මෙන්න_බාස්ලා හදපු ගෙවල්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    thanks a lot for sharing bro.....
    මේ විදිහට වීදුරු දොර ජනෙල් දැම්මම හොරු එන්න තියන රිස්ක් එක වැඩි නැද්ද මචන්?

    ඇත්තටම මටත් තියෙන ලොකුම බය ඕක තමයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක


    ඔව් යකෝ.. මේ එකක් විතරයි..:(
    වැඩේ කරන්න කලින් සල්ලි දීලා තව සැරයක් එකෙක් පොල්ලක් තිබ්බා 10000කට.. ඒකටනම් බාස්ව සෙට් කරපු එකා බාස්ට ගහන්නත් ගිහින් අපිම ෂේප් කළා..:no:

    බුවාට වැඩි වයසක් නෑ.. අනේ අපිත් ඉතින් හොඳට සැලකුවා.. දවල් ගිනි අව්වේ වැඩ කරද්දී අපේ අම්මා ගෙදරම බීම එහෙම හද හද දුන්නා.. මොකද හෙඩ් බාස් කොල්ලට මට වැඩිය පොඩ්ඩක් වයස වැඩි ඇති.. හොඳට මහන්සි වෙලා වැඩත් කලා.. ඉතින් ගිනි අව්වේ දාඩිය දාගෙන වැඩ කරන හැටි දැක්කාම අපේ අම්මලාටත් පට්ට දුකයි.. තාත්තත් ඌට පුතා කියලයි කතා කලේ..:)
    හවසට තාත්තා උන්ට මාලුපාන් එහෙමත් අරන් දුන්නා.. රුපියල් 2000 -3000ක් වියදම් කරන්න ඇති උන්ට කන්න බොන්න දෙන්නම.. මොකද මම ඔෆිස් ගිහින් එද්දී උන් දාඩිය දාගෙන වැඩ.. ඉතින් මමම වෙලාවකට අම්මගෙන් අහනව ඒ අයට කන්න දෙන්න මුකුත් නැද්ද කියල..

    ගෙදර මුකුත් නැත්තන් ඒ අයටම කියලා මම ආයේ පාරට ගිහින් හවසට කන්න මොනවහරි ගෙනත් දීපු වෙලාවල් පවා තිබුණා..

    අන්තිමට දවස් 3ක විතර වැඩ ඉතුරු වෙලා තියෙද්දී මේක තාත්තා ලඟට ඇවිත් නහයෙන් අඬන්න ගත්තා මහත්තයා හදිස්සියෙම ගෙදර ගිහින් එන්න වෙලා තියෙනවා.. පොරොන්දු උන 10000 දැන් දෙන්න පුලුවන්ද කියලා.. තාත්තා කිව්වා පුතා වැඩේ කෙරිලත් නැතුව එහම සල්ලි දෙන්න බෑනේ.. තව වැඩ තියෙනවනේ කියලා..:oo:
    අනේ මහත්තය මම දවස් තුනෙන් ආයේ ඇවිත් වැඩේ දවස් දෙකෙන් කරලා දෙන්නම් රෑ වෙනකන් ඉඳල හරි. මහත්තය මේ උදව්ව කරලා දෙන්න කොහොමහරි.. මම වැඩේ ඉවර කරල දෙනවමයි කිය කිය මූ හෙන වෙලාවක් කෙඳිරි ගගා හිටිය නිසා අන්තිමට වැඩේ කරන්න කලින් තාත්තා සල්ලි දීලා කිව්වා පුතා ඔයා මහන්සි වෙලා වැඩ කරපු නිසා ඔයාව විස්වාස කරලයි සල්ලි ටික ඔක්කොම දෙන්නේ. හැබැයි වැඩේ ඉවර වෙලා සල්ලි මදි අනං මනං කියන්න බෑ.. මොකද පටන් ගන්න කලින් ගණන් කතා කරගෙනනේ වැඩේ භාර දුන්නේ.. වැඩේ ඉවර කරන්න කලින් සල්ලි දෙන සිරිතක් කොහෙවත් නෑ. හැබයි පොරොන්දු උන විදිහට වැඩේ ඉවර කරලා දෙන්න ඕනේ කියලා.. :dull: අනික සල්ලි ටික ගත්තට පස්සේ නිකන්නේ වැඩ කරන්න වෙන්නේ.. ඊට පස්සේ එහෙම වැඩ කරන්න අදි මදි කරනවනේ කොහොමත්. මමත් බුවාට විහිලු කර කර ඒක කිව්වත් එක්ක..:dull: එහෙම උනාම හිතට හරි මදි සීන් එකක් දැනෙන නිසා මග අරීද දන්නේ නෑ කියලා..:P පිස්සුද මහත්තයා එහෙම කරනවද. උදව්වක් විදිහට සල්ලි ටික දෙන්න මහත්තයා කියලා කියල පිං දීලා සල්ලිත් අරන් ගියා ගියාමයි..:angry:

    දවස් 3ක් ගියා. 4ක් ගියා.. 5ක් ගියා නෑ.. සතියකට පස්සේ කෝල් කළාම ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ.. අන්තිමට වෙන නම්බර් වලින් ගත්තාම අන්සර් කරලා කට් කරනවා.. අන්තිමට බුවා 10000ක් අරන් පැන්නා.. අපි කන් දිග හාවෝ උනා..:oo:

    අපරාදේ කියන්න බෑ අහන අහන එකා අපිට බනිනවා වැඩක් කරන්න කලින් බාස්ලට සල්ලි දෙන්න තරම් මෝඩයිද කියලා අහ අහ.. ඒක ඉතින් මෝඩකමද මනුස්සකමද කියන එක අදටත් හිතා ගන්න බෑ ඉතින්..:( බාස්ව සෙට් කරපු අයත් ඉතින් මුලින් අපිටම බැන බැන හිටියත් පස්සේ විස්තරේ කිව්වාම ඒ අයටත් කොහොමහරි වැඩේට හෙන අප්සට්.. ඒ අයමයි ඇවිත් ඇහුවේ වැඩේ කොහොමද මොකද වැඩේ නැවතිලා කියලා.. බාස්ව සෙට් කරපු අය අපේ ගේ ලඟම අඳුරන කට්ටියක්.. ඉතින් අන්තිමට ඒ ගෙදර අයියා අරූව හොයාගෙන ගිහින් කුණුහරුපෙන් බැනල ඇවිත් අපේ ගෙදර ඇවිත් තාත්තගෙන් ඇහුවා අයියේ මම ගිහින් මිනිහව හම්බ වෙලා දෙකක් කියලා කියලා ආවේ. ඌ කියන බයිලා පිළි ගන්න පුලුවන් ඒවා නෙමෙයි. මොකද්ද කෙරෙන්න ඕනේ.දෙකක් ඇනලා හරි සල්ලි ටික අරන් දෙන්නද නැත්තන් මිනිහව ගෙන්නලා දෙන්නද. අපිටත් අයියාලාට මූන දෙන්න බෑ මූ කරපු වැඩෙන් කියලා..:shocked: තාත්තා කිව්වා දැන් ඉතින් උනේ මොකද්ද කියලා අපි ඔක්කොම දන්නවනේ.. අහිංසකයෙක් වගේ පෙනුන නිසයි හොඳට සලකලා අන්තිමට උදව් කළේ. ඔන්නඔහේ අතඇරලා දාමු මල්ලී කියලා..:no:

    හප්පෝ ඉවර නෑ බං.. තව තියෙනවා..:oo:

    labourers la 500 kata wada ashraya karala athdakeemen kiyanne eka pakekwath wiswasa karanna epa. marenawa nan marenna kiyapan.. mama ona taran ahuwela tiyenawa

    mama nan marenawa kiyala watila hitiyath salli denne na wade hariyata iwara nattan..
     

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    ehenam uba kohen hari idamak aran polowe walak kapan inna
    මං කිව්වෙ මෙතන ගොඩක් එවුන්ට අවුරුදු 30 කට කිට්ටුයි. එහෙම බැලුවම අපිට හොද ශරීර සෞඛ්‍යයෙන් ජීවත් වෙන්න තියෙන්නෙ තව අවුරුදු 25 ක් 30 ක් විතර. ඔය විසිපහ ඔය හදන ගේ ණය ගෙවන්න ගිහිංම වැඩකරලා මැරිලා යනව නම් මොකක්ද බං ගේක පලේ:D
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මං කිව්වෙ මෙතන ගොඩක් එවුන්ට අවුරුදු 30 කට කිට්ටුයි. එහෙම බැලුවම අපිට හොද ශරීර සෞඛ්‍යයෙන් ජීවත් වෙන්න තියෙන්නෙ තව අවුරුදු 25 ක් 30 ක් විතර. ඔය විසිපහ ඔය හදන ගේ ණය ගෙවන්න ගිහිංම වැඩකරලා මැරිලා යනව නම් මොකක්ද බං ගේක පලේ:D

    ගූඩ් පොයින්ට්:yes: