මෙවැනි හරකෙක් වෙන්න එපා

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    මෙවැනි හරකෙක් වෙන්න එපා


    මම මේ කියන්න යන්නෙ සම්පූර්ණ සත්ය සිදුවීමක්.මේක උනේ අපේ ගෙවල් ලඟ කොල්ලෙක්ට.කවුරුත් දන්නව ඇතිනෙ Mobitel sim වල chat කියල 1ක් තියනව.ඕකෙ ඉන්නෙ මොන ජාතියෙ කට්ටියද කෙල්ලොද කොල්ලොද කියන්න කවුරුවත් හරියට දන්නෙ නෑ.මොකද user name 1ක් විතරලුනෙ තියෙන්නෙ.මම මේ කියන කොල්ලත් මේ චැට් වල register වෙලා.කෙල්ලො එක්ක chat 1 දාගෙන හිටියා.ඒ කොල්ලටත් පුදුම අමාරුවක් තියන එකෙක් තමයි.ඔහොම යන අතරෙ මූ කෙල්ලෙක්ගෙ ෆෝන් නම්බර් 1ත් ඉල්ලගත්ත.

    කෙල්ල ඉන්නෙ මූට වඩා 144km දුර පළාතක.මූ දවස තිස්සෙම වෙන වැඩක් කරේ නෑ.කරේ කෙල්ලට call ගත්ත 1 තමයි.කෙල්ල maths කරන කෙල්ලෙක්ලු.ගොඩක් සල්ලි තියනවලු.අම්ම රට ගිහින්ලු.කෙල්ල විතරලු පවුලෙ ඉන්නෙත්.මූ ඔහොම පුරාජේරුව අපිට දැම්මමාපිත් ඉතින් අහගෙන හිටිය.ටික දවසක් ගියේ නෑ මූ කෙල්ලට love කියලත් කිව්ව.කෙල්ලත් හා කිව්වලු.අපිට නම් හිනා.කවදාවත් දැකලවත් නෑ.voice 1 නම් මට කතාකරද්දි ඇහුනෙ ඇන්ටි කෙනෙක්ගෙ වගේ.

    Love කරන්න පටන් අරගෙනත් වැඩි දවසක් ගියේ නෑ.මූ කෙල්ලව හම්බවෙන්න ගියා.කොල්ල පොහොසත් පවුලක එකෙක් නෙවෙයි.හැබැයි ඌ රඟපෑවෙ කුරුඳුවත්තෙ එකෙක් වගේ.අම්මටයි තාත්තටයි හරියට job 1ක් තිබ්බෙ නෑ.ස්වයං රැකියා තමයි කරේ.එහෙම කරල ඌට ඉගැන්නුවෙ.අපිට වගේ නෙවෙයි ඌට ගෙදරින් දෙන්න පුළුවන් උපරිම ආදරේ දුන්න.ගෙදරින් එලියට වැඩිය යන්න දුන්නෙ නෑ.ගියා නම් ඉස්කෝල පන්ති වලට විතරයි.මූ ඉතින් කොහොම හරි කෙල්ල හොයාගෙන ගියාලු.කෙල්ලට එදා දවසෙ මූ උගේ පොතේ තිබිච්ච සල්ලි වලින් රු.6000ක් විතර වියදම් කරල.ගමන් වියදම ඇරෙන්න.කොහොම හරි මූ එදා ගෙදර එනකොට රෑ 12ත් පහු වෙලා.ගෙදරට වැඩේ ලාවට වගේ මාට්ටු.මූ කෙල්ල එක්ක යද්දි අදුරන කෙනෙක් දැකල ගෙදරට call කරල කියල.

    උගේ අම්ම එදා උගෙන් ඇහුවලු.මූ බොරුවම දාල බේරිල.ඒ උනාට උගේ අම්මට සැකයි.ඇව්ත් මගෙනුත් ඇහුව.ඌ කියනව කෙල්ල මාර ලස්සනයිලු.ඌ තරම් සුදු නම් නෑලු.හැබැයි ලාලිතය නම් උපරිමලු.ඒ මොන මගුලක්ද කියල මට නම් තේරුනෙ නෑ.මම ඌට නිතරම අවවාද කරන්න try කරා.ඒත් ඌ කණකට ගත්තෙ නෑ.ඌ හිටියෙ ගෑනිගෙ ලෝකෙ.ඌගෙ කාමරේ තිබිල මට පෙන්නුව mobitel card මිටියක්. ඒවගෙ වටිනාකම රු.12000ක් විතර.ඌ මාසයක් කෙල්ලට කතා කරපු card කියල කිව්ව.මට නිකන් පිස්සු වගේ.අනේ අසරණ දෙමව්පියන්ගෙ සල්ලි.
     
    Last edited:

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    ඔය විදිහට කාලයක් ගියා.මූ දවසට පැය 14ක් ෆෝන් එකේ.අම්මල තාත්තල වැඩ නිසා මූ මොනව කරනවද කියල දන්නෙ නෑ.ඔය අත්රෙ මූ දෙතුන් වතාවක් කෙල්ල හම්බවෙන්නත් ගියා.මූට කොල්ලො කියන දේවල් රුස්සනෙත් නැතුව ගියා.ගෙදරත් නිතරම වලි සල්ලි ඉල්ලල.ඔය අතරෙ කෙල්ල හම්බ වෙන්න ගිය වෙලාවක මුගේ අක්ක බැඳපු එකාට කෙල්ලවයි මූවයි අතටම මාට්ටු උනා.ඌ මූට හොදටම තඩිබාල ගෙදර එක්කන් ආව. එදා මුගෙ තාත්ත ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ නවත්තල හිටියෙ.එහෙම වෙලත් මූ කෙල්ල බලන්න ගිහින්.මූ ඒ තරමට කෙල්ලට වහල් වෙලා.මටත් මුගේ phone එකේ තිබ්බ msg එහෙම බලන්න ලැබුණ.ඒව දැක්කම මට තේරුනා කෙල්ලත් මාර බඩ්ඩක් තමයි කියල.ඒවගෙන් බාගෙට බාගයක් අමු කුනුහර්ප.

    කොහොම හරි 1 දවසක් කොල්ලගෙ ඇඳේ මෙට්ටෙ යට තිබිල අක්කට ලියුමක් මාට්ටු වෙලා.ඒකෙ තිබ්බෙ කෙල්ලට ළමයෙක් හම්බ වෙන්න එනව කියල. අක්කටයි ගෙදර කට්ටියටයි යකා නැගල van 1ක් අරන් කෙල්ලගෙ ගෙදර හොයාගෙන ගියා.ඒකිගෙ පොහොසත් ගෙදර තිබිල තියෙන්නෙ කාමර 2යි.ඒකත් කබල් ගෙයක්.දුප්පත් උනාට නම් කමක් නෑ කියමුකෝ.කෙල්ලගෙ තාත්ත කරන්නෙ කසිප්පු විකුණන 1ලු.අම්ම රට.ඉතින් තාත්ත තනියට වෙන ගෑනියෙක් ගෙනත්. මූට කෙල්ලගෙ ගෙදරින් උඩින්ම කැමතිලු. කොහොම හරි මුගේ අම්මල කෙල්ල හොයන් යද්දි ඒකි ගෙදර ඉඳල නෑ.ගෙදර එවුන් කොල්ලගෙ අම්මටයි තාත්තටයි තිත්ත කිණුහර්පෙන් බැනල.කොල්ලගෙ අම්මත් ලේසි පහසු ඇන්ටි කෙනෙක් නෙවෙයි.එයත් හොඳට කියල ඇවිත්.

    ගෙදර එනකොටම කෙල්ල කොල්ලගෙ කණෙ සීන් 1 තියල.ඌ අම්මයි තාත්තයි එක්ක හොදටම රණ්ඩු වෙලා.ගෙදරින් යන්නත් හදල.මස්සිනා තමයි ගහල එක්කන් ඇවිත් තියෙන්නෙ.කොහොම හරි කෙල්ල මූව හොඳට ගොනාට අන්දල.බබෙක් හම්බ වෙන්න ඉන්නව කියල නිතරම කියන්න ගත්ත.කොල්ල අවුරුදු 18න් තාත්තා කෙනෙක් කරන්නයි යන්නෙ.උගෙත් වැරැද්ද නිසා ඌට දැන් කරගන්න දෙයක් නෑ.කෙල්ල හොඳ එකියක් නෙවෙයි කියල මූටත් ආරංචි උනා.හැබැයි එතකොට පරක්කු වැඩියි.කෙල්ල අවුරුදු 16න්ම කොල්ලෙක් එක්ක පැනල ගිහිපු එකියක්.පස්සෙ කොල්ල ඒකිව දාල ගිහින්.ගෙස්ට් ගානෙයි හෝටල් ගානෙයි ගිහිපු එකියක් නිසා එහේ කොල්ලො නම් මේකි ගැන හොඳට දන්නව.ඉතින් එහෙන් නම් කොල්ලෙක් අල්ල ගන්න බෑ.මුගේ මෝඩකමට අහු උනා.

    කොහොම හරි මිනිහ මට කෙල්ලගෙ photo 1ක් පෙන්නුව.ඌ කිව්ව ලාලිත්ය කොච්චර තිබ්බද කියනව නම් ඒකි හරියට සයිවරි කඩේ කොත්තු ගහන තැටිය වගේ.මූණ දැක්කම මට වමනෙට ආව.කට්ට කළුයි.ටිකක් මහතයි.ඒකිම මූට කියල දවසක් දැන් ඔයාට යන්න රෑ වෙලා නිසා අපි ගෙස්ට් 1ක නවතිමු කියල.මූත් ගොනා වගේ අහු උණා.ඉතින් ඊට පස්සෙ මූට ඒකිගෙන් බේරෙන්න බැරි උනා.කොල්ල නම් සුදු ලස්සන එකෙක්. අම්මල ඌව ගේ ඇතුලටම දාගෙන හැදුවෙ නැත්නම් මෙහෙම දෙයක් නොවෙන්නත් තිබ්බ. අම්මට මේව ගැන හිතල අන්තිමට පිස්සු හැදුණ.පිස්සන්කොටුවෙත් කාලයක් නතර කරල බෙහෙත් කරා.කොල්ල නම් ගෙදරින් පැනල ගියා.ඌ දැන් කොහේ ඉන්නවද කියන්න දන්නෙ නෑ.සමහරවිට ඌ අර කෙල්ලව කසාද බඳින්න ඇති.අම්මලත් ගෙවල් වහල දාල යන්න ගියා.අම්මට පිස්සු හැදුනේ ඌ නිසා.

    ඉතින් මේ සේරටම මුල මෝඩකම සහ හරියට සමාජය ගැන දැනුමක් නැතිකම කියල තමයි මම හිතන්නෙ.මේක මගේ නිර්මාණයක් නෙවෙයි.ඇත්තම කතාවක්.සිද්ද උනෙත් ගිය අවුරුද්දෙ.කොල්ලන්ට විතරක් නෙවෙයි කෙල්ලන්ටත් මේක හොඳම පාඩමක්.දැන් කාලෙ ගොඩක් කට්ටිය FB එකෙනුත් ආදරය හොයාගන්නවනෙ.ඔය වගේ FB love 1ක කතාවකුත් මම දන්නව ඒකත් පස්සෙ කියන්නම්.කවදාවත් හරියට හොයල බලන්නෙ නැතුව ආදරය කරන කෙනාව තෝරගන්න හොඳ නෑ.අනික ඇත්තම දේ නම්, අපිට අම්ම තාත්ත තරම් මේ ලෝකෙ වෙන කවුරුවත් ආදරේ නෑ.අන්තිමට ඉතුරු වෙන්නෙ අපිට ඒ දෙන්න විතරයි.මේක ගැන ඔය කට්ටියගෙ අදහසුත් කියනව නම් මම කැමතියි.
     
    Last edited:

    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    4n walin wath fb walawath adare hoyanawata hoda wade...kellek onemanam paarata bahala tution clas paththe gihin hoyala balala galapena ekak set karaganinko...nadda machanla
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    appata hdu aparade bn life eka apeth oya samnama life thiyenwa iya thram antheta giyea nh mamath ekkelta love kara athe thibba phn pawa wikunala ada eki wena ekek gawa thuk nodakin me wage ewwo innwane