Exactly.
කොරෝනා case එකත් එක්ක මම ගෙවල් ලඟ පන්සලට ගිහින් පන්සලේ හාමුදුරුවන්ට බඩු මලු වගයක් දුන්නා කන්න බොන්න සල්ලි නැත් ගෙවල් කීපයක් හොයලා බෙදන්න කියලා. වටිනාකම රුපියල් 10 k වගේ. මම බඩු ටික අරගෙන ගියාම හාමුදුරුවෝ කිව්වා ධර්ම ශාලාවට එන්න කියලා. දැක්කම හිත පිරිලා ගියා ධර්ම ශාලාවෙ පොල්, පරිප්පු, හාල්, සෝය, අල, ළූණු පිරිලා. ගමේ තවත් මිනිස්සු බඩු ගෙනත් දාලා.
ඒක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්ත. අර ප්රියාන් මැණික් කියන එකාටත් මම පෞද්ගලිකව කැමති නැත්තෙ යන තැන කැමරාවක් අටවන් යන නිසා.
මේක ඉතින් මොන චේතනාවෙන් කලත් හොද වැඩක්. ඒ උනාට උදව් කරපු එක ඒ ළමයින්ගෙ මූණ්ට කැමරාවක් අල්ලන්නෙ නැතුව කලානම් මාරම සතුටක් ඔය පුද්ගලයට ගන්න තිබ්බා මීට වඩා. මොකද එතකොට ඒ උදව් කරපු එක දන්නෙ තමයි, ඒ පවුලෙ උදවියයි විතරක් නිසා.