිබු අතර කතාකරගනිමටවත් නොහැකිව
“ඔය තරුණයා ධනවත් පවුලකින් ආපු තරුණයෙක් වොට්සන්, නමුත් පිටිසර ගමක ඉඳලා තමයි අද කොළඹ ඇවිත් තියෙන්නේ, බික් රේසරයකින් උදේ රැවුල කපලා තියෙන්නේ, ක්‍රෙස් කැට් එකෙන් හරි හවුස් ඔෆ් ෆැෂන් එකෙන් හරි තමයි ඔය ෂර්ට් එක අරන් තිනෙන්නේ, උදේ පර්යිවට් බස් එකකින් ඇවිත් තියෙන්නේ, ජලසම්පාදනේ තමයි මොහු වැඩ කරන්නේ”
යැයි එතන සිටි පිරිස පුදුමයට පත්කරවමින් හෝම්ස් කියාගෙන කියාගෙන ගියේය. ඉන්පසු හෝම්ස්ගේ අත්කාචය අතටගේත් දුම් පයිප්පය දල්වාගෙන එම ස්ථානය ඉතාමක් සුක්ෂම ලෙස පිරික්සීමට පටන්ගත්තා පමණි,
“කට් කට්”
කියමින් රැවුල වවාගත් පුද්ගලයෙකු අප දෙසට දුවවිත් නැවතත් හෝම්ස්ගේ පැරණි තුවලවලටත් වදින පරිදි පහර පිට පහර දෙන්නට පටන් ගැනිණි.
“මොනවද චමින්ද කරන්නේ? දැන් මේ ෂොට් එක ගන්න තුවෙනි පාර නියමෙටම ආව, කෑවනේ ඒකත්”
එවිට අපට වැටහුනේ මෙය ටෙලිනාට්‍යයක රුගත කිරීමක් බවත් හෝම්ස්ට ලැබුණු එම විදුලි පුවත බොරුවක් බවත්ය.

විගසින් මගේ හිතුවක්කාර මිත්‍රයා ත්‍රීවිල් එකකකට නග්ගවා ගත්තෙමි, මොහු සිතන්නේ තාමත් අප ඉන්නේ ලන්ඩනයේ කියාය. ත්‍රීරෝද රථය වේගයෙන් ඇදේ,
“මේවට බෙහෙත් දාගන්න තැනක් බලන්න මල්ලි” කියා ත්‍රීවිල් සොහොයුරාට කියූ ඔහු,
නැවතත් ත්‍රීවිල් මල්ලිගේ කොන්දට ඇඟිල්ලෙන් ඇන ,
“මේකේ මීටර් ටැක්සි කියලා ගහලා තිබුනට මීටරේ ඔන් කරලා නෑනේ?”
යැයි ත්‍රීවිල් රියදුරාගෙන් ඇසු හෝම්ස්ට ලැබුනේ අපූරු පිළිතුරකි,
“අන්කල් මේ... ගුටි කාලා කෑගහන්නත් එනවද? මේක වන් වේ හින්දා මීටරේ ඔන් කරන්න බෑ, කැමතිනම් යන්”
හෝම්ස් ආයාසයෙන් තවත් යමක් කීමට තැතනුවේය, මම අතින් ඔහුගේ කට වැසුවෙමි, නැත්නම් අද දිනයට තෙවන ගුටිකෑම සිදුවීමට තිබුණි.කටට අත තබුවිට අසරණ මිතුරාගේ දත් දෙකකුත් කැඩී ඇති බව එවිට මට දැනුනි, මොහු කිසිම දිනක ලන්ඩනයේ හෝටලයකින් වත් මෙලෙස කා නැත.
“හෝම්ස් ඔබ කොහොමද අර තරුණයා ගැන හරියටම විස්තර කිවේ?”
යැයි මම ගුටි කා ඇදවී සිටි මගේ මිත්‍රයාගෙන් ඇසුවෙමි, මහත් ආයාසයෙන් හෝම්ස් හඬ අවදි කළේය,
“මිත්‍රයා,
ඔබ එතන නිකම් අල කාලා වගේ සිටියාට මම හැම දෙයක්ම හැම තත්පරයකම නිරීක්ෂණය කරනවා, සමහරවිට ඔබ නොදකින්න ඇති ඔහුගේ කලිසම් සාක්කුවේ තිබුනේ සැම්සුන් S 5 එකක හෙඩ් සෙට් එකක්, එම නිසයි මම ධනවත් තරුණයෙක් කියා කීවේ”
අමාරුවෙන් නමුත් සිනාසුනු මම,
“ඒක චයිනීස් එකක් වෙන්න බැරිද?”
“නැහැ වොට්සන් ඒ හෙඩ්සෙට් එන්නේ ඔර්ජිනල් එස් 5 වලට විතරයි ”
“හරි ඉතිරි නිගමන?”
“පිටිසර ගමකින් ආවා කියලා කිවේ වොට්සන්, ඔහුගේ කලිසමේ තුත්තිරි ඇට තුන හතරක් තිබුනා, මා රැවුල කැපුවේ බික් රේසරයකින් කියා කිවේ ජිලට් රේසර් වල තල දෙක එන්නේ, තනි තලේ දැන් කැලේ හින්දා, බික් රේසර් විතරයි තනි තලේ එන්නේ, ඔහුගේ මුහුණ එක තලයකට කැපිලා තිබුනා, ෂර්ට් එක ගැන කිවේ මම හවුස් ඔෆ් ෆැෂන් එකෙයි ක්‍රෙස් කැට් එකෙයි විතරයි ෂර්ට් ඔය විදිහට නමල විකුනන්න තියෙන්නේ, විස්වාස කරන්න වොට්සන් ලංකාවේ කිසිම රෙදි කඩයක ඒ විදිහට නමන්නේ නෑ ෂර්ට්.
“එතකොට ප්‍රයිවට් බස් එකක ආව කියලා නිගමනය කලේ කොහොමද මිත්‍රයා?”
“ඔබ නොදුටුවාද ඔහු ඇඳන් සිටි කමිසය හොඳටම පොඩිවෙලා තිබුණා, කවුරු හරි අතින් ඇදලා තියෙනවා, තල්ලු කරලා තියෙනවා, කකුල පාගලා තියෙනවා”
කියමින් ත්‍රීවිල් රථයේ රෙක්සින් එක මෑත් කර ගමන් කල ප්‍රයිවට් බස් එක දෙස බැලුවේය, මින් පෙර දිනක හෝම්ස් ප්‍රයිවට් බස් එකකින් මගේ නිවසට පැමිණ කියූ දේවල් මතක්වුනි.
“එතකොට කොහොමද ජලසම්පාදනේ වැඩකලා කියන්නේ?”
“බලන්න වොට්සන් ඔබ ගොනෙක් වගේ අහන හැටි”
විගසින් ත්‍රීවිල් රියදුරා වෙට්ටුවක් දැම්මේය, මගේ සර්වාංගයම හිරිවැටුණි,
“කමක් නෑ මල්ලි හයියෙන් යමු, ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මිනිහට කණාමැදිරි එළියත් කජ්ජක්ද කිවලු”
හෝම්ස් පැවසුවේය.
නැවතත් හඬ අවදිකළ වොට්සන්,
“ජලසම්පාදනේ වැඩකලා කිවේ මනුස්සයෝ, කොල්ලගේ සෙරෙප්පු දෙකේම මැදින් විතරක් ගෙවිලා තිබුනා, ඒ කියන්නේ නිතරම මොහු සිලින්ඩරාකාර දෙයක් මත ඇවිදලා තියෙනවා,ඒ මොනවද මතද එතකොට ඇවිදලා තියෙන්නේ?”
මඳක් කල්පනා කල මම,
“වතුර බට”
“හරියට හරි වොට්සන් ඔබටත් දැන් පුත්තලම් බුරුවො හත් අට දෙනෙක්ගේ මොලේ තියෙනවා, ඉතින් වොට්සන් ඔහු නිතරම වතුර බටවල ඇවිදලා තියෙනවා ඒකෙන් කියන්න පුළුවන් ඔහු ජලසම්පාදනේ තමයි වැඩ කියලා”
“අන්කල් මෙතනින් බේත් දාගන්න”

ත්‍රීවිල් මල්ලි පැවසුවේය.
අපි බෙහෙත් ශාලාව වෙත ගියෙමු.

කෙසේ හෝ අපි නැවතත් මරදානේ බේකර් වීදියේ හඩ්සන් මහත්මියගේ නවාතැනට සැපත්විමු.
හඩ්සන් මහත්මියගේ වෙනිවැල්ගැට කෝප්පය රසවිඳින අතර මා හොම්ස්ගෙන් ඇසුවේ,
“හෝම්ස් ඔබ අප ගුටි කෑමට පෙර ඔබගේ දක්ෂ සටන් කලාව භාවිතා නොකළේ මන්ද කියා මට පැනයක් නැඟෙනවා?”
බෙල්ලට දමා තිබු කොලරය මඳක් බුරුල් කර, රත් පහ වූ දෙනෙතින් මා දෙස බැලු හෝම්ස්,
“මගුලක් කතා කරන්න එපා වොට්සන් මගේ බෙල්ල උලුක් වෙලා හොඳටම”
යැයි සිධ්ධාලේප කුප්පියට අත යවන ගමන් පැවසුවේය. ඉන්පසු එයින් බිඳක් ගෙන බෙල්ලේ අතුල්ලාගත් ඔහු ජනේලයෙන් ධවලගිරි හෝටලය දෙස බලාසිටියේය.
ඇත්තෙන්ම හා හා පුරා කියා දිගු කලකට පසු ඇතිවූ මෙම සිද්ධිය නිසා හෝම්ස් සිටියේ මහත් කලකිරීමෙනි, ඒවා අතරට තුවාල, තැලීම් වල වේදනාවත් ඇති බවක් පෙනුණි.


“තෝසේ පාරක් දාන්න තියෙනවානම් හොඳයි වොට්සන්”
කියමින් දෑස් පියාගත්තේය.................



10568788_746247698766479_8322953161620611249_n.jpg


mage yaluwek liuwe elada kiyala kiyapan uta tawa me wage wada karana ....THARU....:cool::cool::cool::cool::cool:
 
  • Like
Reactions: s@dun193

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    “තෝසේ පාරක් දාන්න තියෙනවානම් හොඳයි වොට්සන්”
    කියමින් දෑස් පියාගත්තේය................. :lol::lol::lol:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy

    “මේකනම් ලියල තියෙන්නේ පොලොක්, ඔහුගේ අත් අකුරු හොදින් මම අදුනනන්වා වොට්සන් මහත්මයා”

    “වොට්සන් තවත් ප්‍රමාද වීමට කාලය අපහට නැහැ, දැන්ම අපි ආමර් විදියට යා යුතුයි”

    කතාව පට්ට බන්... මේකටත් ලංකාවෙ පාරක් දාපන්:D:D:D

    මෙන්න උඔ කියපු කතාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1597604